මාර්ගගත ආරක්ෂාව පිලිබඳ පනත 23 දා මැතිසබයට

 

 

මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත ජනවාරි 23 දා මැතිසබයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා ප්‍රකාශ කරයි.

සමාජ මාධ්‍යය මගින් සිදුකරන විවිධ වැරදි සම්බන්ධයෙන් ක්‍රියාකිරීම මගින් විශේෂයෙන් ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම මෙම පනතේ අරමුණ බව ඇමතිවරයා කියයි.

තානාපති අංශ සහ විවිධ ජාත්‍යන්තර ආයතන මෙයට විරෝධය පළකොට ඇතත් එය ඉදිරිපත්කොට සම්මත කර ගැනීමට රජය සුදානම් වෙයි.

පොලිසියට මහජන පැමිණිලි  ක්ෂණිකව ලබාදීම සඳහා  දුරකථන අංකයක් සහ වෙබ් අඩවියක් හඳුන්වා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඇමතිවරයා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *