ජනපතිගේ අභියෝගය රනිල් භාරගනී – පාර්ලිමේන්තුව 8 දා කැදවයි
ශන සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳ විවාදයක් සඳහා ලබන මස (පෙබරවාරි) 8 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන්න‘යි තමන් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.ඒ පිළිබද නිල ලිපිය හෙට (29) යවන බවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත .හැකිනම් 10 දාට පෙර පාර්ලිමේන්තුව කැදවා බැදුම්කර වාර්තාව හා අනෙක් වාර්තා සාකච්චාවට ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා අභියෝග කළේය , දැන් රනිල් වික්‍රමසිංහ මහතා එම අභියෝගය භාරගෙන ඇත .
