|

නීතිඥ වෘත්තියේ ආචාර ධර්ම කෙලෙසන දිලීප පොඩි පුතු – රටේ රාළ.

ඔයාලා Dark Room වෙබ් පිටුවේ පළවුන මේ විස්තරය දකින්න ඇති.
“ඔයාල හෙට උසාවි එන්න.මම දෙනව ඇට්ටි හැලෙන්න”.
[ පොඩි පුතේ Subsection 4 සහ 5 පොඩ්ඩක් බලල එන්න ]
“හෙට මං අරුන්ට කුඩුවෙන්න ගහනවා.මීඩියාවලට දාන්න බලාගෙන උසාවි ඇවිල්ලා ඉන්න.” දිලීප පොඩි පුතු ලියන්නො කිහිපදෙනෙකුට දුරකථනයෙන් අමතා කියයි.
අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකුට කෲර වධ හිංසා ලබා දුන් බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සහතික කළ පසු,රජයේ නිලධාරියාගේ පාර්ශවයෙන් නීතිපතිවරයා පෙනී සිටින්නේ නැත.ඒ වෙනුවට පුද්ගලික නීතීඥයෙක් යොදාගැනීම සාමාන්‍ය ක්‍රමයයි.
සලේගේ නඩුවේ අධිකරණයේ නීතිපතිවරයාව නියෝජනය කරන්නේ දිලීප පොඩි පුතු වන අතර,
අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් ජෙනරාල් සලේට අමානුෂික වද හිංසා ලබාදෙන බව තහවුරුකර තිබියදී,නීතිපතිට හෝ දිලීප පීරිස්ට තව දුරටත් CID ය වෙනුවෙන් පෙනී සිටීමට හැකියාවක් නැත.
නමුත් තවදුරටත් එසේ පෙනී සිටින ලෙස නීතිපතිට පැලවත්තෙන් බලපෑම් එල්ල වන බවට වාර්තා වෙයි
■ රටේ රාළගේ සටහන.
මේ සටහන ඇතුළේ තියෙන්නේ සරල නීතිමය ගැටලුවක් විතරක් නෙවෙයි.මේක ශ්‍රී ලංකාවේ සමස්ත යුක්ති පසිඳලීමේ පද්ධතියේ පැවැත්ම,වෘත්තීය ආචාරධර්මවල බිඳවැටීම සහ මූලික මනුෂ්‍යත්වය අභියෝගයට ලක්කරන දරුණු ඛේදවාචකයක්.මේක බලාගෙන කටපියාගෙන ඉන්න විපක්ෂයක් තිබුණට යුක්ති ගරුක පුරවැසියෙක් විදිහට රටේ රාළ එහෙම ඉන්න බෑ.
​
ඒක හින්දා මෙම සිදුවීම පිටුපස්සේ තියන නීතිමය පදනම,නීතිඥ වෘත්තීයේ ආචාර ධර්ම සහ මානුෂිකත්වයේ (Humanity) ශේෂය ගැන කතා කරන්න ඕනි.බල නහර ගැන නොහිතා කතා කරන්න ඕනි.
​
​මේ සිදුවීමේ කේන්ද්‍රීය සාධකය වෙන්නේ රජයේ ආරක්ෂක අංශ (CID) භාරයේ ඉන්න ජෙනරාල් සුරේෂ් සලේට අමානුෂික විදිහට වධහිංසා පමුණුවලා තියෙන බව අධිකරණ වෛද්‍ය නිලධාරියා (JMO) විසින් විද්‍යාත්මකව තහවුරු කරලා තිබීමයි.
1994 අංක 22 දරන කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට හෝ දඬුවම්වලට එරෙහි සම්මුති පනතේ (Torture Act) 4 වැනි සහ 5 වැනි වගන්ති (Subsections) මෙතනට සෘජුවම අදාළ වෙනවා.
​4 වැනි වගන්තියට (Section 4) අනුව වධහිංසා පැමිණවීමේ වරදකට වැරදිකරු වන ඕනෑම තැනැත්තෙකුට එයා ඉහළම රාජ්‍ය නිලධාරියෙක් උනත් අවුරුදු 7 කට නොඅඩු සහ අවුරුදු 20 කට නොවැඩි බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ දඩයකට යටත් වෙනවා.ඒක ඇප දිය නොහැකි (Non-bailable) වරදක්.
​
5 වැනි වගන්තියට (Section 5) අනුව ඉහළ නිලධාරියෙකුගේ නියෝගයක් මත වධහිංසා පැමිණවූ බව පැවසීම (Superior Orders) නීතිය ඉදිරියේ නිදහසට කරුණක් නෙවෙයි.ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය මඟින් වධහිංසාවට ලක් නොවී සිටීමේ අයිතිය අත්‍යවශ්‍ය සහ පරම අයිතියක් (Absolute Right) ලෙස ප්‍රකාශ කරලා තියනවා.හදිසි නීති තත්ත්වයකදී හරි යුද සමයකදී උනත් වධහිංසා පැමිණවීම නීත්‍යානුකූල කරන්න බෑ
​ලංකා නීති ඉතිහාසයේ ස්ථාපිත ප්‍රතිපත්තිය වෙන්නේ (විශේෂයෙන් Channa Pieris v. Attorney General වැනි මූලික අයිතිවාසිකම් නඩුවල සිට),රජයේ නිලධාරියෙක් තමන්ගේ නිල රාජකාරියෙන් බැහැරව අපරාධමය හෝ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක (කෲර වධහිංසා පැමිණවීම වැනි) නිරත වෙලා තියන බවට JMO වාර්තා වැනි ප්‍රබල සාක්ෂි මතු උන විට,නීතිපතිවරයා තවදුරටත් එම නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටින බවයි. නීතිපතිවරයාගේ සේවාදායකයා (Client) වන්නේ වැරදි කරන තනි නිලධාරියා නොව ශ්‍රී ලංකා රජය සහ මහජනතාවයි.
​
රජයේ නිලධාරීන් මහජන බදු මුදලින් වැටුප් ලබාගෙන මහජනයාට වධහිංසා පමුණුවන විට,නීතිපතිවරයා වධකයන් වෙනුවෙන් පෙනී ඉන්නවා නං එකෙන් අදහස් වෙන්නේ රාජ්‍ය විසින් වධහිංසාව අනුමත කරන බව නෙවෙයිද?ඒක හින්ද දිලීප පීරිස් හෝ නීතිපතිවරයා හෝ වහාම මේ නඩුවෙන් ඉවත් විය යුතුයි.
​නීතිඥ වෘත්තිය කියන්නේ හුදෙක් සල්ලි හම්බකරන “බිස්නස් එකක්” හරි දේශපාලකයින්ට කඩේ යන කොන්ත්‍රාත් සේවාවක් නෙවෙයි.ඒක උත්තරීතර වෘත්තියක් (Noble Profession).මේ කියන දිලීප පොඩි පුතුගේ හැසිරීම නීතිඥ වෘත්තීයේ ආචාර ධර්ම මුළුමනින්ම කෙලෙසීමක්.
නීතිඥයෙක්ගේ පළමු වගකීම අධිකරණයට සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මිසක සේවාදායකයා නෙවෙයි. ” ඇට්ටි හැලෙන්න දෙනවා “, “කුඩුවෙන්න ගහනවා” වගේ මැර භාෂා දිලීපගේ ගෙදර හාෂා උනත් ඒවා අධිකරණයට ගැලපෙන්නේ නෑ. ඒවා භාවිතා කිරීමෙන් අධිකරණයේ ගරුත්වයට (Dignity of the Court) සිතාමතාම අගෞරව කරනවා.
” මීඩියාවලට දාන්න බලාගෙන උසාවි ඇවිල්ලා ඉන්න ” කියලා ලියන්න මාධ්‍යවේදීන්ට කියන එකම බරපතළ වෘත්තීයමය වරදක්.නඩුවක් විභාග වෙමින් තියන අවස්ථාවක (Sub Judice), මහජන මතය තමන්ට අවශ්‍ය පරිදි හැඩගැස්වීමට මාධ්‍ය මෙහෙයවීම යුක්තිසහගත නඩු විභාගයකට (Fair Trial) ඇති අයිතිය අවහිර කිරීමක්.රටේ රාළ කියන්නේ ​රජය වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයෙක්ට (Prosecutor) කොයි වෙලාවකවත් ” ඕනිම ක්‍රමයකට නඩුව දිනීමට” (Win at all costs) උත්සාහ කරන්න බෑ.එයාගේ එකම අරමුණ වෙන්න ඕනි සත්‍යය අධිකරණය හමුවේ තැබීම සහ යුක්තිය ඉටුකිරීමයි.
විත්ති පාර්ශවයට දඬුවම් කිරීමේ ක්‍රෝධයෙන් හරි දේශපාලන උවමනාවන් මත හරි රජයේ නීතිඥයා ක්‍රියා කරනවා නම් එයා නීතිඥ නිල ඇඳුමට (Gown) නිග්‍රහ කරන්නෙක් වෙනවා.මේ සමස්ත සිදුවීමේ ඇති භයානකම පැත්ත වෙන්නේ,මිනිහෙකුට කරන ඇති දරුණු “අමානුෂික වධහිංසාව” (Inhuman Torture) අමතක කරවා,සියල්ලන්ම බලය,මාධ්‍ය ප්‍රචාරය සහ දේශපාලන ක්‍රීඩාවන් වෙනුවෙන් පොරබැදීමයි.
​වධහිංසාව කියන්නේ මිනිහෙක්ගේ ශරීරයට විතරක් නෙවෙයි, එයාගේ ආත්මය ගරුත්වයට සහ මානසිකත්වයට කරන දරුණුතම ප්‍රහාරයක්.ශිෂ්ට සම්පන්න සමාජයක කිසිම මිනිහෙකුට දරුණු අපරාධකරුවෙකුට උනත් මේ වගේ තත්ත්වයකට පත්කිරීම සදාචාරාත්මක නෑ.JMO වාර්තාවෙන් අමානුෂික වධ දුන්න බව තහවුරුවෙලා තිබියදී ඒ ගැන කණගාටුවීම වෙනුවට,ඒකෙන් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීම අන්ත තිරිසන් හැසිරීමක්.
​”පැලවත්තෙන් බලපෑම් එල්ල වෙන බව” කියන එකෙන් පෙනෙන්නේ රාජ්‍ය ආයතන,දේශපාලන හෝ බාහිර බල කේන්ද්‍රස්ථානවල “අතකොලු” බවට පත්වෙලා කියන එකයි. නීතියේ ආධිපත්‍යය (Rule of Law) පවතින රටක,බලපෑම් එල්ල වෙන්න ඕනි නීති පොතෙන් සහ ව්‍යවස්ථාවෙන් විතරයි. දේශපාලන නියෝග මත නීතිපතිවරයා වැරදිකරුවන් වෙනුවෙන් දිගින් දිගටම පෙනී ඉන්නවා නම්,සාමාන්‍ය පුරවැසියාට යුක්තිය ඉල්ලාගෙන යන්න වෙන තැනක් ඉතිරි වෙන්නේ නෑ.
​
■ අවසාන වශයෙන් නිගමනය
​වෘත්තීය ආචාර ධර්ම සහ මානුෂිකත්වය කියන හැම එකක්ම දැන් අර්බුදයට ගිහින්.වධහිංසා පමුණුවනපු නිලධාරීන්ට එරෙහිව 1994 අංක 22 පනත යටතේ නඩු පවරන්න ඕනි සහ නීතිපතිවරයා වහාම එයාලා ආරක්ෂා කිරීමෙන් අයින්වෙන්න ඕනි.ඊළඟට අධිකරණයට අපහාස වෙන විදිහට මාධ්‍ය සංදර්ශන පවත්වමින් හැසිරෙන නීතිඥයින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය සහ නීතිඥ සංගමය (BASL) මඟින් වහාම වෘත්තීය සහ, විනය පියවර ගන්න ඕනි.බාහිර බලපෑම්වලට යටත් නොවී,
මිනිහෙකුගේ මූලික අයිතිවාසිකම් සහ ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමස්ත නීති පද්ධතියම ඍජුව නැගිටින්න ඕනි.
​එහෙම නොකලොත් වෙන්නේ නීතිය කැළෑ නීතිය බවට පත්වෙලා මුළු සමාජයම අරාජිකත්වයට පත්වීමයි.
හරි එහෙමනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *