මෛත්‍රීගෙන් මහින්දට තවත් ගිනි බෝම්බයක් !

Maithripala_Sirisena_(cropped)මැතිවරණය අසන්නවත් ම, ජාතිවාදය තව තවත් දැඩි කිරීමට සැළසුම්කර ඇති පොදුජන සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට, ජනාධිපතිවරයා දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව යුක්තියට වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා පමණක් නොව රටේ ජනාධිපතිවරයා ලෙස අනිකුත් ජාතීන්ගේ ආරක්ෂාව පිළිබඳව වගකිව යුතු වන්නේ ඔහුට ය. තතු දත් ආරංචි මාර්ග වලට අනුව පොදු අපේක්ෂකයා ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමන්ට ඡන්දය දුන් සුළුජාතීන් ආරක්ෂා කිරීමට සදාචාරාත්ම බැදීමක් ඇති බව ද ඔහු කල්පනාකර තිබේ. ලබන 17 වෙනිදායින් පසු මෛත්‍රි- මහින්ද ආණ්ඩුවක් හදන බවට රාජපක්ෂ මහතා පසුගිය ද මැතිවරණ රැස්වීමක දී පුකාශකර තිබිණ. ජාතිවාදයට එරෙහිව ජනාධිපතිවරයා කිරීමට සුදානම් මේ කථාව තුළින් ජාතිවාදී මහින්ද රාජපක්ෂ සමග ආණ්ඩුවක් හදන්නට ජනාධිපතිවරයා සුදානම් නැති බව ද මේ මගින් ප්‍රකාශවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *