වැට් වැඩි කිරීම වැරදි නම් අඩු කළ විට අපට බැන්නේ ඇයි ? – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ආණ්ඩුව වැට් බදු වැඩි කිරීම වැරදි නම් වැට් අඩුකළ විට තම ආණ්ඩුව විවේචනය කළේ ඇයි දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.
වැට් වැඩි කිරීම ගැන හිටපු ජනාධිපතිතුමාගේ අදහස කුමක් දැයි මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමක දී ඒ මහතා පෙරළා ප්‍රශ්න කළේ ” අපේ ආණ්ඩුව බදු අඩු කළ විට කීවේ කුමක් දැයි ඔබට මතක නැද්ද ? ” යනුවෙනි.
ගෝටාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ වහාම වැට් බදු සියයට අට දක්වා අඩු කළේ ය. එමගින් ආර්ථික අර්බුදයකට මග පාදන බවට විවේචන ඒ මොහොතේ එල්ල වූ අතර පසුව ඇති වූ ආර්ථික ව්‍යසනයට ප්‍රධාන හේතුව එලෙස බදු අඩු කොට රජයේ ආදායම් අහිමි කරගැනීම බව ආර්ථික විද්‍යාඥයින්ගේ මතය යි.
