එජාප මැතිවරණ සංවිධානය වජිර ගාල්ලෙන් අද පටන් ගනී

ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ ප්‍රථම පියවර ලෙස ගාල්ල විශේෂ දිස්ත්‍රික් සම්මේලනය එජාප සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ගාලු නගර ශාලාවේ දී පැවැත්වෙයි.
එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, ඇමති මනුෂ නානායක්කාර, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය ඇතුළු එජාප නායක පිරිසක් මෙයට සහභාගී වීමට නියමිත ය.
එජාප හම්බන්තොට විශේෂ සමුළුව හෙට තංගල්ලේ දී පැවැත්වීමට නියමිත අතර කළුතර දිස්ත්‍රික් සමුළුව ද හෙට පැවැත්වෙයි.
රත්නපුර දිස්ත්‍රික් එජාප විශේෂ සමුළුව අනිද්දා පැවැත්වෙයි.
