මේ වෙනකොට කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරලා.හේතුව බාල ඖෂධ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශ කිරීම සහ කොළඹ ජාතික රෝහලේ සිද්ධවෙන දූෂණ,වංචා හෙලිකරීම.බාල බෙහෙත් නැති සියලු බෙහෙත් නියමිත ප්‍රමිතියට දෙන ආණ්ඩුවක් යටතේ නං බෙල්ලන එහෙම කියලා තියෙන්නේ ඒක වැරඳියි.ඊළඟට හොරු අල්ලන්නේ නැති ආණ්ඩුවකට නං ජාතික රෝහලේ දුෂණ,වංචා ගැන කියලා වැඩක් නෑ.
හැබැයි මේ ආණ්ඩුව ආවේ බාල බෙහෙත් වෙනුවට නියම ප්‍රමිතියේ බෙහෙත් ගෙනත් දෙන්න,සෞඛ්‍ය සේවයේ දුෂණ,වංචා නැති කරලා නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන්න.ආණ්ඩුව ඒ කියපු විදිහට සියල්ල කරද්දී බෙල්ලන බොරු කිව්වා නං ඒක කඩා කප්පල්කාරී ක්‍රියාවක්.රජය අපහසුවට පත්කරන්න කරන කුහක ප්‍රකාශයක්.ඒ වගේම අපේ සෞඛ්‍ය සේවය සම්බන්ධව තියෙන විශ්වාසනීයත්වය බිඳවට්ටන්න කරපු කුමන්ත්‍රණයක්.
හැබැයි දැන් පුනරුද ආණ්ඩුවත් බාල බෙහෙත් ගෙනත් බව ඔප්පුවෙලා තියනවා,සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරීන් රෙදි නැතිව නලින්දගේ වංචාව වහන්න කඩේ යනවා,වමනයට දෙන ඖෂධයෙන් රෝගීන් දෙදෙනෙකුට ඇතිවුන සංකුලතා හින්දා මිය ගිහින්.ඒ සැකය මත ඒ මරණ ගැන පරීක්ෂණ පැවැත්වෙනවා.ඒ බෙහෙත දුන්න තවත් විශාල පිරිසකට සංකුලතා ඇතිවුන බව අනිත් රෝහල්වලිනුත් වර්තා වෙනවා.
ඒ රෝහල්වලත් සැක කටයුතු මරණ සිද්ධ වෙලා,ඒ බෙහෙත් ආනයනය කරපු සමාගම විසින් ආනයනය කරපු තවත් ඖෂධ වර්ග දහයක් භාවිතාවෙන් ඉවත් කරලා,දැන් බාල බෙහෙත් ඇඟේ හැප්පෙන තරමට රටපුරා ව්‍යාප්ත වෙලා.හැබැයි දැන් වෙලා තියෙන්නේ බාල බෙහෙත් ගැන කතා කරන අයට දඩුවම් දෙන තැනට මේ තක්කඩි ආණ්ඩුව පත්වෙලා.ඒ සම්බන්ධව මාධ්‍යයෙන් අහද්දී ජනතාවට සත්‍ය කරුණු කියපු වෛද්‍යවරයාගේ වැඩ තහනම් කරලා.ඒක එයා මාධ්‍ය කැඳවලා කරපු මාධ්‍ය සාකච්ඡාවකුත් නෙවෙයි.
එහෙම නං මේ ආණ්ඩුවේ ඇමතිලා පිස්සුවෙන් වගේ කියන කතාවලට මොනවා කරන්න ඕනි?දැන් මේක තනිකරම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ රට බවට පත්වෙලා.බාල බෙහෙත් ගෙනාපු ඇමතියා ඇතුළු බළධාරීන් නිදැල්ලේ.ඒ වගේ ඉන්දියානු බාලා බෙහෙත් මාෆියාවත් එක්ක ගිවිසුම් ගහලා රට පාවාදුන්න කැකිල්ලේ රජා තවමත් යහතින් ඉන්නවා.බාල බෙහෙත් ගැන ජනතාවට කරුණු කියපු කෙනා ගෙදර.මේක තමයි අද මේ රටේ ක්‍රියාත්මක කැකිල්ලේ නීතිය.
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කිරීමේ ලිපිය නිකුත් කරලා තියෙන්නේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.වික්‍රමසිංහගේ අත්සනින්.ඒකේ බෙල්ලනට තියන චෝදනාව ” වගකිව යුතු තනතුරක් දරන රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස පූර්ව අනුමැතියකින් තොරව විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීමයි.”
ඒ ප්‍රකාශ හරහා රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මෙන්ම මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම.ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්වරයාගේ නියමයකට අනුව මේ තීරණය අරන්.ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII වන පරිච්ඡේදයේ 31:1:15 වගන්තිය ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි බෙල්ලනගේ වැඩ තහනම් කරලා.
දැන් තඹුත්තේගම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීතිය රටපුරා ක්‍රියාත්මකයි.කැකිල්ලේගේ තීන්දුවලට අනුව පැමිණිලිකාරයෝ වැරදිකාරයෝ වෙලා විත්තිකාරයෝ නිදහස් වෙනවා.ඒක පහුගිය කාලේ දිගටම සිද්ධිවුනා.දිට්වා සුළි කුණාටුව සම්බන්ධව කරපු අනතුරු ඇඟවීම ශත පකකට ගණන් ගන්නේ නැතිව තමන් යටතේ තියන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක නොකර බකන් නිලාගෙන හිටපු අනුර මේ රටේ ජීවිත සිය ගාණක් මරලා බිලියන ගණනක දේපොල විනාශ කළා.
අන්තිමට අනුරලා ඒ වරඳ පැටෙව්වේ කාලගුණ විද්‍යා නිළධාරීන්ට. තමන්ගෙන් උන වැරැද්දට තමන්ගේ වගකීම තියන අමාත්‍යාංශයේ නිළධාරීන් වැරදිකරුවන් කරනවා.ඊළඟට රංවල බීලා ගිහින් කරපු රිය අනතුරට පොලීසියට බලපෑම් කරලා නීතිය නමලා රංවල බේරගෙන ඒ පොලිස් නිලධාරීන්ම වරඳකාරයෝ කරලා අමාරුවේ දානවා.දැන් වෛද්‍යවරයෙක්ගේ වගකීමට අනුව රෝගීන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් කතා කරපු බෙල්ලනව ගෙදර යවලා.
ඇත්තටම මේ තත්වය යටතේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ට මොකද්ද තියන ආරක්ෂාව.එයාලා කොහොමද බය නැතිව රාජකාරි කරන්නේ.රටේ රාළ කියපු උදාහරණ තුන ආය සලකලා බැලුවොත් කාලගුණ විද්‍යා නිලධාරීන් එයාලගේ පැත්තෙන් කරුණු පැහැදිලි කරලා තිබුණා.ඒ පැහැදිලි කිරීමට අනුව කවුද හරි කවුද වැරදියි කියලා මොලේ කළදක් තියනවා නං හිතාගන්න ගන්න පුළුවන්.රංවලගේ සිද්ධියේදී විතරක් මාලිමාවේ පොලීසිය නිවට නියාලු විදිහට තමන් වැරදිකාරයා වෙලා අකුල ගත්තා.
ඒ අතින් වෛද්‍ය බෙල්ලන ඇත්ත කතා කරලා කැකිල්ලේ තීන්දුව ශත පසකටවත් ගණන් ගන්නේ නැතිව රාජ්‍ය සේවයේ ගෞරවය රැකගෙන කොන්ද පණ තියෙන නිලධාරියෙක් විදිහට බැහැලා ගියා.දැන් ප්රශ්නය තියෙන්නේ බෙල්ලනගේ පැත්තේ නෙවෙයි.දැන් ප්රශ්නය තියෙන්නේ මේ රටේ ජනතාවගේ පැත්තේ.රටේ රාළ අහන්නේ මේ තීරණය ඔයාලා අනුමත කරනවාද?බාල බෙහෙත් ගේන්න අනුමැතිය දුන්න උන් නිදැල්ලේ,බාල බෙහෙත් ගේන්න ඒ සමාගමට අවසරය දෙන්නේ දේශපාලන සම්බන්ධයක් උඩ.
ඒ සමාගමේ බලපත්‍රයවත් තවම අත්හිටවලා නෑ.සෞඛ්‍ය ගබඩාවල තියන ඒ සමාගමෙන් ආනයනය කරපු බෙහෙත් දහයක් මේ වෙනකොට භාවිතාවෙන් අයින් කරලා.එතකොට ඒ පාඩුව යන්නේ කාටද?ඒ විතරක් නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙතෙක් තිබුණ වංචා දුෂණ හොයන්න ආපු ආණ්ඩුව වංචා දුෂණ ගැන කතා කරන අයගේ කටවල් වහලා රස්සාවෙනුත් එලියට ඇදලා දානවා.මාලිමා ආණ්ඩුව දැන් හොරු සමඟ හෙළුවෙන්.දැන් මේ අවනඩුව කාටද කියන්නේ.රටේ රාළ කියන්නේ ජනතාව මේ අවනඩුව අහන්න ඕනි.
හැබැයි අහලා නිකන් ඉන්න ජනතාවට අයිතියක් නෑ.මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරණ මේ ආණ්ඩුව තවදුරටත් තියාගන්නවාද නැද්ද කියලා ජනතාව තීරණය කරන්න ඕනි.මොකද මේ රටේ පරමාධිපත්‍ය බලය තියෙන්නේ ජනතාවට.ඒ පරමාධිපත්‍ය බලය නිසි තැනදී පාව්ච්චි කළේ නැත්තං හෙට දවසේ නලින්දගේ බාල බෙහෙත් බීලා මැරෙන්න අපි කාටත් සිද්ධවෙන්න පුළුවන්.
ඇත්තටම ගෙදර යවන්න ඕනි නලින්ද සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න බත්බැලයෝ ටික.හැබැයි ගෙදර යවලා තියෙන්නේ ඇත්ත කතා කරපු රුක්ෂාන් බෙල්ලන.බෙල්ලන ඔයා ඇත්ත වෙනුවෙන් පෙනී සිටියාට ඩබල් සැලියුට්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.