කිසිදු ප්‍රතිපත්ති වරදකට ඉඩක් නැහැ – මුල්‍ය අරමුදල ආණ්ඩුවට කියයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වී ඇතත්, අර්බුදය තවමත් අවසන් වී නැති බවත්, මෙම තත්ත්වය තුළ කසිදු ප්‍රතිපත්ති වරදකට ආණ්ඩුවට ඉඩක් නැති බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
මුල්‍ය අරමුදලේ ණය මුදලේ ඩොලර් මිලියන 334 ක සිව්වන වාරිකය අනුමත කරමින් මුල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් ය.
මුල්‍ය අරමුදලේ වැඩ සටහන මගින් එකඟ වූ කරුණු අතරින් සමාජ ආරක්ෂණ වියදම් හැර අනෙක් සියලු ඉලක්ක සපුරා ඇති බව මුල්‍ය අරමුදල ප්‍රකාශ කොට තිබේ.
මුල්‍ය අරමුදල කියන්නේ එකඟ වී ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී කිසිදු වරදකට ඉඩක් නැති බව යි.
