තමන්ගේ ම පක්ෂ සමග සජිත් අලුත් ගිවිසුමක් අත්සන් කරයි

 

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම සන්ධානයට මුල සිට සම්බන්ධ වී සිටි වතුකරයේ  පක්ෂ සහ කණ්ඩායම් සහ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග නව ගිවිසුමකට ඊයේ අත්සන තබා ඇත.

උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කර දෙන බවට වන ප්‍රතිඥාවක් ලබා දෙමින් වතුකරයේ සමගි ජන සන්ධානයේ  දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් සමග සමාජ ගිවිසුමකට අත්සන් තැබූ බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

මෙම ගිවිසුම සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායකවරයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දමිල ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, ජාතික කම්කරු පෙරමුණේ නායක පලනි දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන්, කෑගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර් සහ නුවරඑළිය දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. උදයකුමාර් අත්සන් තබන ලදී.

මෙයට අත්සන් තැබූ සියලු දෙනා මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *