|

පාඨළීගේ වැරදි ගණනය කිරීම – රටේ රාළ

ජනාධිපතිවරණ සටන ඇවිලිලා යන විදිහත් එක්ක විවිධ අය විවිධ විදිහේ ගණනය කිරීම් කරගෙන ඉන්නවා.ගොඩක් දුරට ඒ ගණනය කිරීම්වලට පාදක වෙලා තියෙන්නේ මේ නිශ්චිත මොහොතේ ඉදිරියෙන් ඉන්න අපේක්ෂකයා කවුද කියන එක.සමහරුන්ට මැතිවරණයේදී තමන්ට වැඩිපුරම චාන්ස් එක තියෙන්නේ කොයි පැත්තෙද කියන එක.තවත් සමහරුන්ට තමන්ට හම්බවෙන කුට්ටියේ ප්‍රමාණය මතත් ගන්න පැත්ත තීරණය වෙනවා ඇති.
එහෙම නැතිව මේ මොහොතේ රටේ තියන තත්වය ගැන ඔය කිසි කෙනෙකුට ගාණක් නෑ. ඇත්තටම ඒ ප්‍රශ්නයේදී බරපතල වැරදි ගණනය කිරීමකට පාඨළී ගිය බව කියන්න ඕනි.පාඨළීගේ ගණනය කිරීම බොහෝ වෙලාවට පාදක වෙන්න ඇත්තේ මේ මොහොතේ සජිත් ඉදිරියෙන් ඉන්නවා කියන එක සහ පාඨළීට පාර්ලිමේන්තු එන්න පුළුවන් ලේසිම විදිහ කියන උපකල්පනය එක්ක වෙන්න ඕනි.
ඒ ගණනය කිරීම එක්ක සජබයට යන්න තීරණය කරපු පාඨළී එයාගේ පාක්ෂිකයන්ට සහ හිතවතුන්ට කියලා තිබුණේ මාලිමාව බලයට එන එක නවත්තන්න සජිත් දිනවන්න ඕනි කියලයි.මේ මොහොතේ සජිත්ට යම් ඉදිරියක් තියනවා කියන එක රටේ රාළත් පිලිගන්නවා.හැබැයි මීට මාස කීපයකට උඩදී උඩින් හිටියේ අනුර.අනුරට තිබුණ ඒ ජනප්‍රියත්වය ක්‍රමයෙන් කඩාගෙන වැටුනා. අනුරට තමන් වටේට එකතු උන ඡන්දදායකයා රැකගන්න බැරිවුනා.
අනුරගේ ඒ වැටීම මත තමයි සජිත් උඩට ආවේ. මේ ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාගේ හැසිරීම හොඳින් අධ්‍යයනය කලොත් ඔයාලට පෙනෙයි තවමත් undisided Vote එක 30% – 35% මට්ටමේ තියනවා කියලා.ඒ වගේම දැනට කඳවුරුවලට ගිහින් ඉන්න අයගෙන් හාට්කෝ එක හැර පරිදියේ ඡන්ද ස්ථාවර නෑ.ඒක නිසයි අනුරට පරිදිය රැකගන්න බැරිවුනේ.රටේ රාළ කියන්නේ සජබ පරිධිය වටේට ගොඩ ගැහිලා ඉන්න ඡන්දදායකයත් ස්ථාවර නෑ කියලයි.
ඒක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා.තව මාසයකට වැඩි කාලයක් ඡන්දය තියනවා.රට සම්බන්ධව කාරණයේදීත් පඨළීගේ ස්ථාවරය වැරදියි.රට මේ යන විදිහට ඉස්සරහට යන්න නොදී රනිල්ගෙන් ගලවලා සජිත් වගේ කෙනෙකුටම දෙන එක අපරාධයක්.ඒකයි රටේ රාළ කියන්නේ රට ආයෙත් 2022 තත්වයට වැටුනොත් එකට පාඨළීත් වගකියන්න ඕනි කියලා.සමහරවිට පාඨළීට රනිල් එක්ක ඉන්න පුද්ගලයෝ එක්ක ප්‍රති විරෝධතා ඇති.
එතන සුද්ධවන්තයෝ නෑ වගේම ඔය කොතනකවත් සුද්ධවන්තයෝ නෑ.ඒ වගේම පාඨළීත් සුද්ධවන්තයෙක් නෙවෙයි කියන එකත් මතක තියාගන්න ඕනි.පාඨළී මෙතනදී විශේෂයෙන්ම බලන්න ඇත්තේ ඊළඟ සැරේ පාර්ලිමේන්තුව එන්න ලේසිම තැන කොතනද කියලයි.එතනදීත් පාඨළී විසින් සජබය තෝරාගැනීම සම්පූර්ණයෙන්ම වැරදි තීරණයක්. මරික්කාර් කියලා තිබුන කතාව මෙතනදී ආයෙත් මතක් කරන්න ඕනි.
මරික්කාර් කියලා තිබුණේ පාඨළී සජබයට ගන්නේ අඩු කඩලා කියලයි.මරිකාර් කියපු විදිහටම වැඩේ සිද්ධ වුනා.සජිත්ට මෝඩයා කියකියා හිටිය පාඨළී අවසානයේ ඒ මෝඩයා ඉදිරියේ දණ ගැහුවා.ඒක මොන තරම් දේශපාලන බංකොලොත්වීමක්ද?සජබ බලවේගය කිසි දවසක පාඨළී විශ්වාස කරන්නේ නෑ.ඒක සජබයේ උඩ වගේම පහලත් තියන පොදු තත්වයක්.ඒක නිසා පාඨළී සජබ ඇතුලට අරගෙන නැත්තටම නැති කරන්නයි මේ හදන්නේ.
ඔයාලා සමහරවිට හිතෙයි පාඨළීට ජනරජ පෙරමුණ තියනවා කියලා.ඔව් පාඨළී ජනරජ පෙරමුණ තියෙයි.හැබැයි බෝඩ් ලෑල්ල විතරයි. මිනිස්සු නං නෑ.පාඨළීට පාර්ලිමේන්තු එන්න අමාරුම තැන තමයි සජබය.සජබය ඇතුලේ කොළඹ දිස්ත්‍රික්කයට ස්ථාවර කණ්‌ඩායමක් ඉන්නවා.ඊට අමතරව පාර්ලිමේන්තු අපේක්ෂකත්ව පෝලිමේ තව ගොඩක් ඉන්නවා.ඒ අයත් එක්ක සන්සන්දනය කරද්දී පාඨළී කියන්නේ බේස් එකක් නැති කෙනෙක්.
පාඨළී ගිය පාරත් ආවේ කොළඹ ලයිස්තුවේ පහලින්.පාඨළීට මේ පාර ඉන්නේ සම්පුර්ණයෙන්ම අවධානම් සීමාවේ.පොහොට්ටු සන්ධානයේදී විමල්ලට,ගම්මන්පිලට,මෛත්‍රිට වෙච්චේදේ සජබෙ ඇතුලේ මේ පාර පාඨළීටත් වෙනවා.චම්පික අනතුරට ඇදලා දාපු අය බලන්න ඇත්තේ එයාලා තරඟ කරන දිස්ත්‍රික්කවල තත්වය.සජබ ලයිස්තුව එක්ක සන්සන්දනය කරද්දී ඒ තැන් එයාලට ඉඩක් තියනවා කියලා පේන්න ඇති.ඒ උපකල්පනය මත ඉඳගෙන එයාලත් පාඨළී උඟුලට තල්ලු කරන්න දායකවෙන්න ඇති.
විශේෂයෙන්ම මේ තීරණයට පාඨළී තල්ලු කරන්න ජීඑල්ගේ ලොකු බලපෑමක් තියෙන්න ඕනි.කොහොම උනත් දේශපාලන වශයෙන් හිතද්දී පාඨළී ගැලපෙන කඳවුර විදිහට තිබුණේ රනිල්ගේ කඳවුරයි.ඒක ඇතුලේ පොහොට්ටුව හරි එජාපය හරි කියලා රටේ රාළ කියන්නේ නෑ. හැබැයි පාඨළීට ලන්සා – ශ්‍රිලනිප කඳවුරේ ලොකු ඉඩක් හැදිලා තිබුණා.එයාලා හදපු සන්ධානය ඇතුලේ පාඨළීට පිලිගැනීමකුත් තිබුණා.ඒ කඳවුරේ කොළඹ දිස්ත්‍රික්කයට ලොකු හිස්තැනකුත් තියනවා.
ඒක පිරවීම තමයි පාඨළීට තිබුණ හොඳම විසඳුම. ඒක හරහා රනිල් ළඟ ලොකු භූමිකාවක් රඟ දක්වන්න තිබුණ ඉඩ පාඨළීගේ වැරදි ගණනය කිරීමෙන් නැති වෙලා ගියා.රටේ රාළ කියන්න තියෙන්නේ සජිත් දිනුවොත් රටේ අනාගතය අඳුරුයි වගේම රටේ අනාගතය ගැන නොහිතා තමන්ගේ අනාගතය ගැන විතරක් හිතලා සජිත් ළඟට ගිය පාඨළීගේ අනාගතයත් අඳුරුයි කියලයි.ඒක අද රටේ රාළ කිව්වා කියලා ලියලා තියාගන්න.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *