අවුරුදු 76ක් තිස්සේ විනාශ කරපු රටක් මාස කීපයකින් මේ තත්ත්වයට ගෙනාපු එකම මදිද කියලා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීලා ගොඩ දෙනෙක් නිතර නිතර කියනවා.හැබැයි මොකද්ද කළේ කියලා ඇහුවම දෙන්න උත්තරයක් නෑ. සමහරු නං ලැජ්ජාව පැත්තකින් තියලා කියනවා බංකොලොත් වෙච්චි රටක් මාස දෙකෙන් ගොඩගත්ත එකම මදිද කියලා.ලැජ්ජාව කියන එක ගැවිලාවත් නැති අය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගෙන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ CCC+ ගත්තා කියලත් කියනවා.
ටිල්විනුත් එහෙම කියපු තැන් කීපයක් තිබුණා.
ඩොනල්ට් ට්‍රම්ප්ටත් වැඩිය අනුර සහෝදරයා වැඩ කලා කියලා බිමල් කියපු කතාව නං දැන් කියන්නේ නෑ.එක පට්ට ගොං කතාවක් කියලා බිමල්ටම තේරිලා අකුල ගන්න ඇති.ඊළඟට ජවිපෙ මාලිමා සෙට් එක කියන්නේ මේ අමාරුවෙන් ගත්ත ජයග්‍රහණය පරිස්සම් කරගන්න ඕනි කියලයි.ආයෙත් රට හොරුන් අතට දෙන්න බෑ කියලත් කියනවා.පළාත් පාලන මැතිවරණය දිනලා රට දිනවන ගමන ආරම්භ කරනවා කියලත් කියනවා.
මේ දවස්වල ජවිපෙ මාලිමා මන්ත්‍රීලගෙන් එන්නේ ඔය වගේ පොදු කතාව.මේකෙන් අපිට එක දෙයක් පැහැදිලියි.ජවිපෙ සහ මාලිමාවේ දැන් ළඟම ඉළක්කය වෙලා තියෙන්නේ පලාත් පාලන ඡන්දය. ජවිපෙ දේශපාලන ගමනට පලාත් පාලන මැතිවරණ ජයග්‍රහණය අතිශයින්ම වැදගත්. බැරිවෙලා හරි පලාත් පාලන ඡන්දය පැරදුනොත් ජවිපෙ මේ දක්වා එකතු කරගත්ත සියල්ල අවසන් වෙනවා.ජවිපෙ ගමන අවසන් කියන තහවුරුව සමාජයට එනවා.
ඇත්තටම ජවිපෙ පලාත් පාලන මැතිවරණය දිණුවත් වෙන්නේ ඒකම තමයි.හැබැයි ඒකට යම් කාලයක් යනවා.ඒක නිසා මොන විදිහකින් හරි මාලිමාවට පලාත් පාලන මැතිවරණය දිනන්න ඕනි.ජවිපෙ ඇතුලේ පලාත් පාලන මැතිවරණය සම්බන්ධව තියෙන තක්සේරුව හරි කියලා රටේ රාළත් විශ්වාස කරනවා.ජවිපෙ හිතන්නේ පලාත් පාලන ඡන්දය දිනන්න පුළුවන් හැබැයි ඒකට ලොකු බරක් දාන්න ඕනි කියලයි.ඒකට අභයන්තර වශයෙන් ලොකු බරක් ටිල්වින් ඇතුළු සංවිධායකයෝ තියලා තියනවා.
ඒ වගේම අනුරත් ගම සමඟ පිලිසදර පටන් අරන් තියනවා.ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව බලද්දී පලාත් පාලන මැතිවරණයේ ප්‍රකාශ වෙන ඡන්ද ප්‍රතිශතය ඉතාමත් අඩු මට්ටමකයි තියෙන්නේ.ගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට ගත්තත් ඡන්ද ප්‍රකාශ වීමේ ප්‍රතිශතය ගොඩක් අඩුයි.මේ මැතිවරණයේත් ප්‍රකාශ වන ඡන්ද ප්‍රතිශතයේ ලොකු කඩා වැටීමක් තියෙයි.
ඒක පැත්තකින් ජනතාවගේ ජාතික මැතිවරණයකට තිබුණ උනන්දුව පලාත් පාලන මැතිවරණය සම්බන්ධව හැදෙන්නේ නෑ.ඊළඟට ජවිපෙ සහ මාලිමා ආණ්ඩුවේ ජනප්‍රියත්වය මේ මාස කීපයට වේගයෙන් පිරිහිලා තියනවා.හැබැයි එහෙම පිරිහුණත් ඡන්දදායකයාට තවමත් විකල්පයක් නෑ.ඒ කළකිරෙන ජන්දදායකයා උද්දීපනය කරලා තමන් ළඟට ගන්න විපක්ෂයට බෑ.විපක්ෂය මහ මැතිවරණයෙන් පස්සේ වැටුන මර නින්දෙන් තවම ඇහැරිලා නෑ.
ජවිපෙ ඒක හොඳට අවබෝධ කරගෙන තියනවා. ඒක නිසා ජවිපෙ හදන්නේ මේ තත්වය ඇතුලේ ගේමක් ගහන්න.ගිය මහ මැතිවරණය ඇතුලේ උනෙත් ඒක.රටේ රාළ හිතන්නේ නෑ ගිය මහ මැතිවරණ ප්‍රතිඵල ජවිපෙ සැලසුම් කරලා ගත්තා කියලා.හැබැයි ජවිපෙ ඒ අද්දැකීම මේ පලාත් පාලන මැතිවරයණයට පාව්ච්චි කරගන්නවා.ඒ කියන්නේ අඩු ඡන්ද ප්‍රතිශතයක් වැටෙන වෙලාවක තමන්ගේ ඡන්ද ටික දාගන්න පුළුවන් නම් ප්‍රකාශිත ඡන්ද සංඛාවේ ලොකු ප්‍රතිශතයකට යන්න පුළුවන්.
ඒක නිසා තමන්ට සමීප ජවිපෙ සහ මාලිමා කවය හරහා උපරිම ඡන්ද ප්‍රමාණයක් ඡන්ද පොලට ඇදගන්න ජවිපෙ උත්සාහ දරයි.හැබැයි දැන් තියෙන තත්වය යටතේ ඒක කරන එක ජවිපෙට දැවැන්ත අභියෝගයක්.සමූපකාරය ඡන්ද පිට පිටම පරිදින එකෙන් ඒ උත්සාහයට එල්ල වෙන්නේ මරු පහරක්.ජවිපෙ පරදිනවා කියන මානසිකත්වය සමාජයට කාන්දුවීම දැන් සිද්ධවෙලා ඉවරයි.ඒ වගේම පූර්ණ විශ්වාසයෙන් ජවිපෙ සහ මාලිමාව දිහා බලපු ජනතාව දැන් සැකයෙන් බලන්න පටන් අරන්.
ජවිපෙ කියන්නේ බොරු කියන එක දැන් නොදන්න කෙනෙක් නෑ.ජවිපෙට ඕනි කරන ලොකුම සපෝට් එක දෙන්නේ විපක්ෂයෙන්.විපක්ෂ තවම ඉන්නේ මර නින්දේ.එජාප පැත්ත බැලුවොත් තලතා අවධිවෙලා හිටියට තවම එජාපය අවධිවෙලා නෑ. අලි නිදාගත්තම නැගිට්වන්නත් ලේසි නෑ.අලින්ට තියෙන්නේ අලි නින්දක් හින්දා වෙන්න ඇති.සජබ එජාප එකතුව ගැන යම් බලාපොරොත්තුවක් දෙපැත්තේම පහල බලවේගවලට හැදිලා තියනවා.
ඔය මොන කතා ගියත් අන්තිමට ඕක කඩාකප්පල් වෙයි කියන බයත් එයාලට තියනවා. රටේ රාළත් විශ්වාස කරන්නේ නෑ එජාප සජබ එකතුවක් පලාත් පාලන ඡන්දයට හැදෙයි කියලා. තලතාට ඒක කරන්න පුළුවන් නම් ඒක එජාපයේ ලොකු ජයග්‍රහණයක්.එජාපය උනත් තවම අර යන අධිපතිවාදයෙන් මිදිලා නෑ.සිලින්ඩරය යටතට එකතු වුන ඡන්දදායකයා එජාපය ගෙන්න ගන්න එජාපය අසමත් වෙලා තියනවා. සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රි රවීලගෙන් වැඩක් ගන්න තවමත් තලතට බැරිවෙලා තියනවා.
තවමත් එජාප මෙහෙයුම් උඩින් ඉන්නේ රනිල් පරද්දන්න වැඩිම දායකත්වය දුන්න අය.සජබය උනත් ලොකු ක්රියාකාරීත්වයක නෑ.පොදුජන එක්සත් පෙරමුණත් තවම සක්‍රීය වෙලා නෑ. ලසන්තලා,අනුර ප්‍රියදර්ශනලා,ලන්සලා යම් උත්සාහයක් ගත්තත් තවම මහ පොලොවේ පලාත් පාලන මැතිවරණය ඉලක්ක කරගත්ත මෙහෙයුමක් යන්නේ නෑ.පොහොට්ටුවට අනුරලා ටිකට් එකක් ඇදලා දීලා තියනවා.
අනුරලා හොරු අල්ලන්න ආවට ඒකත් හරියට කරන්න බෑ කියන එක යෝෂිත අත්අඩංගුවට ගැනීමෙන් ඔප්පුවුනා.යෝෂිත සෙනසුරාදා අත්අඩංගුවට ගත්තේ දවසක් හරි කූඩුවේ තියන චේතනාවෙන්.ඒක හොරු ඇල්ලීමට වඩා වෛරය පිට කිරීමක් බව රටට පෙනුනා.සදුදා යෝෂිතට ඇප දෙමින් විනිසුරු කිව්වේ විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි නෑ කියලයි.
යෝෂිත අත්අඩංගුවට ගැනීමෙන් මේ ආණ්ඩුවත් පලිගැනීමේ ආණ්ඩුවක් බව තහවුරු කරන්න රාජපක්ෂලාට පුළුවන් වුනා.මහින්ද සහ මහින්ද පවුල ටාගට් කරනවා කියන එක තහවුරු කිරීමේ වාසිය පොහොට්ටුවට තියනවා.ඒවා ගැන අනුර සහ අධිකරණ ඇමැතිට පැහැදිලි කිරීම් කරන්න වීමෙන් ඒක තේරෙනවා.අනුරගේ ආණ්ඩුවේ දියාරු වැඩවලින් වෙන්නේ හොරු අල්ලන සටන් පාඨ අනුරලා විසින්ම දියාරු කරන එකයි.ඒක අනුරලා හොරුන්ට දෙන වක්රාකාර චාන්ස් එකක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.