රනිල්ට මුහුණ දීමට ගෝල්ෆේස් සූදානම්ද? – දුලාන් දසනායක-

    ගෝල්ෆේස් අරගලය ලංකාවේ වඩාත්ම දිග්ගැස්සුණු සාමකාමී සිවිල් අරගලය ලෙස ඉතිහාසගත වී ඇත. එය ආණ්ඩුවද විපක්ෂයද එපමණක් නොව ඇතැම් විට එම අරගලයට සම්බන්ධ වූ කණ්ඩායම්ද නොසිතූ ලෙස දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට හැකි විය.  එලෙස දීර්ඝ කාලයක් පැවතීම හේතු කොට ගෙනම ආණ්ඩුවේ අර්බුදය උත්සන්න වූ අතර ඒ මගින් ප්‍රාදේශිය අරගල මධ්‍යස්ථාන කිහිපයක්ද ස්ථාපිත කිරීමට හැකි…

විප්ලවයේ අවසානය කුමක්ද? – වික්ටර් අයිවන්

    එකලොස් වනදා වන විට රට තිබුනේ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නැති රට පරිපූර්ණ අරාජක තත්වයකට ඇද වැටීමට ආසන්න බිහිසුනු තත්වයකය.දොලොස් වනදා අග මැතිවරයෙකු පත්කිරීම ඇතිවී තිබුන අවිනිෂ්චිත තත්වය ඉදිරියේ අලුත් බලා පොරොත්තු ඇති කරන සන්සිද්දියක් ලෙස ක්‍රියා කලේය අගමැති ධූරයට පත් රණිල් වික්‍රම සිංහ අලුත් කෙනෙකු නොවේ.හොදටම පරන කෙනෙකි.ඔහු මේ ධුරයට පත්වන හයවන…

ඊළඟට ගෝල්ෆේස් – අනුර කේ එදිරිසූරිය 

  රටේ දේශපාලනය මේ මොහොතේ පවතින්නේ පුරෝකතනය කිරීමට ඉතාම අසීරු තත්ත්වයකය. දිනෙන් දිනම නො සිතන වෙනස්කම් සිදුවේ. එවැනි තත්ත්වයක් තුළ ගාලු මුවදොර අරගලය කවර දිසාවකට ගමන් කරනු ඇතිද යනු කාගේත් සිත්වල පවතින ගැටලුවකි. රනිල් වික්‍රමසිංහ මහතා ගේ පැමිණීම විසින් කණ්ඩායම් කිහිපයක් අරගලයෙන් ඉවත් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඉන් එක පිරිසක් වන්නේ මෙතෙක් ගෝල්ෆේස් අරගලයට…

රනිල්ගේ ආගමනය හා රටේ හෙට දවස – නිශාන්ත කමලදාස

  එක මන්ත්‍රීවරයෙක් පමණක් ඉන්නා පක්ෂයකට රටේ අගමැති කම ලැබීම උත්ප්‍රාසජනක ය. ඒ උත්ප්‍රාසය මතු වන්නේ ඔහු ලංකාවේ ඒ වන විට පස් වරක් අගමැති ලෙස වැඩ කොට පළපුරුද්දක් ඇති කෙනෙක් වන අතරතුරේ ම ය. උත්ප්‍රාසයට හේතුව මීට වසර දෙක තුනකට ඉහත දී බහුතරයක් සිටින පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර පමණක් නොව ඊට පක්ෂව ඡන්දය දුන්…

අද අංක එක දේශපාලන ස්ථාවරත්වය – ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා

  අද රටෙහි ආණ්ඩුවක් නොපවතියි. ජනාධිපතිවරයා සිටියද ඇමැති මණ්ඩලයක් නැත. ඒ නිසා එක පැත්තකින් දේශපාලන අර්බුදයකි. අනෙක් පැත්තෙන් ආර්ථික අර්බුදයකි. මේ අර්බුද දෙකෙන් රට ගොඩගැනීමට කුමක් කළ යුතුදැයි විමසුවේ ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මහතාගෙනි. මේ ඒ මහතාගේ විග්‍රහයයි. ආර්ථික හා දේශපාලන අර්බුද නිරාකරණය කරගැනීම සඳහා අනුගමනය කළ…

දැලිපිහියෙන් කිරි කන රනිල් වික්‍රමසිංහ – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත 

රනිල් වික්‍රමසිංහ සය වන වරටත් මෙ රට අග්‍රාමාත්‍ය ධූරයට පත්ව සිටී. මේ මොහොතේ වික්‍රමසිංහ මහතා , ආර් ප්‍රේමදාස මහතා කී පරිදි දෙකොන පත්තු වුණු විලක්කුවක් අතින් ගත්තකු නොව ගිනි වළල්ලක් හිස වටා පැලඳ ගත්තෙකි. එය ඩොලර් හිගය , අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය, ඉන්ධන පෝළිම්, ගෝ හෝම් අරගල ආදියෙන් යුතු ගිනි වළල්ලකි. සියල්ල අතරින් දරුණුතම ගින්න ගෝ…

ජනපති මතය සහ පොදුජන මතය අතර පරතරය – අනුර සූරියබණ්ඩාර 

  රට පවතින්නේ ඉතා අවිනිශ්චිත තත්ත්වයකය. රාජ්‍ය පරිපාලනය මුළුමනින්ම පාහේ බිඳවැටී ඇතැයි කියන්නට පුළුවන. රාජ්‍ය ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් පවා ඇත්තේ සතුටුදායක තත්ත්වයක් නොවේ. ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවට බලපෑ හේතුව වන්නේ ද  පවතින අර්බුදකාරී තත්ත්වය ම ය. ජාතිය අමතා ජනාධිපතිවරයා කළ කතාවේ මූලික හරය වන්නේ; 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වන පරිදි නව…

ඇමැතිවරයා  සහ වෛද්‍යවරයා – අනුර කේ එදිරිසූරිය  

  ප්‍රතිකාර ගැනීමට පැමිණි දේශපාලන චරිතයකට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයකු සම්බන්ධ සිදුවීම මේ දිනවල මහත් ආන්දෝළනයකට හේතුවී තිබේ. ඇතමකු ඊට පක්ෂ වන අතර විරෝධය දක්වන්නන් ද සිටිති. විරෝධය දක්වන අයගේ මතය වෛද්‍යවරයා ගේ හැසිරීම ආචාරධාර්මික වරදක්ය යනන්නය. යුද සමයේ ප්‍රතිවාදී ගරිල්ලා භටයන්ට පවා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ආණ්ඩු පක්ෂයේ දේශපාලන චරිතයකට වෙදකම් නොකිරීම වරදකැයි ආචාරධාර්මිකව…

 සොරි කියන ආණ්ඩුව සහ සොරි ම සොරි ජනතාව – අනුර සූරියබණ්ඩාර 

    වර්තමාන අර්බුදයට හේතුවන ආකාරයට ආණ්ඩුව ගත් තීරණ කිහිපයක් ගැන මුදල් ඇමැති අලි සබ්‍රි මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය. එසේම, ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ද ප්‍රකාශ කළේය. මුදල් ඇමැති කියන තීරණ වන්නේ ආණ්ඩුව බලයට පැමිණි වහාම වැට් ආදී බදු පහළ හෙළීමය. ඩොලරය පාලනය කිරීම සඳහා වැරදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමය. ඩොලරය පාලනය කිරීම…

|

අර්බුදයේ දුක්ඛිත අවසානය – මහාචාර්ය සිරිමල් අබේරත්න

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලංකාව සඳහා ණය මුදලක් අනුමත වීමට මාස කිහිපයක් ගත වෙයි. ඒ නිසි අධ්‍යයනයකින් තොරව එම අරමුදල සාමාජික රාජ්‍යයකට ණය නොදෙන නිසාය. ඊට අමතරව ණය ස්ථායීකරණය සහ සාර්ව ආර්ථික ස්ථායීකරණය සඳහා වන වැඩපිළිවෙළක් අවශ්‍ය බව යෝජනා කර ඇති හෙයිනි. එහි ගිවිසුමක් ප්‍රකාරව ණය අයැදුම් කරන රාජ්‍යය හා මුල්‍ය අරමුදල පොදු එකඟතාවකට පැමිණීමෙන් පසු…

ආණ්ඩුවටත්, විපක්ෂයටත් ගැලවීමක් නැති දේශපාලන අර්බුදය – සී ජේ අමරතුංග

සතිය ආරම්භ වුයේ ආණ්ඩුව බිත්තියට හේත්තු කොට ඇති තත්ත්වයක සිටිය දී ය. බරපතළ තීන්දු නොගෙන රටට තවත් ඉදිරියට යා නොහැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබිණී. ආණ්ඩුව අභ්‍යන්තරයෙන් මෙන් ම බැහැරින් ද ඒ සඳහා වන තෙරපුම ඉහළ ම තත්ත්වයට පත්ව තිබිණි. ජනාධිපති ඉවත්විය යුතු බවට ගෝල්ෆේස් පිටියේ උද්ඝෝෂණය කරන ‘ගෝහෝම්ගෝටා’ විරෝධතා ව්‍යාපාරය දිගටම ක්‍රියාත්මක වෙමින් පැවතියේ දිනපතා…

|

ආණ්ඩුවට මහ බැංකුවට වැරැදුණු තැන – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

    ශ්‍රී ලංකාවේ නිදහසින් පසු අවධියේ කිසි කලෙක නොවූ විරූ තරමේ ආර්ථික සමාජය හා දේශපාලන වියවුලකට ඇද වැටුණු මෙම අවස්ථාවේ මහ බැංකුවේ යෂ්ඨිය අතට ගන්නට ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙරට පැමිණ සිටී. ළබැඳියාවෙන් යුතුව නන්දලාල් යනුවෙන් හඳුන්වන ඔහු මා හා එක්ව කටයුතු කළ මිතුරු සගයෙකි. ඔහු සමග මගේ තවත් පැරණි සගයකු වූ, මේ වනවිට මහ…