සරත් ෆොන්සේකා එලවන්න සජිත්ගෙන් මෙහෙයුමක්

ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිගේ කිට්ටු අනුගාමිකයකු වූ ජෙනරාල් දයා රත්නායක මහතා සජබයට ගැනීම විවේචනය කළ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහෙයුමක් අරඹා ඇති බව වාර්තා වෙයි.
එහි මුල් පියවර ලෙස පකෂයේ ආසන සංවිධායකවරුන් සූම් සාකච්ඡාවක කැඳවා සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමේ එකඟතාව ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත.
එම සාකච්ඡාවට පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා මහතා කැඳවා නැත. පක්ෂයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එයට සහභාගී වී සිටි බව වාර්තා වෙයි.
සරත් ෆොන්සේකා මහතාට එරෙහිව විනය පියවර ගෙන ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය ගැන මෙහි දී සජිත් ප්‍රේමදාස මහතා ආසන සංවිධායකවරුන්ට කරුණු පැහැදිලි කොට තිබේ.
