|

පශ්චාත් මැයි දින සමාලෝචනය – රටේ රාළ

ගෙවීගිය මැයි දින සමරුවේදී ඒ ඒ දේශපාලන පක්ෂ දාපු වැඩකිඩ ගැන ගහන ලොකු පම්පෝරිවලින් මේ දවස්වල අපේ කන් පිරිලා. ඇත්තටම මේ මැයි දිනය ගැන ලොකු උනන්දුවක් හැම දේශපාලන පක්ෂයකම වගේ තිබුණා. ජනාධිපතිවරණය ළඟ ඒම ඒකට ප්‍රධාන හේතුව වෙන්න ඕනි.ඒක නිසා මැයි දිනය වෙනුවෙන් මොනයම් ආකාරයක හරි මැයි දින ක්‍රියාකාරකමක යෙදෙන්න දේශපාලන පක්ෂ අමතක කළේ නෑ.ඒකයි රටේ රාළ කියන්නේ තිබුණ මැයි දින සමරු ගැන ඇත්ත සමාලෝචනයක් ඕනි කියලා.
අපේ රටේ මැයි දින සමරුවල සාර්ථකත්වය මනින්නේ සහභාගීත්වය දිහා බලලා.හැබැයි මැයි දින සමරුවක සාර්ථකත්වය මනින්න සහභාගීත්වය වගේම ඒ සමරුවේ තියන ගුණාත්මක බවත් සළකන්න ඕනි.සහභාගීත්වය පැත්තෙන් ගනිද්දී මේ මැයි රැලියේ පළවෙනි තැන හම්බවෙන්නේ මාලිමාවට.මාලිමාව තියපු මැයි දින රැලි හතරම එකතු කළොත් 40000 – 50000 ක විතර පිරිසක් හිටියා.ඒක ගොඩක් වෙලාවට 50000 කට කිට්ටුම ඇති.
සජබය සහ එජාපය පිරිස අතින් ටිකක් සමාන උනත් සජබයට එජාපය වඩා ටිකක් වැඩියි.ඒ කියන්නේ සහභාගීත්වය අතින් දෙක සහ තුන පිලිවෙලින් සජබයට සහ එජාපයට හිමිවුනා. හතරවැනි තැන හම්බ උනේ පොහොට්ටුවට. කැම්බල් පිටිටනියෙත් හත් අටදාහක පිරිසක් හිටියා.ශ්‍රිලනිප මෛත්‍රී කණ්ඩායම,පොරටුගාමී සමාජවාදී පක්ෂය,විමල්ලගේ උත්තර ලංකා සභාගය වගේ අය කරපු මැයි දින සමරු තිබුණේ එකම Level එකක.ඒ කියන්නේ පිරිස තුන්දාහට වඩා අඩුයි.
කොහොමද උනත් වතුකරයේ රනිල් සහ සජිත් සහභාගීවුන තොන්ඩමන් සහ දිගම්බරම්ගේ මැයි රැලි දෙකත් සාර්ථකයි.එතනත් තොන්ඩමන් වඩා පිරිස් බලයක් දිගම්බරම්ට තිබුණ බව පේනවා. සංවිධානාත්මක පැත්තෙන් බැලුවත් මාලිමාව අනිත් සියලු දෙනාට වඩා ගොඩක් ඉදිරියෙන් හිටියා.මාලිමාවට සාපේක්ෂව හිතුවොත් සජබය සහ එජාපය හිටියේ ගොඩක් පිටිපස්සෙන්.
එතනිනුත් එජාපය ගොඩක්ම පිටිපස්සෙන් හිටියේ.පොහොට්ටුව එජාපයට සහ සජබයට වඩා සංවිධානාත්මක බවක් පෙන්නුවා.ප්‍රධාන දේශපාලන වේදිකාවලින් දෙන දේශපාලන පණිවිඩවල ප්‍රබල බවක් නං රටේ රාළ දැක්කේ නෑ.රනිල්,සජිත්,අනුරගේ කතා සන්සන්දනය කරද්දී රනිල්ගේ කතාව අනෙක් දෙකට වඩා උඩින් තිබුණා,ඒත් රනිල්ගේ දේශපාලන පණිවිඩය දෙන්න සුදුසු වේදිකාවක් සහ සංවිධාන වැඩපිලිවෙලක් එතන තිබුණේ නෑ.
රනිල්ගේ ඒ රැස්වීමට භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් සහභාගීවෙලා හිටියත් ඒවා කිසිම විෂුවල් එකක පෙන්නුවේ නෑ.සමහර හාමුදුරුවරු රනිල් එනකොටත් හිටගෙන.ඒක ඉන්දියානු නළු නිළීයන්ට නටන්න හදපු වේදිකාවක් මිසක දේශපාලන පණිවිඩයක් දෙන්න හදපු වේදිකාවක් නෙවෙයි.ඇත්තටම ඒ තැන තොරා ගැනීමම වැරදියි.රනිල් එජාප වේදිකාවේ ඉඳන් තමන්ගේ වැඩපිලිවෙලත් එක්ක එකතු වෙන්න කියලා සජිත්ට සහ අනුරට ආරාධනා කළා.ඕනි නං ගිවිසුමකට එමු කියලත් කිව්වා.
රනිල් මේ නොකියා කියන්නේ අනුර සහ සජිත් අනුගමනය කරන්නේ රනිල්ගේ වැඩපිලිවෙල කියලයි.වැඩපිලිවෙල සහ ප්‍රතිපත්ති එකයි දේශපාලන අධිකාරී බලය විතරක් වෙනස්.
රටේ රාළත් ඔය කතාව මීට දවසකට දෙකකට උඩදී කිව්වා.ඒ කියන්නේ සජිත් සහ අනුර ගෙනියන්න හදන්නෙත් රනිල්ගේ ප්‍රතිපත්ති සහ වැඩපිලිවෙල නිසා කට්ටිය එකතු වෙන එක තමයි හොඳ.රනිලුත් ඒ ආරාධනය කළා. රනිල්ගේ වේදිකාවේ අවසන් කතාව කළේ රවී.රනිල් සජබයට ආරාධනා කරද්දී රවී කිව්වේ ඉදිරි මාස කීහිපය ඇතුලත දුරකතනය විසන්ධි කරනවා කියලා.දැන් එජාප වේදිකාවෙන් සජබයට පණිවිඩ දෙකක් දීලා තියනවා.එක්කෝ රනිල් කියන විදිහට එකතු වෙන්න.
නැත්තං රවී කියන විදිහට යටත් වෙන්න.අපිට හෙට දවසේ බලන්න පුළුවන් ඔය දෙකෙන් කොයි එකද වෙන්නේ,නැත්තං ඔය දෙකම නොවී වෙන මොකක්ද වෙන්නේ කියලා.සජිත් සහ අනුරගේ කතා දෙකේ නං ගන්න දේශපාලන හරයක් තිබුනේම නෑ.ඊට වඩා දිලිත්ගේ කතාව හොඳයි. සජිත් – අනුර බොරු පම්පෝරියම තමයි.අනුර කිව්වේ ඊළඟ මැයි දිනය සමරන්නේ මාලිමාවේ ජනාධිපති කෙනෙක් යටතේ කියලා.අනුර ජනාධිපති උනහම ජනාධිපති සමාව දෙන විදිහ කිව්වා.අනුරගේ කැබිනට් එක 25යි.ඒක නම් කරලා ඉවරයි කිව්වා.සජිත් එක්ක විවාදය ගැන කිව්වා. ඕවා තමයි අනුර කිව්වේ.හැබැයි වැඩකරන ජනතාවගේ ප්‍රශ්න ගැන නං නෝ කතා.
සජිත් කිවිවේ වතුකරයේ ජනතාවට ඉඩම් බෙදලා වතු කම්කරු ජනතාව ඉඩම් හිමියන් කරනවා කියලා.වැඩි කරපු රුපියල් 700 ගෙවන්න එකඟ නැති වතු හාම්පුත්තු ජනතාවට ඉඩම් බෙදලා දෙන්න එකඟ වෙයිද කියලා හිතෙනකොට සජිත්ගේ වයර් ෂෝට් එකේ තරමත් හිතාගන්න පුළුවන්.
සජිත්ගේ සහ අනුරගේ කතාවල තිබුණ ඔක්කොම අනියමාර්ථයේ අසම්භාව්යක් ක්‍රියා. රාජපක්ෂලා මේ මැයි දිනයෙන් එයාලා හිටිය තැනට වඩා යම් හිස එසවීමක් කරගෙන තියනවා. විශේෂයෙන්ම පොහොට්ටුව එකට මැයි දිනයක් කරපු එක රාජපක්ෂලාගේ ජයග්‍රහණයක්.මොකද පක්ෂය ආයෙත් රාජපක්ෂලාගේ අණසකට යටත් උන බව එලියට පෙනුනා.බැසිල් උපක්‍රමිකව පොහොට්ටුව ආයෙත් තමන්ගේ යටතට අරන් තියන බව පේන්නුවා.
ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශ්වයේ රැස්වීමට සහභාගී වෙලා හිටියේ 2800 ක වගේ ප්‍රමාණයක්.ගොඩක් ශ්‍රිලනිප පාක්ෂිකයන් ඊයේ මැයි දින සමරුවට සහභාගී වුනේ නෑ.ශ්‍රිලනිප පාක්ෂිකයා තමන්ගේ පක්ෂයේ නොවෙන කෙනෙකුට පක්ෂ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න මෛත්‍රී දරන උත්සාහය ගැන ඉන්නේ දැඩි වෛරයකින්.
මැයි දින වේදිකාවල ඇහුව කතාවලින් දිලිත් කරපු කතාවත් අර්ථවත් එකක්.දිලිත් කම්කරු ව්‍යාපාරයේ ඉතිහාසය සහ එයාගේ ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය එකට බද්ධ කරමින් කතා කළා.ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය ඇතුලේ වමේ ව්‍යාපාරයේ පිරිහීම ගැනත් දිලිත් කිව්වා.වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න විසදන්න ආණ්ඩුව අසමත් වෙලා තියන විදිහ සහ විපක්ෂයටත් ඒකට වැඩපිලිවෙලක් නැති බව දිලිත් පෙන්නලා දුන්නා.
මේ මැයි දින වේදිකාවල නොදැක්ක පිරිසකුත් හිටියා.මැති ඇමතිවරු කීපදෙනෙක් කිසිම මැයි දින වේදිකාවක හිටියේ නෑ.සුසිල්,ටිරාන්, අනුර ප්‍රියදර්ශන යාපා සහ නිමල් ලන්සා මැයි වේදිකාවක දැක්කේ නෑ.සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත,තලතලා සජබ වේදිකාවේ හිටියේ නෑ.කොහොම උනත් මේ මැයි දිනය සියලුම දේශපාලන පක්ෂ වලට ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරපු මැයි දිනයක් බව කියන්න ඕනි.කිසිම දේශපාලන පක්ෂයකට බලාපොරොත්තු උන මට්ටමෙන් දේශපාලන පණිව්ඩයක් රටට දීගන්න බැරිවුනා.
මාලිමාවේ සහභාගීත්වය සහ සංවිධාන ශක්තිය උපරිම තැනක තිබුණත් අර්ථවත් දේශපාලන පණිවිඩයක් අනුරගෙන් ආවේ නෑ.ජවිපෙ රතු මැයි රැලිය අතහැරීමෙන් ජවිපෙ සාමාජිකයා දැඩි කළකිරීමකට පත්වෙලා ඉන්නවා.මැයි දිනයෙන් පස්සේ ජනාධිපතිවරණ පිටිය තව තවත් ගිණියම් වෙයි.ඒ මොනවා උනත් දක්ෂ කළමනාකරුවෙකුට මිස දක්ෂ කථිකයෙකුට මේ රේස් එක දිනන්න බෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person and crowd

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *