අස්ගිරියේ අනුහස – අනුර සුරියබණ්ඩාර
2017 ජුනි මස 21 වන බදාදා මෙරට පුවත්පත් බොහොමයක ශීර්ෂ පාඨය වූයේ, අස්ගිරි පාර්ශ්වයෙන් ආණ්ඩුවට කොළ එළියක් දල්වා ඇති බවයි. කොළ එළිය සාර්ථක නොවන්නේ නම් රතු එළියක් ද නිකුත් කරන බව සංඝ සභාව කියා තිබුණි.
2017 ජුනි මස 22 බ්‍රහස්පතින්දා පුවත්පත්වල ශීර්ෂ පාඨ සඳහන් කර තිබුණේ ඥනසාර හිමිට ඇප පිට ඇප ලැබී ඇති බවයි. ඇප දීමට අදාළව ජුනි 21 වන දින උසාවියේ දී මහෙස්ත්‍රාත්වරයා සහ පොලීසිය අතර සිදුවූ සංවාදයක් ජුනි 22 බ්‍රහස්පතින්දා ලංකාදීප පුවත්පතේ 8 වන පිටුවේ පළකර තිබුණි. ඒ සංවාදයෙන් උපුටාගත් කොටස් කිහිපයක් මෙසේය.
මහේස්ත්‍රාත්වරයා: මේ නඩුවේ ඇති විශේෂත්වය මොකක්ද? මේක සාමාන්‍ය නඩුවක් නම් ඇප පනතේ 14 වගන්තිය මේකට දැම්මේ?
පොලීසිය: ස්වාමීනි මේක විශේෂ අවස්ථාවක්. සැකකරු පොලීසියට ඇවිත් ඉදිරිපත් වුණා.
මහේස්ත්‍රාත්වරයා: මේ සිද්ධියට අදාලව පොලීසිය මුල් වී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ ඇප දිය නොහැකි වරදක් සිදුකර ඇති ලෙසයි. මේ රහස්‍ය වාර්තාවක් ලෙසින් තියාගන්න කියල තමයි මුලියින් ඉදිරිපත් කළේ. මත්ද්‍රව්‍ය වැටලීමේ යෙදී සිටි පොලිස් නාලධාරියකුගේ රාජකාරියට බාධා කළා කියනවා. පසුව මෝසමක් මගින් සඳහන් කරනවා ඇප දිය හැකි වරදක් සිදුකර ඇති බවට. ඇයි දැන් පොලීසිය මේ වගේ දෙබඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ? ඇප දෙන්න බැරි කරුණු ඉදිරිපත් කරල දැන් ඇප දෙනවාට විරුද්ධ නැහැ කියල කියනව. ඇයි ඒ? සාමාන්‍ය මනුස්සයකු වරදක් කළාම ඇප පනතේ 14 වගන්තිය යටතේ ඉදිරිපත් කරලා පස්සෙ ඇප වලට විරුද්ධ වෙනවද? සාමාන්‍යයෙන් අපරාධයක් වුණාම අපරාධ ස්ථානය ළ`ගට ගිය පුද්ගලයවත් අත්අඩංගුවට අරන් දානව. මොකක්ද පොලීසියේ මේ ක්‍රියාකලාපය… මේ වාර්තාව මම එළිවෙනකම් රැුක ගත්තා. මම බයේ හිටියේ මේක කවුරු හරි ගෙදර කෙනෙක් කියවයි කියලා. මොකද මේකෙ ඒ තරම් පරුෂ වතන තියනවා. ස්වාමින් වහන්සෙ කිව්වෙ නැති දේවල් කිව්වා කියලා ඇයි මේකෙ දාලා තියෙන්නෙ?
පොලීසිය: කියලා තියෙනවා ස්වාමිනි.
මහේස්ත්‍රාත්වරයා: එහෙම නම් ඇයි ඇපවලට විරුද්ධ නොවෙන්නේ. එහෙම නම් ඇයි ඒ සම්බන්ධයෙන් අද ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවෙ කරුණු ඉදිරිපත් නොකළේ. පොලීසියේ මේ ක්‍රියාදාමය ගැන කනගාටුවට පත්වෙනවා… මෙම වාර්තාවේ මුලින් ඉදිරිපත් කරලා තිබුණා සැකකරු කිව්වා කියලා පල්ලිවලට ගිනි තබා තිබෙන බව. පොලිස් වාහනවලට පෙට්ට්‍රල් දාලා ගිනි තබා තිබෙන බව….’’
මහේස්ත්රාත්වරයාගේ ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ ඥනසාර හිමි සිදු කළ ඇප දිය නොහැකි වරද පසුව පොලිසිය විසින් ඇප දිය හැකි වරදක් බවට පත්කරන්නට යෙදී ඇති බවය. ඊට ආසන්නම හේතුව වශයෙන් අපට අනුමාන කළ හැක්කේ ජුනි 20 වනදා එනම් ඥනසාර හිමි අධිකරණයට ඉදිරිපත්වූ දිනට පෙරදින අස්ගිරියෙන් දැල් වුණු් කොළ එළියයි. ඒ අනුව එකී අස්ගිරි මහා කාරක සභාවේ හදිසි රැුස්වීම අධිකරණයට බලපෑම් කිරීම සඳහාම සංවිධානර කෙරුනක්ද යන සැකය මතුවීම සාධාරණය. එකී රැුස්වීමේ දී එක් හිමිනමක් පවසා තිබුණේ ‘‘අන්‍ය ජාතිකයකට අන්‍ය ආගමිකයනට අපේ කිසිම වරදක් නැහැ. අපි ඔවුන්ගේ ආගම්වලට ගරු කරනවා. වැරදි කරන භික්ෂුන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමේදී ඒකටත් ක්‍රම වේදයක් තියනවා. ආදි වශයෙනි. උසාවියේ දී සඳහන්ව තිබුණු ආකාරයට ඥනසාර හිමි පල්ලිවලට ගිනි තබන බව පවසා තිබේ. මහේස්ත්‍රාත්වරයා පවසා තිබුණේ බී වාර්තාවේ සඳහන් කරුණු අනුව රට ගිනි ගනීයැයි තමන් බිය වූ බවයි.
අස්ගිරි පාර්ශ්වය විරුද්ධ වන්නේ ඒ තරම් වරදක් කළ හික්ෂුවක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙනි. අන්‍ය ආගම්වලට ගරු කරන බව කියමින් අපේ ඇතැම් හාමුරුවරු ආගමික ගැටුම් වලට අනුබල සපයන්නේද යන සැකය ඒ අනුව ඇති වේ. තවත් රැුස්වීමක් එකී රැුස්වීමේදී පවසා තිබුණේ ‘‘බෞද්ධ භික්ෂුන් වහන්සේලා කිසි දිනෙක අන්‍ය ජාතීන්ට, අන්‍ය ආගමිගකයන්ට අපහාස කරන්නේ නැහැ’’ කියාය.
බී වාර්තාව අනුව උන්වහන්සේලා කියන මෙකී පිළිවෙත් සියල්ල ඥකසාර හිමියන් විසින් කඩකර තිබේ. ඒ අනුව අස්ගිරියේ හදිසි මහා කාරක සංඝ සභාව උගුරට හොරා බෙහෙත් කෑමකි. නීතිය ක්‍රියාත්මක වීම වැලැක්වීමට, ආණ්ඩුව නිරපරාදේ භික්ෂුන්ට හිරිහැර කරන්නේය යන අදහසක් සමාජ ගත කිරීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව හේතුවූවකි.
ඇතැම් භික්ෂුන් වහන්සේලා ආවේගකාර ලෙස හැසිරෙන අවස්ථා තිබෙනවා. ඒත් උන්වහන්සේලාට අපහාස කරමින් බැණවැදීම් සිදු කරමින් හැසිරීම සුදුසු නැහැ.’’ යැයිද ඉහත කී හදිසි මහා කාරක සංඝ සභාවේ දී ප්‍රකාශ වී තිබිණ.
ඒ ප්‍රකාශය අනුව පැහැදිලි වන තවත් කරුණක් තිබේ. එනම්, ඇතැම් භික්ෂුන් වහන්සේලාට අපහාස කරමින් බැණ වැදීම් සිදුකරමින් හැසිරෙන්නේ උන්වහන්සේලා ආවේගකාරි ලෙස හැසිරෙන අවස්ථා තිබෙන බැවින් යන්නය. එසේ නම් කාරක සංඝ සභාව කළයුතුව තිබුණේ ‘ඇතැම් භික්ෂුන්වහන්සේලාට’ අපහාස කරමින් බැණවැදීම් සිදුකරමින් හැසිරීම සුදුසු නැති බව ගිහි සමාජයට තේරුම් කරන්නට පෙර ආවේගකාරි ලෙස හැසිරීම නරක බව ඇතැම් භික්ෂුන්වහන්සේලාට මතක්කර දීමයි.
‘‘අපේ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානවලට අයත් උතුරු නැගෙනහිර ආදි පළාත්වල පුරා විද්‍යාත්මක නටඹුන් ආරක්ෂාකරගත නොහැකි ලෙස ඒ ඒ පළාත්වල දේශපාලඥයන් කටයුතුකරගෙන යනවා.’’ ඉහතකී මහා කාරක සංඝසභාවේදී මතු කළ තවත් කරුණකි ඒ.
සත්‍යය වන්නේ උතුරු නැගෙනහිර පුරාවස්තු පමණක් නොව සමස්ත රටෙහිම පුරාවස්තු නටඹුන් පමණක් නොව පිළිමවහන්සේ පවා රැුකගත නොහැකි තත්ත්වයක් පවතින බවයි. මීට කළකට ඉහත දිනමිණ පුවත්පත විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ වට්ටාරම රජ මහා විහායේ ගල්කණු, සඳකඩ පහන් අසල නිවෙස්වල මල් පාත්තිවලට, දොරකඩවලට අල්ලා ඇති අයුරු අනාවරණය කර තිබුණි. එසේ කර තිබුණේ ඉස්ලාම්වරුන් හෝ හින්¥න් හෝ නොව බෞද්ධයන්ම විසිනි.
ඊට අමතරව රට පුරා විද්‍යා ස්ථාන නිධන් සොරුන්ගේ ඉලක්කයට ලක්ව තිබේ. ඒ සියල්ලට විරුද්ධව සංවිධානත්මකව හඬ නගනු වෙනුවට උතුරු නැගෙනහිර පුරා වස්තු පිළිබඳ මෑතක සිට මතුව ඇති අමුතු රුදාව අපට නම් වැටහෙන්නෙ, බෞද්ධ උරුමයකට ඇති ඇල්මකට වඩා දෙමළ මුස්ලිම් ජනතාවට කරන විරෝධයක් ලෙසිනි. ඒ විරෝධයේ යටි අරමුණ වශයෙන් අපට හැෙ`ගන්නේ යහපාලන ආණ්ඩුවේ නැති දොස් කියමින් සංහිඳියා වැඩපිළිවෙල කඩාකප්පල් කරමින් මහින්දවාදින්ට පාර කපන්නට ගන්නා උත්සාහයක් වශයෙනි.
ආණ්ඩුව මේ උගුලේ බරපතලකම වටහා ගත යුතුය. එසේ නොවන්නේ නම් සුළු ජාතීන් අතර පමණක් නොව සිංහල බෞද්ධ ජනයා අතරද ආණ්ඩුව පිළිබඳ වැරදි අවබෝධයක් ඇති වීම නොවැලැක්විය හැකිය. එනම්, ආණ්ඩුව සිංහල බෞද්ධ උරුමය පවා දෙන්නේය යන මතයක් සිංහල බෞද්ධ පිරිස තුළද, ආණ්ඩුව සිංහල බෞද්ධ ජතිවාදයට ඉඩ දෙන්නේය යන සැකය සුළු ජාතින් තුළද ඇතිවීමය.
ඇප දිය නොහැකි පළමු බී වාර්තාව වෙනුවට ඇප දිය හැකි අලූත් බී වාර්තාවක් ඉදිරිපත් කරන්නට පොලීසියට සිදු වන්නේ ඉහතකී බලවේගවල බලපෑම නිසාය. ඒ පිළිබඳ මහේස්ත්‍රාත් වරයා පවසා තිබුණේ මේසේය, ‘‘පොලිසියේ මෙවැනි දෙබිඩි පිළිවෙත නිසා මහජනතාව බණින්නේ අධිකරණයට’’ පොලීසියේ දෙබිඩි පිළිවෙතට හේතුව ජාතිවාදි බලවේගවල බලපෑමට යට වීමනම් මධ්‍යස්ථ ජනතාව බනින්නේ ආණ්ඩුවටය. එය ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට යහපත් නොවන්නේ මේ ආණ්ඩුවට පක්ෂව ඡුන්දය දුන්නේ කොළ එළි රතු එළි දල්වන්නට බාලා සිටින පිරිස නොව සියලූ ජනකොටස් වලට සමානාත්මතාව අපේක්ෂා කළ මධස්ථ ජනතාව වන නිසාය.
