|

ජනමනස කළඹවන කපටියා රනිල් – රටේ රාළ

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම බොහෝ දුරට ලබන සතියේ සිද්ධවෙයි.ඒ එක්කම දැනට කඳවුරුවලට බෙදිලා ඉන්න ජන්දදායකයන්ගේ සහ තවමත් ඡන්දය දෙන්නේ කාටද කියලා තීරණය කරලා නැති ඡන්දදායකයන්ගේ හැසිරීමේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න නියමිතයි.රටේ රාළ කියන්නේ තවමත් කිසිම කඳවුරකට ගාල් නොවී ඉන්න ඡන්දදායකයන්ගේ ප්‍රතිශතය 30% ක තිස්පහක සීමාවේ තියනවා කියලයි.මේ ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාගේ හැසිරීම අතිශයින් සුවිශේෂී.
බංකොල්භාවය අත්විදලා ඒකෙන් එළියට ඇවිත් අපි යන්තම් හුස්මක් ගත්තා විතරයි.ඒ එක්කම එන මේ ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨය බවට ආර්ථික ප්‍රශ්නය පත්වීම කාටවත් නවත්තන්න බෑ.ආර්ථික ‍ප්‍රශ්නයට හරියට උත්තරය දෙන්න බැරි කඳවුරු අනිවාර්යයෙන්ම බිඳ වැටෙනවා.ජාතික ජන බලවේගයේ රැල්ල ආපහු හැරවීමෙන් පේන්නේ ඒක.ජාතික ජන බලවේගයට අත්වෙච්චි ඉරණම තව වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා සමගි ජන බලවේගයටත් අත්වෙනවා.
රනිල්ට සමාජය ඇතුලේ විවෘත වෙන අවකාශයෙන් පේන්නෙත් ඒක.රටේ ආර්ථික ප්‍රශ්නයට උත්තරය තියෙන්නේ රනිල් ළඟ විතරයි කියන තැනකට ජනමනස තල්ලුවෙමින් තියනවා. රාජපක්ෂලා මේ රටට කරපු විනාශයේ වාඩුව ගන්න ආපු ජනතාව රාජපක්ෂලා පන්නලා දැම්මා. රාජපක්ෂලා පැනලා යෑමෙන් හැදුන රිත්තකය පුරවන්න සජිත්වත්,අනුරවත් ඉදිරිපත් උනේ නෑ. අඩුම ගානේ රනිල් අගමැති උනාට පස්සේ හදන්න යෝජනා කරපු සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්න තරම්වත් අනුරලා,සජිත්ලා සාධාරණ වුනේ නෑ.
ඒ වෙලාව කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න තිබුණ හොඳම අවස්ථාවක්.ඒ වෙලාවේ රටේ තිබුණ තත්වයත් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනි කරන විෂය මූලික පදනම නිර්මාණය කළා.අරගලයේ එක ප්‍රධාන සටන් පාඨයක් උනේ වහාම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියන එකයි.සජිත්ලා සහ අනුරලා රට බාරගැනීමේ අභියෝගය බාරගත්තෙත් නෑ. අභියෝගය බාර ගත්ත රනිල්ට සහයෝගය දුන්නෙත් නෑ.
ඒක අමු දේශපාලන කුහකකමක්.ගෝඨාභය පැනලා යන වෙලාවේ රනිල්ට ඔටුන්න පළදලා යන්න වෙන්නේ සජිත් හෝ අනුර ඒ වගකීම බාරගත්තේ නැති හින්දයි.ඒ වෙනකොට රනිල් අගමැති නිසා ජනාධිපති ඉල්ලා අස්වුනාට පස්සේ අගමැතිවරයා වැඩ බලන ජනාධිපති වෙන ඒක ව්‍යවස්ථානුකූලයි.රනිල් අභියෝග බාරගත්ත නිසයි ඒ චාන්ස් එක රනිල්ට ආවේ.ඒ වෙලාවේ සජිත් හරි,අනුර හරි,වෙන කවුරු හරි අභියෝගය බාර අරන් තිබුණා නම් චාන්ස් එක එන්නේ එයාට.
අභියෝගය ඉස්සරහා පැනලා ගිය අනුරට සහ සජිත්ට වැඩේ වැරදුනා කියලා හරියටම තේරෙන්න ඇත්තේ ගෝඨාභය පැනලා ගියාට පස්සේ.රනිල් අනුප්‍රාප්තික ජනාධිපති ධූරය දක්වා එන බව එතකොට ඕනි පොඩි ලමයෙකුට උනත් තේරෙනවා.ජනාධිපති තේරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තිබ්බ මැතිවරණට අනුර සහ සජිතුත් ඉදිරිපත් වුනා.සජිත් වෙනුවෙන් ඉදිරිපත් උනේ ඩලස්.හැබැයි.රනිල් දිනුවා.එදා සජිත් හරි අනුර හරි වෙන කෙනෙක් හරි අගමැති ධූරය බාරගත්තා නම් පාර්ලිමේන්තු ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ ඡන්ද ටික එයාට හම්බ වෙනවා.
මොකද පොහොට්ටුවට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.පොහොටුවට වැලේ වැල් නැතිව හිටියේ.රාජපක්ෂලා පැනලා ගිහින් මහ මුහුදේ හැංගිලා.පොහොට්ටුවේ මන්ත්‍රීලට හැංගෙනවා හැර වෙන කරන්න දෙයක් නෑ.ඒ වෙලාවේ පොල් පිත්තක් නෙවෙයි පැපොල් පිත්තක් උනත් තමන්ගේ ගැලවුම්කාරයා කරගන්න පොහොට්ටුව සූදානමෙන් හිටියේ. මෙතනදී වැඩිම චාන්ස් එක තිබුණේ සජිත්ට. සජිත් වගකීම බාරගත්තා නම් සජිත්ට පොහොට්ටුවේ සහයත් හම්බවෙනවා.
සජිත් ළඟත් මන්ත්‍රීධූර 53 ක් තියනවා.සජිත් විසින්ම චාන්ස් එක මිස් කරගත්තට පස්සේ සජිත් තේරුවේ රනිල්ට ගහන්න සහ වෛර කරන්න. අන්තිමට සජිත් සහ අනුර කිව්වේ රනිල් කියන්නේ රාජපක්ෂලාගේ ආරක්ෂකයා කියලයි. ඇත්තටම මෙයාලා හිතුවේ රනිල් රාජපක්ෂලාගේ අත්අඩංගුවට පත්වෙනවාම තමයි කියලයි.රනිල් රාජපක්ෂලාගේ අත්අඩංගුවෙන් මුදාගන්න ඒ වෙලාවේ තිබුණ හොඳම උත්තරය තමයි සර්වපාක්ෂික ආණ්ඩුව.
හැබැයි ඒ තත්වය යටතේවත් රනිල් රාජපක්ෂලාගේ අත්අඩංගුව පත්වුනේ නෑ.රනිල් බොහොම උපක්‍රමශීලිව පොහොට්ටුව රාජපක්ෂලාගෙන් ගලවලා තමන්ගේ වසඟයට ගත්තා.එක පැත්තකින් සජිත්ට ජනාධිපති චාන්ස් එක මිස්වීමේ වෛරයට රනිල් ලක්වෙලා.අනිත් පැත්තෙන් රාජපක්ෂලාට පොහොට්ටුවේ බලය අහිමිවීමේ වෛරයටත් රනිල් ලක්වෙලා.මුලදී මේක විග්‍රහ කරගන්න මේ රටේ ජනතාවට බැරිවුනා.හරයෙන් රනිල් රාජපක්ෂලා එක්ක හිටියේ නැති උනාට පෙනුමෙදී රනිල් රාජපක්ෂලා එක්ක තමයි ඉන්නේ කියන එක රටේ තහවුරු වුනා.
ඒ වෙනකොට තිබුණ රාජපක්ෂ විරෝධය සජබෙ සහ මාලිමාව බෙදාගෙන කඳවුරු දෙකක් හදා ගත්තා.බෙදාගෙන දෙපැත්තම තරඟයට පම්පෝරි ගැහුවා.රනිල් මුලදී ගහපු බදුවල හැටියට ජනතාව රනිල්ව දැක්කේ ජනතාවගේ රීරි මාශය උරා බොන්න ආපු රාජපක්ෂලාගේ අවතාරයක් විදිහටයි.රනිල් මුලදී ජනතාව මත දාපු පීඩනයත් පාව්චිචි කරගෙන අනුරලා සහ සජිත්ලා ගජරාමෙට පම්පෝරි ගැහුවා.ඒ පම්පෝරි අහන්න රනිල්ට එරෙහිව ජනතාව සජබ සහ මාලිමාව වටේට එකතු වුනා.
රනිල් පොදු හතුරා වෙද්දී අනුර සහ සජිත් විමුක්තිදායකයෝ වුනා.හැබැයි රනිල් මේ කුණු බැනුම් අහගෙන රට ගොඩගන්න වැඩ කළා.ඒ වගේම විපක්ෂයේ කිසිම සහයක් නැතිව රට තිබුණ තැනින් ගොඩගත්තා.රනිල්ගේ මේ කැපවීම ඇතුලේ මෙහෙම දෙයකුත් වුනා. සජිත්ගේ සහ අනුරගේ කඳවුරුවල ඉන්න අයටත් රනිල් තමයි වැඩකාරයා මේ දෙන්නම බොරුකාරයෝ, කයිවාරුකාරයෝ කියලා දැනෙන්න පටන් ගත්තා.
දෙන්නම මයික් ටයිසන්ලා විතරයි.මේ තේරුම් ගැනීම විසින් තමයි මාලිමා රැල්ල ආපිට හැරුණේ.සජිත්ට තව කෙටි කාලයකින් ඕක වෙනවා.සජිත් ඒකාධිපතියෙක් කියලා සජබය ඇතුලේ අය දන්නවා.සජිත්ට රට බාරදුන්නොත් රාජපක්ෂලාට රට බාරදුන්නට වඩා හපන් විනාශයක් වෙනවා.අනුරට දුන්නොත් අනුර පොල්පොට් වෙනවා.ජවිපෙ සහ මාලිමාව විදහට දෙකට බෙදිලත් මරා ගන්නවා.
රට ආයෙත් 2022 තිබුණ තත්වයට වැටෙනවා.දැන් මේ මනස ජනතාවට එමින් තියනවා.දැන් ගොඩක් අය මේ ප්‍රශ්නය දිහා විවෘත මනසකින් බලනවා. ඒක ඇතුලේ තමයි රනිල් ගැන සංවාදය පළල් වෙමින් තියෙන්නේ.මේක අත්හදා බැලීම් කරන්න සුදුසු වෙලාවක් නෙවෙයි.තව අවුරුදු පහක් රනිල්ගේ ප්ලෑන් එකට මේ රට දුවන්න ඕනි කියන තැනට ජනමනස සංවර්ධනයවෙමින් තියනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 1 person, dais and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *