බදුල්ලේ මහමැටි කතා වස්තුව

බදුල්ලේ මහමැටි තුමාට එදා උදේ පාන්දරින්ම දුරකථනයෙන් කතා කළේ කොළඹ නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික පන්ති පවත්වන ආයතනයක කළමණාකාර වරයෙකි. ඔහු මැහමැටියාගෙන් ඇසුවේ දණගැස්සවීමේ විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කරන්නට අදහසක් ඇති නිසා පන්ති පවත්වන්නට එන්න බැරිද කියාය.

පන්තිය පැවැත්විය යුත්තේ දිනපතාද සතිපතාද කියා එවිට මහමැටියා ඇසුවේ, පන්ති පවත්වන්න ඕනෑකම නිසා නොවේ. පත්තුවෙමින් යන ගින්නේ තරම අවබෝධ වෙමින් තිබුණු නිසා දින කීපයකටවත් පළාතෙන් චුත වී ඉන්නට හැකිනම් හොඳයි කියා යටි සිතින් සිතූ නිසාය.

ටියුෂන් කළමනාකාර එවිට කීවේ කරනවා නම් පන්තිය දිනපතා කළ යුතුයි කියාය. විදුහල්පති නෝනලා දණගස්සවන්නා සේ ඉඳහිට වතාවක් දණගැස්වීමෙන් ඩිප්ලෝමා කළ නොහැකිය කියාය.

එවිට මහමැටියා කීවේ, අපොයි අමාරුයි, නිතරදෙවේලෙ කොළඹ එන්න ගියොත් කවර මුනියකුගෙද වගේ මගෙත් බෙල්ලේ පොට යන්න පුළුවන් කියාය.

ටියුෂන් කළමනාකරු එවිට ඇසුවේ විදුහල්පතිවරිය දණගැස්සුවේ ඉස්කෝලේ ගිය දවස්වල දිගටම හිටියේ දණගසාගෙන නිසා ගුරුවරුන්ගෙන් පළිගන්නට යැයි කීවේ අත්තක්ද කියාය.

එවිට මහ මැටියා කීවේ, ඒක බොරුවක්, මම දණගහන්නත් එතරම් දවසක් ඉස්කොලයකට ගියේ නැහැයි කියාය.

ජෝසප් ස්ටාලින් ක්‍රිස්තියානි අන්තවාදියෙක් කියා දැනගත්තේ කොහොමදැයි ටියුෂන් කළමනාකරු ඇසුවේ, ඔහු දන්නා ජෝසප් ස්ටාලින්ලා දෙන්නම එනම්, රුසියාවේ ජෝසප් ස්ටාලින් සහ ගරු සංගමයේ ජෝසප් ස්ටාලින් මාක්ස්වාදින් මිස ක්‍රිස්තියානි අන්තවාදින් නොවන බැවින් ය. මහ මැටියා කීවේ වෙනත් ජෝසප් ස්ටාලින් කෙනෙක් ගැනවත්දැයි නොදන්න නිසාය.

අමුතුවෙන් දැනගන්න දෙයක් නැහැ. ස්ට්‍රයික් කරන්නේ උද්ඝෝෂණ කරන්නේ අර කාල මාක්ස් ද බාග මාක්ස් ද කියන ක්‍රිස්තියානි අස්දවාදියාගේ ගෝලයන්ය. කියා එවිට මහ මැටියා කීවේය.

කාල් මාක්ස්වත් බාග මාක්ස්වත් නොමේ එයා මාක්ස් වාදයේ පියා කාල් මාක්ස්, කියා ටියුෂන් කළමනාකරු කියාදුන් විට මහ මැටියා කීවේ, අනේ මචං මම දන්නේ කාල බැග ගැන විතරයි කියාය. එවත් ගල් කාල්, ගල් බාග නිසා මම හිතුවෙ කාලෙ මාක්ස් වෙන්න ඇති කියාය.

සිද්ධියේ උණුසුම දැනෙනත් කලින් ප්‍රින්සිපල් දණගැස්සූ කතාව බොරුවක් කියල ඔබතුමා වෙනුවෙන් ඉදිරිපත් වූ සෙට් එක කාගෙ කවුද කියා ටියුෂන් කළමනාකරු ඇසූවිට මහ මහමැටියා කීවේ, උන් මගේ ළඟ හැමදාම දණගහගෙන කටුකන සෙටි එකක සමාජිකයන් කියාය.

ඉස්කොලෙකට ළමයින් දාන ඉල්ලුම්පත්‍ර කඩවල ගන්න තියෙද්දි මහමැටිතුමා ලියුමක් යවල මැටි වැඩක් කරගත්තෙ ඇයි කියා ටියුෂන් කළමණාකරු ඇසූ විට මහමැටියා කීවේ, ඒක පුංචිම පුංචි ලියුම් කෑල්ලක්. පුංචි ලියුම් කෑල්ලක් විදුහල්පතිනියකට යැවීම මහ වරදක් වෙන්නෙ කොහොමදැයි මට තේරෙන්නේ නැහැ කියාය.

ඊළඟට මහමැටියාට දුරකථන ඇමතුම ආවේ කැළණියේ හිටපු ආචාර්ය දුටුගැමුණු ගෙනි. ඔහුගේ කටහඬ ඇසුණු විගස මහමැටියා කීවේ, අහෝ දුකකි! තිතකි ඉරකි, බොගෙ තියරිය අනුගමනය කරන්න ගිහිං මගේ අධ්‍යාපන ඇමතිකමටත් කෙළවුණා ආචාර්ය මස්සිනේ කියාය.

‘උඹ කෝකට ද ඩෝ මගේ තියරිය කියන්නේ? මගේ තියරිය අනුගමනය කරපු එකෙකුටවත් තාම වැරදිලා නැහැ. බලපං ඇසිල් බැසිල් ඉන්න අපූරුව. ඒත් බැරිනම් අපේ පුතාට කතාකරල දැනගනින්, කියාය.

නෑ මචං මම හිතුවෙ උඹේ ගස් බැඳිල්ල වගේ මේ වැඳිල්ලත් හෙමින් ලිස්සලා යවා ගන්න පුළුවන් වෙයි, කියා යැයි මහමැටියා කීවේ, ආචාර්ය දුටුගැමුණුට හීනියට මල පැනගෙන එන බව වැටහුණු නිසාය.

යකෝ, ස්වෙච්චාවෙන් ගස් බැඳගැනිල්ලයි, ස්වේච්චාවෙන් දණ ගැසීමයි අතර පැහැදිලි වෙනසක් බරපතල පරතරයක් තියෙනවා. උඹට තේරෙන්නෙ නැද්දැයි ඇසූ දුටු ගැමුණු කීවේ, සමෘද්ධියයි අධ්‍යාපනයයි අතර වෙනසවත් උඹලට තේරෙන් නැති එකයි මූලික වැරැද්ද කියාය.

ඇත්තම කියනවනම් මචං අධ්‍යාපනය ගැන තේරෙන්න මම ඉස්කෝලේ ගියේ නැහැ. කෝච්චියේ යන කාලෙ මට සමෘද්ධියක් තිබුණෙත් නැහැ කියා ය. එවිට මහ මැටියා කීවේ ශෝකයෙන් යුතුවය.

උඹට ඇත්තටම තිබුණෙ ගස් බැඳිල්ලක් ගැන හිතන්න. එහෙම උනානම් කැමැත්තෙන් බැඳගත්ත කියල යසට ඔප්පු කරන්න තිබුණය කියා දුටුගැමුණු කීවේය.

එහෙම කියන්නත් එපා මචෝ, විදුහල්පති නෝනත් ස්වේච්චාවෙන් දණගැහුවා කියල පස්සෙ වචනෙ වෙනස් කළා. මහ මැටියා ‍කීවේය. ගුරුවරු වෙලත් එවැනි දෙපිටකාට්ටු කතා කියයි කියා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. ඔහු කීවේය.

මහ මැටියාට ඊළඟ දුරකථන ඇමතුම ආවේ සාටක රජතුමාගෙනි. රජා ගත්කටටම කීවේ, කොල්ලා, දැන් ඉතිං බොටත් සාටකේ එල්ලෙන්න කාලේ හරි කියාය.

සෑර් ඔය හදන්නෙ මගේ ඉතුරු පට්ටමත් ගලවන්න තමයි කියා මහමැටියා කියූවිට සාටක කීවේ, මට ගලවන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. ඔය යන විදිහට පුලතිසි නැත්නම් උසාවියෙන් ගලවලා දමයි කියාය.

ඒක නෙමෙයි කොල්ලෝ, උඹ වැඩේ කළේ කිරිගහට ඇන්න වගේ වැඩ කරන වෙලාවකය කියා සාටක කියූ විට මහමැටියා කීවේ, මට තේරුණේ නැහැ කියාය.

උඹට මතක නැද්ද මගෙ කාලෙත් ඔය වගේම කටයුත්තක් වුණා? සාටක ඇසුවේය.

එවිට මහමැටියා කීවේ, ඒ වගේ සිල්ලර වැඩ වලට මගේ උතුම් කටයුත්ත සමාන කරන්න එපා. ඒ දණගැස්සුවේ නිකම්ම ටීචර් කෙනෙක් මම දණගැස්සුවේ විදුහල්පතිනියක්, කියාය.

ඒ මොක වුණත් උඹ තෝරගත්තු දවස මරේ මරු කොල්ලෝ, කියා සාටක කීවේය. එවිට මහ මැටියා ඇසුවේ සෑර්, එහෙම කියන්නේ කුමක් නිසාද? කියාය.

ඇයි යකෝ, පුලතිසි ටීචර් දණගස්සපු එකාගෙ ගමේ ගිහිං ඌට නොමිනේෂනුත් දීලා රැස්වීම අමතනවා. තෝ මෙහේ ප්‍රින්සිපල් කෙනෙක් දණගස්සනවා. සුපිරි සිද්ධියක් නේ, කියාය. එවිට මහ මැටියා කීවේ ගණං ගන්න එපා සෑර් මොක වුණත් අපි සර්ලාගෙ කාලෙ හැදිච්ච එවුන්නේ කියාය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *