ජනමත විචාරණයකින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට පෙළගැසෙමු.-මහාචාර්ය සරත් විජේසූරිය
ජනවාරි අටවැනිදා සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් ඒකරාශී වුනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වෙමින්. ඒ වගේම අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම, බලය බෙදීම කියන කාරණා තුන මූලික වෙලා තමයි.ජනවාරි විප්ලවයට අවතීර්ණ වුණේ. සිවිල් සංවිධාන ලෙස අපට තිබෙන වගකීම තමයි නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම. ජනවාරි අට වෙනසක් අවශ්‍ය වන්නට බලපෑ හේතුකාරණා රාශියක් තිබෙනවා. දීර්ඝ කාලයක් තිබූ යුද්දය අවසන් කළාට ජාතික ගැටලුවට නිසි ආකාරයේ විසඳුමක් ලබාදීමට ඒ අය අසමත් වෙනවා. ඒ නිසා නැවත යුද්්ධයක් ඇති නොවීමට සහජීවනයෙන් ජීවත්වීම සඳහා ජාතික සංහිඳියාව ඇතිකර ගැනීම කාලයක් තිස්සේ සංවාදයට බඳුන්වූ දෙයක්. පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අවබෝධතා ගිවිසුමක් අත්සන් කලා. ඒ ගිවිසුමේ,
01. දැනට පවතින විධායක ජනාධිපති ක්‍රමය මාස හයක් ගතවීමට පෙර අහෝසි කර ජනතාවට වගකියන පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කිරීම.
මේ කොන්දේසිය තමයි ඉතා වැදගත් කොන්දේසියක් බවට පත්වෙලා තිබෙන්නේ. අපි අවංකව විශ්වාස කරනවා අපි සමාජගත කල කොන්දේසියට පැහැදිලි ජනවරමක් ලැබුණා කියලා. අගෝස්තු 17 මැතිවරණයේදී සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් ගිවිසුමක් අත්සන් කලා. එම ගිවිසුමේ,
– නව ආණ්ඩුක්‍රමයක් හඳුන්වා දෙමින් පහත සඳහන් ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම.
– ජනාධිපති ආණ්ඩුක්රමය අහෝසිකර පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම.
ලෙස සඳහන් වුණා. ඒනිසා මෙම රට පාලනය කරන ප්‍රධාන පුරවැසියන් දෙදෙනා එක`ගවූ ප්රතිඥාවන් ඉටුකර ගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් අපට සාමූහික වගකීමක් පැවරී තිබෙනවා.
ජනාධිපතිවරයා විශාල ප්රයත්නයක් දරනවා බලයට පත්වූ දිනසිට නව ව්‍යස්ථාවක් ඇති කිරීම වෙනුවෙන් . අගමැතිවරයාත් ඒ වෙනුවෙන් විශාල ක්‍රියාමාර්ග ගන්නා බව අපට පෙනෙන්නට තියෙනවා.
ඒ නිසා අපට බැඳීමක් ,විහ්වාසයක් තියෙනවා එදා එතුමන් විසින් පොරොන්දු වූ ප්‍රතිඥාව ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නංවයි කියන අදහස. අද අපට යම් ආකාරයකට පෙනෙනවා ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ යම්කිසි අඩුපාඩුවක් පෙනෙන්නට තිබෙන බව ඒ ප්‍රමාදයට හේතුව ප්‍රධාන පක්ෂ දෙකෙන් එක් පක්ෂයක යම් යම් කොන්දේසි ඉදිරිපත් කිරීම.
මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතුවීමක් අවශ්‍ය වුණේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් ඇතිකර ගැනීමට මේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකමුතු නොවී විශාල ක්‍රියාමාර්ග ගැනීමට නෙැහැකි බව චන්ද්‍රිකා මැතිණිය ජනපතිව සිටින අවධියේදී ප්‍රකාශ කලා.
ඓතිහාසික වශයෙන් අපට අවස්ථාවක් උදාවී තියෙනවා නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනවාරි අටවැනිදා නිලවශයෙන් පෙනී සිටියේ මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් නමුත් එදා පොදු අපේකෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු නොකළ නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ව්‍යවස්ථාව ගැන යම්යම් කොන්දේසි පැනවීම සදාචාරාත්මක නොවන බව මේ සම්මුතිවාදී ආණ්ඩුවට පැවරී තිබෙන කාර්ය නම් ජනමත විචාරණයකින් නව ආණ්ඩුක්‍රමයක් ඇති කිරීමට අවශ්‍යය පසුබිම සකස් කිරීමය.
