මන්ත්‍රීධුරය සොරකම් කළ රවී එජාප නායකත්වයෙන් කැපෙයි
එජාප නායකත්වයේ අනුමැතියකින් තොරව සිලින්ඩරයේ ජාතික ලැයිස්තු ධුරයට තමන්ගේ නම යවා එයට පත් වූ රවී කරුණානායක මහතා එජාප සංවිධාන කටයුතුවලට සම්බන්ධ කර නොගැනීමට පක්ෂ නායකයින් කටයුතු කොට ඇති බව වාර්තා වෙයි.
පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු පිළිබඳ පසුගිය දිනවල පැවති සාකච්ඡා කිසිවකට රවී කරුණානායක මහතා සහභාගී කරවාගෙන නැත.
මන්ත්‍රී ධුරය පැහැරගෙන පක්ෂයේ එක ම මන්ත්‍රී ලෙස නායකත්වයට අභියෝග කිරීමේ රවී කරුණානායක මහතාගේ උත්සාහය මේ නිසා ව්‍යර්ථ වී ඇතැයි කියති.
මන්ත්‍රී ධුරය රවී කරුණානායක මහතා පැහැර ගැනීම නිසා සිලින්ඩරයට සම්බන්ධ සෙසු පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි තබා තිබු විශ්වාසය ද පළුදු වී ඇතැයි කියති. එම පක්ෂ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ තරග කිරීමට එකඟ වුයේ රනිල් වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ කටයුතු කෙරෙහි පාලනයක් ඇතැයි යන විශ්වාසයෙනි. රවී කරුණානායක මහතගේ ක්‍රියාව නිසා එම විශ්වාසය බිදවැටි ඇත.
පක්ෂ නායකයාගේ විශ්වාසය බිඳ දැමු කරුණානායක මහතා ගැන මින් ඉදිරියට කිසිදු විශ්වාසයක් නොතැබිය යුතු බව පක්ෂයේ සෙසු නායකයින්ගේ මතය වී තිබේ. ඔහුට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව ඇතත්, ඔහු තමන්ගේ දේශපාලන විනාශය කැඳවාගෙන ඇති බැවින් කලබල නොවිය යුතු බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව ද දැනගන්නට ඇත.
එම තත්ත්වය තුළ සිලින්ඩරයේ පක්ෂ ඉදිරි කාලයේ කණ්ඩායම් කිහිපයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බව ද දැනගන්නට තිබේ. මන්ත්‍රීධුර ප්රශ්නය නිසා සන්ධානය බිඳ වැටී ඇතැයි කියති.
කෙසේ වෙතත්, එජාප නායකත්වය තමන්ට ලබා ගැනීමට රවී කරුණානායක මහතා ද මෙහෙයුමක් දියත් කර ඇති බව ද වාර්තා වෙයි.
