| |

IMFයෑම අපට තිබුණු අවසාන විසඳුම කියලා ආර්ථික විද්‍යාව දන්න අය දන්නවා – ආර්ථික විද්‍යා දේශක ධනුෂ්ක ලක්මාල්

මෙරට ආර්ථි­කය නැවත අර්බු­ද­යෙන් මිදී නැඟී සිටින්නේ කෙසේද? මෙරට ආර්ථි­කය ශක්ති­මත් කිරීම සඳහා තව­දු­ර­ටත් ගත යුතු ක්‍රියා­මාර්ග මොන­වාද?  පසු­ගි­යදා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පාර්ලි­මේ­න්තුව අමතා කළ කතාවේ තිබෙන ආර්ථික විද්‍යා­ත්මක වටි­නා­කම කුමක්ද? යනා­දිය කරුණු කාරණා පිළි­බ­ඳව මෙරට නව පර­පුරේ ජන­ප්‍රිය ආර්ථික දේශ­ක­යකු සහ ආර්ථික විද්‍යා ගුරු­ව­ර­යකු වන ධනුෂ්ක ලක්මාල් මහතා සමඟ කළ සාක­ච්ඡා­වකි මේ.

 ජනා­ධි­ප­ති­තුමා පාර්ලි­මේ­න්තු­වේදී කළ ප්‍රකා­ශය සහ එම ප්‍රකා­ශය තුළ කියැ­වුණ මෙරට ආර්ථික අර්බු­දය ජය­ග්‍ර­හ­ණය කිරී­මට තිබෙන මාර්ගය පිළි­බ­ඳව ඔබේ අද­හස කුමක්ද?

මම කිසිදු දේශ­පා­ලන පක්ෂ­ය­කට කිසිදු සම්බ­න්ධ­යක් නැති කෙනෙක්. වෙනත් වච­න­ය­කින් කීවොත්, පාවෙන ඡන්ද හිමි­යෙක් කියලා හඳුන්වා දුන්නොත් ඒක වඩාත් නිවැ­රැදි අර්ථ­ක­ථ­න­යක්. මම සියල්ල දිහා තාර්කි­කව බලන කෙනෙක්. කෙනා කවුද යන්න නොවෙයි, කවුද හොඳ දේ කරන කෙනා කියන දේ පිළි­බ­ඳව පම­ණයි අපි අව­ධා­නය යොමු කරනු ලබන්නේ. අපි මේ අව­ස්ථාවේ සොයා බැලිය යුත්තේ කවුද හොඳ දේ කරන්නේ ? කවුද නරක දේ කරන්නේ ? කියලා පම­ණයි. මම සෑම ආර්ථික සහ දේශ­පා­ලන කරු­ණක් පිළි­බ­ඳ­වම මධ්‍ය­ස්ථව බලන ආර්ථික විද්‍යාව පිළි­බඳ උපා­ධි­ධා­රි­යෙක්. ඒ වගේම මම අවු­රුදු දහ­ය­කට කිට්ටු කාල­යක් සිසු සිසු­වි­යන් ලක්ෂ ගණ­න­කට ආර්ථික විද්‍යාව න්‍යායික සහ ප්‍රායෝ­ගික දැනුම ලබා දෙන ගුරු­ව­ර­යෙක්. ඒ නිසා මෙම කරුණු පිළි­බ­ඳව මැද­හත් සිතින් විමසා බලා කරුණු පැහැ­දිලි කර­න්නම්. මම පසු­ගි­යදා ජනා­ධි­ප­ති­තු­මාගේ කතා­වට සවන් දුන්නා. මම සාමා­න්‍ය­යෙන් දේශ­පා­ල­න­ඥ­යන්ගේ කතා සවන් දෙන පුද්ග­ල­යකු නොවෙයි. ඒත්, ජනා­ධි­ප­ති­තු­මාගේ කතාව ඇහු­වාම මට හරි සතු­ටක් ඇති වුණා.

 ඔබට එවැනි සතු­ටක් ඇති වුණේ ඇයි ?

මම ආර්ථික විද්‍යා විෂය දන්න කෙනෙක් විදි­හට, අපි ඉගෙන ගත් ආර්ථික විද්‍යා­වට අනුව ජනා­ධි­ප­ති­තුමා කියූ සියලු කරුණු ආර්ථික විද්‍යා­වට අනු­කූ­ලයි. මම විම­සී­මෙන් බැලුවා, ඔහු වැරැදි දෙයක් කිය­යිද කියලා. නැහැ, ඔහු කිසිදු වැරැදි දෙයක් කිව්වේ නැහැ. සියලු කරුණු ආර්ථික විද්‍යා­නු­කූ­ල­වයි කතා කළේ. ජනා­ධි­ප­ති­තු­මාගේ කතාවේ කිසිදු තැනක පටු දේශ­පා­ලන කරුණු හෝ තමන්ට වාසි­දා­යක දේ ඇතු­ළත් කර තිබ්බේ නැහැ. අප සිටින්නේ කොතැ­නද අප යා යුත්තේ කොතැ­නද කියලා ඔහු ඉතා­මත් හොඳින් පැහැ­දිලි කර දුන්නා. දේශ­පා­ලන කණ්ණාඩි පැත්ත­කින් තිබ්බොත් ඕනෑම කෙනෙ­කුට තේරෙ­නවා අපි එදා සිටිය තැන සහ අද සිටින තැන ගැන, ඉතා­මත් පැහැ­දිලි වෙන­සක් දැක ගන්න පුළු­වන්.

 ඒත්  සම­හර පාර්ශ්ව මේ කතාව තුළ අඩු­පාඩු පෙන්වා දෙමින්  විවිධ ආකා­රයේ අද­හස් පළ කර­නවා ?

සියල්ල දෙස දේශ­පා­ලන පාට කණ්ණාඩි දමා බලා ඒ දේවල් නිශ්චය කිරීම අපේ රටට වෙලා තිබෙන නස්පැ­ත්ති­යයි. අපි නිත­රම හිතන්නේ, අපේ හිතේ තියෙන දේ හරි කියලා මිසක්, හරි දේ හරි කියලා නොවෙයි. ඒත්, විය යුත්තේ එය නොවෙයි, හරි දේ හරි යැයි පිළි­ගැ­නී­මයි.

 මේ කතාව පිළි­බ­ඳව ඔබේ ආර්ථික විද්‍යා­ත්මක විග්‍ර­හය කුමක්ද?

අපට තිබුණු පළමු කාර්ය තමයි, අන්තර් ජාතික මූල්‍ය අර­මු­ද­ලට ගිහින් මේ ප්‍රශ්නය විසඳා ගැනීම. ඒත්, අන්තර් ජාතික මූල්‍ය අර­මු­ද­ලට යන අව­ස්ථා­වේ­දීත් ඇතැ­මුන් කීවා, අන්තර් ජාතික මුල්‍ය අර­මු­ද­ලට යන්න එපා කියලා. නමුත්, ආර්ථික විද්‍යාව හදා­රන අය දන්නවා අපට තිබෙන අව­සාන විස­ඳුම තමයි අන්තර් ජාතික මූල්‍ය අර­මු­ද­ලට යාම කියලා. එදා යන්න එපා කීව අය පවා දන්නවා ඒ අව­ස්ථාවේ තිබුණු එකම විස­ඳුම අයි.එම්.එෆ්. කියලා. ඒත්, තමන්ගේ පටු දේශ­පා­ලන අර­මුණු නිසා ඔවුන් ඒ දේ ප්‍රසි­ද්ධියේ ප්‍රකාශ කළේ නැහැ. එහෙත් ජනා­ධි­ප­ති­තුමා සහ ආණ්ඩු­වත්, රාජ්‍ය නිල­ධා­රී­නුත් තීර­ණය කළා, මේ ප්‍රශ්නය විස­ඳී­මට මූල්‍ය අර­මු­ද­ලට යා යුතු බව. ඒ අනුව තමයි මූල්‍ය අර­මු­දල වෙත ගියේ.

 එසේ අයි. එම්. එෆ්. ගියාම ඔවුන් විවිධ කොන්දේසි පන­වනු ලැබුවා ?

ඔව්, එහිදී රටට විශේෂ වැඩ මාලා­වක් ලබා දුන්නා. කොවිඩ් වසං­ග­තය ඇතුළු කරුණු නිසා අපේ රටට විශාල අර්බුද රැස­කට මුහුණ දෙන්නත් සිදු වුණා. ආර්ථික අර්බු­දය, අපට අව­සා­න­යේදී ණය ගෙවී­මට නොලැ­බෙන තැනට තත්ත්වය උග්‍ර වුණා. ඒත්, ඒ තත්ත්ව­යට විස­ඳු­මක් ලබා දීමට හැකි­යාව ලැබුණේ නැහැ.

 මේ තත්ත්වය ඇති වීමට මූලික වූ ප්‍රධාන කරුණු පිළි­බ­ඳව පැහැ­දිලි කිරී­මක් කළ හැකිද?

2019 පසු ක්‍රියා­ත්මක වුණ වැරැදි බදු ප්‍රති­ප­ත්තිය නිසා අර්බු­දය වැඩි වුණා. ඒ වගේම මෙහි ප්‍රති­ඵ­ල­යක් විදි­හට රාජ්‍ය ආදා­යම් ප්‍රමා­ණය වේග­යෙන් පහළ ගියා, මුදල් ආච්චු ගසා ආදා­යම වැඩි කර ගැනී­මට උත්සාහ කිරීම නිසා සංචිත මුදල් පවා පහළ ගියා, අපේ විදෙස් මුදල් සංචිත කෙත­රම් පහළ ගියාද කිය­නවා නම්, ඒ දින­වල තිබූ ප්‍රකට කතා­වක් වූයේ මහ බැංකු­වට වඩා මුදල් පිට­කො­ටුවේ විදේ­ශීය මුදල් හුව­මාරු කරන කඩ­වල තිබෙන බවයි. ඒ වගේ පහළ තැන­ක­ටයි, රටේ ආර්ථි­කය කඩා වැටී තිබුණේ. ඒ වගේම මුදල් අච්චු ගසා සහ­නා­ධාර බෙදීම නිසා මේ තත්ත්වය තව­දු­ර­ටත් උග්‍ර තත්ත්ව­යට පත් වුණා.

ඩොල­රය ඉහළ යන එක වළක්වා ගැනීම සඳහා කෘත්‍රි­මව ඩොල­රය අල්ලා­ගෙන සිටී­මට ද එදා පැවැති ආණ්ඩුව කට­යුතු කළා. ඒ අව­ස්ථා­වේදී ඔවුන් උත්සාහ කළේ එවක ආණ්ඩුවේ දේශ­පා­ලන කීර්තිය ආරක්ෂා කර ගැනී­මට විය හැකියි. මේ සියලු තීරණ නිසා අප රටක් විදි­හට අන්ත අස­රණ වුණා. අපේ රටේ ආහාර උද්ධ­ම­නය සිය­යට හැත්තෑව ඉක්මවා ගියා. ඇත්තෙන්ම ආර්ථික අර්බු­දය කියන මහා අර්බු­දය ලෝකයේ රට­වල් කිහි­ප­යක් පම­ණයි අත්විඳ තිබෙන්නේ. අපි­ටත් රටක් විදි­හට ඒ තත්ත්ව­යට පවා මුහුණ දීමට සිදු­වුණා. ඇත්තෙන්ම අපි රටක් විදි­හට එදා කර වටක් මඩ වගු­ර­කයි ගිලී සිටියේ. ඒ අව­ස්ථාවේ තමයි අර­ග­ල­ය­කින් එදා සිටි පාල­ක­යන් පලවා හැරී­මට ජන­තාව එකතු වුණේ.

 රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තු­මාගේ පැමි­ණීම ආර්ථි­ක­යට කුම­නා­කා­ර­ය­ටද බල­පානු ලැබුවේ ?

ඒ අව­ස්ථා­වේදී බොහෝ පිරිස් රට භාර ගන්නට පසු­බට වෙද්දී, ජනා­ධි­ප­ති­ව­රයා සහ නව ආණ්ඩුව ආර්ථික අර්බු­දය විස­ඳීම සඳහා දුෂ්කර ගම­නක් ආරම්භ කරනු ලැබුවා. ඒ ආණ්ඩුව ගත් තීන්දු නිසා ලොකු විවේ­ච­න­ව­ලට මුහුණ දීමට සිදු වුණා. පොලිය වැඩි කිරීම් ඇතුළු ක්‍රියා­මා­ර්ග­ව­ලට ගියා. රාජ්‍ය ආදා­යම උප­යා­ගන්නා ක්‍රම වෙත යොමු­වෙනු ලැබුවා. වැට් බද්ද වැඩි කිරීම සිදු කළා රාජ්‍ය ආදා­යම ඉහළ දමා ගැනී­මට සාර්ථක පිළි­වෙ­තක් අනු­ග­ම­නය කළා. යම් වේද­නා­ත්මක තත්ත්ව­යක් වුවද ආණ්ඩු­වට ඇතිව තිබූ තත්ත්වය තුළ මෙයින් එහා ගිය පිළි­වෙ­තක් තිබුණේ නැහැ.

 ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරී­මට කට­යුතු කිරීම සඳහා ගත් ක්‍රියා­මාර්ග පිළි­බ­ඳව ඔබේ විග්‍ර­හය කුමක්ද?

එහිදී මුලින්ම සිදු කරනු ලැබුවේ දේශීය ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරි­මයි. මේ ක්‍රියා­ව­ලි­යේදී අපේම ඇතැ­මුන් බොරු බියක් ඇති කිරී­මට කට­යුතු කළා. එහෙත්, මේ වගේ ලොකු ණය අර්බු­ද­යක් විස­ඳ­න­කොට මූලි­කව තමන්ගේ ගෙදර ප්‍රශ්න ටික විසඳා ගන්න ඕනෑ. ඒ නිසා මූලි­ක­වම සිදු කරනු ලැබුවේ දේශීය ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරී­මයි. ඒක තමයි ණය අර්බු­දය විස­ඳා­ගෙන රට නැවත ක්‍රමා­නු­කූ­ලව ඔසවා තැබී­මට තිබෙන  එකම විස­ඳුම.

 පැරිස් සමා­ජය සහ සෙසු පාර්ශ්ව ණය සඳහා යම් සහ­න­යක් ලබා දීමට කට­යුතු කර තිබෙ­නවා. මේ තත්ත්වය රට සාමා­න්‍ය­ක­ර­ණය සඳහා බල­පානු ලබන්නේ කුමන ආකා­ර­ය­ටද?

අපට ණය ගෙවීමේ කාලය 2028 දක්වා දීර්ඝ කිරීම හොඳ ප්‍රවේ­ශ­යක් විදි­හට පෙන්වා දෙන්න පුළු­වන්. ඒ වගේම ණය පොලිය සිය­යට දෙක දක්වා පහළ යාම තුළ අප රටට ලොකු සහ­න­යක් ලැබී තිබෙ­නවා. ස්වෛරී බැඳු­ම්කර ණය හිමි­යන් සමඟ ද සාකච්ඡා කර යම් එක­ඟ­තා­ව­කට පැමිණි පසු අපට රටක් විදි­හට යම් හොඳ තැන­කට පත්වී­මට පුළු­ව­න්කම ලැබේවි. මේ සියලු කරුණු දේශ­පා­ලන කෝණ­ව­ලින් බලා කියන දේවල් නොවෙයි, සම්පූ­ර්ණ­යෙන්ම ආර්ථික විද්‍යා­ත්මක ඇස­කින් බලා පෙන්වා දෙන කරුණු. අනෙක් පසින් ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරී­මත් සමඟ අප රටේ ජාතික ආදා­ය­මෙන් සිය­යට හතර දක්වා ආසන්න වශ­යෙන් අඩු­වෙ­නවා. එහෙත් දැනට අපි රටක් විදි­හට දේශීය ආදා­ය­මෙන් සිය­යට නව­යක් ගෙවනු ලබ­නවා. මේ ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීම නිසා සැල­කිය යුතු වෙන­සක් සිදු­වනු ලබ­නවා. ඒ වගේම අපට රටක් විදි­හට නැවත ස්ථාවර වීමට කාල­යක් ලැබෙ­නවා. 2028 දක්වා මෙය ඉතා­මත් හොඳ දෙයක් විදි­හ­ටයි සඳ­හන් කිරී­මට පුළු­ව­න්කම තිබෙන්නේ.

 එදා සිටි තත්ත්වය සහ අද තත්ත්වය අතර වෙනස ඔබ දකින්නේ කොහො­මද ?

අපි රටක් විදි­හට ගමන් කර­මින් තිබ්බේ සිම්බාබ්වේ රාජ්‍යය ගමන් කළ විනා­ශ­කාරී මාවතේ. දැන් සිම්බාබ්වේ රාජ්‍යය තුළ ආර්ථික අර්බු­දය ඇති වී, අධි උද්ධ­ම­නය ඇති වී අවු­රුදු දහ­ය­කට වැඩියි. එහෙත්, ඒ තත්ත්වය පාල­නය කර ගැනී­මට ඔවු­නට හැකි­යාව ලැබී නැහැ. එහෙත්, අපේ රටේ පාල­නය අතට ගත් ජනා­ධි­ප­ති­තුමා සහ කණ්ඩාමේ දක්ෂ­තා­වය නිසා ඒ විනා­ශ­කාරී තත්ත්ව­යට නොගොස් රට ස්ථාවර කර ගැනී­මට හැකි­යාව ලැබී තිබෙ­නවා. ඒ ගැන දේශ­පා­ලන භේද­ය­කින් තොරව අප සතුටු විය යුතුයි.

 මහ බැංකුව ස්වාධීන ආය­ත­න­යක් කිරීම ආර්ථික අර්බු­දය විසඳා ගැනී­මට හේතු­වක් වෙන­වාද?

මෑතක් වන­තුරු මහ බැංකුව කියන්නේ ආණ්ඩුවේ දේශ­පා­ලන තන්ත්‍රය ආරක්ෂා කර ගැනී­මට තිබූ රාජ්‍ය ආය­ත­න­යක් පම­ණයි. එදා ආණ්ඩුව ආරක්ෂා කර ගන්නත්, ආර්ථික වැඩ සඳ­හාත් මහ බැංකුව යොදා ගනු ලැබුවා. එහෙත්, දැන් මහ බැංකුව ස්වාධීන ආය­ත­න­යක් විදි­හට ආර්ථික විද්‍යා­නු­කූල ආය­ත­න­යක් විදි­හ­ටයි කට­යුතු කරනු ලබන්නේ. මෙය ඉතා­මත් හොඳ ප්‍රවේ­ශ­යක් විදි­හට සඳ­හන් කරන්න පුළු­වන්. අද ජනා­ධි­ප­ති­තුමා සහ මහ බැංකු අධි­ප­ති­තුමා වෙන් වෙන්වයි තම ආර්ථික ප්‍රති­පත්ති සහ දේශ­පා­ලන ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කරන්නේ. ආණ්ඩුව සහ මහ බැංකුව අතර දේශ­පා­ලන සම්බ­න්ධ­තා­වක් නැහැ. ඇත්තෙන්ම අපි වැනි ආර්ථික අර්බු­ද­යක ගිලී ගිය රට­කට මෙය හොඳ  ප්‍රවේ­ශ­යක්.

ආර්ථික විද්‍යා දේශක

ධනුෂ්ක ලක්මාල්

උදිත ගුණ­ව­ර්ධන

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *