ශ්‍රිලනිප 16 කණ්ඩායම ජනාධිපති අතහරී – කෙලින්ම පොහොට්ටුවට
ශ්‍රිලනිප 16 කණ්ඩායම ලෙස පෙනීසිටි පිරිස ජනාධිපතිගේ නායකත්වය අතහැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට ඊයේ තීරණය කළේය . බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු පොහොට්ටු පක්ෂයේ නායකයින් හමුවී කළ සාකච්චාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ .ඒ අනුව,මින් ඉදිරියට 16 මන්ත්‍රී කණ්ඩායම යනුවෙන් කණ්ඩායමක් නැති බවත් මින් ඉදිරියට තම මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකට එක්ව වැඩ කිරීමට එකඟතාවයකට පැමිණි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා අද පැවසීය.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද තම මන්ත්‍රී කණ්ඩායමට ආරාධනා ලැබුණු බවද මන්ත්‍රීවරයා කීය.අමාත්‍යධූරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හා බැසිල් රාජපක්ෂ ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සමඟ ඊයේ (28) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න අපිට වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීමේදී නීතිමය ප්‍රශ්න මතු වෙන බවත් එමනිසා නිල නොවන මට්ටමින් පොදුජන පෙරමුණ සමග එක්වන බවත් එම කණ්ඩායම ප්‍රශ කළේය .
