නව බදු පනත ගැන ඇත්ත මෙන්න

නව ආදායම් බදු පනත මගින් මෙතෙක් බදු ගෙවන ලක්ෂ පහකට වැඩි පිරිසක් බද්දෙන් නිදහස් වන බව මුදල් අමාත්‍යාංශය කියයි. බදු ගෙවිය යුතු මාසික ආදායම මාසිකව රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම නිසා එම තත්ත්වය උදාවී තිබේ.

එමෙන්ම විදේශ සේවා නියුක්තිකයන්ට, විශ්‍රාමිකයන්ට හෝ මරණාධාර හා සුභසාධක සමිතිවලට බදු පවවා නැති බව ද එම සියල්ල බොරු ප්‍රකාශ බවද අමාත්‍යාංශය කියයි.

ජ්‍යේෂඨ පුරවැසියන්ගේ ගිණුම්වලින් රඳවා ගැනීමේ බදු අය කරනු ලබන්නේ වාර්ෂික පොලී ආදායම ලක්ෂ 20 ඉක්ම වූ විට පමණකි. එනම් කෝටි දෙකකට වැඩි තැන්පතු සදහා පමණකි. තමන්ගේ අර්ථ සාධක අරමුදලේ රුපියල් ලක්ෂ පනහක් හැටක් තැන්පතු තබාගෙන පොලී ආදායමෙන් ජීවත්වන කිසිවකුට කිසිදු බද්දක් ගෙවීමට සිදුවන්නේ නැත.

සාමාන්‍යයක් වශයෙන් ගත්විට මෙම බදු පනත මගින් අඩු ආදායම් ලාභින් හා සාමාන්‍ය ජනතාව බද්දෙන් නිදහස් කොට බදු ගෙවිය හැකි ඉහළ ආදායම් ලාභීන් බදු දැලට කොටුකර ගැනීමට කටයුතු කොට ඇත.

වාහන විකිණීමේ දී ප්‍රාග්ධන බදු ගෙවීමක් ද නැත. තනි නිවසක් විකිණීමේ දී ද එම බද්ද ආදාළ නොවේ. බද්ද අදාළ වන්නේ නිවාස ව්‍යාපාරිකයන්ට පමණකි.

විචාරකයන් කියන්නේ මෙය රටට ඉතාම හිතකර බදු පනතක් බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *