|

මාලිමාවේ ගුරු ගීතය – රටේ රාළ

.
පහුගිය සිකුරාදා (20) බස්නාහිර පළාතේ රජයේ පාසල් ගුරුවරුන්ට පළාත් අධ්‍යාපන ලේකම්වරිය නිකුත් කරපු චක්‍රලේඛණයකින් තමන්ගේ පාසලේ සිසුන්ගෙන් මුදල් අය කරන උපකාර පන්ති පැවැත්වීම තහනම් කරලා තිබුණා.ඒ සම්බන්ධව සියලු ගුරුවරුන් දැනුවත් කළ බවට සහතිකයක් ගන්න විදුහල්පතිවරුන්ට උපදෙස් දීලත් තිබුණා.
මෙම උපදෙස් නොතකා කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගන්න බවත් දැනුම් දීලා තිබුණා.ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ගුරු කාර්යක්ෂමතා කඩයිම සදහා දැනට පවත්වනු ලබන මොඩියුලර් 20 ම සම්පුර්ණ කරන්න ඕනි කියලත් චක්‍රලේඛණයක් නිකුත් කරලා තිබුණා.
ජවිපෙ හිටපු වෘත්තීය සමිති නායකයෙක් වන කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මැදිහත් වෙලා මේ චක්‍රලේඛණ දෙකම අවලංගු කළා කියලා එයාම කිව්වා.අවලංගු කරලා ඒ ගෞරවය තමන්ගේ එකවුන්ටි එකට දාගන්න මහින්ද Live video එකකුත් කළා.මහින්දට දැන් වැඩ වැඩි නිසා ඉස්සර වගේ මේවට මැදිහත් වෙන්න බැරි බව කියමින් එයාගේ නියෝජ්‍ය ඇමති පුරාජේරුවත් ටිකක් කිව්වා.
ගුරු – විදුහල්පතිවරුන්ට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනිත් අයටත් බටර් පාර ගාන ගමන් මහින්දත් ලකුණු ටිකක් දාගත්තා.මහින්ද එතනදී දැන හෝ නොදැන අධ්‍යාපන අමාත්‍යාංශයේ තියන අකාර්යක්ෂමතාවය නියමෙට පෙන්නලා දුන්නා.
Thank you Mahinda.
මහින්ද කියන විදිහට අධ්‍යාපන ක්ෂත්‍රයේ නොවිසදුණු ප්‍රශ්න රාශියක් තියනවා.වැටුප් හා හිඟ වැටුප් ප්‍රශ්නය ඉන් ප්‍රධානයි.ඒ කිසිවක් ගැන හොයන්නේවත් නැතිව හදිස්සියේ කඩිමුඩියේ මේ වගේ චක්‍රලේඛණ නිකුත් කිරීම වැරදියි කියලා මහින්ද කියනවා.ඒ ගැන ගුරුවරුන්ගේ කලබල විමත් සාධාරණයිලු.මහින්ද ජයසිංහ කරපු පැහැදිලි කිරීම හරහා මතුවෙන අමතර ප්‍රශ්න ගණනාවක් තියනවා.
එකක් තමයි රාජ්‍ය පාලනය සම්බන්ධව මෙයාලට තියන සමස්ථ අවබෝධයේ අඩුව මෙතන බරපතල ප්‍රශ්න විදිහට කැපී පේනවා.මහින්ද කියන්නේ රජය අපහසුතාවයට පත් කරන්න මේක නිළධාරීන් කරපු වැඩක් කියලයි.එහෙම නං ඒ නිළධාරීන් කවුද කියලා මහින්ද ජයසිංහ කියන්න ඕනි.මහින්ද හදන්නේ එයත් බබා වෙලා ගුරුවරුනුත් බබා කරලා අපිත් බබා කරන්න.
මෙතනදී මහින්ද ඇගිල්ල දික් කරන්න හදන්නේ බස්නාහිර පාලත් අධ්‍යාපන ලේකම්වරියටත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ මොඩියුලර් චක්‍රලේඛණය නිකුත් කරපු අතිරේක ලේකම්වරියටයි.ප්‍රශ්න තියෙන්නේ එහෙම එයාලට වරද පටවලා අධ්‍යාපන ඇමතිට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අත පිහදාගන්න පුළුවන්ද කියන එකයි.බස්නාහිර අධ්‍යාපන ලේකම් මේ චක්‍රලේඛණය නිකුත් කරන්නේ ආණ්ඩුකාරවරයාගේ උපදෙස් අනුවයි.
ආණ්ඩුකාරවරයා කියන්නේ පලාතේ ජනාධිපතිගේ නියෝජිතයා.එතකොට එයා රේඛිය අමාත්‍යාංශයේ උපදෙස් නැතිව පියවරයක් ගන්නේ නෑ.දැන් පලාත් කැබිනට් එකක් නෑ.ඒක නිසා එයාට ගයිඩන්ස් ගන්න තියෙන්නේ රේඛීය අමාත්‍යාංශයෙන්.මෙඩියුලර් සම්බන්ධ චක්‍රලේඛණය නිකුත් කරපු අධ්‍යාපන අමාත්‍යාංශ අතිරේක ලේකම්වරිය අමාත්‍යාංශය ලේකම් නාලක කළුවැවගේ උපදෙස්වලින් තොරව එහෙම පියවරකට යන්නේ නෑ.
ඇත්තටම මෙතනින් පේන්නේ ජාතික අධ්‍යාපනය සම්බන්ධව ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුවට නෑ කියන එකයි.ඒත් මැතිවරණවලට ඉස්සෙල්ලා මෙයාලා කිව්වේ හැම ක්ෂේත්‍රයකටම අදාලව හදපු විද්‍යාත්මක වැඩපිලිවෙලක් තියනවා කියලයි.අධ්‍යාපන අමාත්‍යාංශයට අදාලව එහෙම එකක් තියනවා නං ඒක තියෙන්න ඕනි අධ්‍යාපන අමාත්‍යාංශයේ නේද?
එතකොට ඉතින් ඒක තියෙද්දී කාටවත් මහින්ද ජයසිංහ කියන ඔය වගේ පොඩි පොඩි කෑලිවලට චක්‍රලේඛණ ගහන්න ඕනි නෑනේ.දැන් මේ ආණ්ඩුවට වගේම අමාත්‍යාංවලටත් ගෝඨාභයගේ ලෙඩේ බෝවෙලා.ගැසට් සහ චක්‍රලේඛණ රිවස් කරන ලෙඩේ බෝවෙලා.ඒ කියන්නේ මේ ආණ්ඩුවේ ඉහල ඉඳන් පහලට ගෝඨලා පැටව් ගහන්න පටන් අරන්.මහින්ද ජයසිංහ කළේ ආණ්ඩුවේ බැරිකම වහගන්න පහල නිලධාරීන් දෙන්නෙක් බිල්ලට දෙන එකයි.
මහින්ද ඒ අය බිලි දීලා අකාර්යක්ෂම අධ්‍යාපන ඇමති,අකාර්යක්ෂම අධ්‍යාපන ‍යාපන ලේකම් සහ ආණ්ඩුකාරවරයා ආරක්ෂා කරනවා.ඒ මදිවට එයාලට ගෞරවයත් දෙනවා.වැරදි ඕඩර්ස් දුන්න අයට ගෞරවය,ඒවා ක්‍රියාත්මක කරපු නිළධාරීන් කුමන්ත්‍රණකාරයෝ.මේ ඔක්කොම කරන්නේ මේ ආණ්ඩුවේ බැරිකම වහ ගන්න.ඒක දැන්වත් අපේ රටේ ගුරු – විදුහල්පතිවරු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ අනිත් අයත් තේරුම්ගන්න ඕනි.
මෙයාලට අධ්‍යාපන සම්බන්ධව ප්‍රතිපත්තියක් නෑ.එහෙම එකක් තියනවා කියලා ඔයාලව රවට්ටලා තියනවා.ඒකට ඔයාලත් රැවටිලා තියනවා.
මේ සිද්ධියට අදාලවත් දැනට කරලා තියෙන්නේ අදාළ ගැටළු සම්බන්ධව යළි සමාලෝචනය කර ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තුරු මෙම චක්‍රලේඛණ දෙක තාවකාලිකව අත්හිටුවනවා කියලා ලියුම් දෙකක් ගහලා ඔයාලව ආයෙත් අන්දවලා විතරයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
( දවසේ කතා බහ )
May be an image of 2 people and people smiling

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *