|

රනිල් හැර විකල්ප තිබේද? – රටේ රාළ

රටේ රාළ කිව්ව විදිහට ගිය 15 වෙනිදා ජනාධිපතිවරණ සටනේ එක අදියරක් අවසන් වුනා. ඒ මැතිවරණය ප්‍රකාශයට පත්කරලා නාමයෝජනා බාර අරගෙන අවසන් වීම දක්වා කාලපරිච්ඡේදයයි. දැන් නීත්‍යානුකූලව අපේක්ෂකයන් නම් වෙලා ඉවරයි.මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙක් තරඟ කරනවා.ඒක ලොකු ලයිස්තුවක්.මේ ලයිස්තුව ඇතුලේ අපේක්ෂකයින්ට වඩා ඉන්නේ සපෝටර්ස්ලා.ඒත් දැන් සියලු දෙනාම නීත්‍යානුකූල අපේක්ෂකයෝ.
මෙතන ඉඳන් ඉස්සරහට තවත් තීරණාත්මක කාලපරිච්ඡේද දෙකක් තියනවා.ඒ අගෝස්තු 15 න් පටන් අරන් අගෝස්තු 31 දක්වා කාලය සහ සැප්තැම්බර් පළවෙනිදායින් පටන් අරන් සැප්තැම්බර් 21 දක්වා කාලය.අගෝස්තු 15 න් ආරම්භ වෙන පීරියඩ් එකේ මුල් සතිය වෙනකොට තවත් සන්ධාන කීපයක් හැදෙයි.ඒ වගේම හැදිලා තියන සන්ධාන තවත් ශක්තිමත් වෙයි. රනිල් මූලික කරගත්ත පක්ෂ 35 ක සන්ධානයක් ඊයේ හැදුනා.
රංජිත් මද්දුම බණ්‌ඩාර කිව්වේ සජබයට තවත් පක්ෂ හා කණ්ඩායම් ගණනාවක් එකතු වෙනවා කියලා.ඒ වගේම පොහොට්ටු සන්ධානයේ හිටිය අවසන් පක්ෂයත් පහුගිය 13 වෙනිදා රාජපක්ෂලාගෙන් අයින්වෙලා ගියා.ඊට අමතරව තවත් පුද්ගල එකතුවීම් සහ අඩුවීම් ගණනාවක් මේ දවස්වල වෙන්න නියමිතයි.රනිල්ට සහය දීපු පොහොට්ටුවේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ආපහු නාමල්ට සහය දෙන්න ගියා
මේ කාලපරිච්ඡේදය ඇතුලේ අපේක්ෂකයින්ගේ මංගල රැස්වීම් ටික සහ ඒ ඒ පක්ෂවල සහ සන්ධානවල ප්‍රතිපත්ති ප්‍රකාශණ එළි දැක්වීම් කරලත් අවසන් වෙයි. මේ ක්‍රියාවලිය ඇතුලේ අපේක්ෂකයන් දැනට ඉන්න ස්ථානවල වෙනස්කම් පවා සිද්ධ වෙන්න පුළුවන්.දැනට මේ තරඟයේ ඉදිරියෙන් ඉන්න අපේක්ෂකයෝ 07 දෙනා,ඒ කියන්නේ රනිල්,සජිත්, අනුර,නාමල්,දිලිත්,ෆොන්සේකා සහ විජේදාස ගත්තොත් මෙතනත් සපෝටර්ලා කීපදෙනෙක්ම ඉන්නවා.
නාමල් සහ ෆොන්සේකා කියන්නේ ප්‍රබල සපෝටර්ලා දෙන්නෙක්.නාමල් සපෝට් කරන්නේ සජිත්ට.ඒ කියන්නේ රනිල්ගේ ඡන්ද කඩන්න. ඒ අර්ථයෙන්ම හිතුවොත් ෆොන්සේකා සපෝට් කරන්නේ රනිල්ට.සජිත්ගේ ඡන්ද කඩන්න.මේ දෙන්නා සැලකුවොත් නාමල්ට මහින්ද ඉන්නවා.මහින්ද ලේ නෑකම කියාගෙන මහින්දගේ ලේවලට ඡන්දය දෙන්න කියාගෙන එයි. ෆොන්සේකාටත් යුධ ජයග්‍රහණය සහ රටේ නීතිය හදනවා කියන කතාව කියාගෙන යන්න පුළුවන්. සජිත් සක්වල වැඩසටහනට සල්ලි ගත්තේ ජාවාරම් කාරයින්ගෙන් කියන චෝදනාවත් ප්‍රබල විදිහට ෆොන්සේකා මතු කරයි.
කොහොම ගියත් මේ දෙන්නා යන්නේ රටේ ජනාධිපති වෙන්න නෙවෙයි.වෙන දෙන්නෙක් දිනවන්න.මේ සටනින් ඇත්තටම අනාත වෙන්නේ විජේදාස.මොකද විජේදාසට මෛත්‍රීගේ ඡන්දයවත් හම්බ වෙන්නේ නෑ.කිරි පැණියි වගේ හිටපු විජේදාස සහ මෛත්‍රී විරසක වෙලා.විජේදාස දැන් රැස්වීම්වලට යන්නේ මෛත්‍රීව හලලා.ඒකට මල පැනලා මෛත්‍රී පොලොන්නරුවේ රැස්වීම කැන්සල් කළා.මෙතනදී විජේදාස වැඩිපුර ටාගට් කරන්නේ ජාතිකවාදී ඡන්ද පදනම.
ඒකට ඇඩ්රස් කරද්දී මෛත්‍රී බාධාවක් විදිහට විජේදාස දකිනවා ඇති.දැන් මෛත්‍රී සපෝට් කරන්නේ සජිත්ට.නාමල්,විඡේදාස සහ දිලිත් සෘජුව අමතන්නේ ජාතිකවාදී ඡන්ද පදනමට.ඒක නිසා මේ තුන් දෙනා අතර ලොකු තරගයක් හැදෙයි. කොහොම උනත් ජනාධිපතිවරණයක් කියන්නේ ප්‍රධාන අපේකෂකයෝ දෙන්නා අතර හැදෙන සටනක්.ඒක නිසා ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නා කවුද කියන එකත් මේ පීරියඩ් එකේදී තීරණය වෙයි.ඇත්තටම ගත්තොත් අනුර දැනටමත් එක ප්‍රධාන අපේක්ෂකයෙක් වෙලා ඉවරයි.
අනුරට ඒ වාසිය දැනටමත් ඇවිත්. අනෙක් පැත්තේ ප්‍රධාන අපේක්ෂකයා වෙන්න තරඟය තියෙන්නේ සජිත් සහ රනිල් අතර. පහුගිය සතියෙ සජිත් සහ රනිල් අතර ඒ වෙනුවෙන් ලොකු සටනක් ඇවිලුවුනා.ප්‍රතිපත්තිමය කරුණු ගැන සංවාදයක් ඇති නොවුනත් තමන්ගේ ගොඩ වැඩිකරන ගැනීමේ සටනක දෙන්නම නිරත වෙලා ඉන්නවා.සැප්තැම්බර් මාසය ආරම්භ වෙනවත් එක්ක බොහෝ දුරට ප්‍රධාන අපේක්ෂකන් දෙන්නා කවුද කියලා තීරණය වෙයි.
රටේ රාළ හිතන්නේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නා තීරණය උනාට පස්සේ දැනට තියන undisided Vote එකටත් ලොකු බලපෑමක් එයි.ගොඩක් වෙලාවට මේ undisided Vote එක floot වෙන්න පටන් ගන්නේ සැප්තැම්බර් මුල් සතියෙන් පස්සේ.එතනදී ප්‍රධාන අපේකෂකයන් දෙන්නාගෙන් එක්කෙනෙකුට පොඩියට හරි රැල්ලක් ගහයි.ඒක නිසා අනුරට, සජිත්ට,රනිල්ට තවමත් මේක විවෘත සටනක්.ජයග්‍රහණය කසේ වෙතත් අනුර දැන් final ඇවිත් ඉවරයි.දැන් තියන ප්‍රශ්නය රනිල් සජිත් සටන මොනවා වෙයිද කියන එකයි.
මෙතනදී රනිල් සහ සජිත් දෙන්නම ලොකු අවධානමකට මුහුණ දෙනවා.සජිත්ලගේ කණ්ඩායමෙන් රනිල් පිරිසක් ගැලවා ගැනීමේ අවධානමක් තියනවා.ඒ වගේම රනිල්ගේ කණ්ඩායමෙන් රාජපක්ෂලා සහ සජිත් පිරිසක් ගලවාගැනීමේ අවධානමකුත් මෙතන තියනවා.දැන් රනිල්ට සහ සජිත්ට බැට් කරන්න වෙන්නේ විකට් ආරක්ෂා කරගෙන.ඒකයි රටේ රාළ කියන්නේ දැන් මේ සටන ප්‍රතිපත්තිමය කාරණා එක්ක යන සටනකක් බවට පත්වෙන්න ඕනි කියලා.
අදාල නැති සිල්ලර සටන් පාඨවලින් වෙන්නේ ගිය ජනාධිපතිවරණයේදී වගේම කිසිම වැඩපිලිවෙලක් නැති ගෝඨාභය වගේ ජනාධිපති කෙනෙක් පත්වෙන එක විතරයි. රනිල්ට ජයග්‍රහණය තියෙන්නේ ප්‍රතිපත්තිමය කාරණා එක්ක කරන සටනක් ඇතුලේ විතරයි.රනිල් ඉක්මනින් ආර්ථික සටන් පාඨය උඩට ගන්න ඕනි.ඒක කරන්න රනිල්ට හොඳ ලකුණකුත් හම්බ වෙලා තියනවා.රනිල් ගොඩගත්ත අර්බුදයේ එක සංකේතයක් උනේ ගෑස් සිලින්ඩරය.2022 න් මෙහා ඉතිහාසයේ ඉඳන් අද දක්වා සහ මෙතනින් එහාට රනිල්ගේ මැදිහත්වීම ගැන කතා කරන්න ඕනි.
මේ රටේ ඉන්න අති බහුතරය මීට අවුරුදු දෙකකට උඩදී පෝලිම්වල රස්තියාදු උන අය.ගෑස් සිලින්ඩර් කරේ තියාගෙන එහේ මේ දුවපු අය,පෝලිම්වල මිනිස්සු මැරිලා වැටෙනවා දැකපු අය.පෙට්‍රල් ලීටරය රුපියල් 5000 ගත්ත අයත් ඇති. පෙට්‍රල් කියලා රුපියල් 5000 ක් දීලා මුත්‍රා බෝතල් ගත්ත අයත් ඇති. එහෙම තිබුණ රටක් ඉස්සරහට අවේ රනිල්ගේ මැදිහත්වීම ඇතුලේ.ඒක නෑ කියනවා නම් ඒක දේශපාලන කුහකකමක්.රනිල්ගේ ආර්ථික වැඩපිලිවෙන් රට මේ වෙලාවේ ගලවන එකේ ලොකු අපරාධයක්.
රටේ රාළ කිසි දවසක රනිල්ගේ දේශපාලන ධාරාව නියෝජනය කරලා නෑ.ඒ වගේම ඉදිරියටත් නියෝජනය කරන්නේ නෑ.ජාතික වශයෙන් තීරණාත්මක තැනක් වන මේ අවස්ථාවේදී රනිල් හැර වෙන උත්තරයක් නැති බවත් රටේ රාළ කියනවා.හැබැයි රනිල් වටේට ඉන්න අයට රනිල් දිනවන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය තවමත් රටේ රාළට නං තියනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 2 people and text that says '19 நிலையம்'

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *