|

පවුලේ අයට මහ ඡන්දයක් ඕනැකර තිබේ – අස්පට් ෂූටිං

May be an illustration
ආයුබෝවන් මචං……..පව් නේද බං මල් පොහොට්ටුවේ කවුන්සිල් members ලා ටික.අයියෝ මචං ඒ මින්සුන්ට දෙන වදයක්.
කීදෙනෙක් කියන ඒවා අහන්න වෙලාද, කීදෙනෙක් ගහන පදයට නටන්න වෙලාද?මචං අර බන්ධනාගාරය ඉස්සරහා ගහලා තියනවා නේද ” සිරකරුවෝ මනුස්සයෝය ” කියලා.අනේ මචං කාට හරි කියහංකෝ ” මල් පොහොට්ටුකරුවෝද මනුස්සයෝය ” කියලා නෙලුම් මාවතේ බැම්මේ ගහලා එන්න කියලා.
හාමු ගහන පදේට නටන්න ඕනි. පවුලේ අප්පච්චිලා,බාපොච්චිලා, පුතාලා ගහන පදේට නටන්නත් ඕනි.එතන මචං දැන් පොඩි චාන්ස් එකකට තියෙන් මේ දවස්වල පවුලේ සෙට් එක ගහන්නේ එකම පදය හින්දා.
ඉස්සර මචං නා මලයා එක පදයක් ගහනකොට පොඩි බාප්පී තව පදයක් ගහනවා.නන්දසේන බාප්පිත් ඔය අස්සේ අමුතුම පද ගහනවා.දැන් හැබැයි මචං ඒ කරදරේ නෑ.දැන් ඔක්කොම ගහන්නේ එකම පදය.
” කවුන්සිලේ විසුරවපං – මහ ඡන්දෙට යමං යමං ” ඕක තමයි පදය.
මචං පේන විදිහට ඔය වැඩේට එකෙක්වත් කැමති නෑ.දැන් පාට් එක දලා වැඩේට කැමති කරගන්න හදන්නේ.මහී,නා මලයා,පොඩී බාප්පී බැහැලම වැඩ.නා මලයා කියන්නේ හැම කෙනාම පවුලේ තීරණයට එකඟ වෙන්න ඕනි කියලා.
කට්ටිය හාමුගේ ඥාතියෝ පවා හම්බවෙලා කොහොම හරි General එකකට තල්ලු කරගන්න පට්ට ට්‍රයි. මචං මහීත් කියලා තිබුණා බීආර් කියන විදිහට කරමු කියලා.මහී කවුන්සිලේ ඉන්න දෙපැත්තේම අය අල්ලගෙන මාලිමා බිල්ලා පෙන්න පෙන්න ජෙනරල් එකකට යන්න කැමති වෙන්න කියලා අතින් අල්ලගෙන බැගෑපත් වෙනවා මචං.
සමහර වෙලාවට ඇස්වල කඳුළුත් පිරිලලු.මචං ජෙනරල් එකකට යන්න දාන්න පුළුවන් සේරම සෙල්ලම් දානවා කියලත් කියලා. කොහොම හරි හැදෙන ආණ්ඩුවකට හේත්තු වෙලා පවුලේ ප්‍රශ්න ටික බේරගන්න දෙන ට්‍රයි එක නං මචං මාරයි.
මචං උඹලා දන්නවද දැන් කියන්නේ මොකද්ද කියලා.
අර මචං පවුලේ නඩේට අමතරව ඉතුරුවෙලා ඉන්න ජේෂ්ඨ සැට්ටිඹියෝ ලව්වා අලුත් යෝජනාවක් ගෙනැල්ලා.මල් පොහොට්ටුවට පිටුපාන අයට නොමිනේෂන් දෙන්නේ නෑ කියලා. ඉතින් මචං පිටුපාන එකා පිටුපාන්නේ නොමිනේෂන් ගන්න බලාගෙන නෙවෙයිනේ.
ඌට පිටුපාලා ගිය තැනින් නොමිනේෂන් හම්බ වෙනවනේ. අනික මචං කවුද කියහංකෝ මල් පොහොට්ටුවෙන් නොමින්ෂන් ඉල්ල්නේ.මල් පොහොට්ටුවට පිටුපාපූ අයට නොමිනේෂන් හම්බ වෙන්නේ නෑ වගේම රටට පිටුපාපු මල් පොහොට්ටුවට ජනතාවගේ ඡන්ද හම්බ වෙන්නෙත් නෑ බං.
අස්පට් ෂූටිං.
May be an illustration

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *