ප්‍රගීත් පැහැරගත්තේ ඉහළම බලවතකුගේ නියෝගයෙන් – තොරතුරු ළගදීම එළියට
මාධවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන අතුරුදන් කීරීම එවකට රටේ ඉහළම බලවතෙකුගේ නියෝගය මත යුද හමුදාව සම්බන්ද වී කළ අපරාධයක් බවට තොරතුරු හෙළිදරවු වෙමින් පවතින බව විස්වාස කටයුතු ආරංචි මාර්ගයකින් යුක්තියට වාර්තා වෙයි . රාජගිරියේදී පැහැරගත් ප්‍රගීත් මින්නේරිය හමුදා කඳවුරට රැගෙන ගිය බවටද තොරතුරු ලැබී ඇතැයි කියති . එදින ප්‍රගීත් පැහැරගෙන යාමට පැමිණි කණ්ඩායම ඒ සදහා භාවිතා කළ දුරකථනයෙන් අවසන් ඇමතුම ලබාගෙන ඇත්තේ බකමුණ ප්‍රදේශයේදීය .
ප්‍රගීත් පැහැරගැනීම සම්බන්ධයෙන් කළ පොලිස් පරීක්ෂණ යටගසා තිබූ බව දැන් පැහැදිලි වන්නේ යැයි අපගේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි .
මෙම පැහැරගැනීම ගැන බොහෝ තොරතුරු ඉදිරි සති කිහිපය තුළ හෙළිදරවු වනු ඇතැයි දැනගන්නට ඇත .
2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර අතුරුදන් වූ ප්‍රගීත් සිය කැමැත්තෙන් සැගවී සිටින බව කියන්නට එම ආණ්ඩුව වෙනුවෙන් කඩේගිය ජනමාධ්‍යවේදීන් ඇතුළු බොහෝදෙනා උත්සාහ දැරුහ . එසේවුවද සිය සැමියාගේ අතුරුදන්වීම හෙළිකර ගැනීමට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය දැඩි අදිෂ්ටානයෙන් ගෙනගිය අරගලය නිසා එම සිදුවීම යටගසා දැමීමේ උත්සාහය අසාර්ථක වී ඇත .
