කවුරුත් මැදිහත්වෙන්න අවශ්‍ය නෑඋදයංග මෙරටට ගෙන එන්න ආණ්ඩුවේ වැඩපිළිවෙළ ලෑස්තියි – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් වරෙන්තු ලැබ සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමට කිසිවෙක් මැදිහත් වීම අවශ්‍ය නොමැති බවත් ආණ්ඩුව යොදා ඇති වැඩපිළිවෙළ අනුව ජාත්‍යන්තර පොලිසිය එම වරෙන්තුකරු අල්ලා වහාම මෙරටට භාර දීමට කටයුතු යොදා ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. උදයංග වීරතුංග සමඟ අදටත් සමීප සම්බන්ධතා පවත්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඔහු මෙරටට ගෙන්විමට බාධාවක් තිබිය නොහැකි යැයිද අගමැතිවරයා පවසයි.

අගමැති වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ(26) පැවති අැමැති මණ්ඩල රැස්වීමෙන් පසු අැමැතිවරුන් සමඟ කළ කතාබහකදීය. උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමට හිටපු ජනාධිපති

මහින්ද රාජපක්ෂ මහතා සුදානම් බවත් ශ්‍රී ලංකා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වීමට අගමැතිවරයා ක්‍රියා කළ යුතු බවත් රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශයක් පිළිබඳව අැමැතිවරුන් අගමැතිවරයාගේ අවධානයට ‍ලක් කළහ.උදයංග වීරතුංග සැඟවී සිටි මුළු කාලය තුලදීම ඔහු සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධතා පැවැත්වූ නිසා උදයංග මෙරටට ගෙන්වීමට රාජපක්ෂ මහතාට හැකියාව ඇතත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා තනතුරෙන් ඉවත් වීමෙන් පසු ඔහු සමඟ තමා කිසිදු සබඳතාවක් නොපැවැත්වු නිසා ඔහු මෙරටට ගෙන්විමට තමාට හැකියාවක් නොමැති බව අගමැතිවරයා මෙහිදි සඳහන් කෙළේය. හිට්ලර්ගේ සොහොයුරා ජාත්‍යන්තර වරෙන්තුකරුවන් සමඟ අඛණ්ඩව සබඳතා පැවැත්වුවද තමා කිසිවිටක එවැනි දේ නොකරන බවද අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු තමා ඔහු සමඟ කිසිදු සබඳතාවක් නොතිබු බවද අගමැතිවරයා අවධාරණය කෙළේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්විම සඳහා නීත්‍යානුකූලව පියවර ගෙන ඇති බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග,අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමතුංග සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන තිදෙනාම මෙරටට ගෙන්වා ගැනිම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගෙන කටයුතු කරමින් සිටින බවයි.

ශිරෝමි අබයසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *