පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් රනිල් හමු වී සහය පළ කරති
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 දෙනෙක් ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට ප්‍රතිඥා දී ඇති බව වාර්තා වෙයි. අද සවස මෙම මන්ත්‍රීවරු ජනාධිපතිතුමා හමු වී මෙම ප්‍රතිඥාව දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 දෙනෙක් ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට ප්‍රතිඥා දී ඇති බව වාර්තා වෙයි. අද සවස මෙම මන්ත්‍රීවරු ජනාධිපතිතුමා හමු වී මෙම ප්‍රතිඥාව දී තිබේ.
ඊයේ (29) මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වුන පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දාන්න තීරණය කළා.රටේ රාළ දිගටම කිව්වේ රාජපක්ෂලා විශ්වාස කරන්න බෑ කියලයි. රාජපක්ෂලා කියන්නේ පිටිපස්සේ ඉඳන් පිහියෙන් අනින ජාතියක්.රටේ රාළ බළකාය ඔය දුර මුලදීම දැක්කා.ඒ වගේම ලන්සට සහ රාජිතටත් ඔය දේශපාලන කියවීම ඒ විදිහට තිබුණ බව කුහක නොවී කියන්න ඕනි. රාජපක්ෂලා ඉන්න කඳවුරකට අපි…
ලංකාවේ වත්මන් ආර්ථික ක්‍රියාවලිය විමසා බැලීමේ දී බොහෝ විට එය ණය මත පදනම්ව තිබෙන බවත් නව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් යෝජනා ඉදිරිපත් කරන දේශපාලකයන් හෝ ආර්ථික විශ්ලේෂකයන් නිෂ්පාදන ආර්ථිකයක් වෙත වැඩි අවධානයක් යොමු නොකරන බවත් සමාජයේ සාකච්ජාවට ලක්වන කාරණයකි. ආර්ථික පර් යේෂකයකු හා විශ්ලේෂකයකු වන ධනනාත් ප්‍රනාන්දු මහතා සමග මේ සම්බන්ධයෙන් අප කළ සාකච්ජාවක් ඇසුරින්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු 75 ක් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ කොළඹ නිවසට සහ පක්ෂ කාර්යාලයට අද (29) පස්වරුවේ ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කර තිබේ. මෙම ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ,කංචන විජේසේකර, රමේෂ් පතිරණ,කනක හේරත්, ජානක වක්කුඹුර,මොහාන් ප්‍රිදර්ශන ඇතුළු…
දැන් ජනාධිපතිවරණ රේස් එක නිල වශයෙන් එනවුන්ස් කරලා ඉවරයි. රේස් එක එනවුන්ස් කළ වහාම රනිල් පළවෙනි මං තීරුවට වාර්තා කළා.මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ප්‍රකාශ කරලා පොඩි වෙලාවකින් රනිල් ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඇප තැන්පත් කළා.පහුගිය 27 වෙනිදා ගාල්ලේ තිබුණ ආණ්ඩු පක්ෂ රැලියේදී තමන් ජනාධිපතිවරණයට එනවා කියලා රනිල් නිල වශයෙන් ප්‍රකාශ කළා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරනවාත් එක්ක සහ රනිල්…
අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපෘතියට උදවුවක් විදිහට කෘතීම බුද්ධි උපාංගයක් සකස් කර ඉදිරිපත් කර තිබෙනවා. මාලිමාවේ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න තිබෙන අයට අදාළ වෙබ් අඩවියට ගොස් අනුර කුමාරගේ කෘතීම බුද්ධි සහායිකා ලීසාගෙන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් ඇහුවහම හැඟීම්බර වෙලා මලපනින්නේ හෝ අහපු කෙනාට ලේබල් ගහන්නේ නැහැ. ප්රශ්නය මග හරින්න වෙන ප්‍රශ්නයකින් දමා ගසන්නෙත් නැහැ….
මෙරට ආර්ථිකය පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් විය යුතු බව බොහෝ දෙෙනක් පෙන්වා දෙති. ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ආර්ථික පරිවර්තන කෙටුම්පත සම්මත කර ගැනුණේ ඒ අතරේය. එහෙත් කලක් තිස්සේ ඒ පිළිබඳ පක්ෂ හා විපක්ෂ මත පැවැතිණ. අදටත් එය එසේමය. ඒ කෙසේ වෙතත් දැන් පනතක් එසේත් නැතිනම් නීතියක් බවටත් සම්මත කර තිබෙන මෙය මඟින් රටට අත්වන දේ ගැන මහාචාර්ය සිරිමල්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් හැට දෙනෙකු පානම අද රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ජනාධිපතිවරණයේ දී සහය දීමට එකඟ වී ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කිරීමෙන් පසු මෙම හමුවීම සිදු වී තිබේ. එජාප සභාපති වජිර අබේවර්ධන මහතගේ මෙහෙයවීමෙන් මෙම හමුව…
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි. අද(29) පැවති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.මෙහිදී දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82නෙකු සිටින අතර මෙයින් 79 ක් රැස්වීමට එක්ව සිටියහ. ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ…
රනිල්ට උදව් කරලා උන එකමදේ පක්ෂය දෙකඩවීමයි කියලා නාමල් තැන තැන කියනවා. නාමල් කියන ඒ කතාවේ ගන්න ගොඩක් දේවල් අපට තියනවා.නාමල් කියන කතාව හරියට විග්රහ කළොත් රාජපක්ෂලා දේශපාලන වශයෙන් නිරුවත් කරන්න පුළුවන්.ජනතාව ඉස්සරහා දේශපාලන වශයෙන් දෙතුන් පාරක් නිරුවත් උන රාජපක්ෂලාට ආය ආයෙත් නිරුවත් වෙනවා කියන්නේ එච්චර ලොකු කේෂ් එකකුත් නෙවෙයි. රාජපක්ෂලාගේ දේශපාලන අසූචි වල නාමල්ලා…
කරුණක් ලෙස ගත්තොත් රනිල් ජනාධිපති වීමෙන් පසුව ගත වූ කාලය තුළ රටේ ආර්ථිකය ස්ථාවර වුනා. මෙය සිදු වූ පරිමාණය හා වේගය බොහෝ දෙනෙක් අපේක්ෂා කළාටත් වඩා වැඩියි. උදාහරණයක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කළ ඉලක්ක වලට සාපේක්ෂව බැලුවොත් බොහොමයක් අංශ වලින් ලංකාව ඉලක්ක ඉක්මවා ගිය සාර්ථකත්වයක් පෙන්වා තියෙනවා (overperform). මීට පෙරද ලංකාව වාර ගණනාවක් ජාත්‍යන්තර…
ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුමක් පවතින රටක නිර්මාණය වන්නේ පූර්ණ අරාජිකත්වයකි. එවැනි තත්වයක් වළක්වා ගැනීමට නම් මෙම අංශ තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එම අවබෝධය තිබිය යුත්තේ පවත්නා සමාජ ක්‍රමය රැක ගනිමින් අවශ්‍ය පරිවර්තන සිදු කිරීමටය. විප්ලවීය බලහත්කාරයක් යනු වෙනස් තත්වයකි. එහිදී විධායකය සෙසු අංශ යටපත් කරගෙන කටයුතු කරයි. ඒකාධිපතිත්වයක් ද ඒ හා සමානය. ශ්‍රී…