මනාපයෙන් මහින්දට ගොඩයන්න ජොන්ස්ටන්ට , දයාසිරිට තහංචි දමයි

කුරුණෑගල සන්ධාන මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලදී මහින්ද රාජපක්ෂ හැර අන් අය වර්ණනා කීරීම තහනම් බව පසුගීයදා පැවති රැස්වීමකදී ඇතිවූ ගැටුමක් මගින් හෙළිදරවු වීය . කුරුණෑගල විලේගොඩ ප්‍රදේශයේ ඇති ජොන්ස්ටන් මහතාගේ නිවසේ පැවති රැස්වීමේදී මහනුවරින් පැමිණි චිත්‍රා මන්තිලක ජොන්ස්ටන්ගේ හොඳ කියන්නට යාමෙන් මෙම ගැටුම ඇතිවිය .

මන්තිලක මහත්මියගේ කතාවට විරෝධය පාමින් අනෙත් අපේක්ෂකයන් කීවේ මහින්ද රාජපක්ෂ හැර අන් අයට මනාප ඉල්ලීමට පක්ෂ රැස්වීම්වලදී ඉඩ නොදීමට එකගවී ඇති බවයි . මෙම විරෝධය නිසා කතාව අතරමග නවතා සමාව ඉල්ලීමට මන්තිලක මහත්මියට සිදුවීය . පාර්ලිමේන්තු මැතිවරණයේ වැඩි මනාප ගත් ජොන්ස්ටන්ගෙන් හෝ පළාත් සභාවේ වැඩි මනාප ගත් දයාසිරිගෙන් මහින්ද රාජපක්ෂට තරගයක් නොවීම සදහා මෙම තහන්චිය ක්‍රියාත්මක කොට ඇති බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *