මහින්ද කරපු දේවල් අද පාරාවළල්ලක් වෙලා – ප්‍රවීන සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර
ජනතා විමුක්ති පෙරමුණ ගැන අද හැමෝම කතා කරනවා. ජනතා විමුක්ති පෙරමුණ තමයි ගැලවුම්කරයා කියලා හිතනවා. මේක මේ යුගයේ විතරක් නෙමෙයි වරින්වර මතුවෙමින් යටයමින් පවතින තත්ත්වයක් නේද?
ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුවත් එක්ක ඇතිකරගත්තා වූ එක`ගතාවය මත කෙරුණු මැතිවරණයේ දී ඔවුන්ට සැලකියයුතු ආසන ප්‍රමාණයක් ලැබුණා. නමුත් තනි පක්ෂයක් විදිහට මෙවැනි ප්‍රසාදයක් මැතිවරණ ක්ෂේත්රයේ ඇති වූ ප්‍රථම අවස්ථාව මෙවර මැතිවරණය ලෙසයි මම දකින්නේ.
ඔබ පුරවැසිබලය වේදීකාවේ නිරන්තරයෙන් දැකපු කෙනෙක්. නමුත් මේ දිනවල නිහඬයි. ඇයි ඒ?
ඒකට හේතුව මගේ අසනීප තත්ත්වය මිසක් වෙන හේතුවක් නෙමෙයි.
ඔබ, දීපානි සිල්වා. ලක්ෂ්මන් විජේසේකර වැනි පුරවැසිබලය වේදිකාවේ සිටිය කලාකරුවන් පසුගිය දිනක පැවති මාධ්‍ය සාකච්ඡුාවක දී කෙළින්ම පවසනවා ජනතා විමුක්ති පෙරමුණට ඡුන්දය දෙන්න කියලා.
එතනදී වෙනසක් තිබුණා. ඒ පුවත්පත් සාකච්ඡුාව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරපු පුවත්පත් සාකච්ඡුාවක්. ඒකට සහභාගී වූ අනිකුත් කලාකරුවෝ ජනතා විමුක්ති පෙරමුණ ට සහයෝගය දියයුතු යන අදහසේ තමයි හිටියේ. මට ඒ පුවත්පත් සාකච්ඡුාවට ආරාධනා කරපුවෙලාවේ මම ඒ ගොල්ලන්ට කිව්වා මේ අවස්ථාවේ අවස්ථාවේ මගේ ආකල්පය මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ කණ්ඩායමට ඉඩක් නොදීම කියලා. ඒක අවධාරණය කරන එක තමයි මගේ බලාපොරොත්තුව වුණේ. මම සහභාගි වෙන්නේ ඒක අවධාරණය කරන කියලයි මම ඔවුන්ට කිව්වේ. ඒ අනුව එතන අනික් අය කරපු මැදිහත්වීම් වලට අනුව, මගේ මැදිහත්වීම වෙනස්. එතන හිටපු ලක්ෂ්මන් විජේසේකර, දීපානි සිල්වා ඇතුළු ඒ ගොල්ල ඍජු ලෙසම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ ට ඡුන්දය දෙන්න කියලා.
ඔබ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට මේ අවස්ථාවේ දී ඡුන්දය නොදියයුතුයි කියලද?
මගේ අදහස, පළමුකාර්යය වියයුත්තේ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස පැරද්දවිය යුතුයි කියන එකයි. ඒක කළ හැක්කේ එක්සත් ජාතික පෙරමුණටයි. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව වැඩි කිරීමට සහයෝගය දුන්නට කමක් නෑ කියල මම හිතනව.
දීපානි සිල්වා, ලක්ෂ්මන් විජේසේකර ඇතුළු කණ්ඩායම මෑතක් වන තුරුම පුරවැසි බලය තුළින් කිව්වේ මහින්ද රාජපක්ෂ පැරැුද්දවිය යුතුයි, ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණ බලයට පත්කළ යුතුයි කියන ස්ථාවරයේ නේද?
මෑතක් වනතුරුම ලක්ෂ්මන් හා දීපානි හිටියේ ඔබ කියපු ස්ථාවරයේ තමයි. එයාලාගෙ ස්ථාවරයේ වෙනසක් දකින්න තියනවා. ඒක එයාලගෙ තීරණය. තමන්ගේ මතය අනුව ක්රියාකාරන්න, තම මතය ප්‍රකාශ කරන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනව.
ජනතා විමුක්ති පෙරමුණ පෙරමුණ මේ ආකර්ෂණය ඇති කරගන්නේ කොහොමද?
මේ අවස්ථාවේදී පක්ෂ තුනම ඉදිරිපත් කරපු වැඩ පිළිවෙල්වල තියෙන්නේ පොරොන්දු. එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජාතික සංධානයේ වඩාත් තියෙන්නේ පොරොන්දු. වැඩපිළිවෙලක් නෑ. ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතෙ බලය ඉල්ලන්නෙ නෑ. ඊළ`ග මැතිවරණයේදී තමයි එයාලා කෙළින්ම බලය ඉල්ලීමේ සූදානමක් තියෙනව කියල පේන්නේ. මෙතනදි එයාලා රට ගොඩනැගීමේ වැඩපිළිවෙල කියල වැඩපිළිවෙලක් ඉදිරිපත් කරල තියෙනව. ඒක හු`ගක්ම හොඳයි සාපේක්ෂව අනිත් දෙකට වඩා. මම හිතන්නේ ඒක නිසා බොහෝ දෙනෙක් කෙළින්ම ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දෙන්න දැන් ඉදිරිපත් වෙලා තියෙනවා කියල.
ජනතා විමුක්ති පෙරමුණ බිහිවෙන්නේ සාම්ප්‍රදායික වමේ පක්ෂවල වාම නැඹුරුව මදි. විප්ලවීය ජවය මදි කියල. ජනතා විමුක්ති පෙරමුණේ අද තියෙන්නේ ඊට වෙනස් ප්‍රතිපත්ති. ඔවුන් දේශීය කෘෂිකර්ම ආර්ථිකය ගැන කතාකිරීම නවත්වලා තියෙනවා. ඔවුන් බලාපොරොත්තු තියන්නේ වෙළෙඳ පොළ ආර්ථිකය ගැන කියලා කියනව. එයාලා සුළු ධනේෂ්වර පක්ෂයක ස්වරූපය නේද ගන්නෙ?
‘‘අපි මින් ඉදිරියට කිසිවිටෙක ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් කෙරේ විශ්වාසය තබන්නෙ නෑ. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය අනුව තමයි අපි වැඩකරන්නෙ.’’ කියලා එයාලා කියනව. පාර්ලිමේන්තු ප්රාතන්ත්රවාදය තුළ වැඩ කරන්න එන පක්ෂයකට ඒ ගොල්ලන්ගෙ ආරම්භක ප්‍රතිපත්ති වෙනස් කරගන්න වෙනව. ඒ ගොල්ල දැන් කියන්නෙ නව සමාජවාදය කියන අදහස.
සමාජවාදය කියන එක ලෝක පරිමාණව බිඳවැටිල තියෙනව. අද සමාජවාදි කඳවුරේ රටවල් උපවා විවෘත ආර්ථිකයට ගිහිල්ලා, වෙළෙඳ ආර්ථිකයකට ගිහිල්ලා තියෙනව. මේ තත්ත්වයන් යටතේ මේ වගේ පුංචි රටක සමාජවාදය ජයගහණය කරන්න බෑ. ලෝකයත් එක්ක යන ගමනට සාපේක්ෂව ගමන් කරන්න ඕනැ කියන එක තමයි ඒ ගොල්ලන්ගෙ පැහැදිලි කිරීම. මම හිතන්නෙ ඒක නිවැරදියි. ට්‍රොස්කි කළේ මොකක්ද? ලෙනින් කළේ මොකක්ද කියල කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවට වඩා ලෝකය ගමන්කරන්නේ කොහොමද කියලා මැන බලලා වැඩ කරන එක තමයි වැදගත්. මම හිතනනේ ඒ ගත්ත නැඹුරුව හොඳයි. සන්නද්ධ ව්‍යාපරයට අද ලෝකෙ තැනක් නෑ කියල පැහැදිලිවම අනුර කුමාර දිසානායක කියනව.
මම ඒගොල්ලන්ගෙ විශේෂ සමුළුවත් ඇමතුවා. කලා කරුවන්ගෙ සුභපැතුම් පිරිනැමුවා. ඒ සමුලූවෙදිත් ඔවුන් ඒක පැහැදිලිවම කිව්වා. සන්නද්ධ ව්‍යාපාරවලට, සන්නද්ධ අරගලවලට අද ලෝකයේ තැනක් නෑ, ඒ නිසා අපි ලෝකය ගමන් කරන දිසාව දියා බලලා ප්‍රජාතන්ත්‍රවාදීව තමයි වැඩ කරන්න ඕනැ කියල.
පසුගිය මැතිවරණ ව්‍යාපරවලට වඩා මෙවර මැතිවරණ ව්‍යාපාරයේ වෙනසක් දකින්න තියෙනවද?
පැහැදිලි වෙනසක් තියෙනව. ඇත්තටම එක පැත්තකින් මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය ජනාධිපතිවරණයේ දී ඉතාම අනතුරුදායක තත්ත්වයක් යටතේ තමයි ඔහු ඔහුගේ බලය පාවිච්චි කෙරුවේ. යම් විදිහකින් මෛත්‍රීපාල සිරිසේන මහත්තය දිණුවෙ නැත්නම්, මැතිවරණ කොමසාරිස් වරයා ශාරීරිකව පවා විනාශ වෙන්න තිබුණා. ඒ අනතුර නොතකා ඔහු අවසාන කාලයේ දී ස්වාධීනව ක්රියාකාරන්න පටන් ගත්තා. ඒක ඉතාම ප්‍රධාන සාධයක් වුණා මෛත්‍රීපාල සිරිසේන මහත්තයට දිනන්න.
මෛත්‍රීපාල සිරිසේන මහත්තය ආවට පස්සෙ රට තුළ පැහැදිලිවම නිදහසක් තියෙනව. ඒක කාගෙ කාගෙත් ඇ`ගට දැනෙන නිදහසක්. ඉර්ෂ්යාකාරයො මොනව කිව්වත් අවංකව හිතන ඕන කෙනෙකුට එහෙම නිදහසක් තියෙන බව පේනවා. ඒ නිදහස ඇතුළෙ මැතිවරණ කොමසාරිස්වරයට තමන්ගෙ බලය උපරිම ලෙස පාවිච්චි කරන්න පුලූවන්. ඒක එක සාධකයක් මේ මැතිවරණය මේ විදිහට සිදුවීමට.
එහෙම නොතිබුණානම්, කටවුට් ගහගෙන, අල්ලස් දීගෙන, පෝස්ටර් ගහගෙන ජනතාවට එපාවෙන විදිහෙ මැතිවරණයක් කරනවා දකින්න පුළුවන්. කාලයක් තිස්සේ එහෙම මැතිවරණ තිබුණා. සමහර පිරිසකට ඕනැ පරණ විදිහටම මැතිවරණය කරන්න. ඒත් ඒක කරන්න බෑ. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයත් උපදෙස් දීලා තියෙනවා මැතිවරණ ව්‍යාපාරය නීත්‍යානුකූලව කරන්න කියල.
අද තාක්ෂණය ගොඩක් දියුණුයි. නිවසේ හෝ කාර්යාලයේ මේසය මත පරිගණකයකින් හෝ අතේ ගෙනයාහැකි ලැප් ටොප් හෝ ටැබ් වැනි උපකරණයකින්, ජංගම දුරකථනයකින් පවා අන්තර්ජාලයට පිවි සෙන්න පුළුවන්. අන්තර් ජාලය ඔස්සේ ලොවටම ආමන්ත්‍රණය කරන්න පුලූවන්. සෑම නිවසකම පාහේ රූපවාහිනී යන්ත්‍රයක් තියෙනව. ලංකීය ජනතාව රූපවාහිනියට තදින්ම ඇබ්බැහිවෙලා තියෙනව. ඒ වගේම පුවත් පතත් ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක්. මේ තාක්ෂණික මෙවලම් තුළින් ජනතාව ආමන්ත්‍රණය කරල මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ගෙනියන්න බැරිද? සෙන`ග බස්වලින් ගෙනල්ල, පිට්ටනි පුරවල, කටවුට් ගහල, පෙළපාලි ගිහිල්ල මැතිවරණය කරන්නෙ නැතුව?
විශාල වශයෙන් තාක්ෂණය දියුණුවෙලා තියෙනව. ඒව පාවිච්චි කරන්නත් පුළුවන්. දැනටත් ඒව පාවිච්චි කරනව. තාමත් ඈත පලාත්වල තාක්ෂණික මෙවලම් එතරම් භාවිතා වෙන්නේ නෑ. ඒ නිසා ප්‍රධාන රැුස්වීම් තැබීම අවශ්‍ය වෙනව. ඒක එතරම්ම ගැටළුවක් නෑ. ප්‍රධාන රැුස්වීම් තැබීමේ අවශ්‍යතාවය තියෙනව.
කටවුට් ගහනඒවා, පෝස්ටර් ගහන ඒවා, පෙළපාලියන ඒවා, රතිඤ්ඤා පත්තුකරකර ගම් හරහා යන ඒවා, බෙරගහගහ යන ඒවා, මෝලම් ගහගහ යන ඒවා වගේ දේවල් වැඩක් නැහැ. ඒ තරමට අපේ දේශපාලනය පිරිහිලා.
මේක කරන්න සිද්ද වෙන්නෙ දිනලා වැඩ නොකරන හින්දා. අවංකව වැඩකෙරුවනම් ප්රචාරක වැඩ නොකර ගෙදර හිටියත් ජනතාව ඡුන්දෙ දෙනවා.
බොහෝ දෙනෙක් දිනලා කරන්නේ අවුරුදු උත්සව තියන එක. දන්සැල් සංවිධානය කරනඑක, බයිසිකල් රේස් පවත්වන එක. සංගීත ප්‍රසංග පවත්වන එක. මේවද මන්ත්‍රීවරු කරන්න ඕනැ? මන්ත්‍රීවරු ඉන්නේ රටේ නීති රීති හදන්න. ඉදිරි වැඩපිළිවෙලවල් ගේන්න. සංවර්ධනය සඳහා දායක වෙන්න. දැන් ඔවුන්ට හිතුමතේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ යෙදෙන්න බෑ. දේශපාලන වශයෙන්, මැතිවරණ අතින් අන්තයට පිරිහිලා තිබුණ රටක්. හරිම පුදුමයි හය මාසයක පමණ කාලයක් ඇතුළත් මේ තත්ත්වයට ගොඩ ගන්න පුළුවන් වෙච්ච එක. ඇත්තටම හොඳ වෙනසක්.
ගොඩක් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු වලින් පිරිලා. ඊළ`ගට ප්‍රමුකත්වයක් දෙන්නේ ඔවුන් ලබාදෙන සහන ගැන කියන්න. ඒත් කිසිම මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයක කලාව, සාහිත්‍ය දියුණු කිරීමේ වැඩපිළිවෙලක් ගැන සඳහනක් වෙලා නෑ.
හැම ප්‍රකාශනයකම පොඩි වාක්‍යයක් දෙකක් දාලා තියෙනව. සාහිත්‍ය කලාව සම්බන්ධව. ඒකට හේතුව තමයි දේශපාලන පක්ෂ, දේශපාලන නායකයො රටක සංවර්ධනය කියල දන්නේ ගොඩනැගිලි හැදීම, පාරවල් හැදීම ගැන විතරයි. රටේ පුරවැසියන්ගේ ආධ්‍යාත්මික දියුණුව, එයාලා ආධ්‍යාත්මික වශයෙන් කොච්චර දියුණුද? රසාඥතාවය වශයෙන් කොච්චර දියුණුද? කියන කාරණා මේ සංවර්ධන මිම්මට වැටෙන්නෙ නෑ. හැම ආණ්ඩුවක්ම අඩුම මුදල වෙන්කරන්නෙ සංස්කෘතික අමාත්‍යංශයට. පත්වෙන ආණ්ඩුවෙන් දුර්වලම මිනිහ තමයි සංස්කෘතික ඇමති කරන්නෙ. ඒක හැම පක්ෂයක්ම මෙතෙක් කල් කරපු දෙයක්. රටක දියුණුව මනින්නෙ ආධ්‍යාත්මක දියුණුව මත, අධ්‍යාත්මික දියුණුව, සදාචාරත්මක දියිණුව ගොඩනැගෙන්නේ කලාව ඔස්සෙ.
හොඳ රසංඥතාවයක් තියෙන සමාජයක් නම්, මේ තරම් අපරාධ සිද්ධ වෙන්නෙ නෑ. බස් එකක යන්න නෑ දහජරා, කඨෝර සංගීතයක් කියල හිතන දෙයක් දාගෙන, රූපවාහිනී වැඩසටහනුත් එහෙමයි. මේ හැම නාලිකාවක්ම වෙනස් කරන්න අවශ්‍යයි. සංස්කෘතික වශයෙන් කිසිම යහපත් වෙනසක් මේවගෙන් වෙන්නේ නැහැ. ඒ නිසා ලොකු පෙරළියක් සංස්කෘතික ක්ෂේත්රයේ කරගත යුතුව තියෙනව. ඒක අපි දේශපාලඥයන්ට බාර දීලා, ප්‍රතිපත්ති ප්රකාශයනයන්ට බාරදීල හරියන්නෙ නෑ. ඒ සඳහා කලාකරුවො මැදිහත් වියයුතුයි.
ඇයි කලාකරුවන් එම මැදිහත් වීම කරන්නෙ නැත්තෙ?
ඒ වැඬේට කලාකරුවො ලෑස්ති වුනේ නෑ. කලාකරුවො තම තමන්ගේ ක්ෂේත්රවලදි මොන මොනවද කරෙන්න ඕනැ කියල කියන කාරණාවලදි ඉන්නේ පසුගාමී තත්ත්වයක. ඔවුන් හිතන්නේ තනතුරක් ගන්නේ කොහොමද? ගෙයක් ගන්නේ කොහොමද කියන එක ගැන. ඒ මිසක් මේ කලා ක්ෂේත්රය දියුණු කළ යුත්තේ කොහොමද කියන එක ගැන අදහසක් නෑ. එක්කෙනෙකුට දෙන්නෙකුට එහෙම අදහසක් තිබුණට බහුතර කලාකරුවන්ට ඒක නෑ. ඇත්තටම මීට පස්සෙවත් ඒ ගැන කතාකරන්න ඕනැ.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත්තය බලයට ගේන්න කලාකරුවො, පුරවැසි සංවිධාන ඉතාමත් කැපවීමෙන් ක්‍රියා කෙරුවා. එතුමා බලයට පත්වෙලා ඒ බලාපොරොත්තු ඉටුකෙරුවද? නැත්නම් බලාපොරොත්තු කඩකෙරුවද? ඔහු පිළිබඳව තවදුරටත් බලාපොරොත්තු තබාගන්න පුලූවන්ද?
ඒ ප්‍රශ්නයට පිළිතුර තරමක් දිගු එකක්. පැවති, පවතින තත්ත්වයන් විග්‍රහකරමින් දියයුතු පිළිතුරක්. පොදු අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර ගත්ත එක වැරදියි කියලා මම තමයි පළමුවෙන්ම කිව්වේ. පක්ෂ නායකත්වය බාරගන්න දවසෙම මම ලිව්වා ලිපියක් ‘මෛත්‍රී පාලනය බිඳදමන්න පක්ෂ උගුලක්’ කියල. එතන ඉඳල දිගටම මෛත්‍රී මේ පක්ෂයේ හා සන්ධානයේ සභාපති වීම කිසිසේත්ම නොකළයුතු දෙයක් කියල මම ලිපි ගණනාවක්ම ලිව්වා. මේ තත්ත්වය නරකයි කියල සිවිල් සමාජයේ බොහෝ දෙනෙක් වුණත් විශ්වාස කෙරුවෙ නෑ. ඔවුන් හිතුවේ උපායමාර්ගයක් ලෙස ඒක හොඳ දෙයක් කියල. පක්ෂය හසුරුවගන්න පුළුවන් කියල.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියල එකක් දැන් නෑ. දැන් තියෙන්නේ මහින්ද රාජපක්ෂ කියල පක්ෂයක්. ඒකේ සභපති වුණා කියල පක්ෂය වෙනස් කරන්න බෑ. ඒකෙන් වෙන්නෙ මෛත්‍රීගේ ප්‍රතිරූපය බිඳවැටීමක්. මම ලිව්වා ‘පක්ෂය ගොඩනගන්නට ගියොත් මෛත්‍රීගේ තත්ත්වය බිඳවැටේ’ කියල. ඒක තමයි සිද්ධ වුණේ.
මෛත්‍රි මහත්තය බලයට පත්වෙලා දවස් දෙකකින් මන්ත්‍රීවරු හතලිස් ගණනක් මෛත්‍රී පැත්තට ආවා. ඇවිල්ලා එයාලා පුවත්පත් සාකච්ඡුාවක් තියල කිව්වා ව්‍යවස්ථානුකූලව මෛත්‍රී මහත්තය අපේ පක්ෂයේ සභාපති කියල. ඒ වෙලාවෙම තමයි ‘අප්පච්චි මළා’ කියන කතාවත් කිව්වේ.
මහින්ද රාජපක්ෂ දැක්කා දැන් මේ පක්ෂයේ මිනිස්සු ගැලවි ගැලවි යනව. එකපාරට හතලිස් ගාණක් ගියා. හෙට අනිද්දා වෙනකොට අසූවක් විතර යනව. එතකොට මමත් එක්ක ඉතුරුවෙන්නේ දූෂිතයො ටික විතරයි. හැබැයි ආව අය අතරත් දූෂිතයො හිටිය. මහාපරිමාණ දූෂිතයො තමයි ඉතුරු වෙන්නෙ. එතකොට තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ පක්ෂ තහනම ඉවත් කෙරුවා කියල, පක්ෂ නායකත්වය එතුමට බාර දුන්නෙ. පැහැදිලිවම මෛත්‍රී ඒ උගුලෙ අහුවුණා. ඒක පැහැදිලි කාරණයක්. උගුලෙ අහුවෙලා එයා කල්පනා කරා මට මේක හසුරුවන්න පුළුවන් කියල. තුන්මාසයක්ම කාලය ගතකෙරුවේ ඒක වෙනුවෙන්. රටේ දූෂණ විරෝධි පරීක්ෂණ අඩාල වුණා. මෛත්‍රීපාල මහතාම කියන්න පටන් ගත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න ඕනෙ කියල. නිලධාරීන් ඒකෙන් මන්දෝත්සාහි වුණා. ආයෙත් බලයට එන්නේ මේ පිරිසම නම් ‘අපි පරීක්ෂණ කරන්න ගිහින් අමාරුවෙ වැටෙයි’ කියල ඔවුන් කල්පනා කෙරුවා. තව හය මාසෙකින් මහින්ද අගමැතිවෙන ආණ්ඩුවක් එනවනම් අපි තැලෙන්නෙ මොකටද කියල නිලධාරීන් මේක ටික ටික ප්‍රමාද කෙරුවා. රාජ්‍ය යන්ත්‍රය සම්පූර්ණයෙන් අඩාල වුණා. ජනතාව ඒක දැක්කේ පොරොන්දු ඉටු නොකිරීමක් ලෙස.
මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු වූ ඉතාමත් අහිතකර දෙයක්. ඔහු කරපු වරදක්. මේ මැතිවරණෙදිත් ඒ අවුල බලපෑව. මෛත්‍රීපාල සිරසේන මහත්තයට හිතවත් පිරිසකුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙ ඉන්නව. එයලට රැුස්වීම්වලට එන්න දෙන්නෑ. ආවත් හූ කියනව. එයාලට ඡුන්දෙ දෙන්න එපා කියල ප්‍රසිද්ධියෙම ඉල්ලා සිටිනව. මේ අවුල ඇති කෙරුවෙ මෛත්‍රීපාල මහතායි.
මුලින් තිබුණ තත්ත්වය යටතේ මෙහාට කැඩිල එන පිරිස මෙහාට එනව. එතුමා සුමාන දෙකක් නිහඬව හිටියනම් හරි. එහෙම නම් අසූවක් විතර මේ පැත්තට එනවා. එතකොට පනතක් සම්මත කරගන්න ඔච්චර මහන්සි වෙන්න ඕන නෑ. 19 වුණත් සංසෝධනය වුණේ ඒකෙ තත්ත්වය බාල කරලා, වෙනත් සංසෝධන ඇතුල් කරලා. ඒ තත්ත්වයට නොයායුතුව තිබුණා.
මහින්ද රාජපක්ෂ හැම කෙනාටම නිදහසේ හම්බ කරගන්න දුන්නා. ප්‍රාදේශීය සභාවේ ඉඳලා ඉහළට හැම කෙනාටම හම්බකරගන්න දුන්නා. එයත් කෝටි ප්‍රකෝටි ගණන් හම්බකර ගත්ත. එයාට පක්ෂපාත කරගන්න පුළුවන් නිලධාරීන්ටත් හම්බකරන්න දුන්නා. අපි හොඳයි කියල හිතපු ඇතැම් පළාත් සභා නියෝජිතයොත් කෝටි ගණන් හම්බකරල. දැන් මාලිගා හදනකොට තමයි ඒක දැනෙන්නේ.
පල්ලෙහා මට්ටමේ සාමාජිකයාගෙ හිඳලා හම්බ කෙරුවා. ගල් අල්ලන්න, වැලි සපයන්න, පිඩලි අල්ලන්න එයාලට අද කොන්ත්‍රාත් නෑ. අද එයාලට ගසා කන්න බෑ. එකයි මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ කෝ සංවර්ධනේ කියල? අද මිනිස්සුන්ට රස්සාව නෑ කියල. එයා හරහා එයාවත් බලාගෙන තමයි ඒ සංවර්ධයෙන් කෙරෙන්නේ. ඒකයි තත්ත්වය.
බණ්ඩාරනායකගෙ පක්ෂයක් අද ඇත්තේ නෑ. ඔය පක්ෂයේ දූෂිතයෝ අයින් කරල, කඩල හදන්න ඕනෙ. ඒක වෙන්න තිබුණ. ඒ දේට ඉඩ දුන්නේ නෑ. ඒක මුලූමනින් හසුරවන්න දැන් තිබෙන තත්ත්වයෙන් බෑ.
මහින්දගෙ යම් පිරිසක් පාර්ලිමේන්තුවට එනවා. එන්නේ දුෂිතයො ටික. මෙයාලා ආවම පාර්ලිමේන්තුවෙන් වැඩක් තියෙනවද? මෙයාලා කරන්නේ පසුගිය හය මාසේ පාර්ලිමේන්තුවෙ කරපු දේවල්ම තමයි. දූෂණ පරීක්ෂණ වලක්වාගන්න දන්න සියලූ දේවල් කරනව. මන්ත්‍රී වරප්‍රසාද ඒ වෙනුවෙන් පාවිච්චි කරනව. ඉදිරි අවුරුදු පහෙත් වෙන වැඩක් කරන්න හම්බවෙන එකක් නෑ.
දැන් පෙන්න් තියෙන විදිහට එක්සත් ජාතික පක්ෂය බලයට එන්න ඉඩ තියෙනව. එහෙම වුණොත් ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ. අගමැතිත් ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයේ. මේ දෙක ගැලපෙනවද? එය රටේ ඉදිරිගමනට බාධාවක්ද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සභාපති හැටියට එතුමා දිගටම ඒ තනතුරේ ඉන්නවනම් එයාට සිද්ධ වෙනව පක්යේ බලය තමාවෙත නතු කරනගන්න. සභාපතිට පක්ෂ ව්‍යවස්ථාවෙ විශාල බලයක් තියෙනව. අනිත් පක්ෂ වගේ නෙමෙයි, ඒ පක්ෂ ව්‍යවස්ථාව මහින්ද රාජපක්ෂ වෙනස්කරල තියෙනව, සභාපති වෙන පුද්ගලයාට සම්පූර්ණ නිෂේද බලය තියෙන විදිහට. එහෙම කෙරුවේ එයාට ඉන්න. හැබැයි එයාට බලයෙ ඉන්න හදපු හැම දෙයක්ම එයාට විරුද්ධව කැරකෙමින් තමයි තියෙන්නේ.
18 වෙනි සංශෝධණයෙන් එයාට අසීමිත බලයක් හදාගත්තා. 19 ඒක නැතිවුණා. 19 න් අගමැතිවරයාට දෙන්න ගිය බලතල කෑගහල නැවැත්තුවා. පක්ෂයේ සභාපති කම ගත්තේ, එයා පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කෙරුවා පක්ෂයේ කෙනෙක් ජනාධිපති වුණොත් එයා තමයි පක්ෂයේ සභාපති කියල. ඒක කෙරුවෙ චන්ද්‍රිකා එළවන්න. අද ඒකත් පාරා වළල්ලක් වෙලා.
මැතිවරණයෙන් පස්සේ මහින්ද පිලෙන් පිරිසක් පාර්ලිමේන්තුවට එනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කෙරේ ඉදිරියටත් විශ්වාසය තැබුවත්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ රට නිදහස් ප්රජාතන්ත්රවාදී රටක් කිරීමට දී ඇති ප්‍රතිඥාවට, ක්‍රියාමාර්ගයට විරුද්ධව එයාලා වැඩ කරනව. ඒ අභාග්‍යය සිද්ධ වෙනව. ඒක වලක්වන්න තිබුණා පක්ෂය අතහැරලා පක්ෂයෙන් කැඩිල එන පිරිසට නායකත්වය දුන්නා නම්. එහෙමනම් තත්ත්වය වෙනස්.
බලයට පත්වෙන්නේ මොන පක්ෂයද? බිහි වෙන්නෙ ජාතික ආණ්ඩුවක්?
එක්සත් ජාතික පක්ෂයෙන් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් පත්වෙයි. ද්‍රවිඩ කණ්ඩායම් අනිවාර්යෙන්ම සහයෝගය දෙයි. ජනතා විමුක්ති පෙරමුණ ආසන සැලකියයුතු ප්‍රමාණයක් දිනාගනයි. නමුත් ඔවුන් ජාතික ආණ්ඩුවකට එක්වෙන එකක්නෑ කොහොමත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් ගන්න වෙනවා. ඔවුන් ගේ ක්‍රියාකලාපය ගැන විශ්වාසයක් තියන්න අමාරුයි.
ඒත් ඒ පක්ෂයෙන් කැඩිල එනවනම් කැඩෙන්න ඉඩ දෙන්න ඕන. විෂය බද්ධ තත්ත්වයන් අනුව ඕනෑම පක්ෂයක් කැඩෙනවා. නැති වෙනව. ඒක බලෙන් නවත්තගන්න බෑ. එහෙම වෙන්න ඉඩදිය යුතුයි. ඒ විෂය බද්ධ තත්ත්වය දැන් ඇවිල්ල තියෙන්නෙ. දැනට වුණත් අනිත් පක්ෂ හැලූවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රබල පක්ෂයක් නෙමයි.
