සිල් රෙදි නඩුවට ලලිත් හා අනූෂ වැරදිකරුවෝ වෙති.
පසුගිය ජනපතිවරණ සමයේදී රජයේ මුදල් අවභාවිත කරමින් සිල් රෙදි බෙදාදීමේ නඩුවට අදාළ චෝදනා එල්ල වී සිටි හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා ශ්රී ලංකා විදුලි සංදේශන නියාම කොමිෂමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා වැරදිකරුවන් බවට පත්කරමින් කොළඹ මහාධිකරණය එහි තීන්දුව අද (07දා) ප්රකාශයට පත් කළේය.
රජයේ මුදල් රුපියල් මිලියන 600ක් පමණ වැය කර දිවයින පුරා සිල්රෙදි බෙදා හැරීම වෙනුවෙන් මම නඩුව විභාගයට ගත්තේය. සිල්රෙදි නඩුවෙන් වැරදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංගට හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිටට බරපතල වැඩ සහිත වසර 3 බැගින් සිර දඬුවම් ; රුපියල් 2,000,000/= (ලක්ෂ 20) බැගින් දඩ සහ විදුලි සංදේශ නියාමන කොමිසමට රුපියල් 50,000,000/= (ලක්ෂ 500) බැගින් ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග කළේය.
