කළු සල්ලි පනත යටතේ බැසිල්ට , ගෝටාට ,මහින්දානන්දට , සෙනරත්ට , නඩු !
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ , හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ ,කිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ,හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු හිටපු රජයේ බලවතුන් ගණනාවකට එරෙහිව මුදල් විශුද්ධි කරණ පනත යටතේ නඩු පැවරීමට කටයුතු කර ඇති බව පොලීසියේ තතුදත් ආරංචි මාර්ග කියයි . බ්‍රතාන්‍යයේ බරපතළ වංචා කාර්යාලයේ විශේෂඥයින්ගේ උපදෙස් මත කරන ලද සියුම් පරීක්ෂණ වල ප්‍රතිඵල ලෙස මෙම නඩු පැවරීම සිදුවන බව කියති .
නීති විරෝධී ලෙස මුදුල් ඉපයීම සම්බන්දයෙන් නඩු පැවරීම ඉතා සංකීර්ණ කටයුත්තක් බවද එබැවින් ඉහතකී තැනැත්තන්ට අදාල නඩු පැවරීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම අවශ්‍ය බවද අපේ ආරංචි මාර්ග කියයි . පුහුණු බ්‍රතාන්‍ය විසේෂඥයන්ගේ සහාය එහිදී වැදගත් වුයේ පරීක්ෂනවල සංකීර්ණතාවය නිසාමය .
පසුගිය රජයේ බලවතුන් සම්බන්ද පැමිණිලි රාශියක් පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාසය මගින් පරීක්ෂාවට ලක්කරමින් පවතින බවද කියති . එමගින් බොහෝ තොරතුරු හෙළිදරවු වී ඇත .
