වෙනස ඉදිරියට ගෙනයෑමට දුන් ඡන්දයක්
පසුගිය මැතිවරණයේ වැදගත් දේශපාලන හේතු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න මේ වසරේ ජනවාරි 08වෙනිදා පැවති ජනපතිවරණයත් සමඟ ආරම්භ වූ අසම්පුර්ණ දේශපාලන වෙනස සම්පූර්ණ කිරීමට ඡන්දදායකයින් බහුතරයකගේ අනුමැතිය ලැබීම ය. අගමැති ලෙස නැවත පැමිණිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැරූ තැත ව්‍යාර්ථවීම අඩු වැදගත්කමක් නොදැරීම දෙවැන්න ය.
2016 අප්‍රේල් වනතුරු පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට හැකියාව තිබුණේ වී නමුත් සමහර ආවේනික හේතූන් යටතේ ජූනි 27 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. ධූරය භාරගැනීමෙන් දින 100ට පසු නව පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට ජනපතිවරණ ව්‍යපාරය තුළ දී ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ සභාගය පොරෙන්දු වී තිබුණි. එසේ වුව ද ව්‍යවස්ථාදායකයේ 225ක් වූ සාමාජිකයින්ගෙන් 65ක පමණ සමාජිකයින්ගෙන් සමන්විත නව සුළුතර සභාගයක් පැවතියේ ය.
කෙසේ නමුත් අවසානයේ නව පාර්ලිමේන්තුවේ 113 අවම බහුතරයක් සමන්විත නොවන ආසන සංඛ්‍යාවක් එක්සත් ජාතික පෙරමුණට දැන් ලැබී ඇත. බොහෝ විශ්ලේෂකයින් විසින් මෙවැනි තත්ත්වයක් පුරෝකථනයකර තිබුණි. 2/3ට ආසන දෙකක් පමණක් අඩු ව ජයගත් 2010 රාජපක්ෂ මෙහෙය වූ පොදු පෙරමුණු සභාගය හැරෙන්නට රටේ දේශපාලන බලවේගයන්ගේ වර්තමාන තුලනයේ හා පවතින සමානුපාතික ක්‍රමය යටතේ කිසිම පක්ෂයකට හෝ සභාගයකට බහුතරයක් ලබාගත නොහැක. එය දෙමළ විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය ජයගැනීම හේතු කොටගෙන රාජපක්ෂගේ ආණ්ඩුව ජයගත් අසාමාන්‍ය තත්ත්වයක් ලෙෂ සැළකිය හැක.
දේශපාලන ස්ථාවරත්වය
අඟහරුවාදා ප්‍රතිඵලයෙන් පෙන්නුම් කළ පරිදි පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ මැතිවරණ දේශපාලනය සමාන්‍ය තත්ත්වයට පත්කිරීමට සමත් වු බවක් නොපෙනේ. රාජපක්ෂ විසින් මෙහෙය වූ පොදු පෙරමුණ අනුයමින් තවමත් අඩු බහුතර, වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවකින් එජාප සභාගය මේ වන විට ලබාගෙන තිබේ. ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරයත් සමග උතුරු- නැගෙනහිර නියෝජනය කරන ප්‍රධාන දෙමළ පක්ෂය ආසන 14ක් දිනාගෙන ඇත. කෙසේ නමුත් දෙමළ සන්ධානය සභාගයට එක් නොවී පිටතින් සිට ආණ්ඩුවට සහයෝගය දියහැක. පශ්චාත් මැතිවරණ සභාග ක්‍රියාකාරිත්වය තුළ නිහඩව සිටිමින් ජනතා විමුක්ති පෙරමුණ ද දෙමළ සන්ධානය අනුයනු ඇතියි සිතිය හැක. අවම මට්ටමේ දුසිමකටවත් නව ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා කිරීමට ජනාධිපති සිරිසේනට සහ අගමැති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වනු ඇත. පසුගිය මාස කිහිපය පුරාවට සිරිසේන මහතා සහ රනිල් යන දෙදෙනාම වර්ධනය කරන ලද ජාතික ආණ්ඩු සංකල්පය ද ඉදිරිපත්කර ඇත. නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පරිසමාප්ත කරගැනීමට අවශ්‍යකරන පිල් මාරුකිරීමට දේශපාලන ආරක්ෂාව ද සැළසී තිබේ. බහුතරයක් ලබාගැනීමට රාජපක්ෂ සභාගය අසමත් වූයේ ඇයි ද සහ එජාප සභාගය ඉහළම ආසන සංඛ්‍යාවක් ලබාගනීමට අසමත්වූයේ ඇයි ද යන ප්රශ්නය ශ්‍රි ලංකාවේ පවතින දේශපාලන ප්රවනතාවය තේරුම් ගැනීමට උපකාරිවේ. සත්මසක් ඇවෑමෙන් රාජපක්ෂගේ දෙවැනි පරාජයට මේ සාධක දෙකම දායක වී තිබේ. පළමු වැන්න ජනවාරි පරාජයේ පාඩම ඉගෙනගැනීමට රාජපක්ෂ කඳවුර අසමත් වීම සහ රාජපක්ෂගේ පුදගල මැතිවරණ ආයාචනයේ නාය එම ක යෑම දෙවැන්න ය.
සුළුතර පරාරෝපණය
වාර්ගික සහ ආගමික සුළුතරය සහ හිටපු ජනාධිපතිවරයා අතර වූ විශ්වාසයේ හිඩස මකාදැමීමේ අවශ්‍යතාව වු, ජනවාරි 8 පරාජයේ එක් තීරණාත්මක පාඩමක් රාජපක්ෂ කඳවුර ඉගෙනගත යුතුව තිබුණි. ජනවාරි 8 වෙනිදා පරාජයෙන් පසුව ද සිංහළ බහුතර දිස්ත්‍රික්ක වලින් මුළු ඡන්ද වලින් ඉහළම ප්‍රමාණය ලබාගත්තේ වි නමුත් සුළු ජනකොටස් ප්‍රධාන වන මැතිවරණ කොට්ඨාශවල සහයෝගයක් රාජපක්ෂට නොලැබුණි. අනික් අතට ජනපතිවරණයේ දී ද විශේෂයෙන්ම උතුරු- නැගෙනහිර පලාතෙන් සහ රට පුරා වෙසෙන වාර්ගික හා සුළු ආගමික ඡන්දදායකයින් රාජපක්ෂ මහතාගේ විරුද්ධවාදියා වූ සිරිසේන මහතාට සහයෝගය ලබාදුන් හ. සුළුතර ජනකොටස් ආමන්ත්‍රණය කිරීමේ වැදගත් අවශ්‍යතාවය රාජපක්ෂගේ දේශපාලන කළමණාකරුවන් දුටුවේ නැත. දේශප්‍රේමි සහ ජාතික ආරක්ෂාවේ භාෂාවෙන් ජාතිවාදි පදනමක සිට සැරසු සිංහළ බෞද්ධ ඡන්දවලට ඇමතීම ඔවුන්ගේ මූලික පාර්ලිමේන්තු මැතිවරණ උපාය විය. තනිකර සිංහළ ඡන්ද වලින් ඉහළම පාර්ලිමේන්තු ආසන ලබාගෙන, රාජපක්ෂ අතීතයේ දී කළ පරිදි එක්සත් ජාතික පක්ෂයෙන් බිලිබාගෙන පක්ෂය ශක්තිමත් කරගැනීමට ඔවුන් ගණන් බැළි ය. මේ අනුව අවසාන සති දෙකේ දී රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය විසින් ජාතිවාදය උත්සන්න කෙරීමෙන් ඒ බව පැහැදිළි වේ. ජනවාරියට වඩා වාර්ගික සහ සුළු ආගමික ජනතාවගේ තැති ගැන්ම මේ මැතිවරණයේ දී පොදු ජන සන්ධානයට අවාසිදායක ලෙස බලපෑවේ ය.
රාජපක්ෂගේ පුද්ගල ආයාචනයන් ගේ බිඳවැටීමේ සාධකය ද සන්ධාන කඳවුරේ කළමණාකරුවන් දුටුවේ නැත. ජනවාරි ජනාධිපතිවරණයේ පසුබෑමෙන් පසුව ඔහුගේ ජනප්‍රියතාවය තිබුණේ තනිකරම සිංහළ ඡන්දදායකයින් මත ය. දේශපාලන න්‍යාය පත්රයකට අනුව වූවත් සිරිසේන- වික්‍රමසිංහ පරිපාලනය දියත් කළ බලය අවභාවිතය, දූෂණය, මිණිමැරුම් චෝදනා දේශපාලන වීරයෙකු ලෙස තිබූ රාජපක්ෂගේ ප්‍රතිරූපයට බරපතල ලෙස හානි කළේ ය. මැතිවරණ ව්‍යාපාරය තුළම තවදුරටත් පහසුවෙන් අලෙවි කළ නොහැකි භාණ්ඩයක් බවට රාජපක්ෂ පත් වී තිබුණි. අගමැති අපේෂකයා ලෙස තවදුරටත් ඔහුව ඔසවා තබන්නට සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට හැකිවූයේ නැත.
සන්ධානය ඉතා පහසුවෙන් ජයගත් දිස්ත්‍රික්ක වල පවා මේ අසමත්කම ඉතා පැහැදිළි ය. බොහො දිස්ත්‍රික්කවල සන්ධානයේ ඡන්ද අඩු වී සහ එක්සත් ජාතික පක්ෂය දෙසට මාරු වී තිබේ. මාස හතකට පෙර ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ ලබාගත් දස ලක්ෂ 5.75 ඡන්ද ප්‍රමාණයෙන් මෙවර පොදුජන සන්ධානය ලබාගත්තේ දස ලක්ෂ 4.73ට වඩා වැඩි සුළු ප්රමාණයකි.
සන්ධානයේ අවුල
මේ අතර මැතිවරණ ඉරණම කෙරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ පාලනය පිණිස ජනාධිපති සිරිසේන හා රාජපක්ෂ අතර ඇති බල අරගලය ද බලපෑවේ ය. ජනවාරියේ දි නායකයා බවට පත් වූ සිරිසේන මහතා පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාව අගමැති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්කරවා ගැනීමට සිරිසේන මහතාට එල්ල කළ පීඩනයත් සමග මේ බල අරගලය ඇරඹුණි. සිරිසේන මහතාගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය රාජපක්ෂ මහතා විසින් ව්‍යාර්ථ කිරීමට දැරුණු උත්සාහයත් සමග ම දෙදෙනා අතර පැවති දේශපාලන සහ පොද්ගලික සබඳතාවය දැඩි ලෙස පළුදු විය. පොදු ජන සන්ධානය බහුතර ආසන සංඛ්‍යාවක් ජයගත්තා වුව ද රාජපක්ෂ අග මැති ලෙස පත් නොකරන බව සිරිසේන මහතා මැතිවරණ ව්‍යාපාරය උත්සන්න මොහොතේ දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. මැතිවරණයට දින දෙකක් තිබිය දී රාජපක්ෂට පක්ෂපාති ලේකම්වරු දෙදෙනා ඉවත් කරන ලදි. රාජපක්ෂ කඳවුර තුළ බලාපොරොත්තු නොවූ අර්බුධයක් මේ සිදුවීමෙන් පසු නිර්මාණය වුණි. මේ සිදු වීම, ඉතාම කිට්ටු ආධාරකරුවන් අධෛර්යට පත් කළා පමණක් නොව අනුගාමිකයින් මැතිවරණ දිනයේ දී ගෙවල්වල නතර කිරීමට හේතු වූවාට සැක නැත.
මේ වන විට සන්ධානය ආසන 93ක් දිනාගෙන තිබේ. මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ උනන්දු කරන යහපාලන ආණ්ඩුවකට ශක්තිමත් විපක්ෂයක් තිබීම නරක නැත. කෙසේ නමුත් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්නට ඔවුනට උවමණා නම් සන්ධානයේ 2/3 අනුමැතිය සඳහා සන්ධානයේ සහාය ගැනීමට අවශ්‍ය ය. පසුගිය කාලයේ මෙන් සතුරු දේශපාලන කඳවුරු දෙකේ දේශපාලන ආකල්ප තවදුරටත් සතුරුව පවතින්නේ නම් ප්‍රතිසංස්කරණ න්යායපත්රය අනතුරට ලක්වනු ඇත.
තව සති කිහිපයකින්, එනම් සැප්තැම්බර් මාසයේ පැමිණිමට නියමිත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යුධ අපරාධ පිලිබඳ යෝජනා සම්බන්ධ අභියෝගයට නව ආණ්ඩුවට මුහුණදීමට සිදුවී තිබේ. මානව හිමිකම් කවුන්සිලය සහ ආණ්ඩුව යම් සහයෝගි පිළිවෙතකට ගමන් කළ හැකි නමුත් දේශිය හා විදේශීය දෙමළ ක්‍රියාකාරීන්ගේ ඇවිස්සීම අනතුරකි. ඵලදායි බලය බෙදීමක් සඳහා වන දිසානතිය පිළිබඳ දේශපාලන විවාදය ඉක්මණින්ම පැමිණෙනු ඇත. මැතිවරණ ව්‍යාපාරය තුළ ෆෙඩරල් රාමුවක දේශපාලන විසඳුමක් පිළිබඳව සභාගයේ පාර්ශවකරුවෝ සාකච්ඡාවට නොගත් හ. දේශපාලන ප්‍රතිසංස්කරණ සහ සංහිඳියාවේ න්‍යය පත්‍රය ආණ්ඩුව ක්‍රියාවට නොනගන්නේ නම් මැතිවරණ ජයග්‍රහණයේ ප්රබෝධය එසේ තිබිය දී, උතුරු පලාතේ දේශපාලනයේ නව රිඩිකල් වීම තුළ දෙමළ සන්ධානයට ආණුඩුවට එළිපිට සහය දීම අසීරුවනු ඇත.
2015 අගොස්තු 15 ද හින්දු පුවත්පතේ පල වූ ලිපියක අනුවාදයකි.
ග
