පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල පිලිගත් ප‍්‍රමිතියක් තිබිය යුතුයි – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ මතය පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දෙන අතර, රාජ්‍ය අධ්‍යාපනය දුර්වල වනවාට අප තරයේ විරුද්ධයි. රාජ්‍යය අධ්‍යාපනයට වෙන් කරන 6% ඉලක්කය සපුරා ගැනීමට කටයුතු යෙදීම අත්‍යාවශ්‍යයි. පුද්ගලික අධ්‍යාපන ආයතන වැසිය යුතු යැයි අපි පවසන්නේ නැත. එය එසේ සිදුවනවා නම් උසස් පෙළ ළමුන්ට ලබා දෙන පුදගලික අධ්‍යාපනය නතර කල යුතුයි. නීති ක්ෂේත‍්‍රයේ උපාධියක් ලැබීමට…

වී ගොවියන්ට ගෙදර ඉන්න කියමු – සුභාෂ් ජයවර්ධන

පොහොර සහනාධාරය වෙනුවෙන් මේ දිනවල දේශපේ‍්‍රමීන් හා විප්ලවවාදීන් අඛණ්ඩ අරගලයක නිරතව සිටී. වත්මන් ආණ්ඩුව මෙවර අයවැයෙන් පොහොර සහනාධාරය කප්පාදු කර ඇතැයි ද එමඟින් රටේ වී ගොවිතැනත්, වී ගොවියාත් විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවත් මේවා අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ බවත් බත් නොකනවුන්ගේ මෝඩ වැඩ බවත් ආදී වශයෙන් බොහෝ දෑ කියමින් සිටී. පොහොර සහනාධාරය ගොවියන් විසින් දිනා ගත් අයිතිවාසිකමක්…

උසස් අධ්‍යාපනය ඊනියා නිදහස් අධ්‍යාපනයෙන් නිදහස් කර ගත යුතු ය. – අජිත් පැරකුම් ජයසිංහ

2015 අගෝස්තු මාසයේ පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාගයට සිසුන් 255,191ක් පෙනී සිටිය හ. එයින් 155,447ක් විභාගය සමත් වූ හ. ඒ අතරින් 20,000කට මඳක් වැඩි සංඛ්‍යාවක් නොමිළේ අධ්‍යාපනය ලබා දීම සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ඇත. ඉතිරි පිරිස වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් රජයට නැත. රජයේ ප්‍ර‍තිපත්තිය ‘තොපි ඕනැ එකක් කර ගනිල්ලා,’ යන්නයි. ඉන් පසු විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍ර‍ශ්න…

ඇවන්ට්ගාඩ් ජාවාරම සහ ආණ්ඩුව සත් සමුදුරෙන් ම නෑම – අජිත් පැරකුම් ජයසිංහ .

මේ ලියන මට ඇවන්ගාඩ් එකේ නිස්සංක සේනාධිපති සල්ලි දී නැති බව මුලින් ම කිව යුතු ය. ඇවන්ට්ගාඩ් කොම්පැනියේ සන්නද්ධ මුහුදු ආරක්ෂාව සපයන මිනිස් බල ජාවාරම මේ වන විට ආණ්ඩුව ඇතුළට රිංගා ඇඟ මස් කා වැඩෙමින් තිබෙන පිළිකාවක් වී තිබේ. ඇවන්ට්ගාඩ් විසින් කා ඇත්තේ මාරපන, විජේදාස, වජිර තුන්කට්ටුව පමණක් නො වන බව ද අප මතක තබා…

හයිබ්‍රිඩ් මගහරින්නේ ඇත්ත යට ගහන්නද? – සරත් ජයකොඩි

1948 වර්ෂයේ පෙබරවාරි 4 වන දින නිදහස නමින් සිංහල බහුතරය විසින් අත්පත් කරගන්නා දේශපාලන බලය පවත්වාගෙන යාම සඳහා රට සතු පොදු සම්පත් සිංහල බහුතරය විසින් දිගින් දිගටම භුක්තිවින්දීමේ හේතුවන් ඇතිකරන ලද ජාතික පිඩනයට හා රුදුරු මර්ධනයට එරෙහිව හටගත් අරගලය බිහිසුණු යුද්ධයක් බවට පත්වීමේ හේතුවෙන් අසාධාරණ ලෙස වධ බන්ධනයන්ට , ස්ත්‍රී දුෂණයන් ඇතුළු සියලු ආකාරයේ හිංසනයන්ට…

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනවලට සහයගන්න ලිබරල් ඇගයීම්වලට ගරු කළ යුතුය

පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීම පිළිබඳව බරපතල විවේචනයක් එල්ල වී තිබේ. විශේෂයෙන්ම මේ අතර පසුගිය මැතිවරණයේ දී රාජපක්ෂ පරාජය කිරීමට ක්‍රියාකළ පුරවැසි සංවිධාන ද තිබේ. මා මේ ප්‍රශ්නය දෙස බලන්නේ වෙනත් ආකාරයට ය. මෙම පත්කිරීම් පිළිබඳව යහපත අයහපත් තීරණය කෙරෙන්නේ නිශ්චිත වූ හොඳ නරක යන මිණුම් දඬු වලට වඩා සාපේක්ෂ අර්ථයෙනි. උදාහරණයක් ලෙස ගතහොත් පරාජය…

මිනිස්සුන්ට ඇත්ත කියාපල්ලා කියා හදවත හඬ නගා කියනවා – නව පරපුරේ රංගන ශිල්පි ජගත් මනුවර්ණ

“ජනවාරි 08වෙනිදාට කලින් තීරණය කරන්නට සිදුවුණා මීට පෙර දේශපාලන වේදිකාවලට ගොඩ වී නැති ස්වාධීන කලාකරුවන් වූ අපිට තීරණාත්මක මොහොතේ මැදිහත් වෙන්නට අවශ්‍ය බව. එදා ඔබ සමග අප කළ මාර පරාජයෙන් පසු මේ වේදිකාවෙන් බැසගොස් සුපුරුදු ලෙස කලා කටයුතු වල නියැලී අපිට ඉන්නට පුළුවන් වේ යැයි අපි සිතුවා. නමුත් හිටපු ජනාධිපති රාජපක්ෂ ඇතුලූ සන්ධානයේ බලලෝභය සහ…