රෝෂේන් චානක ඝාතනයේ වාර්තාව වසර 06කට පසු මවට ලැබෙයි–vedio

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමය පවැති 2011 වසරේදී පෞද්ගලික අංශ සේවකයන් සඳහා විශ්‍රාම වැටුපක් සකස් කරන්නේ යැයි පවසා ඔවුන්ගේ අර්ථසාධක අරමුදල  කොල්ලකෑමට එම ආණ්ඩුව කටයුතු කළ මොහොතේ ඊට එරෙහිව නැගුණු විරෝධතාවලට ආණ්ඩුව පොලීසිය යොදවා සිදු කළ වෙඩි තැබීමේදී වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ රෝෂේන් චානක මහතාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ මහානාම තිලකරත්න කොමිසමේ වාර්තව රෝෂේන් චානක මහතාගේ මව වෙත ලැබී තිබේ.

ඒ ඇය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදු කළ ඉල්ලීමටක අනුවය. ඒ අනුව අදාළ වාර්තාව පසුගිය 13වනදා ජනාධිපති ලේකම්කාර්යාලය විසින් ඇය වෙත ලබා දී ඇත.

එම වෙඩි තැබීමෙන් පුද්ගලික අංශයේ තවත් සේවකයින් පිරිසක් තුවාල ලැබී ය.

එම වෙඩි තැබීමෙන් පසු එවකට පොලිස්පතිව සිටි මහින්ද බාලසූරිය මහතා එහි වගකීම භාරගෙන පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඉන් පසු ඔහුට විදේශ තානාපති ධුරයක් පිරිනමන ලදී. ඉන් පසු මහින්ද රාජපක්ෂ පාලන විසින්ම මහාධිකරණ විනිසුරු මහානාම තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ කොමිසම පත්කරන ලදී. එහෙත් එම කොමිසමේ වාර්තාව සඟවා තැබීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ අතර වත්මන් මෛත්‍රී – රනිල් ආණ්ඩුව විසින්ද එය සඟවා තබන ලදී.

කෙසේ නමුත් තොරතුරු පනත යටතේ එම වාර්තව මේ වනවිට එළියට පැමිණ තිබේ.

එම අවස්ථාවේ පොලීසියේ හැසිරීම අශිෂ්ඨ බවත් එම විරෝධතාවයන් මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව පොලීසිය යොදවා ගත් ආකාරය නීතිවිරෝධී බවත් එම වාර්තාව සඳහන් කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *