|

ජවිපෙ ප්‍රචණ්ඩත්වය අභියස සිට – රටේ රාළ

.
රටේ රාළ කිව්වා වගේම ජවිපෙ ක්‍රමානුකූලව සමාජ මත ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් ඉන්නවා. ජනතාවට මොන බොරුව කියලා බලය ගත්තත් ජවිපෙ හදන්න යන දේශපාලන සංස්කෘතියේ පෙර නිමිති දැන් වටින් ගොඩින් පහල වෙමින් තියනවා. ජවිපෙ කියන්නේ වෙන කිසිම මතයකට කන් දෙන්න ලෑස්ති දේශපාලන පක්ෂයක් නෙවෙයි. ආණ්ඩු බලයගැනීමත් එක්ක ජවිපෙ නොහැකියාව ජනතාවට තහවුරු වෙමින් තියනවා.
දැන් මේ බැරිකම වහගන්න ජවිපෙ අලුත් කතාවක් ගොන්න පටන් අරන්.ජවිපෙට දැන් හම්බවෙලා තියෙන්නේ ආණ්ඩු බලය විතරයිලු.ආණ්ඩු බලයෙන් ලොකු දේවල් කරන්න බැරිලු,එකට රාජ්‍ය බලය ගන්න ඕනිලු.පහුගිය දවසක ඇමති ලාල් කාන්ත ඔය කතාව කිව්වා.ඒ වගේම ජවිපෙ ආසන කමිටුවල ඉන්න සංවිධායකයොත් ගමේ ජෙප්පන්ට ඔය කතාව කියන්න පටන් අරන්.සාමාන්‍යයෙන් ඔය කතාව ජෙප්පන්ට නැගලා යන කතාවක්.
මොකද රාජ්‍ය බලය අත්පත් කරගන්නවා කියන එක ඇතුලේ වැඩිපුර තියෙන්නේ ප්‍රචණ්ඩත්වය. ජවිපෙ රාජ්‍ය බලය අත්පත් කරගන්න ඕනි කියන කතාවෙන් වැඩ කීපයක් බලාපොරොත්තු වෙනවා .එකක් තමන්ගේ සාමාජිකයන් තවදුරටත් රඳවා ගැනීමේ උපක්‍රමයක් මේක.දැන් මේ අසාර්ථකත්වයට හේතුව රාජ්‍ය බලය නැතිකම බව ජවිපෙ ජෙප්පන්ට පොවමින් ඉන්නවා.එහෙනම් දැන් තියන එකම විසදුම රාජ්‍ය බලය අත්කර ගන්න එකයි.
ඒ හරහා එයාලාට පාලත් පාලන මැතිවරණය ඇතුලේ තමන්ගේ සමාජිකයන් ප්‍රචණ්ඩත්වයට යොදාගන්න පුළුවන්.ඒ වගේම සමාජ බලවේග මත ප්‍රචණ්ඩත්වය මුදා හරින්න සහ ඒ හරහා තමන්ගේ වැඩ ටික කරගන්නකම් සමාජය නිර්වින්දනය කරලා තියන්න එයාලා බලාපොරොත්තු වෙනවා.අනුර ජනාධිපති උන ගමන් එයාලට මේ ප්‍රචණ්ඩත්වය මුදා හැරීමේ අමාරුවක් තිබුණා.අනුර ජනාධිපතිට උනාට ජනාධිපතිවරණයේදී අවශ්‍ය බහුතරය ගන්න අනුරට බැරිවුනා.
ඒක නිසා ජවිපෙ ඇතුලේ තිබුණ සුදානම තාවකාලිකව කල් දාන්න ජවිපෙට සිද්ධවුනා.මහා මැතිවරණයෙන් පස්සේ ජවිපෙට හම්බවුන අසීමිත බලය විසින් එයාලා ආයෙත් සුපුරුදු ප්‍රචණ්ඩ මනසට ඇවිත් තියනවා.දැන් ජවිපෙ අවස්ථා කීපයකදී ඒ ප්‍රචණ්ඩත්වය සමාජයට මුදා හැරලා තියනවා.අවස්ථා කීපයකදී විශ්ව විද්‍යාල මත ඒ ප්‍රචණ්ඩත්වය මුදා හරින හැටි අපි දැක්කා.විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ භාෂණයේ නිදහස අද ජවිපෙ මාලිමා ආණ්ඩුව උදුරාගෙන තියෙනවා.
ඒ වගේම පහුගිය දවසක කඹුරුපිටියේ තිබුණ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ උද්ඝෝෂණයට ජවිපෙ කණ්ඩායමක් ඇවිත් තර්ජනය කරන හැටි අපි දැක්කා.මේ ප්‍රචණ්ඩත්වයේ අලුත්ම සිද්ධිය පහුගිය 12 වෙනිදා වාර්තා වුනා.ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අගුණකොලපැලැස්සේ සංවිධාන කරපු ගොවි සමුළුවක් කඩාකප්පල් කිරීමෙන්.ඒ සම්මන්ත්‍රණයකට කඩා පැන්න ජවිපෙ අය කිව්වේ දිස්ත‍්‍රික්කයේ කිසි තැනෙක ඒ වගේ රැස්වීම් තියන්න ඉඩ දෙන්නේ නෑ කියලයි.
” ගොවිතැනේ කුඩිත්තෝ සහ අම්බරුවෝ ” යන තේමාවෙන් සංවිධාන කරලා තිබුණ සම්මන්ත්‍රණයේදී ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු‍ ගැන සාකච්ඡාවක් යොදාගෙන තිබුණ බවයි පෙරටුගාමීන් කිව්වේ. ජවිපෙට සම්බන්ධ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක සුනිල් රත්නායක ඇතුළු ජවිපෙ සාමාජික පිරිසක් තමයි එතෙන්ට පැනලා රැස්වීමේ පසුතලය ගලවලා සංවිධායකයන්ට තර්ජනය කරලා තිබුණේ.
එයාලා කියන්නේ වීවලට ගොවීන්ට සහ පාරිභෝගිකයින්ට පිළිගත හැකි සාධාරණ සහතික මිලක් රජය දීලා තියෙන හින්දා ගොවියා වෙනුවෙන් කතා කරන්න කාටවත් බෑ කියලයි.පෙරටුගාමින් කියන දේ සමාජය පිලිගන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්.හැබැයි ඒ කතාව කියන්න එයාලට තියෙන අයතිය පැහැරගන්න ජෙප්පන්ට බෑ.මිට කලින් අනුරට දිට්ඨියධම්මවේදනීය කර්මය පල දෙයි ලිපියෙන් රටේ රාළ කිව්ව ප්‍රචණ්ඩත්වය සහ පලිගැනීම ජවිපෙ පටන් අරන් තියනවා.
එතනදී ජවිපෙ හිටලා ජවිපෙන් වෙන්වෙලා ගිය අයට ජවිපෙන් කිසිම සමාවක් නෑ කියලා රටේ රාළ කලින්ම කිව්වා.ඒක නිසා මේ මර්ධනයේ මූලික ඉලක්කයක් බවට පෙරටුගාමීන් පත්වෙන එක නවත්තන්න බෑ.හැබැයි මර්ධනය තියෙන්නේ පෙරටුගාමීන්ට අපට නෙවෙයි කියලා අපි බලා ඉන්නවා නම් අපි කරන්නේ මර්ධනයට අපි ලගටත් අරන් එන්න ජෙප්පන්ට ලයිසන් දෙන එකයි. ඇත්තටම ජවිපෙ විපක්ෂයේ ඉන්දැද්දී ඔය වගේ තුට්ටු දෙකේ වැඩ ඒ ආණ්ඩුවලින් කළේ නෑ.
ලංකාවේ ඕනිම තැනක විරෝධතා සංවිධානය කරන්න,රැස්වීම් තියන්න,පෙලපාලිය යන්න ජවිපෙට ඕනි තරම් නිදහස තිබුණා.හැබැයි දැන් ආණ්ඩුව එරෙහිව රැස්වීම් තියන්න බෑ.ටිල්වින්ගේ ප්‍රාදේශීය ගම් බට්ටෝ දාලා ඒවට ගහනවා.රටේ රාළ කියන්නේ ආණ්ඩුව ගන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග කවුරු ඉලක්ක කරගෙන කලත් ඊට විරුද්ධ වෙන්න කොන්දක් විපක්ෂයට තියෙන්න ඕනි.ඒ වගේම ඊට එරෙහිව ජනතාව සංවිධානය කරන්න ඕනි.
එළඹෙන පලාත් පාලන ඡන්දයත් එක්ක දේශපාලන දඩ බල්ලන් ලෙහලා දාන්න ජවිපෙ මාලිමා එකමුතුව ලෑස්ති වෙලා ඉන්නවා.අණ්ඩුවට ජනතා ප්‍රශ්න විසදන්න බැරිවෙන්න,බැරිවෙන්න,ජනාධිපති සහ ආණ්ඩුව ජනතාව ඉස්සරසා ජෝක් වෙන්න ජොක් වෙන්නේ ජනතාවට එල්ලවුන ප්‍රචණ්ඩත්වය තව තවත් වැඩිවෙනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 5 people, crowd and text that says 'VAVAV'

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *