ජාත්‍යන්තර කම්කරු දිනය කිව්ව ගමන් ලංකාවේ ගොඩක් දෙනෙකුට මතක් වෙන්නේ ජවිපෙ රතු මැයි රැලිය.රෝහණ විජේවීර ජවිපෙ පටන් ගත්තට පස්සේ පක්ෂය තහනම් කරපු කාලවල හැර දිගටම මැයි පෙලපාලියක් සහ මැයි රැලියක් තිබ්බා.ඒ මැයි රැලිය නම් කළේ ” ජවිපෙ රතු මැයි රැලිය ” කියලා.2004 දී ජවිපෙ ශ්‍රිලනිපය එක්ක එක්සත් ජනතා නිදහස් සන්ධානය නිර්මාණය කළාට පස්සේ දෙගොල්ලෝ ඒකාබද්ධ මැයි රැලියක් කළා.ඒත් ජවිපෙ තමන්ගේ අනන්‍යතාවයෙන් මැයි පෙලපාලියක් කළා.
ජවිපෙ මොන විදිහකට හරි මැයි දිනයේදී තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කර ගත්තා.මේ පාරත් මුලදී ජවිපෙ රතු මැයි රැලියක් ගැන කතා කලත් පස්සේ ඒක ක්‍රමානුකුලව දම් පාටට හැරිලා රතු මැයි රැලිය අහෝසි වෙලා ගියා. අන්තිමට ජවිපෙ රතු මැයි රැලිය මාලිමාවේ කුණු ලේ පාට මැයි රැලියක් බවට පත්වුනා.වෙනදා ජවිපෙ පෙලපාලිය ඉදිරියෙන් අරගෙන ගිය මාක්ස්,එංගල්ස්,ලෙනින්ගේ ජායාරූප.
ඒ විතරක් නෙවෙයි ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පොටෝ එකත් මේ පාර තිබ්බේ නෑ.අද ජවිපෙට මාක්ස්,එංගල්ස්,ලෙනින්ලා හතුරෝ වෙලා.ජවිපෙ නිර්මාතෘ විජේවීරත් ඒ හතුරු ගොඩටම දාලා.ජවිපෙ මාක්ස් සහ එංගල්ස්ගේ ජායාරූප ගෙනියන්නේ ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයට එයාලා කළ සේවය සනිටුහන් කිරීම වෙනුවෙන්.ලෙනින්ගේ ජායාරූපය ප්‍රදර්ශනය කරන්නේ මාක්ස් සහ එංගල්ස් ගොඩනගපු මතවාදයන් ලෙනින් විසින් තවදුරටත් සංවර්ධනය කරපු හින්දා සහ ඒවා ප්රායෝගිකත්වයට නගපු හින්දයි.
ජාත්‍යන්තර කම්කරු දිනය විදිහට මැයි පළවෙනිදා දිනය නම් කරන්නෙත් 1887 එංගල්ස් නායකත්වය දුන්න දෙවෙනි සමාජවාදී ජාත්‍යන්තරයෙන්.මෙතනදී එක දෙයක් ඉතාමත්ම පැහැදිලියි,ජවිපෙ දැන් තමන්ගේ සියලු ස්ථාවරයන් ගලවලා විසි කරලා ලිබරල් මතවාදය පිලි අරගෙන.රටේ රාළ හිතන්නේ තමන්ගේ මතවාදය සම්පුර්ණයෙන් පැත්තකට විසිකරලා ලිබරල් මතවාදය වැලද ගත්ත මේ වගේ වමේ ව්‍යාපාරයක් ලෝකේ කොහේවත් නැතිව ඇති කියලයි.
නිවැරදි වමේ ව්‍යාපාරයක් කවදාවත් ධනේශ්වර සංවර්ධනය ප්‍රතික්ෂේප කරන්නේ නෑ.එයාලා කළේ මඟ හැරුණු නැත්තං අතපසු උන ධනේශ්වර සංවර්ධනය ලගා කරගන්න ප්‍රතිසංස්කරණ යෝජනා කරන එකයි.හැබැයි මැද මාවතක් නැත විසදුම සමාජවාදය පමණයි කියලා ජවිපෙ සාමාජිකයාට උගන්නපු ටිල්වින්ලා රතු රෙදි උනා දමලා ලිබරල්වාදයට වැලදගෙන.අඩුම ගානේ සමාජ ප්රජාතන්ත්රවාදී වැඩපිලිවෙලක්වත් යෝජනා කරන්න බැරි තරමට ජවිපෙ දැන් ලිබරල් වෙලා.
ඇත්තටම ජවිපෙට මෙහෙම උනේ ඇයි?ඒකට ප්‍රධාන හේතුව තමයි මතවාදී දුප්පත්කම.ටිල්වින් ලෙනින්ගේ වෙළුම් කට පාඩමෙන් කිව්වට ඒවා ප්‍රායෝගිකව භාවිතා කරන්න දන්නේ නෑ.ඒවායේ මූලධාර්මික පදනම්වල ඉදන් ඒවා සංවර්ධනය කරන්න දන්නේ නෑ.කාලානුරූපව ඒවා නව තත්වයන්ට ගලප්පන්න දන්නේ නෑ.මාක්ස්වාදය ලෙනින් මාක්ස් – ලෙනින්වාදය විදිහට සංවර්ධනය කළා.
හැබැයි ටිල්වින්ලට මාක්ස් – ලෙනින්වාදී පදනම සංවර්ධනය කරපු මතවාදයක් ඉදිරිපත් කරන්න තියන බැරිකම විසින් වමේ හම සම්පුර්ණයෙන්ම ගලවලා දාලා ලිබරල් හම පෙරවගෙන.ලෝකය ඇතුලේ සමාජවාදී කඳවුර බිඳවැටෙනවත් එක්ක වමේ ව්‍යාපාරය දැවැන්ත අර්බුදයකට මුහුණ දුන්නා.හැබැයි බිඳ වැටුණ සෝවියට් සමූහාණ්ඩුව ඇතුලෙන් රුසියාව නැවත නැගිටලා තියනවා.
ඒ නැගිටීමට සෝවියට් ආධ්‍යාත්මය තරම් වෙන කිසිවක් සේවය කළේ නෑ.චීනය කොමියුනිස්ට් පක්ෂය යටතේ චීනය ලෝකයේ දැවැන්ත බලයක් ගොඩනගලා තියනවා.මේ කිසි කෙනෙක් වමේ පදනම් බිඳගෙන ලිබරල්වාදය වැලදගත්තේ නෑ.මේ කිසිම නායකයෙක් සමාජවාදය හරි කොමියුනිස්ට්වාදය හරි ප්‍රතික්ෂේප කරලත් නෑ. සමාජවාදයට මෙහා තවත් අවධියක් තියෙන බව එයාලා පිලිගන්නවා වෙන්න පුළුවන්.
ඒක නිසා එයාලා වමේ පදනම් බැහැර කරලා නෑ.ඒ වගේම තමන්ගේ රටේ එෛතිහාසික උරුමයන් අමතක කරලා නෑ.නවීන විද්‍යාව සහ තාක්ෂණය එකතු කරගෙන තියනවා.ලෝකයේ වේගයෙන් ඉදිරියට යන ජාලගත වර්ධනයන් එකතු කරලා අලුත් සංකල්ප ගොඩනගාගෙන ඉදිරියට යමින් ඉන්නවා.ඒකට නමක් දාගෙන නෑ.හැබැයි රුසියාව හරි චීනය හරි ඉන්දියාව හරි මේ ඉදිරියට යන්නේ නව ලිබරල්වාදය කර පින්නාගෙන නෙවෙයි.
ඒකේ ධනේශ්වර සංවර්ධනයට අයිති කොටසක් ඇති.හැබැයි දැන් ලාල්ලා කෙලින්ම කියනවා එයාලා සමාජවාදය අතෑරියා කියලා.රටේ රාළ නං කියන්නේ සමාජවාදය යථාර්ථයක් කියලයි. මොකද මේ ධනේශ්වර දියුණුව විසින් මිනිසා අත්පත් කරගන්න දේවල් මානව සමාජය අතර සාධාරණ පදනමින් බෙදී යන්න ඕනි.එතනට තමයි සමාජවාදය ඕනි වෙන්නේ.ඒක අපට තව ගොඩක් ඈත වෙන්න පුළුවන්.හැබැයි ගොඩක් ඈත උනත් අනාගත සමාජ සංවර්ධනය ගැන අපට අවබෝධයක් තියෙන්න ඕනි.
ඒ වගේම අපට නැති දේ අනාගත සමාජයට අරන් දෙන්න අපි මහන්සි වෙන්න ඕනි.ඒ අධ්‍යාත්මය ජවිපෙ ඇතුලේ තිබුණා.අපේ සමාජය ඒකට අනුගත උනේ නැති වුනාට ජවිපෙ ඒ ආධ්‍යාත්මයට ගරු කළා.අනුරලා,ටින්වින්ලා,විජිතලා,ලාල්ලා ජවිපෙ ඒ අධ්‍යාත්මය විනාශ කළා.දැන් ජවිපෙට කවුරුවත් ගරු කරන්නේ නෑ.ඒ වෙනුවට ජවිපෙ ගැන වෛරයක් සමාජගත වෙමින් තියනවා.ඒක තවත් වර්ධනය කරන්න අර නලින් හේවගේලා කියන ගොන් කතාත් බලපානවා.
ජවිපෙ ඓයිතිහාසික උරුමයක් උණ රතු මැයි රැලිය වලපල්ලට යැවීමෙන් ටිල්වින්ලා ජවිපෙ අවසන් ආධ්‍යාත්මික සංකේතයටත් ගහලා විනාශ කළා.දැන් ජවිපෙ ඇතුලේ මත හතරයක් තියනවා. එකක් ලාල් කාන්තලා දරන මතය.ලාල්ලා කියන්නේ මාලිමාවට එහා ගිය බහුජන ව්‍යාපාරයක් හදන්න ඕනි කියලයි.ඒක හරිනිගේ මතයට කිට්ටූ වුනාට හරිනිගේ මතය ඒක නෙවෙයි.
හරිනි ඉන්නේ ඊට වැඩිය රොමැන්ටික් අදහසක. ටිල්වින් ඉන්නේ ටිල්වින්ගේ ආධිපත්‍යය මාලිමාව පුරා පතුරවන්න.සාහිත්‍ය කතා කියලා මාලිමාව අල්ලන්න ටිල්වින් හදනවා.විශේෂයෙන් මාලිමාව වටේ එකතු වෙන කාන්තාවෝ ටික කොටු කරන්න ටිල්වින් හදනවා.අනුර හදන්නේ තියන මාලිමාව එක්ක ඉස්සරහට යන්න.දැන් ජවිපෙ අභයන්තරය ඇතුලේ තියෙන්නේ හෙන කාලගෝට්ටියක්.මේක ජවිපෙ සාමාජිකයට දැනෙන්න පටන් අරන්.ඒ වගේම මාලිමාවට එකතු උන අලුත් බලවේගයටත් දැනෙන්න පටන්.මේ මැයි දිනයෙන් පස්සේ ජවිපෙ දෙදෙරා යෑම තවත් වේගවත් වෙන එක නවත්තන්න බෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.