|

බැඳුම්කර හිමියන්ගේ ණය සහනය සියයට 40 යි ; අවමය සියයට 27 යි – මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකාවේ බැඳුම්කර හිමියන්ගෙන් මෙරටට ලැබී ඇති ණය සහනය සියයට 40 ක් බවත්, අවම තත්ත්වයක දී වුවත් එම සහනය සියයට 27 කට වඩා අඩු නොවන බවත් මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ බැඳුම්කර හිමියන් එකඟ වී ඇති ණය කපාහැරීම සහ අනෙකුත් සහනවල වර්තමාන මුර්ත වටිනාකම සියයට 40 ක් බව යි. මෙරට ආර්ථකය ඉතා හොඳින් වර්ධනය වුවහොත් ණය කපාහැරීමේ ප්‍රතිශතය අඩු කිරීමට එකඟ වී ඇති නමුත්, එම තත්ත්වය යටතේ වුව ද මෙරටට ලැබෙන මුළු සහනයේ වර්තමාන මුර්ත වටිනාකම සියයට 27 කට වඩා අඩු වන්නේ නැත.

මෙම වසරේ සිට ඉදිරියට මෙරට ආර්ථිකය සියයට 4 ක වර්ධනයක් ලබාගතහොත් 2027 අවසානයේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 95 ක් වනු ඇතැයි ද ඒ මහතා කියයි.

මෙලෙස බැඳුම්කර හිමියන් මෙරටට ලබා දී ඇති සහන මෙරට ද්විපාර්ශවික ණය හිමියන් පසුගිය දා ලබාදුන් සහනය සමග සැසඳීමේ දී සමාන වන්නේ ද යන්න පිළිබඳව අපගේ නිල ණය හිමි කමිටුවෙන් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සලකා බලා අනුමත කළ යුතුව ඇත. ගිවිසුම් අත්සන් කරන්නේ එම අනුමැතිය ලැබුණු පසුව ය.

පසුගියදා ඇති කරගත් එකඟත්වය අනුව මෙරට ද්විපාර්ශවික ණය හිමියන් මෙරටට  ණය සහන ලබා දී ඇත්තේ ණය කපා හැරීමකින් තොරව ණය සහන කාලයක්, පොලිය අඩු කිරීමක් සහ ගෙවන කාලය දිගු කිරීමක් වශයෙනි. එසේ වුව ද, එම ලැබුණු සහනයේ වර්තමාන මුර්ත වටිනාකම සියයට 36 ක් ලෙස ගණන් බලා ඇති බව දැනගන්නට ඇත.

වෙනත් රටවල ණය කපාහරින ලද ප්‍රතිශත ලෙස ඇතැම් දේශපාලඥයින් ගෙනහැර පාන සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන්නේ ද මෙම වර්තමාන මූර්ත වටිනාකම කපාහැරීම බවත්, ණය ප්‍රමාණයේ කපාහැරීමක් නොවන බවත් කියති.

මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම සහනය ලැබීමත් සමග මෙරට ණය තිරසරභාවය සහතික වන බව යි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *