අධිවේගි මාර්ගයේ වැරදි ඉදිකිරීම් රටාව ගංවතුර ඇති වීමට හේතුවක් – ශ්‍රී ලංකා සොභා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම්
මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලින්, විශේෂයෙන් කොළඹ – වටරවුම් , කොට්ටාව – මාතර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ක්රමවේදයේම වැරැුද්දක් තියෙනව. කඳු කපල බිම පුරෝල කරන ක්‍රමය මේ රටට ගැලපෙන්නෙ නෑ. ප්‍රධාන ජල මාර්ග කිහිපයක් හරහා තමයි ඔය අධිවේගී මාර්ගය ගමන් ගන්නෙ. කලූ ග`ග, බෙන්තර ග`ග, ගිං ග`ග, පොල්අතුරමෝදර ග`ග ඒවායි. ඒ ප්‍රදේශ පුරවල තමයි අධිවේගි මාර්ගය ඉදිකරල තියෙන්නෙ. අපි යෝජනා කෙරුවෙ කණු මත ඉදිකරන්න කියලයි. වියදම වැඩි වුනත්, කොලම්ස් මත පාර ඉදිකරනව නම් ගංවතුර වලින් වන බලපෑම අඩුවෙනව. යයි ශ්‍රී ලංකා සොභා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම් මහතා ” යුක්තිය” සමග සංවාදයකට එක්වෙමින් ප්‍රකාශ කළේය . ඒ මහතා සමග අප කල සංවාදය මෙසේ ඉදිරිපත් කරමු .
පසුගියදා ඇති වූ ගංවතුරින් සහ නාය යෑම්වලින්, වෙනදා ඇතිවන ගංවතුරකට හා නාය යෑම් වලට වඩා ජනතාවට තදබල ලෙස හානි පැමිණුනා. එම තත්ත්වය එම දිනවල ඇති වූ සුලි කුණාටුව නිසා ඇති වූවක් ද? නැත්නම් නිසි පරිසර කළමණාකාරීත්වයක් නොමැති නිසා ඇති වූවක් ද?
මේකට ප්‍රධාන හේතුව පරිසරයට හානි කිරීම ලෙසයි අපි දකින්නෙ. කොළඹ නගරයේ හදවත වගේ තියෙන පහත් බිම්, දැනට කලකට පෙර සිට වෙන්කර තිබුණේ ගංවතුර වැනි අපදාවකදි වැඩිපුර ජලය එක්රැුස්වීමටත්, එම ජලය පොළොවට උරා ගැනීම සඳහා. පසුගිය අවුරුදු 10 තුළම සංවර්ධන කටයුතු සඳහා පාවිච්චිකර තියෙන්නෙ මෙම ගංවතුර එකතුවීම් සහ උරා ගැනීම් සඳහා වෙන්කරන ලද භූමීනුයි.
බත්තරමුල්ල අවටත්, බෙල්ලන්විල අවටත්, කඩුවෙල, හංවැල්ල, මෝදර (එක් කොටසක්* වැනි ස්ථාන, බොරැුල්ල අවට ප්‍රදේශ, මාදිවෙල අවට ඇතැම් ප්‍රදේශවල පරිසර සංරක්ෂණ කටයුතු වලට වෙන් කරල තිබිල, පසු කාලයකදී පරිසර සංරක්ෂණ ක්‍රමවේදයන්ට පයින් ගහල අක්රමිකවත්ව ඉදිකිරීම් කරපු නිසා තමයි මෙවර ගංවතුර තර්ජනය මේතරම් දුරට බලපාන්න හේතු වුනේ.
පරිසරය පිළිබඳ දුන්ම්වත් පිරිස්, පරීක්ෂණ පවත්වන නිලධාරීන් මේ පිළිබඳව අදාල නිලධාරීන්, අදාල ආයතන දැනුමවත් කළත් ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම තමයි මේ වැනි දරුණු ගංවතුරක් ඇතිවෙන්නත්, මෙතරම් විනාශයක් වෙන්නත් හේතුව.
කොන්තගංතොට, නැත්නම් දියවන්නා උධ්යානයෙන් මෙහා කොටස ගොඩකරද්දි පුරාවිද්‍යාඥයො මෙන්ම පරිසර විද්‍යාඥයොත් අවධාරණය කෙරුව ඒ ප්‍රදේශ හෑරීමෙන් වලකින්න කියල. එම ප්‍රදේශ හෑරීමෙන් කිරිමැටි සහිත පස් තට්ටුව ඉවත් කිරීමෙන්, අනවශ්‍ය ලෙස ජලය එක්රැුස්වෙලා එම ජලය බැස යන්නෙ නැති තත්ත්වයකට පත් වෙයි කියල. ඒ වගේම මුහුදු මට්ටමට වඩා යයට හෑරීම නිසා මුහුදු ජලය ගලා ඒමේ අවධානමක් තියන බවත් දැනුම් දුන්න. බත්තරමුල්ල ප්‍රදේශය හෑරුවට පස්සෙ මුහුදට වඩා පහත් තත්ත්වයක තමයි තියෙන්නෙ. මේ නිසා කරදිය රටතුළට ගලා ඒමේ හැකියාව වැඩියි.
බෙල්ලන්විලට පහලින් රත්මලාන, ගල්කිස්ස ප්‍රදේශයේ ජලය පොම්ප කරන්න වෙනම මධ්‍යස්ථානයක් තිබුණ. ඒ හරියෙ වතුර බැස යාමේ ක්‍රමවේදයක් හදල තිබුණ ‘ඇනිකට්’ මගින්. දැන් ඒවා කඩා බිඳදාලා කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැති තත්ත්වයට පත් කරල තියෙනව. ඒවා දලා තිබුණෙ මුහුදු ජලය රට තුලට ඒම වලක්වන්නයි. දැන් එම බිම් ප්‍රදේශ සම මට්ටමට ඇවිල්ලා. මුහුදු ජලය වැඩි වෙනකොට කරදිය රට තුළට ගලා එන තත්ත්වයට පත් වෙලා.
බත්තරමුල්ලෙ තත්ත්වය ඊට වෙනස් මුහුදු මට්ටමට වඩා යටට හැරීම නිසා මුහුදු ජලය පොළොව යටින් ඇතුළට එනව. මේ තත්ත්වය නිසා පාරිසරික වශයෙන් වෙන්න පුළුවන් දේ තමයි. මත්ස්‍ය විශේෂ විනාස වී යාම. මිරිදිය මසුන් විනාශ වී කරදිය සමග එන වෙනත් මත්ස්‍ය විශේෂ ඇති වෙන්න පුළුවන්. මිරිදිය ජලජ පැලෑටි වෙනුවට කරදිය ජලජ පැලෑටි ඇතිවෙලා සම්පූර්ණයෙන් වෙනස් පරිසර තත්ත්වයක් මෙතන නිර්මාණය වෙන්න පුළුවන්. කරදිය මිරිදිය මිත්රශණය නිසා සමහරවිට කිසිම පැලෑටියක් නොහැදෙන්නත් පුළුවන්. කරදිය නිසා අවට කුඹුරු වගා කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මාදිවෙල වෙල් යාය අලූතෙන් අස්වද්දන් සූදානම් වුනත් මේ පරිසර බලපෑම් එල්ලවී තියෙනව.
අක්‍රමවත්ව කරනලද සංවර්ධනයේ ප්‍රතිඵල නිසා වතුර රැුඳිය යුතු හා වතුර පොළොවට උරාගන්නා ස්ථාන විනාශවීම නිසා අනිත් ප්‍රදේශවලට එම බල පෑම අවිල්ල තියෙනව. මෙවර ගංවතුර නොයෙක් ප්‍රදේශ පුරා පැතිරයාමට එය එක් හේතුවක් වුනා.
කැලණි ග`ග අවට තියෙන තත්ත්වය ඒකයි. විවිධ දේපළ වෙලඳ සමාගම් හා නිවාස ඉදිකිරීම් ආයතන කැළණි ග`ග අවට තිබුණ පහත් බිම් ගොඩකර, කට්ටිකර විකුණන්න කටයුතු කෙරුව. කොරතොට, කඩුවෙල ආදි ප්‍රදේශවල පහත් බිම්, කුඹුරු ගොඩකර කට්ටි කරකර අලෙවිකර තියෙනව. මෙහි බලපෑම තමයි ගොඩක් වෙලාවට හදිසි ගංවතුරට හේතුවුනේ.
එතකොට නාය යෑම් සිදුවෙන්නෙත් පරිසර විනාශයන් නිසාද?
ඔව් අද බොහෝ කඳුවල කළුගල් පිහිටි ස්ථාන ගල්බෝර දමා, කල්කඩා කළුගල් කැබලි කර අලෙවි කරන ව්‍යාපාර පටන් අරගෙන තියෙනව. මේ පිපිරවීම් නිසා කඳුවල විවර සෑදී ඒ තුළට ජලය ගලාගොස් ජලය තෙරපීම නිසා කඳු නාය යෑම සිදුවී තිබෙනව. අක්‍රමවත් ඉඩම් පරිහරණයත් මෙයට බලපාන සාධකයක්.
නායගිය අරණායකත්, බුලත්කොහුපිටියෙත් අපි පෞද්ගලිකවම සොයා බැලීම් කෙරුව. ඒ පළාත්වල විශාල වශයෙන් ගල්කැඞීම් කරගෙන යනව. මෙම නායයෑම් ඇති වෙන්නෙ. අපි කරන පරිසර හානි නිසා තමයි. එයින් වන්දිගෙවන්න වෙලා තියෙන්නෙත් අපිටමයි.
අංශක 60ට වඩා බෑවුම් වල ජනතාවට පදිංචිවෙන්න ඉඩ දෙන්න එපා කිව්වට දේශපාලඥයන් ඒක ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නෙ නෑ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබුණත් ඒවා සක්‍රීය විදිහට ක්‍රියාත්ම වෙන්නෙ නෑ. මේ ප්‍රදේශවල ඉදිකිරීම් කරන කොට, ඒවාට අවසර දෙනකොට ගාඩනැගිලි පර්යේෂණ ආයතනයෙ අනුමැතිය ලබල තියෙනවද කියල, ප්‍රාදේශීය සභා වගේ ආයතන සොයා බැලීමක් කරන්නෙ නෑ.
ගොඩනැගිලි ඉදිකිරීමේ දී ප්‍රාදේශීය සභාව ඇරුණාම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගෙන් ද අනුමැතිය ගත යුතුව තියෙනව. නමුත් සිද්ධ වෙන්නෙ නිවාස සැලසුම් කරන පුද්ගලයන් විසින්ම අදාල ආයතනවල නිලධාරීන් මගින් අවශ්‍ය අනුමැතිය ලබා දීමට ඉදිරිපත් වෙනව. ඔවුන් අතර සම්බන්ධතා ජාලයක් ගොඩනගාගෙන තියෙනව. මේව කෙරෙන්නෙ අල්ලස් මත. මේක තමයි වෙච්ච ලොකුම හානිය. මේ අයුරින් පරිසර නීති කාලයක් තිසේසේ නොකතා හැරීම ගංවතුර උවදුරුවලට රට මූණදීල තියෙනව.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් හැමතැනකම ස්ථානගත කරල නැහැ. ඒ නිසා ජනත.ාවට එම ආයතනයේ අනුමැතිය ලබාගන්න අවශ්‍ය වුවත් සැරයක් දෙකක් රස්තියාදු වෙලා අවසානයේදී ඉදිකිරීම් සහතියකයක් නොමැතිවම ඉදිකිරීම් කරනව.
ප්‍රදේශීය සභා නිසි ප්‍රමිතියක් නැතුවත් අනුමත කරනව. නිලධාරීන් බෑ කිව්වත් සභාපති අනුමැතිය දෙන්න කියනව, මොකද ඔවුන්ට තම ජන්දදායකයා රැුක ගැනීමට අවශ්‍ය නිසා. ඉදිකිරීම් සඳහා මූල්‍ය පහසුකම් සපයන බැංකු ග්‍රාමීය බැංකුව, සණස බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකු වැනි බැංකු (ක්ෂුද්‍ර ණය ලබා දීමේ බැංකු* ණය දීමට ප්‍රථම සොයා බැලීමක් කරන්න ඕනැ අවශ්‍ය අනුමැතීන් අරගෙන තියනවද කියල. එහෙම නැත්නම් ණය මුදල් නිදහස් කිරීම කිසිසේත්ම නොකළ යුතුයි. ප්‍රධාන බැංකු නම් නිසි අයුරින් කටයුතු කරන බවක් පේන්න තියෙනව.
ඔබ සඳහන් කරනලද පාරිසරික හේතූන් පමණක් නිසාමද මෙම ගංවතුර ඇතිවීමට හේතු වුනේ.
ඉතාම කෙටි කාලයකදි, අඛණ්ඩව විශාල වර්ෂාපතනයක් පතිත වීමත් මෙම ගංවතුර ඇතිවීමට හේතු වුනා. එම තත්ත්වය අප රට පමණක් නෙමේ ලෝක මට්ටමින් වගකිවය යුතුයි. ලෝකයේ ඇති වන දේශගුණික විපර්යාස නිසයි මෙවැනි තත්ත්වයන් ඇති වෙන්නෙ. මෙවැනි දේශගුණික විපර්යාස ඇති වෙන ක්‍රියාකාරකම් එන්න එන්න වැඩිවෙමින් පවතිනව. මේකට හේතුවන ප්‍රධාන කාරණාවක් තමයි කාබන් විමෝෂණය වීම. එයට ප්‍රධාන හේතුවක් තමයි ගල්අ`ගුරු භාවිතය. මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වේ නොරොච්චෝලෙ බලාගාරය හැදුවෙ නැත්නම් අපි ලෝකෙන් කොන්වෙනව කියල, දැන් සිදුවෙලා තියෙන්නෙ ලෝකෙන් කොන් වීම නෙමේ, අපි ලෝකෙන්ම අසරණ, අනාථයන් බවට පත්වීම.
අපි කාබන් නිකුත් කරන ප්‍රමාණය අඩු ප්රතිශතයක තමයි තියෙන්නෙ. එහෙත් අපි අඩු ප්‍රමාණයක් කාබන් නිකුත් කෙරුවත් ඒක ගෝලීය කාබන් ප්‍රතිශතයට එකතු වෙනව. එම නිසා ව්‍යවසනයන්ගේ ගොදුරු බවට අපි පත්වෙලා තියෙනව. මේ තත්ත්වය තව දුරටත් ඉහළ යෑමක් වෙනව. සාම්පූර්වල විදුලි බලාගාර හදන්න යෝජනා වෙලා තියෙනව. ඒවා වෙනස් කළේ නැත්නම් අපිත් මෙවැනි ව්‍යවසනයන් රැුසකට මුහුණ පාන්න සිද්ධවෙනව. ලෝකයේ ආන්තික දේශගුණික තත්්ත්වයන් ඇති වෙන්නෙ අනවශ්‍ය වශයෙන් දේශගුණික විපර්යාස ඇති වීම නිසයි.
බලවත් ජාතීන්, සම්පත්වල අනිසි පරිහරණය නිසා, විශේෂයෙන් කාබන් විමෝෂණය (කාබන් පිටකිරීම* වැඩිපුර සිදු කිරීම නිසා ඒවාට වන්දි ගෙවන්න සිදුවෙලා තියෙන්නෙ මහ මුහුද ආශ්‍රිතව, බෙංගාල බොක්ක ආශ්‍රීතව ඉන්න අපේ රට, බංගලාදේශය, බුරුමය වැනි රටවල්වලට. මේ රටවල්වලට නිරත්තරයෙන්ම මේ දේශගුණික විපර්යාසයන්ට නිරතුරුවම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනව.
අපි ඉතා ගැඹුරින් කල්පනා කරල, මේ පරිසර ව්‍යවසනය නැති කරගත්තෙ නැත්නම් අපිට එන්න එන්නම දේශගුණික විපර්යාසවල ප්රතිඵලයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනව.
පරිසරය භාර අමාත්‍යතුමා වන්නේ ජනාධිපතිතුමාමයි. ඉතින් එතුමාට හැකියාව තියෙනව නේද තම බලය යොදවල පරිසර නීති අකුරටම ක්‍රියාත්මක කරන්න.
බොහෝවිට සිදුවන්නේ අශ්වයා පැනල ගියාට පස්සෙ ස්ථාලය වසන එකයි. ගංවතුරින් පස්සේ එතුමා දැඩි තීරණයක් ගත්ත පහත් බිම් ගොඩකිරීම නැවැත්වීමට. එය ඉතාම සාධනීය පියවරක්. ඒක ඒ අයුරින්ම ක්‍රියාත්මක වෙනව නම් හොඳයි.
ඉදිරියෙදි මෙගා පොලිස් සිටි ආරම්භ කරනව. ගංවතුරින් යට වූ ප්‍රදේශත් මෙගා පොලිස් සිටි ඉදිකිරීම් වලට අහුවෙනව. මෙයින් දැනට ඇති තත්ත්වය උග්‍ර අතට හැරෙන්න බැරිද?
ජනාධිපතිතුමාගේ වගකීම වෙන්න ඕනෙ සාමාන්‍ය මිනිස්සු කරන ගොඩකිරීම් නතර කරන එක විතරක් නෙමෙයි. මහා පරිමාන ඉදිකිරීම් ගැනත් සොයා බැලිය යුතුයි. මෙඝා පොලිස් සිටි ඉදිකිරීමට පෙර සම්පූර්ණයෙන් පරිසර හිතකාමී වැඩපිළිවෙලක් අනුගමනය කළ යුතුයි.
ගංවතුර තර්ජන ඇතිවීමට අධිවේගී මාර්ග බලපෑම් කෙරුවද?
මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලින්, විශේෂයෙන් කොළඹ – වටරවුම් , කොට්ටාව – මාතර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ක්රමවේදයේම වැරැුද්දක් තියෙනව. කඳු කපල බිම පුරෝල කරන ක්‍රමය මේ රටට ගැලපෙන්නෙ නෑ. ප්‍රධාන ජල මාර්ග කිහිපයක් හරහා තමයි ඔය අධිවේගී මාර්ගය ගමන් ගන්නෙ. කලූ ග`ග, බෙන්තර ග`ග, ගිං ග`ග, පොල්අතුරමෝදර ග`ග ඒවායි. ඒ ප්‍රදේශ පුරවල තමයි අධිවේගි මාර්ගය ඉදිකරල තියෙන්නෙ. අපි යෝජනා කෙරුවෙ කණු මත ඉදිකරන්න කියලයි. වියදම වැඩි වුනත්, කොලම්ස් මත පාර ඉදිකරනව නම් ගංවතුර වලින් වන බලපෑම අඩුවෙනව. මිනිස්සු, ගම් දෙකට බෙදෙන්නෙ නෑ. සාමාන්‍ය මිනිසුන්ගේ ජන ජීවිතයට සිදුවන බලපෑම අඩුවෙනව. ඒ වෙලාවෙ මුදලෙ වාසිය බලල වැරදි ක්‍රමවේදයකට යාමත් ගංවතුර තර්ජන ඇති වෙන්න එක හේතුවක්.
