අනුර ජනාධිපතිවෙලා දැන් දින සීයත් පැනලා ඉවරයි.දින සීයක් ඇතුලත කරපු කිසිදෙයක් නෑ කියන චෝදනාව හැම පැත්තෙන්ම අනුරට එල්ල වෙනවා.අනුරගේ Clean Sri Lanka වැඩපිලිවෙල උනත් ජනවාරි පලවෙනිදා පටන් අරන් දෙවෙනිදා අභාවයට ගියා.ඊට පස්සේ ජවිපෙ කුලී ලියන්නෝ ටික කියන්න පටන් ගත්තේ අනුරගේ චීන සංචාරයෙන් පස්සේ ඔක්කොම හරි කියලයි.අනුර චීනේ ගියා ආවා.ඊට වැඩිය මහ ලොකු දෙයක් වෙන්නේ නෑ කියලා රටේ රාළ කලින්ම කිව්වා.
ආයෝජන කීපයක් ගැන සාකච්ඡාවක් සිද්ධවෙලා තියනවා.චීනය හම්බතොට ආශ්‍රිතව තෙල් පිරිපහදුවක් හදන්න අයෝජනය කරන්න ලෑස්ති බව කියනවා.කොහොමත් චීනය හම්බතොට වරායේ දියුණුව ගැනත් හිතන්න ඕනි. සයිනොපෙක් කියන්නේ දැනටත් ලංකාවේ ආයෝජන කරන සමාගමක්.මේ කියන තෙල් පිරිපහදුවේ යොජනාව එන්නේ මෛත්‍රීගේ ආණ්ඩුව යටතේ.ඒ ජවිපෙ ලංකාව චීනයට විකුණන්න හදනවා කියන කාලේ.
ඊට පස්සේ රනිල්ගේ ආණ්ඩුව මේ යෝජනාව සක්‍රීය තත්වයට ගේනවා.දැන් අනුර ගිහින් ඒක අනුමත කරලා ගිවිසුම අත්සන් කරලා එනවා. ඇත්තටම ඒක ලංකාව ඇතුලේ කරන චීන උපායමාර්ගික මැදිහත්වීමක්.කොහෙම උනත් ඒ ආයෝජනය එනවා නම් අපේ රටටත් යහපතක් වෙන බව පිලිගන්න ඕනි.
හැබැයි මේ මොනවා උනත් අනුරට බටහිර සහ ඉන්දියානු න්‍යාය පත්‍රය ඉස්සරහා දණ ගහන්න වෙන එක නවත්තන්න කාටවත් බෑ.දැන් මාලිමා – ජවිපෙ කුලී ලියන්නෝ සෙට් එක කියන්නේ අයවැයෙන් පස්සේ ඔක්කොම හරි කියලා.එහෙම කියලා ප්රශ්නය පෙබරවාරි 21ක වෙනකම් කල් දාගන්න හදනවා.හැබැයි දවසින් දවස මාලිමා ගිනිකන්ද සක්‍රීය වෙමින් තියනවා.තවමත් එලියට ලාවා විදාරණය වෙන්න පටන් අරන් නැතත් ඇතුල සක්රීයවෙලා තියනවා.
මෙතනදි ජවිපෙට අභයන්තර සහ බාහිර ප්‍රශ්න ගණනාවකටම මුහුණ දෙන්න වෙනවා.ජවිපෙ මේ වෙනකොට ඉස්සරහට අරන් යන්නේ රනිල්ගේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය.හැබැයි ජවිපෙ සාමාජිකයාගේ ඔළුවේ තියෙන්නේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට සම්පුර්ණයෙන්ම පටහැනි මතයක්.ඒක ජවිපෙ සාමාජිකයාගේ ඔළුවට කවලා තියෙන්නේ.ජවිපෙ පළවෙනි පන්තිය ” ධනේශ්වර ක්රමයේ අර්බුදය ” ඇතුලේ කතා කරන්නෙත් මේ ආර්ථික අර්බුදය ගැන.
ජවිපෙ ඉගැන්වීම් එහෙම තියෙද්දී වර්තමාන ජවිපෙ නායකයා තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය විදිහට පවත්වාගෙන යන්නේ රනිල්ගේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය.මේ මතවාදී ගැටුම ජවිපෙ ඇතුලේ සැලකියුතු තැනකට දැන් වර්ධනය වෙලා. ජවිපෙ ආර්ථික වශයෙන් ඇණ ගන්න හැම පාරක් ගානේ ජවිපෙ ඇතුලේ නායකයින්ගේ මේ දෙබඩි ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරෙනවා.ඒ වගේම මාලිමා – ජවිපෙ ගැටුම මේ කාලය ඇතුලත සැලකිය යුතු වර්ධනයක් පෙන්නනවා.
අගමැති හරිනි උනත් දැන් වැඩිය සද්ධ නෑ.නිහඩ වෙලාද,නිහඩ කරවලාද කියන්න තවම කල් වැඩියි.රටේ රාළ මීට කලින් ලිපියක කිව්වා අගමැති හරිනි විදෙස් තානාපති අංශ සහ විදේශීය ආයතනවල වැඩි වශයෙන් තහවුරු වෙමින් ඉන්නවා කියලා.ජවිපෙ ඒක කොයි තරම් කලයක් ඉවසයිද දන්නේ නෑ කියන එකත් රටේ රාළ එදා කිව්වා.දැන් ටික ටික පැලවත්තේ කොන්දේසි එලියට එන්න පටන් අරන්.මාලිමාවේ මැති ඇමතිලට පක්ෂයේ අවසරයකින් තොරව මාධ්‍ය සාකච්ඡාවකටවත් සහභාගී වෙන්න බෑ.
කිසිම තානාපති කෙනෙක් හම්බවෙන්න,ගනුදෙනු කරන්න බෑ.ඇත්තටම ඒක හරිනි ඇතුළු තවත් කීපදෙනෙක් ඉලක්කය කරගෙන පොදු හැඩයෙන් දාපු කොන්දේසියක්.හැබැයි වසන්ත සමරසිංහට ඒ කොන්දේසි අදාලා නෑ.ඕනි මාධ්‍යයකට,ඕනිම වෙලාවක,ඕනි බොරුවක් කියන්න ඕනිවටත් වැඩිය නිදහස වසන්තට තියනවා.මාලිමා පාර්ශවය ඉළක්ක කරගෙන පැල්වත්ත මූලස්ථානයෙන් එන මේ කොන්දේසිවලට එරෙහිව කසුකුසුවක් දැනටත් මාලිමා කණ්ඩායම ඇතුලේ තියනවා.
ජවිපෙ ඇතුලේ වගේම මාලිමාව සහ ජවිපෙ අතර ගොඩනැගෙන මේ අභයන්තර ප්රතිවිරෝධය අඩු වැඩි වශයෙන් ආණ්ඩුව ඇතුලේ දැනුත් තියනවා. අර්බුදය වැඩි වෙන්න වෙන්න ඒ තත්වයනුත් වර්ධනය වෙනවා.ඊළඟට ජවිපෙ ආණ්ඩුවට එල්ල වෙන ජනතා විරෝධය දවසින් දවස වැඩි වෙමින් තියනවා.අද ජවිපෙ විවේචනය කරන බහුතරය මාලිමාවට ඡන්ද දුන්න අය.ජවිපෙට තිබුණ ගොවි පදනම දැන් ඉවරයි.
ජවිපෙ එකක් පාරේ අරගල කරපු ගොවියාට ජවිපෙ ආණ්ඩුවෙන් වෙන ආණ්ඩුවකින් දෙන තරම්වත් සහනයක් දුන්නේ නෑ.Clean Sri Lanka පටන් අරන් දවස දෙක යනකොට පෞද්ගලික බස් සංගම් සහ ත්‍රීවීල් සංගම් ජවිපෙට එරෙහිව නැගිට්ටා.ජවිපෙත් එක්ක වැඩ වර්ජන කරපු වෘත්තීය සමිති ආයෙත් වෘත්තීය අරගලවලට ලෑස්ති වෙනවා.විශ්ව විද්‍යාල පද්ධතියම ජවිපෙට එරෙහිවෙලා.හාල්,පොල්,ලුණු වගේ ප්‍රශ්නයත් එකක් පාරිබෝගිකයා ඉන්නේ ජවිපෙත් එක්ක මළ පැනලා.පහුගිය මැතිවරණවලදී ජවිපෙට භික්ෂු සමාජයෙන් ලොකු සහයෝගයක් හම්බවුනා.
සමහර භික්ෂුන් වහන්සේලා මාලිමාව වෙනුවෙන් කැන්වසින් පවා ගියා.හැබයි ජවිපෙන් බෞද්ධ සංස්කෘතියට එල්ලවෙන ප්‍රහාරයත් එක්ක බෞද්ධ භික්ෂුව ඇතුලේ ජවිපෙ විරෝධී මතය වර්ධනය වෙමින් තියනවා.මේ තත්වය තවමත් ජවිපෙට අවබෝධ වෙලා නෑ.විශේෂයෙන්ම මේ විරෝධය සමනය කරගන්න ජවිපෙ කරන්නේ තවදුරටත් බොරු කියන එක සහ ජනතාවගේ ප්‍රශ්න හාස්‍යයට ලක්කරන එකයි.එහෙමත් නැත්තං ප්රශ්නය සීයා පිට පටවලා සීයව තවදුරටත් පතුරු ගහන එකයි.
උදාහරණයක් විදිහට හාල් ප්‍රශ්නම ගත්තොත් ඒක බරපතල ප්‍රශ්නයක්.භැබැයි ජවිපෙ මන්ත්‍රීලට ඒක පොඩි ප්‍රශ්නයක්.ජවිපෙ මන්ත්‍රීලා කියන්නේ විපක්ෂය හාල් වගේ පොඩි ප්‍රශ්නයක් අල්ලගෙන දඟලනවා කියලා.මේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්.එහෙව් රටක හාල් ප්රශ්නය පොඩි ප්‍රශ්නයක් වෙන්නේ බත් කන අයට නං වෙන්න බෑ. වසන්ත සමරසිංහ කරන කරන ප්‍රකාශයක් ගානේ එයාගේ නොහැකියාව තහවුරු වෙනවා වගේම ආණ්ඩුව සම්බන්ධව ජනතාවගේ වෛරය වර්ධනය වෙනවා.
ඊළඟට රනිල් ගැන නැවත අනුකම්පාවකුත් ඇති වෙනවා.ඇත්තටම රනිල් අනුරට රට බාරදෙද්දී මේ කිසිම පෝලිමක් තිබුණේ නෑ.හාල් තිබුණේ 175 ට වඩා පහලින්,පොල් තිබුණේ රුපියල් 100 වඩා පහලින්.වසන්තට වෙළඳපොල කලමනාකරණය තේරෙන්නේ නෑ.වසන්ත හොඳ කයිවාරුකාරයෙන් විතරයි.වරාය වගේ තැනක සිද්ධවෙන අකාර්යක්ෂමතාවය හින්දා නැව් තිසහක් ආපහූ හරවගෙන යනවා.බිමල්ලාත් කයියනායකයෝම තමයි බලනකොට.
කොහොම හරි මේ පීඩනයට දැන් කඩපොලේ,බස් එකේ,ත්‍රීවීල් එකේ,සති පොලේ කතාවෙන්න පටන් අරන්.වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා මේවා එක්තැන් වෙනවා.එකතුවෙලා ඒ පීඩනය තැන් කීපයකින් පුපුරා යන්න පුළුවන්.ආයෙත් ගෝල්ෆේස් පන්නයේ අරගලයක් එන්නේ නෑ.මේ පාර වෙන්නේ එකතැනක තිබුණ ගෝල්පේස් පන්නයේ අරගල රටපුරා නිර්මාණය වීමයි.හැබැයි ඒක ගෝල්ෆේස් වගේ සාමකාමී අරගලයක් නෙවෙයි.
ඒක ජවිපෙට එරෙහිව ජනතාව අතට අහුවෙන දෙයක් අරන් නැගිටින අරගලයක්.ඒකේ ඉස්සරහින්ම ඉන්නේ ජවිපෙට ඡන්දය දීපු බහුතරය.ජවිපෙ මේ තත්වය තේරුම් අරන් රටේ ප්‍රශ්නවලට උත්තර හැදුවේ නැත්තං ජවිපෙ ගිනිකන්ද අනිවාර්යෙන්ම පිපිරෙනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා
මීට
රටේ රාළ.