මුරුත්තෙටුවේ හාමුදුරුවො හොඳ පාඩමක් ඉගෙන ගත්තා – හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය

‘‘ඇමති වියරුවේ, හොරිකඩයින් කැළඹේ’’ කියලා මුරුත්තෙටුවේ හාමුදුරුවන් කියලා තියෙනව. මේ කියල තියෙන්නෙ අපිට වෙන්න ඇති. අපේ නම් කිසිම කැළඹීමක් නැහැ. ‘‘මැදින් සටන් කඩන හොරිකඩයින්ට සෞඛ්‍ය සේවාවේ ඉඩක් නෑ’’ කියලත් තියෙනවා. ඒක ඇත්ත. ශක්තිය තියෙන සංගම් ඊට අදාල ක‍්‍රියාමාර්ග ගන්නව නම්, ඒ ගොල්ලන්ට සහයෝගය දෙන එක තමයි මුරුත්තෙටටුවේ ආනන්ද හාමුදුරුවන්ට අද ඉතුරුවෙලා තියෙනදේ. ඒ මිසක් වැඩවර්ජන ප‍්‍රකාශයට පත්කරන එක නෙමේ. තව එකක් දෙකක් කරන්න පුළුවන්. ඒත් ප‍්‍රතිඵලය ඉතාමත් නරක වෙයි කියන එක තමයි අපේ අදහස. අද මුරුත්තෙටුවෙ ආනන්ද හිමියන්ගෙ සංගමයට හෙද සේවාවේ 10%ක්වත් නෑ.
අපි හෙද සේවාවට, මේ අවුරුදු දෙක ඇතුළත ලබාදුන් විශාල අයිතිවාසිකම් ප‍්‍රමාණයක් තියෙනව. ඉතිහාසයෙ පළමු වතාවට අපි හෙද පීඨයක් පටන්ගන්නවා මේ අවුරුද්දෙ. ගැසට් නිවේදනය නිකුත්කර අවසන්, පීඨයට පීඨාධිපති කෙනෙක් බඳවගෙන අවසන්, මේ අවුරුද්දෙ නොවැම්බර් මාසේ හෙද නිළධාරීන් 100ක් කොළඹ විශ්ව විද්‍යාලයේ හෙද පීඨය සඳහා අපි බඳව ගන්නවා. අයදුම් පත් බාර ගැනීම අරඹලා තියෙන්නෙ. ළමයි අයදුම් කරලත් ඉවරයි.
හාමුදුරුවො 1968 ඉඳලා හැම පත්තරේකම හෙද පීඨයක් ඉල්ල ඉල්ලා හිටියා. 2016 වෙනකල් හාමුදුරුවන්ට මේක බැරි වුණා. පහුගිය ආණ්ඩුව කාලේ බැරි වුණ මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවන් දැන් කොහොමද කරන්නෙ. 1992 වෛද්‍ය නිලධරීන්ගේ සංගමය 2000 ක දීමනාවක් ඉල්ලලා ලබා ගත්තා. ඒ දීමනාවම හාමුදුරුවොත් හෙදියන් සඳහා ඉල්ලූවා. ශත පහක්වත් හම්බවුණේ නැහැ. අපි 2015 රු.3000ක දීමනාවක් හෙද සේවාවට අරගෙන දුන්නා. එය මාසිකව හෙද නිලධාරීන්ට ලැබෙනව. විශ‍්‍රාම ගිය නර්ස්ලට ගෙවන වාට්ටු පහසුකම අරගෙන දුන්නා. මහජන සෞඛ්‍ය හෙද නිලධාරි තනතුරට අපි බඳව ගන්න සැලසුම් කරල තියෙනව. ඇමතිවරයා එක`ගවෙලා තියෙනවා කැබිනට් පත‍්‍රිකාවක් දාලා ඒ තනතුර සඳහා බඳව ගන්න. පත්වීම්, උසස්වීම්, ස්ථානමාරු අපි දැන් නීතියට කරනව. කලින් හොරට කෙරුවෙ. 2014 ගාමිණි සෙනරත් ලවා අරලියගහ මන්දිරෙන් සෞඛ්‍ය අමාත්‍යාංශට බලපෑම් කරල 22ක් බඳව ගත්ත. 2015 ආව ගමන් ඒ 22කම ආපසු හැරෙව්වා. අපි දැන් නීතියට වැඩ කරනව. හොරට උසස්වීම්, මාරුවීම්, පත්වීම් දෙන්නෙ නැ. එහෙම එකක්වත් තිබුණොත් කියන්න. එහෙම තිබුණොත් අනිවාර්යෙන්ම එය අවලංගු කරනව. කාගෙවත් ඥාතීත්වයට, කාගෙවත් සම්බන්ධකම් උඩ ඒවා දෙන්නෙ නෑ. හෙද සේවාවේ හු`ගක් දේවල් අපි අරන් දීලා තියෙනව. රජයේ සේවකයින්ට වැඩි වූ රුපියල් 10000 සෞඛ්‍ය සේවකයින්ටත් ලැබෙනව. හැම අවුරුද්දකම 22% ක ගානෙ වැටුප් වැඩිවීම් ලැබෙනව. වැටුප් වර්ධකය වැඩි කරලා තියෙනව 190 කින්. විශාල අයතිවාසිකම් ප‍්‍රමාණයක් අපි අරගෙන තියෙනව. තවත් දිනාගන්න දේවල් තියෙනව. වෛද්‍ය සංගමය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් දිගටම හෙද සේවයට අහිතකර බලපෑම් කෙරුව.  ඒවා වෙනස් කරල හෙද සේවාවේ අයිතිවාසිකම් ඉදිරියේ දී තහවුරු කරගන්නව.
මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් සංවිධානය කරන්න ගිය වැඩවර්ජන කඩාකප්පල්කාරී ක‍්‍රියාවක්. පිළිවෙලකට කරගෙන යන ක‍්‍රියාදාමයක් කඩාකප්පල් කිරීමක්. ඒකට හෙද නිලධාරීන් හොඳ පාඩමක් උගන්නල තියෙනව. මුරුත්තෙටුවේ හාමුදුරුවො හොඳ පාඩමක් එයින් ඉගෙන ගත්තා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *