ඩයනා කොරහත් බිඳගෙන යයිද? – රටේ රාළ.
රාජ්‍ය ඇමති ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නැති බව ඊයේ (08) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළා. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චය මණ්ඩලයක් හමුවේ තමයි මේ පෙත්සම සලකා බැලුණේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වෙනි වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන කෙනෙකුට මේ රටේ පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නැති බව විනිසුරුතුමා පෙන්නලා දීලා තිබුණා.
දැන් ඊළඟට වැදගත් වෙන්නේ මේ තීන්දුව සම්බන්ධව මැතිවරණ කොමිසම ගන්න තීරණය. ඒකටත් යම් කාලයක් යයි.මැතිවරණ කොමිසම ගන්න තීරණය කතානායකට දැනුම් දෙන්න ඕනි. එතකොට ආයෙත් ප්රශ්නය පාර්ලිමේන්තුවට එනවා.ඒ දක්වා මේක සංකීර්ණ ක්‍රියාවලියක් වෙයි. රටේ රාළ හිතන්නේ මෙතන වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙන්න.
හැබැයි ඩයනාට මේ තීන්දු ආයෙත් සැරයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇෆිල් කරන්න පුළුවන්.ත්‍රි පුද්ගල විනිශ්චය සභාව වෙනුවට පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉල්ලන්න පුඵවන්.ඊළඟට ඩයනාට අවාසි පැත්තෙන් හිතුවොත් එයාට දඩුවම් කරන්නත් මෙතන ඉඩක් තියනවා.එයා ලංකාවේ පුරවැසිභාවය නැති බව දැන දැනම මේවා කළා කියලා ඔප්පු වෙන්න තියන සම්භාවිතාවය වැඩියි.
එතකොට ඒක වංචාවක් වෙනවා. මේක සිවිල් නඩු කරයක් වෙනුවෙන් දීපු තීන්දුවක්. අභියාචනාධිකරණ තීන්දුවක් අභියෝගයට ලක් කරමින් ” quo warranto ” රීට් ආඥාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලන පෙත්සමක්.ඩයනා මේක වරද දැනගෙන කලා නං එයාට දඩුවමක් නියම වෙන්නත් පුළුවන්. මේ තීන්දුව ආරංචි උන ගමන් සජබ පාර්ලිමේන්තු මන්ත්රීකණ්ඩායම දැඩි උද්දාමයට පත්වෙලා ඉන්න බව එයාලගේ පාර්ලිමේන්තු කතාවලින් පෙනුනා.
ඒ වගේම සජබ පාක්ෂිකයනුත් සෑහෙන සතුටකට පත්වෙලා ඉන්නවා.සජිත්ට පින් සිද්ධවෙන්න මන්ත්‍රීකමක් අරන් සජිත්ව පාවලා දීලා ගිය ඩයනාට ස්වභාව ධර්මය දඩුවම් කළා කියලා post එහෙට මෙහෙට ෂෙයා වෙනවා.හැබැයි ඉතින් මේ නඩු තීන්දුවෙන් පස්සේ පෙළගැහෙන නීතිමය සහ දේශපාලන කරුණුත් එකක් සජබයට උනත් ඔය තියන සතුට වැඩි දවසක් තියෙයි කියලා රටේ රාළ නං හිතන්නේ නෑ.සජබ අයගෙන් දැනට උපරිම ත්‍රිල් එක ගන්නේ මුජිබර් රහුමාන් බව ආරංචියි.රටේ රාළ කියන්නේ මේක තවත් පැටලිලි ජාලයක ආරම්භයක් කියලයි.
මොකද සජබය ලියාපදිංචිය ගැනත් මෙතනදී මැතිවරණ කොමිෂමට තීරණයක් ගන්න වෙයි.සජබ ලියාපදිංචිය උනත් බරපතල අභියෝගයකට ලක්වෙන්න බැරි නෑ.ඩයනා සජබය ඇතුලේම කටයුතු කරලා තියෙන්නේ උප ලේකම්වරයෙක් විදිහට.ඩයනා බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරගෙන තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ.එතන ඉදන් ඩයනා දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙලා තියනවා.
ඡන්දය ඉල්ලන්න විතරක් නෙවෙයි, ඩයනා සජබේ ප්‍රධාන තනතුරක් දරලා තියනවා,ඒ තනතුරේ ඉදන් පක්ෂ ලේඛණවලට අත්සන් කරලා තියනවා. සමහරවිට නොමිනේෂන් වලටත් අත්සන් කරලා ඇති.ඒ වගේ මැතිවරණ කොමිසම එක්ක කරපු ගනුදෙනුත් ඇති.ඩයනාගේ මන්ත්‍රීධූර නීත්‍යානුකූල නොවෙනවා නම් ඩයනා විදේශ රටක පුරවැසියෙක් විදිහට මෙතෙක් කරපු දේවල් සියල්ල නීත්‍යානුකූල වෙන්න බෑ.
එතකොට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නීත්‍යානුකූලභාවයත් ප්‍රශ්න කෙරෙයි.හැබැයි පක්ෂයක් කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි.පක්ෂයක් කියන්නේ සමූහයක එකතුවක්. පක්ෂයක උප ලේකම් ධූරය කියන්නේ එක තනතුරක් විතරයි.එක් කෙනෙක් කරන වරදකට අනිත් සමුහයත් දඩුවම් විදින්න ඕනිද කියන සාධාරණ තර්කය මෙතැනදී තියනවා.මේ දක්වා ඔය වගේ ප්‍රශ්න ආවේ අපේ රටේ පුරවැසියන්ගෙන්.
ඒක නිසා අපේ රටේ නීතිමය රාමුව ඇතුලේ ඒකට විසදුමක් තියනවා. හැබැයි මෙතන වෙලා තියෙන්නේ විදේශ පුද්ගලයෙක් අපේ රටට විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් දැනුවත්ව ඇවිත් රටේ නීතිය කඩ කරලා නම් වැඩේ සීරියස්.ඒ තත්වයත් එක්ක හිතුවොත් සජබයේ නීත්‍යානුකූල භාවය සහ සජබ මන්ත්‍රීවරුන්ගේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරන්න වෙනවා.
පක්ෂයක මන්ත්‍රීධූර පත්කිරීම සිද්ධ වෙන්නේ සෘජු ජනතා ඡන්දයෙන්. ඒක නිසා සජබ මන්ත්‍රීවරු පත්වීම ජනතාවගේ පරමාධිපත්‍යයත් එක්ක කෙලින්ම ගැට ගැහිලා තියනවා. රටේ රාළ හිතන්නේ නෑ ඩයනගේ හැර අනිත් මෛත්රීවරුන්ගේ මන්ත්‍රීධූර අහිමි වෙයි කියලා. හැබැයි මෙතනදී සජබ නීත්‍යානුකූලභාවය සම්බන්ධව ප්‍රශ්නයක් එයි කියලා රටේ රාළටත් හිතෙනවා.
එහෙම උනොත් මෙතනින් එහාට සජබයට තවදුරටත් මැතිවරණවලට ඉදිරිපත් වෙන්න බෑ.ඔයාලට මතක ඇති පහුගිය දවස්වර සජබ කණ්ඩායමක් පක්ෂයක් ගන්න හොය හොයා හිටියා.සමහරවිට එයාලා එහෙම කළේ මෙහෙම තර්ජනයක් එන බව දන්න නිසා වෙන්නත් පුළවන්. එහෙම ප්‍රශ්නයක් ආවොත් සජිත් බරපතල අර්බුදයකට යනවා.ඒක පැත්තකින් සජිත්ට ජනාධිපතිවරණයට තරඟ කරන්න පක්ෂයක් නැති වෙනවා.
අනෙකුත් සජබ අපේක්ෂකයන්ට පාර්ලිමේන්තු,පලාත් සභා,පලාත් පාලන මැතිවරණ තරඟ කරන්නත් පක්ෂයක් නැති වෙනවා.එහෙම උනොත් එතන වාසිය එන්නෙත් රනිල්ට.මොකද එජාපය කඩාගෙන එලියට බැහැලා සජබයක් පිහිටවන්න ගිය කිසිම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය එජාපය පැත්තෙන් අහෝසි කරලා නෑ.රනිල් එයාලට ඕනි වෙලාවක එන්න දොර ඇරලා තියනවා.
රනිලුත් එහෙම කරන්න ඇත්තෙත් මේ වගේ තත්වයක් උද්ගත උනොත් කියලා හිතාගෙනද දන්නේ නෑ. එහෙම අර්බුදයකට සජබය තල්ලු උනොත් ඔය ඔක්කොම ආයෙත් මහ ගෙදර ගිහින් පිරෙන එක ෂුවර්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
