දින 100 වැඩපිළිවෙල තනි පුද්ගලයෙක් හදපු එකක් නෙවෙයි . පොදු අපේක්ෂකයත් ලග තියාගෙන විශාල පිරිසක් එක්ක එකතුවෙලයි හැදුවේ – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ̵
මාඳුළුවාවේ සෝභිත හිමි, කවදාවත් කරන්න බෑ කියලා සිතු දෙයක් කරන ආකාරය ජනතාවට පෙන්වා දී එයට නායකත්වය දුන් අසාමාන්‍ය හිමිනමක්. එවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයින් බිහිවන්නේ කලාතුරකින්. උන්වහන්සේ පැහැදිළිව පෙනිසිටියේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන්. ප්රජාතන්ත්රවාදයට විකල්පයක් නොමැති බව පිළිබඳව තදබල විශ්වාසයක් තිබුණු කෙනෙක් උන්වහන්සේ. එම නිසා තමයි විධායක ජනාධිපති ක්‍රමය ප්රජාතන්ත්ර විරෝධි ක්‍රමයක් ලෙස උන්වහන්සේ දුටුවේ. එමනිසා තමයි විධායක ජනාධිපති ක්‍රමය නැති කරල පාර්ලිමේන්තු ක්‍රමයකට යන්න ඕනෙ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළේ . උන්වහන්සේ බොහෝ විට සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය, ආචාර්ය ඇන්.එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා වැනි අය කිය වූ දේවල් උපුටා දැක්වුවා.
ජනාධිපතිවරණයෙන් පසුව අපි බලාපොරොත්තු වූ පරිදි විධායක ජනාධිපති ක්රමයේ බලතල ඉවත් කරන්න අපට නොහැකි වුණා. එ්ක අපි පිළිගන්න ඕන. එයට එක් හේතුවක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 30ක් විතර සිරිසේන මැතිතුමන් එක්ක එයි කියලා තමයි විශ්වාස කෙරුණේ. නමුත් එහෙම වුණේ නෑ. එය ද බලපෑවා. එ් අනුව ජනවාරි 09 වන දා හදපු ආණ්ඩුවට 2/3ක් තියා සරල බහුතරයක් වත් තිබුණේ නෑ. එ් නිසා නොයෙකුත් එකඟත්වයන් වලට අකමැත්තෙන් වුවත් එන්න සිද්ධ වුණා.
මීට ඉස්සෙල්ලා මෙම රැුස්වීමේදී ජනාධිපතිතුමා ඒ අමාරුකම ගැන කිව්වා . ඒක ඇත්ත. හතලිස් ගණනයි අපට ඡුන්ද තිබුණේ . නමුත් 2/3 ක් අපට ලබාගන්න පුලූවන් වුණා, ඒ දින 100 වැඩපිළිවෙළ තුළ 19 සංශෝධනය හැදීමට. තාක්ෂණික වශයෙන් මම දායක වුණු නිසා මං ඒ පිළිබඳ යමක් කියන්න ඕන . ඇත්තටම චෝදනාවකුත් තියෙනවා 19 වන සංශෝධනය ප්‍රමාණවත් තරම් ඉදිරියට ගියේ නෑ කියලා. ඒක ඇත්ත .ඒකට හේතු තියෙනවා .ඒකට හේතු තමයි මම කලින් කියපු සුවිශේෂ දේශපාලන තත්ත්වය. හැබැයි මේක මංවත් වෙන කවුරුවත් තනියෙන් හදපු කෙටුම්පතක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දේශපාලන කමිටුවක් තිබුණා .ඒකේ ආණ්ඩුවට සම්බන්ධ සියලූම දේශපාලන පක්ෂ එහි නියෝජනය වුණා .ඒකෙන් තමයි සියල්ලම තීන්දු ගත්තේ. මුල් කෙටුම්පත සෑදීමට දායක වුණු විශේෂඥ කණ්ඩායමට මමත් සම්බන්ධ වෙලා හිටියා .ඔවුන් අවස්ථා හත අටකදී කෙටුම්පත ඉදිරිපත් කරලා ඒ හැම කෙටුම්පතක්ම මුද්‍රණය කරලා දීලා සාකච්ඡුා කරලා තමයි තීරණ ගත්තේ. නමුත් ඉන්පසු අපිට අභියෝගයක් ආවා විපක්ෂයෙන් . විපක්ෂයට තමයි 2/3 දීමේ හැකියාව තියෙන්නේ. 2015 මාර්තු 15 වෙනිදා කැබිනට් මණ්ඩල රැුස්වීමක් ලෑස්ති කරලා තිබුණේ. ඊට කලින් උදේ රැුස්වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අගමැති තුමාත් සම්බන්ධවෙලා සියලූම පක්ෂවල නියෝජිතයන් හැම දෙනෙක්ම වගේ එයට සහභාගි වුණා .එහිදී විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් ඇවිත් 19 වැනි සංශෝධනයේ අපි හදලා තිබුණ එක ඉතාම තදබල ලෙස දුර්වල කිරීමට, සැර බාල කිරීමට ඔවුන් සමත් වුණා. මට කණගාටුයි කියන්න. ඔවුන් එදා ජනාධිපති තුමා එක්ක සමීපව ඉදලා පසු කලෙක මහින්ද රාජපක්ෂ මැතිතුමාට නාමයෝජනා දුන්නාට පස්සේ ඊට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය යටතේ ඡුන්දය ඉල්ලන්න ආපු සමහරුන්. එම පිරිස මෙහි සැරබාල කිරීමට දායක වුණු බව කණගාටුවට කරුණක්.
එදා හවස 2ට කැබිනට් රැුස්වීම තිබුණා . ඒ අතරතුර මටත් මහාචාර්ය ජී.එල් පීරිස් මැතිතුමාටත් නීති කෙටුම්පත්කරු සිල්වා මැතිතුමාටත් කිව්වා අද උදේ ගත්තු තීන්දුව අනුව දැනට ඇති කෙටුම්පතේ වෙනසක් කරලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා .මගේ ලග අදටත් තිබෙනවා ඒකේ ඡුායා පිටපතක්. හවස කැබිනට්ටුවේදී ඒ සියල්ලම අනුමත කෙරුවා. 19 වන සංශෝධනය අපි බලාපොරොත්තු වූ තරම් ඉදිරියට ගියේ නැති එක ඇත්ත. ඒ දේශපාලන හේතු නිසා. ඉන්පසු පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් යම් වගන්ති ඉවත් කරන්න සිදුවුණා . ඒ ගැන මගේ පැමිණිල්ලක් නෑ. නමුත් ඊට පස්සේ පාර්ලිමේන්තුවට ගියාට පස්සේ තවත් සැර බාල වුණා . උදාහරණ වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පුරවැසියන් හත්දෙනෙකුත්, දේශපාලනඥයන් තුන් දෙනෙකුත් යෝජනා කරලා තිබුණේ අපි. නමුත් වාසුදේව නානායක්කාර මැතිතුමා වැනි අය කිව්වෙ එකේ අනිත් පැත්ත වෙන්න ඕනි කියලා, දේශපාලනඥයන් 7ක් සහ පුරවැසියන් 3ක් ලෙස. මට අද වගේ මතකයි පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයේදී අපිට අඩගහලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කිව්වා, මටනම් මේකට එකග වෙන්න බෑ. මම කොහොමද සෝභිත හාමුදුරුවන්ට මූණ දෙන්නේ කියලා .ඊට පස්සේ මම කිව්වා මම සෝභිත හාමුදුරුවන්ට කතා කරන්නම් කියලා .මම සෝභිත හාමුදුරුවන්ට කතා කරලා මේකේ තියෙන බැ?රුම් කම තේරුම් කරලා දුන්නා .උන්වහන්සේ කිව්වා කරන්න දෙයක් නෑ මහත්තයා ඕකටවත් එකග වෙන්න. කරන්න පුලූවන් දේ කරමු කියලා. ඒ විදියට 19 සංශෝධනයේ සැර බාල වුණා . ඒකේ එක ප්‍රශ්නයක් තමයි මේ බල කේන්ද්‍ර 2 ක් තියෙන එක. ජනාධිපතිවරයා සහ අගමැති වරයා අතර. ඒ දුර්වලකම් දෙක තියෙනවා මේකේ . මේ පිළිබඳව 1970 – 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේදී කොල්වින් ආර්.ද සිල්වා කියපු දෙයක් මං සදහන් කරන්න කැමතියි .එයා කිව්වා කවදාවත් ඍජු ඡුන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකුට අනියම් වශයෙන් පාර්ලිමේන්තුවෙන් තේරෙන අගමැති වරයෙක්ට ප්රතිවිරුද්ධව තියන්න එපා කියලා .ඒ විදියට රාජ්‍යයේ කේන්ද්‍රයේ බල ශීර්ෂ දෙකක් නොතිබිය යුතු බව කියා සිටියා.
සුප්‍රකට දේශපාලන විද්‍යාඥයෙක් වන නෙදර්ලන්ත ජාතික Lijphart මේ පිළිබඳව ලියලා තිබෙනවා . ඔහු කියනවා විශේෂයෙන්ම ලංකාව වැනි බහුවාර්ගික රටවල් වල ඒක පුද්ගල ජනාධිපති විධායකයක් වෙනුවට සාමූහික තීරණ ගන්නා පාර්ලිමේන්තු ක්‍රමයක් තමයි අප වැනි රටවල් වලට උචිත කියලා .
ජනාධිපති මැතිවරණ අත්‍යවශ්‍යයෙන්ම බහුතරවාදී බව ඔහු පෙන්වා දුන්නා. ඒවා පෞරුෂත්ව දේශපාලනය දිරිගන්වනවා. තරගකාරී පක්ෂ වල සහ සහ ඔවුන්ගේ වැඩසටහන් වල දේශපාලනය යටපත් කෙරිලා පෞරුෂත්වය උඩට එනවා. පාර්ලිමේන්තු ආකෘතියකදී රාජ්‍ය නායකයා මහජන ඡුන්දයෙන් කවදාවත් පත්කරන්න එපා කියලා කියනවා. ඔහු කියන්නේ රාජ්‍ය නායකයා පාර්ලිමේන්තුවෙන් පත්කළ යුතුයි කියලා . කොතරම් බලතල අඩුවුණත් ජනාධිපතිවරයා ඍජු ඡුන්දයෙන් පත්වෙනවා නම් විශේෂයෙන්ම ඔහුට පුලූවන් අර්බුදකාරී අවස්ථාවලදී කියන්න, මට තියෙනවා ඍජු ජනවරමක්, අගමැතිතුමා ඔබට තියෙන්නේ වක්‍ර ජනවරමක් කියලා. ඒ ආණ්ඩුක්රමය අර්ධ ජනාධිපති ක්‍රමයකට හරවා ගැනීමේ අනතුර තියෙනවා කියලා පෙන්වාදී තිබෙනවා.
ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධ සහ විධායක ජනාධිපති ක්රමයේ බලතල අඩු වුවත් ජනාධිපතිවරයා ඍජුව පත්කරන්න ඕනියි කියන කණ්ඩායම් කිහිපයක් ඉන්නවා .සමහරු ධනේශ්වර සංවර්ධනයට ජනතා පීඩනයෙන් නිදහස් ඉතාමත් තනි ප්‍රබල පුද්ගලයෙක් අවශ්‍යයි කියලා විශ්වාස කරනවා.
එක්සත් ජාතික පක්ෂයත් ඒ විශ්වාසයේ හුගක් කල් හිටියා. එය වෙනස් කර තිබෙන බව පේනවා. සමහරු විරුද්ධ පක්ෂයේ ඉන්නකොට විරුද්ධයි. නමුත් බලය තිබෙන කොරිඩෝවල සක්මන් කිරීමට අවස්ථාව ලැබුණු විට ඔවුන් පක්ෂයි. ඊලඟට තව සමහරු ඉන්නවා ජනාධිපති වෙන්න කැමැති අයත් . ඒවගේ නම් කිසි අඩුවක් නෑ අපේ රටේ. ඔවුන් වටේ ඉන්න අය කැමතියි තමන්ගේ නායකයා ජනාධිපති වෙනවට. ඊලඟට අනිත් අය තමයි බහුතරවාදීන්. ඔවුන් විශ්වාස කරනවා බහුතර ජනවාර්ගික කණ්ඩායම රාජ්‍ය හැසිරවිය යුතුයි කියලා .රාජ්‍ය හැසිරවීමට ඔවුන්ට පුලූවන්කම තිබිය යුතුයි .රාජ්‍ය බලයට අනෙක් කණ්ඩායම් සම්බන්ධ කර නොගත යුතුයි කියලයි ඔවුන් සිතන්නේ. මෙය හොදින්ම කල හැක්කේ ඍජුව පත් කරන ජනාධිපති කෙනෙකුගෙන් පමණකැයි ඔවුන් විශ්වාස කරනවා. මේ ගැන මීට අවුරුදු 10 කටත් වැඩි කාලයකට ඉස්සෙල්ලා තිබුණ සම්මන්ත්‍රණයේදී මගේම නීතිඥ වෘත්තීයේම කෙනෙක් , පසුව ජනාධිපති නීතිඥවරයෙක් වුණු කෙනෙක් කිව්වා What Problem to the Tamils have ? මොන ප්‍රශ්නද දෙමළ මිනිස්සුන්ට තියෙන්නේ කියලා .’We going the same bus We share the same tea pot. අපි එකම බස් එකේ යන්නේ. අපි එකම තේ පෝච්චිය බෙදාගන්නේ කියලා . මගේ වාරය ආවාම මම කිව්වා ඒක තමයි ප්‍රශ්නේ. ඔබගේ තේ පෝච්චිය බෙදාගන්න සූදානම් රාජ්‍ය බලය බෙදාගන්න සූදානම් නෑ කියලා .ඔහු ඒකට උත්තර දුන්නේ නෑ. මේක තමයි ඔවුන්ගේ මානසිකත්වය. ඊලඟට කුඩා ජනවාර්ගික කණ්ඩායම් ඉන්නවා, සමහර නායකයෝ හිතනවා ජනාධිපතිවරණයකදී ඒ කුඩා ජනවාර්ගික කණ්ඩායම් වලට කේවල් කරන්න. නමුත් මොකක්ද අත්දැකීම. 1982 මැතිවරණයේදී ජේ.ආර් ජයවර්ධනට කුඩා ජනවාර්ගික කණ්ඩායම් විශාල වශයෙන් රටපුරා සහය දැක්වුවා. එයාට දිනන්න බැරි වුනේ යාපනේ විතරයි. ඒක දිනුවේ පොන්නම්බලම්. නමුත් මඩකලපුව, කිලිනොච්චිය, මුලතිව් වගේ ත්‍රිකුණාමලය වගේ සෑහෙන ප්‍රමාණයක් ඉන්න දිස්ත්‍රික්ක ජේ.ආර් ජයවර්ධන දිනාගත්තා. නමුත් 1983 ජූලි 11 වනදා, ඒ කියන්නේ කලූ ජූලියට සති දෙකක් ඇතුලත ලන්ඩන් වලDaily Telegraph පත්තරේ Iyon Ward (ඉයන් වෝඞ්* එක්ක ඔහු කරපු සාකච්ඡුාව . එහි හ දී ඔහු කියනවා. ” යාපනේ මිනිසුන්ගේ අදහස් පිළිබඳ මට තැකීමක් නැහැ. අපිට ඒගොල්ල ගැන හිතන්න බෑ. ඒ ගොල්ලන්ගේ ජීවිත හෝ ඔවුන්ගේ අදහස් පිළිබඳ දැන් අපට හිතන්න බෑ. අපි ඔවුන්ට නැත්නම් උතුරට පීඩනයක් කරන තරමට දකුණේ සිංහල ජනතාව සතුටු වනවා. ඇත්තටම මම දෙමල මිනිසුන්ව බඩගින්නේ තියලා මැරුවොත් සිංහල මිනිස්සු හුගක් කැමතිවෙයි” කියලා කිව්වා. ඊට පසුව 83 කලබල ආපුවම ඔහුට දින ගණනාවක් ගියා පියවර ගන්න හා ප්රචණ්ඩත්වය මර්දනය කරන්න. ඒකත් වුනේ තොන්ඩමන් මහත්තයා නුවරඑළියේ ඉදන් කොලඹට ඇවිල්ලා විශාල ශබ්දයක් කලාට පස්සේ තමයි.
2015 අත්දැකීම බලන්න, 2015 සිරිසේන මහත්තයාට කුඩා ජනවාර්ගික කණ්ඩායම් විශාල වශයෙන් ඡුන්දය ලබලා දුන්නා. නමුත් ඒ කණ්ඩායම දැන් කියන්නේ අන්තවාදී බලපෑම් වලට ජනාධිපති ධූරය යටවෙලා කියලා මැසිවිලි නගනවා. ජනාධිපතිවරණයකදී කේවල් කල හැක්කේ කුඩා ජනවර්ගවල ජනයාට නෙවෙයි .ජනවර්ගවල නායකයින්ට පමණයි. ඔවුන්ට ඇමතිකම් බෙදාගන්න පුලූවන් නොයෙකුත් වෙන වාසි ඉල්ලගන්න පුලූවන්. නමුත් මැතිවරණයට කලින් විතරයි .මැතිවරණයට පස්සේ බෑ. මේක තමයි අත්දැකීම
සෝභිත හාමුදුරුවෝ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනීසිටපු කෙනෙක් ,තනි පුද්ගලයෙකුට බලය නොදිය යුතුයි කියන ස්ථාවරයේ හිටපු කෙනෙක් .මා සදහන් කරන්න කැමතියි එක ප්‍රවණතාවක් පිළිබඳව .එක්තරා පිරිසක් සැලසුම් සහගතව මතයක් ගොඩනගන්න හදනවා. අපට තදබල පාලකයෙක් අවශ්‍යයි කියලා .නැතිනම් සොඳුරු ආඥාදායකයෙක් අවශ්‍යයි කියලා .සොඳුරු ආඥාදායකයා කියන එක නම් කවදාවත් වෙන්නේ නෑ. මෑත ඉතිහාසයේ ගත්තාම පසුව ආඥාදායකයෙක් බවට පත්වුණු මුලදී සොඳුරු භාවයක් පෙන්නුම් කරපු ඝානාවේ නික්රෝමා, චිලියේ ෆිනෝෂියේ, ගඩාෆි, සදාම් හුසේන් ,මුගාබේ වැනි දිගම දිග ලැයිස්තුවක් තියෙනවා .ඔවුන් විශාල ජනතා සහයෝගයක් ඇතිවයි බලයට ආවේ. සමහරු තමන්ගේ රටවල් ගොඩනැගීමට උත්සහ කලා. නමුත් කාලයක් යනකොට දුෂණය ,ප්රචණ්ඩත්වය තුලින් ජනතාවගේ බලාපොරොත්තු සුන්නද්ධූලි කෙරුවා .හිට්ලර් පවා ජනතාවගේ ඡුන්දයෙන් පත්වුණු කෙනෙක් .මුලදී සොදුරු භාවයක් පෙන්නුවත් කල්යත්ම නරක් වුණා .ඊලඟට ඔවුන්ගේ අනුප්‍රාප්තිකයෝ ඊටවඩා නරක් වුණා .අකාර්යක්ෂම වුණා .එවැන්නක් ඉවත්කරන්න ජනතා නැගිටීම් හෝ සිවිල් යුද්ධ ඇතිවුණා. ලේ හැලීම් වලින් පස්සේ තමයි දිනාගන්න හැකි වුනේ. නමුත් ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් යටතේ ආණ්ඩුවේ සොඳුරු බව නැතිවන විට සාමකාමීව එය ඉවත් කල යුතු වෙනවා. එහෙත් නරක්වූ ඊනියා සොදුරු ආඥාදායකයා ඉවත් කිරීම පහසු වන්නේ නෑ, නමට හෝ ප්රජාතන්ත්රවාදය තිබුණත්.
සමහරු උදාහරණයක් හැටියට සිංගප්පූරුව ඉදිරිපත් කරනවා, සොඳුරු ආඥාදායකත්වයක් තිබෙන රටක් හැටියට. නමුත් අමතක නොකල යුතුයි සිංගප්පූරුව කුඩා නගර රාජ්‍යක්. අනෙක් රටවල් එක්ක සංසන්දනය කරන්න බෑ. ඇත්තෙන්ම එහි දුෂණය ඉතාම අවමයි. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. නමුත් ප්රජාතන්ත්රවාදය ? මේ ලගදි තිබුණ මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයකට අනුව රටවල් 167 කින් 132 තැනට තමයි සිංගප්පූරුව ආවේ. පාලක පක්ෂ නිදහසින් පස්සේ හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කරලා තියෙනවා .දේශපාලන පක්ෂ යටපත් වුණා .විවේචනයට ඉඩක් නැහැ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේදී කොල්වින් ආර් ද සිල්වා කියපු දෙයක් තියෙනවා .” ජනතාවට එරෙහිව ශක්තිමත් තනි මිනිහෙකුගෙන් ප්‍රයෝජනයක් නැහැ. ප්රජාතන්ත්රවාදයට විකල්පයක් නෑ කියලා .”
චර්චිල් කිව්වා ”වරින් වර අත්හදා බැලූ අනෙකුත් සියලූම ආකාරයේ ආණ්ඩුක්‍රම ඇර නම් ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමය තමයි නරකම කියලා .” ඒකෙන් මොකක්ද කියන්නේ තියෙන අනික් ඒවා ඊටත් වඩා නරකයි. අපිට පිලිගන්න බැරි, බැහැර කරන ඒවා අත්හැරියාම මේක තමයි නරකම එක කියලා .
ප්‍රජාතන්ත්‍රවාදීව දුර්වලකම් තියෙන්න පුලූවන්. නමුත් අනෙක් ආණ්ඩුක්‍රමවල දුර්වලකම් එමටයි . ඊලඟට ලංකාව අපි කැමැති වුවත් නැතත් බහුවාර්ගික සමාජයක්. ඒක තමයි යථාර්තය එය වෙනස් කරන්න බැහැ. එවැනි රටකට අවශ්‍ය වන්නේ බහුතරවාදී පාලන ක්‍රමයක් නෙවෙයි. සියලූ ජන කොටස් පාලනයට සම්බන්ධ කරගන්නා ආණ්ඩුක්‍රමයක්. ඊට විකල්ප නෑ. අද අපි අමතක නොකල යුතුයි උතුරේ ඇතිවි තිබෙන වෙනස්කම්. පෙබරවාරි 10 තිබූ පලාත් පාලන මැතිවරණයේදී TNA සංවිධානයට ඡුන්ද ලක්ෂයක් නැතිවුණා . ඒකෙන් 50000 ක්ම ගියේ අන්තවාදී කණ්ඩායම් වලට. වෙනදාට වඩා මැයි දිනය සාර්ථකවම පැවැත්වූවා අන්තවාදී කණ්ඩායම්. මුල්ලෙවයික්කාල් සිද්ධියේදී එය සම්පූර්ණයෙන් පාලනයට කලේ අන්තවාදී කණ්ඩායම් වල අනුග්‍රහය ලබන ශිෂ්‍යයෝ. ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට පවා එන්න දුන්නේ නෑ ඔවුන්ටත් ඉවත්ව ඉන්නට සිදුවුණා .ඒ අනතුර අපි තේරුම් ගතයුතුයි .
රටේ යෝජිත ශක්තිමත් නායකයන්ගේ නම් සදහන් වෙනවානේ. ඔවුන්ගේ වාර්තා සියල්ල ඇත්ත . අධිකාරීවාදය ඥාති සංග්‍රහ දුෂණය, සුදු වෑන්, ජාතිවාදය, 17 වන සංශෝධනයෙන් ලැබූ ජයග්‍රහණය 18 වන සංශෝධනයෙන් නිශේධ කිරීම, 2/3 ක් නැති පාර්ලිමේන්තුවක 2/3ක් ලබා ගෙන නොයෙකුත් ක්‍රම වලින් බලපෑම් කරලා නොයෙකුත් දේශපාලන අල්ලස් වලින් 2/3 ලබාගෙන වෙනස් කරපුවා. ඒවා තමයි ඔවුන්ගේ වාර්තාවන්. අද මට පේන හැටියට අධිකාරිවාදී පාලනයක අනතුරක් තියෙනවා .ඒ බව වර්තමාන පාලකයන් බොහෝ දෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා කියල මම හිතන්නේ නෑ .අනතුර වැලැක්විය හැක්කේ කෙසේද ? මං හිතන්නේ ප්‍රථම වගකීම තියෙන්නේ වර්තමාන පාලකයන්ට. මොකද ඔවුන් විශාල බලාපොරොත්තු ජනතාවට දීලා තමයි බලයට පත්වුණේ . ජනවාරි 8 ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කළොත් පමණයි මේක කරන්න පුළුවන් .අපි වගකීම ඉටුකළ යුතුයි කියල බල කල යුතුයි.
නමුත් මොනවද නායකයෝ කරන්නේ. නැතැයි කිය කිය ජනාධිපතිවරණයට සුදානම් සිදු කරන්නේ. අපේක්ෂකයෝ තෝරනවා නැත්නම් එකට සුදානම් වෙනවා. දේශපාලන නායකයන් එක කරන්නේ නැති නම් ජනතාව නිකන් බලා නොසිටිය යුතුයි. ඔවුන් සංවිධානය විය යුතුයි. එදා සෝභිත හාමුදුරුවෝ මෙන් පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම අද අවශ්‍යවී තිබෙනවා. අද අපට සෝභිත හාමුදුරුවෝ නැ. නමුත් සෝභිත හාමුදුරුවෝ කියාදුන්දේ මතකයේ තිබෙනවා. අද අපේ යුතුකම වන්නේ සෝභිත හාමුදුරුවන්ට කරන විශාලම ගෞරවය වන්නේ දිනාගත් ජයග්‍රහණය ආරක්ෂා කිරීමයි
