නව සන්ධානයක ගමන් මඟ කොයිබටද? – රටේ රාළ

May be an image of text that says 'නව සන්ධානය புதிய கூட்டமைப்பு NEW ALLIANCE'
ළඟ එන ජනාධිපතිවරණය සම්බන්ධ සාකච්ඡාව උඩට එනවත් එක්ක සන්ධාන ගොඩනැගීමේ සාකච්ඡාවත් උඩට ඇවිත්. ඒ විතරක් නෙවෙයි දැන් සන්ධාන ගොඩනැගීමේ ක්‍රියාවලි කිහිපයක්ම සිද්ධවෙමින් තියනවා.සජිත්ගේ සමගි ජන බලවේගය සමගි සන්ධානය නමින් සන්ධානයක් පිහිටවන්න කටයුතු කරමින් ඉන්නවා. ශ්‍රිලනිපය, අනුර යාපා – ලන්සා කණ්ඩායම සහ තවත් පක්ෂ ගණනාවක්ම එකතුවෙලා පොදුජන එක්සත් පෙරමුණ නැවත සක්‍රීය කිරීමේ මෙහෙයුමක නිරත වෙලා ඉන්නවා.
ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න රටේ සමස්ථ ජනතාවම නියෝජනය වෙන පළල් සන්ධානයක අවශ්‍යතාවය දැන් උඩට මතුවෙලා. රටේ රාළ විශ්වාස කරන්නේ ඒ මට්ටමේ වඩාත් පළල් සන්ධානයක් හැදෙන්න තවත් කාලයක් යයි කියලයි.සාමාන්‍යයෙන් හිතුවොත් ජූනි/ජූලි වගේ තමයි එහෙම සන්ධානයක් හැදෙන්න පුළුවන්.
සන්ධාන ගැන කතා කරද්දී දිගටම රටේ රාළ අවධාරණය කළේ සන්ධාන වැඩපිලිවෙල සහ සන්ධාන ආකෘතිය ගැනයි.රටේ රාළ කිව්වේ සන්ධාන ආකෘතිය වෙන්න ඕනි විධායක සභා සහ නායකත්ව මණ්ඩල ආකෘතිය කියලා.ඒක තමයි දැනට තියන සාර්ථකම සන්ධාන ආකෘතිය. මෙතනදී විධායක සහාවක් නිර්මාණය වෙද්දී ඒ ඒ පක්ෂවල දේශපාලන බලය නොසලකා හරින්න බෑ.
ඊට ගැලපෙන සාධාරණ නියෝජනයක් ඒක පක්ෂවලට දෙන්න වෙනවා.ඒ අර්ථයෙන් ගත්තොත් විධායක සභාව යම් තරමකට පළල් ව්‍යුහයක් බවට පත්වෙන එක වලක්වන්න බෑ. නායකත්ව මණ්ඩලය කියන්නේ ඒ අවස්ථාවේ සන්ධානගත වන පක්ෂ නායකයන්ගේ එකතුවක්. නායකත්ව මණ්ඩලයක් ඇතුලේ තියෙන්නේ සාමූහික නායකත්වයක්.ඒ නායකත්ව මණ්ඩලයට මෙහෙයුම් බලය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි.
විධායක සභාවෙන් අනුමත කරන වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් බලය නායකත්ව මණ්ඩලයට තියෙන්න ඕනි.ඒ වගේම මැතිවරණ නීතිත් එකක් සමපාත වෙන විදිහට නායකත්වය මණ්ඩලයෙන් නව නිළධාරී මණ්ඩලයක් පත් කරන්නත් පුළුවන්.ඒවාට අලුත් මූණු එනවා නං තවත් හොඳයි.මෙතනදී කාටහරි මෙහෙම තර්කයක් ගේන්න පුළුවන්.
නායකත්ව මණ්ඩලයක් තිබුණට නායකයෙක් නෑ කියලා.ඇත්තටම එහෙම ප්‍රශ්නයක් එන්නේ අපි නායකත්ව මණ්ඩල ක්‍රමය practice කරලා නැති හින්දයි.අපේ රටේ මෙතෙක් සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ නායකයෙක්ගේ විධානයකට යටත්වයි.ඒක නිසා නායකත්ව මණ්ඩලය කියන එක සම්බන්ධව තවදුරටත් සාකච්චාවක් ඕනි කියලයි රටේ රාළ හිතන්නේ.
ඇත්තටම මෙතනදී සාමූහිකත්වය අත්‍යවශ්‍යයි.ඒ වගේම ඒ සාමූහිකත්වයට මෙහෙයවීමකුත් අත්‍යවශ්‍යයි.ඒ කියන්නේ සාමූහිකත්ව ක්‍රියාවලියට මෙහෙයුම් ක්‍රියාවලියකුත් බද්ධවෙන්න ඕනි.ඒ දෙක හරියට බද්ධ උනොත් තමයි මේ සමස්ථ ක්‍රියාවලිය පෝෂණය වෙන්නේ.නැත්තං සාමූහිකත්වයත් විසිරිලා මෙහෙයුම් ක්‍රියාවලියත් අසාර්ථකයි.
සන්ධානයක නිල ක්‍රියාවලිය ඇතුලේ මේ වගේ ආකෘති මීට කලින් practice කරලා නෑ. නායකයෙක් නෑ කියන ප්‍රශ්නය එන්නේ ඒකත් එක්ක.නායකයෙක් කියන එක භාරගන්න අපේ සමාජ මානසිකව සුදානම් උනාට නායකත්ව මණ්ඩලය කියන එක එහෙම බාරගන්න සුදානම් නෑ.ඇත්තටම ඒක නායකත්ව මණ්ඩලයේ ප්‍රශ්නයක් නෙවෙයි අපේ සමාජ මනෝභාවයේ ප්‍රශ්නයක්.
තනි චරිතයක් වටේට ගොනු උන සමාජ මනෝභාවයකුයි අපට තියෙන්නේ.හැබෑයි සාමූහිකත්ව ක්‍රියාදාමයක් තුල උනත් වැඩ බෙදීමක් තියනවා.කාල රාමු තියනවා. සාමුහිකව බෙදාගත්ත වැඩ ක්‍රියත්මක කරන්න,ඒවා සමාලෝචනය කරන්න සහ පසු විපරම් කරන්න ඕනි.ඒ මෙහෙයුම් ක්‍රියාවලියටත් අවසාන් විධානයක් දෙන කෙනෙක් අවශ්‍යයි.
රටක් පාලනය කරද්දිත් ඒක තියනවා. සන්ධාන ක්‍රියාවලිය ඇතුලේ මෙහෙම තැනකට යන්න බලපාන තවත් හේතුවක් තමයි ඉන්න නායකයෝ සම්බන්ධව ජනතා අතර විශ්වාසයක් ගොඩනැගිලා නැතිකම.සාමූහිකත්ව ක්‍රියාවලියක් ඇතුලේ වඩා දක්ෂ සහ ජනතා විශ්වාසය වැඩියෙන්ම දිනාගන්න කෙනා ජනතාවගේ නායකයා බවට පත්වෙන එක නවත්තන්න බෑ.
ඒක ඒ සන්ධානයටත් බාර ගන්න සිද්ධ වෙනවා.මේ වෙලාවේ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ එහෙම ඒකක්. එතකොට ඔයාලට තේරෙන්න ඕනි සන්ධානයයේ මුල් කාලය කියන්නේ ටෙස්ටින් පීරියඩ් එකක්.හැබයි ජනාධිපතිවරණය එනකොට ඒකට ඉදිරිපත්ව කරන්නේ කවුද කියලා නමක් ඕනි වෙනවා.
ඒ නිශ්චිත පුද්ගලයා නිශ්චිත මොහොතේ අනිවාර්යයෙන්ම තෝරාගන්න ඕනි. එතෙක් යන ගමනේදී ජනාධිපතිවරණය දක්වා ඒක pending තියන්නේ ඒ නායකත්වය මේ වැඩ ක්‍රියාවලිය ඇතුලේ අදුරගන්න ඕනි හින්දයි.ඒ සදහා අවකාශයක් ගන්නයි එහෙම කරන්නේ.ඒක නිසා මේක සන්ධානයක් තුල සංක්‍රමණීය අවධියක්.
එහෙම නැතිව මැතිවරණයක් ඉළක්ක කරගෙන හදන සන්ධානය පක්ෂ,පාට, ලකුණු සහ නායකත්වයක් නැති වෙන්න බෑ.හැබැයි වෙන්න ඕනි ඒ නායකත්වය ජයග්‍රහණය කළාට පස්සෙත් රාජ්‍ය පාලනය ක්‍රියාවලිය සහ.සන්ධානය ක්‍රියාවලිය අර සාමූහිකත්වය ඇතුලේ ඉස්සරහට යන්න ඕනි.ඊට පස්සෙත් නායකත්ව මණ්ඩල ක්‍රමය ක්‍රියාත්මක වෙන්න ඕනි.
ඒ ක්‍රියාවලිය තවත් ශක්තිමත් කිරීම වෙනුවෙන් තමයි රටේ රාළ ස්වාධීන බලපෑම් කණ්ඩායමක (pressure group) එකක අවශයතාවය අවධාරණය කරන්නේ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of text that says 'නව සන්ධානය புதிய கூட்டமைப்பு NEW ALLIANCE'

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *