ගීතාගේ නඩු තීන්දුවෙන් විපක්ෂයට මන්ත්‍රීවරුන් එකොළහක් අහිමිවෙයි !

ගීත කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීමේ නඩු තීන්දුවේ ප්‍රතිපලයක් ලෙස ඒකාබද්ද විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් එකොලොස් දෙනකුට ධුර අහිමිවීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි . ගීතා මන්ත්‍රීකමට නොසුදුසු බව අධිකරණය තීන්දු කළේ නාමයෝජනා භාරදෙන විට ඇය මැතිවරණයට තරන්ගකිරීමට නොසුදුසුව සිටියේය යන පදනම මතයි . එබඳු තවත් අය විපක්ෂයේ මන්ත්‍රී ධුර දරන බව කියති . එමෙන්ම නොසුදුස්සෙකු ගේ නමක් ඇතුළත් වීම එම චන්ද ලයිස්තුවම අවලංගු වීමට හේතුවක් වෙයි . ඒ අනුව එජනිසයේ ගාල්ල සහ මාතර අපේක්ෂක ලැයිස්තු දෙකම අවලංගු විය යුතුය . එහි ප්‍රතිපලය නම් එම ලැයිස්තු වලින් පැමිණ මන්ත්‍රී ධුර දරන සියලු දෙනාට තනතුරු අහිමි වීමයි .

මෙම නීතිමය තත්ත්වය ක්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තුවේ බල තුලනයේ විශාල වෙනසක් සිදුවනු ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *