බැසිල් කියන්නේ අති දක්ෂ News Planter කෙනෙක්.හැබැයි බැසිල් Plant කරන News හැම එකම,හැමවෙලේම එයාලගේ වාසියට හිටියේ නෑ. බැසිල් මේ විදිහට News Plant කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලන පිටිය අවුල් කිරීමයි.ඒ කියන්නේ ජනාධිපතිවරණය වෙනුවෙන් හැදෙන දේශපාලන පෙළගැස්ම සහ මැතිවරණ සූදානම අවුල් කිරීමයි.
බැසිල්ලා මුලදීම Plant කරපු News එක උනේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණය නෙවෙයි මහ මැතිවරණයක කියන එකයි.
ඇත්තටම මේ වෙලාවේ මොන මැතිවරණය ආවත් ඒක රාජපක්ෂලාට වාසිදායක නෑ.හැබැයි ජනාධිපතිවරණයක් එන එක මහ මැතිවරණයක් එනවාට වඩා බරපතල අවාසියක් රාජපක්ෂලාට තියනවා.මහ මැතිවරණයයකදී රාජපක්ෂලාට පොහොට්ටුවේ සියලු දෙනා හරි බිල්ලට දීලා රාජපක්ෂලාගේ පාර්ලිමේන්තු ආසන ටික බේරගන්න පුළුවන්.ඒ වෙනුවෙන් තමයි බැසිල් පාර්ලිමේන්තු මැතිවරණය ඉස්සෙල්ලා ඉල්ලුවේ.
බැසිල් මුළු වෙරම දාලා පාර්ලිමේන්තු මැතිවරණය ගන්න ෆයිට් කළා.පාර්ලිමේන්තු මැතිවරණය තියන්න රනිල් රාජපක්ෂලාට පොරොන්දුවෙලා තියෙන්නේ කියලා උදයංග ලවා බොරු ප්රචාරක ඇරියා.හැබැයි රනිල් එක හෙලාම රාජපක්ෂලාගේ මහ මැතිවරණ යෝජනාව ප්‍රතික්ෂේප කළා.ඊට පස්සේ බැසිල් වෙන උපක්‍රමයකට මාරුවුනා.
බැසිල් ඊළඟට හැදුවේ රනිල් පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ජනාධිපතිවරණට ඉදිරිපත් කරන්න.රනිල් ඒකත් ප්‍රතික්ෂේප කළා.රනිල් කිව්වේ මම එනවා නම් එන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට,ඕනි කෙනෙකුටම ඇවිත් මට උදව් කරන්න පුළුවන් කියලා.ඒ උත්සාහයත් අසාර්ථක උන තැන බැසිල්ලා ආයෙත් පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ධම්මික පෙරේරා ෆෝම් කළා.රනිල් එක්ක ගනුදෙනුව හැදෙන විදිහ අනුව ධම්මික පෙරේරා ඉස්සරහට සහ පස්සට ගත්තා.
ඒ අතරතුර නාමල් හරහා පොහොට්ටුව ඇතුලේ ලොකු රනිල් විරෝධයක් හදන්න උත්සාහ කරනවා.සමහරක් තැන්වලදී ඒවට මහින්දත් පාවිච්චි කරගන්නවා.මේ හැම දෙයකින්ම රාජපක්ෂලා බලාපොරොත්තු වෙන දෙයක් තියනවා.රටේ රාළ ඒ කතාව දිගටම පැහැදිලිව කිව්වා.රාජපක්ෂලා බලාපොරොත්තු වෙන්නේ රනිල් දිනපු ආණ්ඩුවක අගමැතිකම.එහෙමත් නැත්තං රනිල් පැරදුන සජිත් දිනපු ආණ්ඩුවක විපක්ෂ නායකකම.ඔය දෙක වෙනුවෙන් දෙපැත්තත් එක්කම ඩීල් දානවා.
රාජපක්ෂලාට එජාපය ඇතුලේ මතය ගෙනියන්න ටීම් එකක්ම ඉන්නවා.සජබය එක්කත් රාජපක්ෂලාගේ ඩීල් තියනවා.සජබෙන් රනිල් ළඟට එන්න බලාගෙන හිටපු ගොඩක් අය දුර්මුඛ කළේ රාජපක්ෂලායි.එයාලට කළබල නැතිව ඉන්න,අපිත් තවම රනිල්ට සහය දෙනවද නැද්ද කියලා තීරණයක් අරන් නෑ කියලා පණිවිඩය එව්වෙත් නෙළුම් මාවතෙන්.දැන් බැසිල්ලා බෝලය රනිල්ට පාස් කරලා.
රනිල් ජනාධිපතිවරණයට එනවද නැද්ද කිව්වට පස්සේ පොහොට්ටුවේ තීරණය කියන්නම් කියලා. රාජපක්ෂලා තියාගෙන රනිල් මොන තීරණය ගත්තත් ඒක බරපතල විදිහට රනිල්ට අවාසිදායකයි.රනිල් එක්ක රාජපක්ෂලා ඉන්නකල් සජබයේ බහුතරය රනිල්ට ගන්න බෑ. සුළු ජාතික ඡන්ද පදනම අවශ්‍ය විදිහට ගන්නත් බෑ.ස්වාධින සමාජ ස්ථරවල ආකර්ෂණය දිනාගන්නත් බෑ.සජබයේ බහුතරය ගන්නකල් රනිල්ට දිනන්නත් බෑ.හැබැයි දැන් රනිල්ට චාන්ස් එකක් ඇවිත් තියනවා.ඒ තමයි රාජපක්ෂලාට ස්වේච්ඡාවෙන් විඩ්රෝ වෙන්න හදනවා වගේ එකක් පේන්නනවා.
මේ ලිපිය පටන් ගනිද්දීම රටේ රාළ කිව්වේ බැසිල් කියන්නේ හොඳ News Planter කෙනෙක් කියලා.ඒ වගේම බැසිල් Plant කරන News වලින් හැමවෙලේම එයාලා ගොඩ ගියේ නෑ කියලත් රටේ රාළ කිව්වා.බැසිල් කියන්නේ හොඳ News Planter කෙනෙක් වගේම හොඳ ලීකර් කෙනෙක්. ඕනි රහසක් තමන්ට වාසි සහගතයි නම් බැසිල් ඒක ලීක් කරනවා.ඒ වගේ බැසිල්ලා ලීක් කරපු රහසක් දැන් අතේ පත්තුවෙලා.
රනිල් කැඳවන මැතිවරණ කමිටුවේ ඉන්න ශ්‍රිලනිප සහ නිමල් ලන්සා කණ්ඩායම රාජපක්ෂලා ඉන්න සන්ධානයකට එකතු වෙන්නේ නැතිබව රනිල්ගේ මූණටම කියලා. එලියේ ගොඩනගන වෙනම සන්ධානයකින් රනිල්ට උදව් කරන්නම් කියලා එයාලා කියලා.මේ කතාව බැසිල් සහ රනිල් ඉන්න කමිටුවකදී ප්‍රසන්න බැසිල්ගේ මූණටම ඒ කතාව කියලා. එතනදී බැසිල්ට මළ පැනලා.
ඔයාලාට අපිව එපා නම් අපිටත් ඔයාලවත් එපා. මම ආවේ ජනාධිපතිගේ ආරාධනාවට.නාමල්ලා විරුද්ධවෙලා තියෙද්දිත් ජනාධිපතිට උදව් කරන්න එන අපට ඔහොමද සලකන්නේ.රාජපක්ෂලා ඔහොම බාල්දු වෙන්න ජාතියක් නෙවෙයි වගේ කතා ටිකක් බැසිල්ගෙන් පැනලා.බැසිල් එහෙම කිව්වා කියලා බැසිල්ලම තමයි ලීක් කරලා තියෙන්නේ.බැසිල් හිතන්න ඇත්තේ ඒ කතාව අහපු ගමන් පොහොට්ටුවේ බලවේග ෆෝම්වෙලා ආයෙත් මහින්ද සුළඟ වගේ එකක් හැදෙයි කියලද දන්නේ නෑ.
ඒ සියලු දෙනා රනිල් සහ රාජපක්ෂ විරෝධී කණ්ඩායමට එරෙහිව නැගිටීයි කියලා බැසිල් හිතන්නත් ඇති.හැබැයි දැන් වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත.පොහොට්ටුව ඇතුලේ බහුතරය රාජපක්ෂලා හලලා රනිල් එක්ක හරි ලන්සාලා එක්ක හරි යන්න ලෑස්ති වෙනවා.ඒ වගේම රාජපක්ෂලා යනවා නම් අපි එනවා කියන මතය සජබය ඇතුලේ වර්ධනය වෙමින් තියනවා. ඒ විතරක් නෙවෙයි රාජපක්ෂලා යනවා නම් රනිල්ට ඩිරෙක් සහය දෙන්න පුලුවන් කියන මතයට සමාජ ස්ථර ගොඩක් ඇවිල්ලා.
රටේ රාළට රනිල්ට කියන්න තියෙන්නේ මෙච්චරයි.අපේ රටේ පැවතුණ ආර්ථික අර්බුදය ඉස්සරහා ඒ අභියෝග බාරගත්තේ රනිල්.ඒක නිසා මේ ආර්ථික අභියෝග ජයගන්න පුළුවන් රනිල්ට කියන මතය සමාජ මනෝභාවය ඇතුලේ තියනවා.ඊළඟ ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨය වෙන්නේ ආර්ථික සටන් පාඨයයි.ආර්ථික ජයග්‍රහණයක් ගන්න පුළුවන් දේශපාලන ලයින් එක මොකද්ද කියන එක ගැන තමයි ජනතාවගේ වැඩි අවධානය යොමු වෙන්නේ.
මේ දේශපාලන සන්දර්භය ඇතුලේ මාකට් කරන්න පුළුවන් දේශපාලන චරිතය රනිල්.රනිල් කියන භාණ්ඩය හොඳ උනාට ඒක තියෙන්නේ රාජපක්ෂලා කියන මදාවි දේශපාලන වෙලෙන්දෝ අතේ.කොච්චර හොඳ භාණ්ඩයක් උනත් නොගැලපෙන වෙලෙන්දෙක් අතේ තියනවා නම් ඒක මාකට් කරන්න බෑ.දැන් කරන්න තියෙන්නේ භාණ්ඩය රාජපක්ෂ වෞර වෙළඳ සමාගමෙන් අයින් කරගන්න එකයි.
ඒජන්සිය වෙන වෙළඳ සමාගමකට දෙන්නයි දැන් තියෙන්නේ.එහෙම උනොත් රනිල්ව මාකට් කරන්න පුළුවන්.රනිල්ගේ ව්‍යාපාරික ඥානයට රටේ රාළ කියන මේ මාකටින් තියරිය නොතේරෙන්න විදිහක් නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
