හිර ගෙදර තුළදී කවුරුත් අංකයකි – ජගත් හේමචන්ද්‍ර
බොදුබල සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට හෝමාගම අධිකරණය මගින් දඩුවමක් ලබා දී ඇති බව අපි දනිමු. එම ද`ඩුවම දිමට හේතුව වශයෙන් සඳහන් වි ඇත්තේ අධිකරණ භූමිය තුළදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට කරන ලද තර්ජනයක් හේතු පාදක කර ගෙනය. අධිකරණ දණ්ඩනයෙන් පසු උන්වහන්සේ වැලිකඩ බණ්ධනාගාරය රැුගෙන යාමෙන් පසු උන්වහන්සේගේ චීවරය ඉවත් කිරිම පිළිබඳව ගිහි පැවිදි ජන කොටස් අදහස් මත පල කරමින් සිටි. එක් අදහසකින් පවසන්නේ පැවිද්දෙකුගේ සිවුර ඉවත් කිරිමට බණ්ධනාගාර අධිකාරින්ට බලයක් නොමැති බවය.
ලංකාවේ අධිකරණ ඉතිහාසයේ සිවුර ඉවත් කිරිම මෙය පළමු අවස්ථාව හැටියට හුවා දැක්විමට සමහරු උත්සාහ දරති. එය නිවැරදි නොවන බව අපේ හැගිමයි. බණ්ඩාරනායක මැතිතුමා අමු අමුවේ ඝාතනය කල තල්දුවේ සෝමාරාම ඝාතන කුමන්ත්‍රණය කිරිම නිසා දඩුවම් ලැබු කැලණිය රජමහ විහාරාධිපති ධුරය දැරු මාපිටිගම බුද්ධරක්ඛිතගේ ද සිවුරු බන්ධනාගාරයේදී ඉවත් කල අතර සෝමාරාම පෝරකයටද යවන ලදි. එසේම කතෝලික පියතුමකු වු මැතිව් පිරිස්ගේද ලෝගුව ගලවා හිරකරුවන්ගේ නිල ඇදුම් වු ජම්පරය අන්දවන ලදි. ඒ අයුරින් ළමා අපචාර, කාන්තා අඩම්තේට්ටම් සහ වෙනත් සමාජ විරෝධි ක්‍රියාවල යෙදුනු අප්‍රකට හිමිවරුන් කී දෙනෙකු ජම්පරය ඇද අද වන විට හිරබත් කනවාදැයි අපි නොදනිමු. එය අසා දැන ගතයුත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙනි. ඉහත සඳහන් කිසිම අවස්ථාවකදි ගිහි පැවිදි කිසිවෙක් අධිෂ්ඨාන පුජා පැවැත්වුවේවත් පෙලපාලි ගියේවත් නැත. උගත් නුගත් පැවිදි කවුරු ද`ඩුවම් ලබා හිර ගෙදරට ගිය විට ඔහුට හිමි වන්නේ අංකයක් පමණි. එය හිරගෙදර නීතියයි. ශල්‍ය කර්මයකට භාජනය වන විට එයට ඔබින ඇදුම ඇදිය යුතුය. චිවරය සහ අඳන කඩය ඇදගෙන ශල්‍ය කර්මය කල නොහැකි බව අපි දනිමු. මේ හිමිනම කලිසම් ඇද ගෙන මාස 6ක් නොර්වේ සිටි බව ආරංචි මාර්ග වලින් හෙලිවේ.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පමණක් හුවා දක්වන්නේ ඇයි ද යන්න අපට ප්රහේලිකාවකි. උන්වහන්සේ ගැන අප දන්නේ සියලූ සත්වයෝ නිදුක් වේවා යයි කියමින් අන්‍ය ආගමිකයින්ට හිරිහැර කල දකුණු අධිවේගී මාර්ගයේදී බිමතින් ගොස් පොලිසිය සමග කලහයක් ඇතිකර ගෙන අධිකරණයෙන් දඩුවම් ලැබු අයෙකු ලෙසය. මොහු වරදක් කර ඇති නම් නිසි දඩුවම අධිකරණය විසින් ලබා දිය යුතුය. මෙවැනි දුසිල් මහණුන් පාංශකූුලයට නවාට කම් නැත. පාංශකූලය නුදුන්නා කියා නිවන් යාමට අවහිරයක් නොමැත. පාංශකූලය බුද්ධ දේශනයේ කොතනවත් සඳහන් වී නැත. ජාතිවාදය අවුලූවමින් රටම ගිනි තියපු බේරුවලදී මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් අවුළුවාලූ සාමයෙන් ජිවත්විමට ජනතාවට ඉඩනොදෙන ඕනෑම ගිහියෙක් හෝ චීවරධාරියෙක් අල්ලා නිසි දඩුවම් දිම පොලිසියේ හා අධිකරණයේ යුතුකම හා වගකිමවනු ඇත.
ඥාණසාර හිමිගේ පැටිකිරිය මේ රටේ ප්රබුද්ධ ජනතාවට හොඳ හැටි මතක ඇති බව අපි සිතන්නෙමු. බුදුරාජණන් වහන්සේ සංඝයාට දේශනා කර ඇත්තේ, රටේ පවතින නිතියට ගරු කලයුතු බව හා අවනත වියයුතු බවය. එක්නැලිගොඩගේ ක්‍රියා කලාපය අපි නොදනිමු. අපි දන්නේ ඔහු මාධ්‍යවේදියෙකු ලෙසිනි. නමුත් ත්රස්වාදය වැලැක්විමේ පනත දණ්ඩ නිති සංග්‍රහය වැනි නීති තිබියද ඔහුව අතුරුදහන් කිරිමට කිසිවෙකුට අයිතියක් නොමැත. එහෙම බලයක් හමුදාවට ලබාදි නොමැත. එසේ නම් හමුදා භාරයට ගත් තම ස්වාමිපුරුෂයාට, දරුවන්ගේ තාත්තාට සිදු වුයේ කුමක්ද යන්න සොයා බැලිම සඳහා අධිකරණ ගානේ යන සන්ධ්‍යා එක්නැලිගොඩට අපහාස කිරිම සංඝයා වහන්සේ නමකට නොව ගිහියෙකුට වුවත් නුසුදුසු අඥාන කි්රයාවකි. පටාචාරා, කිසාගෝතමියට බුදුරාජණන් වහන්සේගේ කරුණාව මෛත්‍රිය පතුරුවා ලූ සේක. බුද්ධ පුත්‍රයන් කල යුත්තේ ඇයට ඔහු ගැන සොයා ගැනිමට උදව් උපකාර කිරිමය. අධමයන් කරන්නේ ඇයට පරිභව කිරිමය.
අවසන් වශයෙන් සඳහන් කල යුත්තේ ජනාධිපතිවරයාගේ සිට පුරවැසියා දක්වා පොහොසතාගේ සිට මහල්ලා දක්වා පිලිසරණ සොයන ගරු කරන රටේ නිතියට අවනත නොවී කැලෑ නීතියක් රජ කරවිමට උත්සාහ දරන, පුරවැසියකු පමණක් නොව, ඕනෑම චීවරධාරියෙකුට විරුද්ධව සාධාරණ යුක්තියේ නාමයෙන් දිය හැකි උපරිම දඩුවම් ලබා දීමය. ඥාණසාරට දිට්ඨ ධම්ම වේදනිය කර්මය පඩිසන් දී ඇත. ඔහු වෙනුවෙන් මාධ්‍ය සංදර්ශන පවත්වමින් කඬේ යන අනිකුත් චිවරධාරින්ටද එම කර්මය ඉදිරියේදි භූක්ති විදිමට සිදුවනු නොඅනුමානය.
”ධම්මෝ භවේ රක්ඛති – ධම්මචාරි”
ධර්මය අනුව හැසිරෙන්නා ධර්මය විසින් රැුක බලා ගන්නවා ඇත.
අනිකුත් අය පොලීසිය, අධිකරණය සහ බන්ධනාගාරය විසින් රැක බලා ගන්නවා ඇත.
සටහන
ජගත් හේමචන්ද්‍ර
