සේවකයන් නැහැ , රටින් ගෙන්න ගන්න ඉඩ දෙන්න – තේ වගාකරුවෝ රජයෙන් ඉල්ලති

මෙරට තේ වතු පවත්වාගෙන යාමට අවශ්‍ය සේවක පිරිස් නැති බවත් ඒ සදහා විකල්ප වැඩපිළිවෙළක් ලෙස විසා ක්‍රමයක් මත විදේශික ශ්‍රමිකයන් ගෙන ඒමට ඉඩදෙන ලෙසත් ගාල්ල – කඵතර වතු හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි . සුළු වැරදි සදහා සිරගතව සිටින රැදවියන් යොදාගැනීම ඇතුළු විකල්ප කිහිපයක් ද එම සංගමය යෝජනා කරයි .ඔවුන්ගේ සම්පුර්ණ නිවේදනය මෙසේය .

තේ වගාවේ අභියෝග සාමුහිකත්වයෙන් ජය ගැනීම.

ගාල්ල – ක`ඵතර වතු හිමියන්ගේ සංගමය අප තේ වගාව ප‍්‍රධාන කොට රබර්, පොල්, කුරුදු, වී, පලතුරු ආදී වගාවන් සහ කෘෂි සංචාරක කර්මාන්තය කරන අක්කර 5 – 50 ත් අතර ඉඩම් හිමි ව්‍යාවසායකයින් වන අතර, වැවිලි ක්‍ෂේත‍්‍රයට අමතරව වෙනත් උසස් වෘත්තීන් වලද නිරත වේ.

ගාල්ල – කඵතර දිස්ත‍්‍රික්ක වලට අමතරව මාතර දිස්ත‍්‍රික්කය ආවරණය වන පරිදි පහතරට වැව්ලිකරුවන්ගේ සංගමය ද, තේ පර්යේෂණ ආයතනයේ මග පෙන්වීම යටතේ කෑගල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්ක ආවරණය වන ලෙස ද, සංගම් පිහිටා ඇත. ගාල්ල – කඵතර වතු හිමියන්ගේ සංගමයේ සාමාජිකයෙකු සතු දළ අක්කර ප‍්‍රමාණය අක්කර 10 ක් පමණ වන අතර, එමගින් මාසිකව අමු තේ දඵ කිලෝ ග‍්‍රෑම් ලක්‍ෂ 5 1/2 – 6 ප‍්‍රමාණයක් අපනයනය කිරීම සදහා කර්මාන්තශාලා වෙත සපයනු ලබයි. අක්කරයක තේ දඵ නිෂ්පාදනය මසකට ආසන්න වශයේන කිලෝග‍්‍රෑම් 550 ක් වන අතර දැනට අමු තේ දඵ කිලෝවක් සදහා රු. 100 පමණ මිලක් ලැබේ. වෙන්දේසියේ නිමි තේ කිලෝවක මිල දළ වශයෙන් රු. 639.88 :ත්‍ග ධග ඊග ඡුරසජැ* වන අතර මාසිකව අප සංගමයේ සාමාජිකත්වයේන පමණක් රටට උපයා දෙන විදේශ විනිමය රුපියල් මිලියන 75.5 වන බව ගණන් බලා ඇත. මීට අමතරව මාතර, කෑගල්ල, රත්නපුර හා වෙනත් සංගම් වල නිෂ්පාදනයන් ද මෙයට එකතු විය යුතුය.

කෘෂිකර්මාන්තය, වනජිවී හා ධීවර කර්මාණ්තයෙන් වාර්ෂිකව අප රටට මිලියන 890,659 ක ආදායමක් ද, එළවඵ හා පලතුරු වලින් මිලියන 89,251 ක් ද අමු තේ දඵ වලින් මිලියන 82,321 ක ආදායමක්ද ලංකාව උපයා ගනී. මේ අනුව තේ කරමාන්තය පළමු ස්ථානයේ සිට හතර වන ස්ථානය දක්වා පහත වැටී ඇත. එය නැවත ලංකාවේ කෘෂිකර්මාන්තයේන විදේශ විනිමය උපයන පළමු ස්ථානය දක්වා ගෙන ඒමට දැනට නිෂ්පාදනය කරන තේ ප‍්‍රමාණය 3.5% කින් වැඩි කළ යුතුව ඇත. ඒ සදහා පස් අවුරුදු සැලැස්මක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අප විසින් ඉදිරිපත් කර ඇත. ඒ අනුව අවුරුදු 05 ක් අවසානයේ අමතරව රටට රුපිය්ල මිලියන 4539 ක ආදායමක් ලබාදීමට හැකි වනු ඇත. මෙම දත්ත ගාල්ල – කඵතර වතු හිමියන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ නිෂ්පාදන දත්ත පමණක් වන අතර මෙයට මාතර, රත්නපුර, කෑගල්ල හා වෙනත් දිස්ත‍්‍රික්ක වල දත්තයන් ද එකතු විය යුතුය.

එහෙත් මෙම ඉලක්ක සපුරා ගැනීම මෙන්ම අඵත් වගාවන්ට යොමුවීම සදහා වතුවල වැඩ කිරීමට ප‍්‍රමාණවත් සේවක සේවිකාවන් නොමැතිවීම ඉන් ප‍්‍රධාන වේ. එබැවින් මේ පිළිබදව පහත යෝජනා අප සංගමයට ඉදරිපත් කරමු.
සග විසා පදනම මත විදේශ ආනයනය කිරිම.
සසග දුෂ්කර පළාත් වල රැුකියා විරහිත වූවන්ගේ සේවය ලබාගැනීම.
සසසග සුඵ වැරදි සදහා බන්ධනාගාර ගත වූ රැුදවියන්ගේ සේවය ලබාගැනීම.
සඩග විශ‍්‍රාම යාමට නියමිත සොල්දාදුවන් හා නිලධාරීන් ව්‍යාවසායකයින් ලෙස සම්බන්ධ කර ගැනීම.

එයට අමතරව,
1ග ඉඩම් මිලදී ගැනීමේ සිට සියඵ සංවර්ධන කටයුතු සදහා අඩු පොලී ණය යෝජනා ක‍්‍රමයක් හදුන්වා දීම.
2ග තේ වගාවට අදාල සියඵම ආයතන, අමාත්‍යංශ, විශ්වවිද්‍යාල, සංගම් නියෝජිතයන් එක් රැුස් කරමින් තේ මණ්ඩලයක් සැදීම.
3ග වගාකරුවා ව්‍යාවසායකත්වයට උසස් කිරිම හා ජාත්‍යන්තරය ජය ගැනීම.
4ග තොරතුරු තාක්‍ෂණය ඩිජිටල් තාක්‍ෂණය වගාවන්ට හදුන්වාදීම හා නම සොයා ගැනීම් ස`දහා ප‍්‍රතිපාදන වෙන් කිරිම.
5ග තේ වගාවේ කිර්ති නාමය ආරක්‍ෂා කර ගැනීම සදහා අහිතකර ක‍්‍රියාවන් සදහා ඉහළ දඩ මුදලක් අය කිරීම හා නව නීති පැනවීම.
6ග විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හා වැවිලි කළමණාකරණ ආයතනයේ ශිෂ්‍යයන්ට වගාවේ ප‍්‍රායෝගික අත්දැකීම් ලබා දීම.
7ග යල් පැන ගිය කම්කරු නීති සංශෝධනය කිරීම.
8ග සිද්ධි අධ්‍යනයක් :ක්‍්ිැ ීඑමාහ* හරහා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම.
9ග දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් වල් නාශකයක් හ`දුන්වා දීම.

යන කරුණු හරහා වසර 150 ක දිගු ඉතිහාසයක් හිමි ශ‍්‍රී ලාංකීය තේ ව්‍යාපාරයේ උච්චතම අවධිය වූ 2013 වසරේ දී නිමි තේ කිලෝ ග‍්‍රෑම් මිලියන 342 නිමි තේ කිලෝග‍්‍රෑම් මිලියන 289 දක්වා 2014 වසරේ පහත වැටුණු තේ කර්මාන්තය නැවත ගොඩනගනු හැකි වනු ඇත.

මේ අප සිය`ඵ දෙනාගේම මව්බිමයි. එය රැුකගැනීම අප සැමගේම වගකීමයි. රටේ තේ කර්මාන්තය දියුනු කිරීම මාධ්‍ය මගින් ද විශාල මෙහෙවරක් කළ හැකි බැවින් ඒ ස`දහා අවශ්‍ය සහයෝගය නිරන්තරයෙන් ලබාදෙන මෙන් ඔබ ආයතනයෙන් අප සංගමය ගෞරවයේන ඉල්ලා සිටිමු. එමගින් වගකිව යුත්තන්ගේ අවධානය යොමු කිරීමට හැකිවෙතැයි අප අපෙක්ෂා කරමු.

මෙයට,
විශ්වාසී,

ලේකම්
(උෂාන් සමරසිංහ)

සැ. යු: ලිපියට ඇතුලත් කර ඇති දත්ත සියල්ල තලවකෑලේ තේ පර්යේෂණ ආයතනයේ ආර්ථික හා සංඛ්‍යා ලේඛන අංශයෙන් ලබා ගන්නා ලදී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *