මහින්ද රාජපක්‍ෂ ට තියෙන එකම බලාපොරොත්තුව ජාතිවාදය හා ආගම්වාදය පමණයි.- අචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

යහ පාලන ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වුණා. පසුගිය දෙවසර දෙස ආපසු හැරී බැලීමේ දී ඔබට පවසන්නට ඇත්තේ මොනවගේ අදහසක් ද?
අපගේ ද දායකත්වය ඇතිව නිර්මාණය වූ යහ පාලන රජය නමින් හඳුන්වන වත්මන් ආණ්ඩුවේ, එක්තරා විදිහක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකල්පයක් විවෘත වෙලා තියෙනව. ඒ වගේම හේතු කිහිපයක් නිසා ජනතාව අපේක්‍ෂා කරපු බලාපොරොත්තු ඉටු වෙන්නෙ නැහැ.
ආර්ථිකය පැත්තෙන් ගත්තොත්, පසුගිය ආණ්ඩුවත්, 1977 සිට මේ රටේ ආණ්ඩුත් අනුගමනය කළේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය. ඒක නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්තිය කියලත් හඳුන්වනව. නිදහස් ආර්ථික ක‍්‍රමයකට දේශපාලන වශයෙනුත් රැුකවරණයක් ලබා දී, ඒ ගමන් මග ඔස්සේ ආර්ථිකය හැසිරවීමයි නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්තිය කියල කියන්නේ. ඒ ක‍්‍රමය දැන් බටහිර රටවල්වලින් පවා ප‍්‍රතික්‍ෂේප වෙමින් තියෙනව එහි අසාර්ථක තත්ත්වය නිසා. එය දැන් ඇමරිකාවෙත් නැහැ. දැන් ඉන්න ඇමරිකානු ජනාධිපති පවා හිතන්නේ ඒ මගින් රටේ ආර්ථිකයට පසුගාමි තත්ත්වයක් මිස ඉදිරිගාමී තත්ත්වයක් ඇති වුනේ නැහැ කියලයි. ලෝකයම ප‍්‍රතික්‍ෂේප කරමින් යන නව ලිබරල්වාදී ආර්ථිකයක එල්ලිලා, පිටින් එන ආයෝජන මගින් සංවර්ධනයක් ඇති කිරීමත්, බැංකු මගින් මූල්‍ය වෙළඳපොල තුළින් රට සංවර්ධනය කිරීමට පුලූවන්ය කියන අදහසත් දැන් යල්පැනගිය අදහසක් බවට පත්වෙලා තියෙනව. අවාසනාවකට වගේ මේක නොතේරෙන නිසාද?, නොදන්න නිසාද? මොන හේතුවක් නිසාද දන්නෙ නැහැ ආර්ථික ප‍්‍රතිපත්ති සැලසුම් කරන අගමැතිවරයා තවමත් නව ලිබරල්වාදී අදහසේ එල්ලිලා ඉන්නවා.
අගමැතිතුමා මෑතක දී ස්විස්ටර්ලන්තයට ගියා. එහිදී ඔහුට හමුවෙලා තියෙනව ජෝෂප් ස්ටිගලිස්ට් කියන ප‍්‍රකට ආර්ථික විද්‍යාඥයා. ඔහු මීට පෙරත් ලංකාවට ආවා මේ රජයට අනුශාශනා කරන්න. ඔහුගේ දැන් අදහස කුමක්ද දන්නෙ නැහැ. කොහොම නමුත් රජය ආර්ථිකය පිළිබඳ වැරදි මාර්ගයක ගමන් කරනව.
අනිත් අතින් රනිල් වික‍්‍රමසිංහ ගැන ජනතාව තුළ තිබුණ අදහසක් තමයි ‘මිස්ටර් ක්ලීන්’ කියල. මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් පස්සෙ ‘මිස්ටර් ක්ලීන්’ කියන පටබැඳිනම ඉවත් කරන්න සිද්ධ වෙලා තියෙනව. ඔහු පැහැදිලිවම ¥ෂිතයින්ට අනුබල දෙනව පමණක් නෙමෙයි, ඒ ¥ෂණ කරන ලදැයි කියන පුද්ගලයව උපදේශකයෙක් වශයෙනුත් යොදා ගන්නව.  මොන හේතුවක් නිසාද මම දන්නෙ නෑ. ලංකාවෙ ආර්ථික විද්‍යාඥයො මේ තරම් ඉන්දැද්දි තුන්දෙනෙක් කෙරේ පමණක් විශ්වාසය තියාගෙන ඉන්න බව පේනව. රජිත හේරත්, මහ බැංකුවෙ හිටපු අධිපතිවරයා සහ පාස්කරලිංගම් මහතා. ඔවුන් තුන්දෙනාගෙ උපදෙස් තමයි පිළිගන්නෙ. ඒ ගොල්ලන්ගෙ අදහස්, උපදෙස් දැන් යල්පැනගිය අදහස්.
එක්සත් ජාතීන්ගේ සංගමය ම දැන් තීරණය කරල තියෙනව අපි දැන් කරගෙන යායුත්තේ මේ ශතකය සඳහා සංවර්ධනයක් නොව, තිරසර සංවර්ධනයක් :ීමිඒසබ්ඉකැ ෑජදබදපහ*  සඳහා කටයුතු කරන්න  ඕනැ කියල. එතනදි පරිසරය ආරක්‍ෂාකරගෙන, මිනිසුන් අතර මානව අයිතීන් රැුකෙන පරිදි, මානුෂීය සම්බන්ධතාවය තහවුරුවන පරිදි ආර්ථික වශයෙන් අනවශ්‍ය සමෘද්ධියක් කරා යන්නෙ නැතුව සමෘද්ධියෙත් සීමාවක් ඇතිකරගන කටයුතු කළ යුතුබවයි දැන් පැවසෙන්නෙ. ඒ එකක්වත් මේ රජයට වැටහෙන බවක්වත් පෙනෙන්නෙ නැහැ.
මේ අර්ථික ප‍්‍රතිපත්ති අතර මත ගැටුමක් ඇතිවෙලා තියෙන්නෙ පරස්පර ආර්ථික ප‍්‍රතිපත්තීන් අනුගමනය කරන පක්‍ෂ දෙකක් එකතුව ආණ්ඩු කරන නිසාද?
පහුගිය මැයි දිනයේ දී ජනාධිපතිවරයා කියා සිටියේ, මගේ පක්‍ෂය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදියි :ීදජස්ක ෘැපදජර්එසජ* කියල. නමුත් දැනට කි‍්‍රයාත්මක වෙන්නෙ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආර්ථිකයක් නෙමයි. එහෙම නම් ආර්ථික විද්‍යඥයින් අපේ රටේ ආර්ථික තත්ත්වය දිහා බලන මානය කුමක්ද? ලෝකයේ වෙනත් රටවල ආර්ථික දිහා බලලා, එක්තරා විදිහක සැලසුම් සහගත ආර්ථිකයකින් තමයි අපිට ගොඩ එන්න පුලූවන්. නියගය වගේ ස්වභාවික ආපදාවන්ට මුහුණ දෙන්න පුලූවන් විදිහේ ආර්ථිකයක් තමයි අපි සකස් කරගන්න අවශ්‍යය. මේ ආණ්ඩුව මේ වනවිට ආර්ථික වශයෙන් අසාර්ථකයි කියල කියන්න පුලූවන්.
රටේ දැන් තිබෙන මූල්‍ය අර්බුදය නිර්මාණ වුනේ පසුගිය ආණ්ඩුව විසින් ගන්නා ලද ණය ගෙවීමේ අපහසු තත්ත්වය මත. මේ රජයට ඒ ණය ගෙවන්න සිදුවෙලා තියෙන බවක් පෙනෙනව. කොහොම නමුත් මේ රජයට පැහැදිලි ආර්ථික ප‍්‍රතිපත්තියක් නැති බව නම් පෙනෙන්න තියෙනව.
මෙම රජය බලයට ආවෙත්, පුනපුනා කිව්වෙත්,  ජනාධිපතිවරණයේ දී, මැතිවරණ පොරොන්දුවක් විදිහට කිව්වෙත් නව ව්‍යවස්ථාවක් ගෙනවිත්, ඒ මගින් ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරනව කියලයි. මහජනයගෙ ලොකු බලාපොරොත්තුවක් තිබුණා අලූත් ව්‍යවස්ථාවක් ගෙන ඒම ගැන. 1978 ව්‍යවස්ථාවට මුල ඉඳලම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධ වුණා. වාමාංශික පක්‍ෂ සියලූ දෙනාම පාහේ විරුද්ධ වුණා. අන්තිමට ඒක ගෙනාපු එක්සත් ජාතික පක්‍ෂයත් ඒක වෙනස් කළ යුතුයි කියල පිළිගත්තා. නමුත් දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළෙන්ම, ජනාධිපතිතුමා වටේ ඉන්න අයගෙන්ම අදහසක් මතු වී ගෙන එනවා 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් කරල තියෙනව. ඒ නිසා විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් නොකළ යුතුයි, නව ව්‍යවස්ථාවක් නොගෙනා යුතුයි, ජනමත විචාරණයකට නොයන විසඳුමක් කරා පමණයි යා යුත්තෙ කියල. පිරිසක් ජනාධිපතිවරයට එහෙම උපදෙස් දෙන බවක් පේනව.  ඔවුන් ප‍්‍රසිද්ධියෙ ඒ බව ප‍්‍රකාශ කරනව. මේක ඉතාම භයානක තත්ත්වයක්.  ඒ තත්ත්වයම තමයි මහින්ද රාජපක්‍ෂගෙ බිඳවැටීමටත් හේතු වුනේ. මහින්ද රාජපක්‍ෂත් හැදුවෙ ජේ.ආර්. ජයවර්ධන ගෙනා ව්‍යවස්ථාව ප‍්‍රයෝජනයට අරගෙන ඒකාධිපතියෙක් වෙන්න. මහින්ද රාජපක්‍ෂ අවට  හිටපු අය හැදුවෙ ඔහුට සහයෝගය දීල, තමුන්ගෙ තනතුරු තමුන්ගෙ ආධායම් මාර්ග රැුක ගන්න. මේ අවස්ථාවෙදිත්  ජනාධිපතිවරයා වටේ ඉන්න පිරිසකුත් උත්සාහ ගන්නව වගේ පේනව. තමුන්ගෙ තනතුරු, තමුන්ගෙ ආධායම් මාර්ග රැුකගැනීම සඳහා බලය රැුකගැනීමේ මාර්ගයක් වශයෙන්, විධායක ජනාධිපතික‍්‍රමය ඉදිරියට ගෙනයමින්, නව ව්‍යවස්ථාවක් ගෙන ඒම කඩාකප්පල් කරන්න. ඒක ඉතාමත් භයානක තත්ත්වයක් මෙහෙම වුණොත් නම්, ඒක ම හේතුවක් වෙනව මේ රජය ඉදිරියේ දී පරාජයට පත්වෙන්න.
ආර්ථික සැලසුම් අතින් අසාර්ධක වුවත්, නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ දී ගැටළු සහගත තත්ත්වයක් ඇති වුවත්, ජාතික සංහිඳියාව පැත්තෙන් මේ රජය යම්තරමකට හෝ සාධනීය ලක්‍ෂණ පෙන්නුම්කර කරනව නේද?
මේ රජය බලයට ඒමේ දී දුන්න ප‍්‍රධාන ප‍්‍රතිඥාවක් වුනේ රටේ ජාතික සංහිඳියාවක් ඇති කරන බවට වූ පොරොන්දුව. මෙම රජය බලයට පත් කිරීමේ දී ජාතික සංහිඳියාවක් ඇතිවේය යන බලාපොරොත්තුව ජනතාවටත් තිබුණා. දැන් සිද්ධවෙන දේවල්වල හැටියට එහෙම දෙයක් පෙනෙන්න නැහැ.
ජාතික සංහිඳියාව සඳහා අමාත්‍යාංශ තුනක් තියෙනව. ඒ පිළිබඳව කටයුතු කරන තව ආයතන තුනක් තියෙනව. නමුත් මේ ආමාත්‍යාංශ සහ ආයතන අතර අනෝන්‍ය සම්බන්ධයක් නැහැ. එකිනෙකා අතර තර`ගයක් තමයි තියෙන්නෙ. ඒ සඳහා වෙන්වෙන ප‍්‍රතිපාදන බෙදාගන්න. වෙනත් සම්පත් බෙදාගන්න. මේ මෑතක දි චන්ද්‍රිකා මැතිණියගෙ ප‍්‍රධානත්වෙයන් යුක්ත ජාතික සංහිඳියාව සඳහා වූ ඒකකය, මනෝරි මුත්තෙටුවගමගෙ නායකත්යෙන් පත්කරපු අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසමේ වාර්ථාව ඉදිරිපත් කෙරුව. හත්දාහක් පමණ දෙනා සමග කතාබස් කරල, ඔවුන්ගෙ ප‍්‍රශ්නත් සලකා බලලා, මේ වගේ අවස්ථාවල්වලදි ලෝකයේ සෙසු රටවල් සංහිඳියාවක් ඇති කරගත්තෙ කොහොමද කියලා අධ්‍යයයනය කරල, ඒ ගොල්ල දැන් වාර්තාවක් ඉදිරිපත් කරල තියෙනව. ඒ වාර්තාව පිළිගැනීම සඳහා අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ සහයෝගයක් නොමැති බවයි පෙනෙන්නට තියෙන්නෙ. මේක ඉතාමත් නරක තත්ත්වයක්. මේ කොමිසමෙන් කියන්නේ යුද්ධය අවස්ථාවේ දී හානියට පැමිණවූ සියලූ දෙනාට ජාති බේදයකින් තොරව වන්දි ගෙවිය යුතුයි. යම්කිසි වැරැුද්දක් කළ අය ඉන්නවා නම් ඒ කවුරුන් හෝ වේවා, ඒ අය සාමාන්‍ය පුරවැසියෝ හෝ වේවා, හමුදාවේ සිටි අය හෝ වේවා ඒ අය නීතිය හමුවට පමුණුවා දඬුවම් දීම.
එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කොමිසමක් ඉදිරිපත් කරල තිබුණ, ඒ කොමිසම ඉදිරියේ ආණ්ඩුවත් ප‍්‍රතිඥාවක් දීලා තියෙනව, මේ වගේ ප‍්‍රශ්නයකදි ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්නව කියල. ඒ පිළිබඳවත් ව්‍යාකූලත්වයක් තියෙනව. මට හිතෙන්නෙ මේ රටේ ඉන්න ජාතිවාදීන්, ආගම් පිළිබඳවත්, ජාතිය පිළිබඳවත් දරණ ස්ථාවරය ම මේ ආණ්ඩුවේ සමහරුන් දරණ බව රටට පෙන්වන්න උත්සාහයක් ගන්නවද කියලත් සමහරවිට සැකයක් තියෙනව. ඒ ගොල්ල කරන්න හදන්නෙ මේ ආණ්ඩුවට පක්‍ෂ වුණ හැට දෙලක්‍ෂයේ වුවමනාවල් නෙමෙයි, විරුද්ධ වුන පනස්හතර ලක්‍ෂයේ වුවමනාවන් ඉෂ්ට කරල දෙන්න වගෙයි පෙනෙන්නේ. එහෙම වුණොත් මේ රජයට ඉතාමත් දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනව. එහෙම වුනොත් මේ රජය තමන් විසින්ම තමාගේ දෙපා සිඳගත්තා වගේ දෙයක් තමයි වෙන්නෙ.
හිටපු ජනාධිපතිතුමා අභියෝග කරල තියෙනව මේ ආණ්ඩුව මේ වසර ඇතුළත ගෙදර යවන්න පුලූවන් කියල. එහෙම පසුබිමක් පේන්න තියෙනවද?
ඒ ප‍්‍රකාශයේ කිසිම වැදගත්කමක් තියෙනව කියල මම හිතන්නෙ නැහැ. ඒක කොහොමත් බැ?රුම් ප‍්‍රකාශයක් විදිහට බුද්ධියක් තියෙන කවුරුත් ගණන් ගන්නෙ නැහැ. ඇති වූ පරාජයේ ලැජ්ජාවෙන් ගොඩ එන්න නිරර්ථක උත්සාහයක යෙදෙන බව පෙනෙනවා. අපි ඔහු ගැන බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. නමුත් ඔහුට බැරිවුණා යුද්දයෙන් පස්සේ මේ රටේ සංහිඳියාවක් ඇති කරන්න. ඒ කරපු වරද ඔහු පිළිඅරගෙන දැන්වත් මේ රජයට සහයෝගය දෙන එක තමයි ඔහුට කරන්න තියෙන්නෙ. නමුත් ඒක නෙමෙයි ඔහු කරන්නෙ. ඔහු සිහිනයක් මවාගෙන, ව්‍යාජ විදිහට මේ රජය බිඳවැටෙනවයි කියල සමහරුන්ගෙ ආසයට, උපහාසයට ලක්වෙනවා, ‘‘සුමනදාස තමයි ආයෙත් මෙයාට ලණුව දීලා තියෙන්නෙ’’ කියල සමහරු කියනව.
නව ව්‍යවස්ථාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙනව. නමුත් එහි අඩං`ගු ඇතැම් කොටස් පාර්ලිමේන්තුව තුළින් ප‍්‍රතික්‍ෂේප වෙන බව පේනව. මේ වගේ තත්ත්වයක් තුළ නව ව්‍යවස්ථාවේ අලූත් යෝජනා හැලිලා පෙර තිබුණු ව්‍යවස්ථාව වගේම වෙයිද? නැත්නම් පාර්ලිමේන්තුවෙන් සම්මත වෙලා ජනමත විචාරණයකට යන්න සිදුවෙයිද?
මේ රජය පැහැදිලිව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කළ යුතුයි. ජාතික සමගිය ඇති කරන ආකාරය සහ සමාජයේ සියලූ දෙනාටම එක හා සමානව සලකන, සාධාරණ හා ඒකාධිපතිවාදයකට මං නොපාදන නව ව්‍යවස්ථාවක් ගෙන ඒ ම සඳහා කැපවීමෙන් කටයුතු කිරීමෙන් පමණයි මේක විසඳන්න පුළුවන්. ඒ අතින් මට පෙනෙන විදිහට විශේෂයෙන්ම ජනාධිපතිතුමා වටේ ඉන්න පිරිසක් තමයි ජනාධිපතිතුමා නොමග යවන්න උත්සාහ කරන බව පෙනෙන්නෙ. ඒ නිසා ඒ ගොල්ල මහින්ද රාජපක්‍ෂට සිද්ධ වුන දේ පිළිබඳ පාඩම ඉගෙන ගන්න  ඕනැ. ඒ වගේම මහින්දට වෙච්ච දේ මෛත‍්‍රී ජනාධිපතිවරයාට සිදු නොකිරීමට වගබලාගත යුතුයි.
නව ව්‍යවස්ථාවේ යෝජනාවක් හැටියට සඳහන් වී තිබුණු සමලිංගිකයන්ගේ අයිතිවාසිකම සම්පූර්ණයෙන්ම ගලවලා දාලා තියෙනව. වත්මන් සමාජයත්, ඉදිරි සමාජයටත් නිර්මාණය කරන ව්‍යවස්ථාවක මෙය හලා දා තිබීම ඔබ විග‍්‍රහ කරන්නේ කෙසේ ද?
මේ කරුණ නොසලකාහැර තිබීම අපේ රට කොයිතරම් පසුගාමි තත්ත්වයක ඉන්නවද කියල පැහැදිලි කරන සාක්‍ෂියක්. ඇත්තෙන්ම ලෝකයේ බොහෝ රටවල පිරිමි අය පිරිමි අය කෙරේ ආකර්ශනය වීමත්, පිරිමි අය සමග සම්බන්ධකම් පැවැත්වීමත්, කාන්තාවන් කාන්තාවන් කෙරේ පමණක් ආකර්ශනය වීමත් කාන්තාවන් කාන්තාවන් අතර සම්බන්ධකම්  ඛැිඉස්බ පැවැත්වීමත්  පවතිනව. මෙය සමලිංගිකයන් අතර සම්බන්ධකම් පැවැත්වීමක් :්‍යදපදිැංම්ක* ලෙස හඳුන්වනව. වෛද්‍ය විද්‍යාඥයන් සහ මානසික විද්‍යාඥයන් සොයාගෙන තියෙන කරුණක් තමයි, මේක මිනිසුන් කරන වරදක් හෝ අපරාදයක් නෙමයි, මේක මොළේ පිහිටීමේ දී භෞතික වශයෙන් ඇතිවෙලා තියෙන තත්ත්වයක් කියල. ඒ නිසා එවැනි මිනිසුන් අපහසුතාවයට පත්කිරීම, අවමානයට පත්කිරීම, දඬුවම් කිරීම නොමිනිස් කමක් විදිහට ගණන්ගැනෙනව. ලංකාවෙ එය තවමත් දඬුවම් ලැබියයුතු වරදක්. ඇත්ත වශයෙන්ම ඒ තහනම ඉවත් කළ යුතුයි. නව ලෝකයට පිවිසෙන්න නම් එය කළ යුතුයි.
ලෝකයේ පිළිගැනීමක් තියෙනව කතෝලික පල්ලිය මෙවැනි කරුණු වල දී පසුගාමී තැනක ඉන්නව කියල. කතෝලික පල්ලිය පවා මේ වනවිට සමලිංගිකත්වය ගැන හිතන හැටි වෙනස්වේගෙන එනව. වර්ථමාන පාප්තුමා මේ ගැන කතාකරල තියෙනව, අපි මේ ගැන පරණ විදිහට නොසිතිය යුතුයි කියල. ඊටත් වඩා පසුගාමී තත්ත්වයක අපි ඉන්න බවයි පේන්නෙ. මේ පිළිබඳව අඩංගු යෝජනා ඉදිරිපත් වුණාම කැබිනට් එකේ දී මේ පිළිබඳ ප‍්‍රශ්න ඇති වූ බව කියනව. ඒක ඉතාම නරක තත්ත්වයක්. ඇත්තවශයෙන්ම නම්, ලිංගිකත්වය, ලිංගික නැමියාව, ඒ වගේම ජාතිය, ආගම, කුලය කියන මේ කිසිම දෙයක් පිළිබඳව නීතිය ඉදිරියෙ මේ සියලූ දෙනාම එක සමානව සාධාරණව සලකන තත්ත්වයක් තමයි ඇති කළ යුතුව තිබෙන්නෙ. ඒක නොකළහොත් අපි මේ 21 වෙනි ශත වර්ෂයේ ඉඳගෙන, 18 වන ශතවර්ෂයේ වික්ටොරියානු සුචරිතවාදය අනුව ව්‍යවස්ථාවක්, නැත්නම් නීති මාලාවක් තමයි සකස් කරගන්න සිද්ධ වෙන්නෙ.
ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා යහපාළන ආණ්ඩුවෙ පක්‍ෂදෙකේ එකමුතුව බිඳෙයි කියල. අපිට පැහැදිලිව පේනව නේද ජනාධිපතිත්, අගමැතිත් මේ දෙන්නා යන්නෙ මාර්ග දෙකක කියල.
එක්සත් ජාතික පක්‍ෂය තමයි පාර්ලිමේන්තුවෙ වැඩිම බලයක් ඇති පක්‍ෂය. ඒ වගේම ජනාධිපතිටත් බලයක් තියෙනව. මට හිතෙන විදිහට දෙපැත්තෙම යහපත් ලක්‍ෂණ තියෙනව. ඒ වගේම දෙපැත්තෙම දුර්වල කම් තියෙනව. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බොහෝ අයගෙ තියෙන්නේ, ජාතිවාදයට නැඹුරු, පරණ අදහස් කරපින්නාගත් අයගේ හිත් සන්තෝස කිරීමට උවමනාවක්. ඒ අතින් එක්සත් ජාතික පක්‍ෂ තරමක් ඉදිරියට ගිහිල්ලා තියෙන බව පේනවා. ඔවුන් කැමතියි, ඔවුන් ලෑස්තියි, ඔවුන් සූදානම්, නව ව්‍යවස්ථාවක් අලූතෙන් හදන්න. නවලොව මානව අයිතිවාසිකම් සඳහා කටයුතු කරන්න, ඒ වගේම ජාතික සමගිය සඳහා කටයුතු කරන්න. ආර්ථික වශයෙන් ගත්තාම මට හිතෙන්නෙ ජනාධිපතිවරයාගේ පක්‍ෂය තමයි වඩාත් ඉදිරියෙන් ඉන්නෙ වර්තමානයට ගැලපෙන ආර්ථික ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්නෙ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයගෙ පාර්ශ්වය යල්පැනගිය ආර්ථික න්‍යායයක් තවමත් බදාගෙන ඉන්නව කියල පෙනෙනව.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවමත් ජාතිවාදී ආකල්පයක ඉන්නෙ සිංහල බෞද්ධ ඡුන්ද පදනම රැුක ගැනීමේ උපක‍්‍රමයක් ලෙස වීමට බැරිද?
මම හිතන්නෙ මේක එක්තරා විදිහක මිත්‍යාවක්. ඉදිරියට ඇවිත් ජාතිවාදය ගැන කෑගහන කීපදෙනෙක් ඉන්නව. චීවරධාරීනේ කිහිප දෙනෙකුත්, සුදු ඇඳගත් තවත් අයත් ජාතිවාදී අදහස් ප‍්‍රකාශ කරන්න උත්සාහ කරනව. මම හිතන්නෙ මේ රටේ සමස්ථ ජනගහනය ගත්තොත්, ඒ අය එහෙම ජාතිවාදී ස්ථාවරයක නැහැ. බණ්ඩාරනායක මහත්මයා ජාතිවාදීන්ට යට වුණා. ඒක චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් පිළිගන්නව, බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ඉරා දැමීමට සිදුවුනේ ජාතිවාදීන්ට යටවුන නිසයි කියල. එක්සත් ජාතික පක්‍ෂයත් ඒ වැරැුද්දම අනිත් පැත්ත කෙරුව. එක්සත් ජාතික පක්‍ෂය දැන් එයින් මිදිල තියෙන බව පේනව. නමුත් අවාසනාවකට වගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතිවාදයට, ආගම්වාදයට යට වෙන පිරිසක් ඉන්න බව පේනවා. මම හිතන්නේ මේක වහාම දුරුකරගත යුතු මිත්‍යාමතයක් කියලයි.
එක්සත් ජාතික පක්‍ෂයට දෙමළ, මුස්ලිම් බහුතර ඡුන්ද පදනමක් තියෙන නිසා ඔවුන් ජාතිවාදය, ආගම්වාදය දෙසට තල්ලූ නොවී ඉන්නවා කියල හිතන්න බැරිද?
මම එහෙම හිතන්නෙ නෑ. එක්සත් ජාතික පක්‍ෂය 1977ත්, 1983 දිත් තමන් කරපු වැරැුද්දෙන් මුලූ රටම, ජාතියම ප‍්‍රපාතයකට වැටුණු බව දැක්කා. ඔවුන් ඉඳලා හිටලා ප‍්‍රසිද්ධියෙ, ‘‘පරණ කරපු වැරදිවලට සමාව ඉල්ලනව’’ කියල කියනව. නමුත් වැරැුද්ද මොකක්ද කියල හරියට කියන්නෙ නැහැ. ප‍්‍රධාන වැරැුද්ද තමයි ජාතිවාදි වීම. විශේෂයෙන්ම 1983 දී මේ රටේ දෙමළ ජනයා ඝාතනය කිරීම. එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය ඒකෙන් පාඩමක් ඉගෙන තියෙන බව පේනව. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ, විශේෂයෙන්ම මහින්ද රාජපක්‍ෂගේ පසුපසින් ඉන්න පිරිසගේ බලපෑම නිසා සමස්ථ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයම ඇදෙන බව පේනවා. ඒකට ප‍්‍රවනතාවයක් වර්තමාන ජනාධිපතිවරයා අවට සිටින අය තුළ තිබෙන බවක් පේනෙනවා.
තවමත් මහින්ද රාජපක්‍ෂගේ චේතනාව සිහල බෞද්ධ ආකල්ප උසිගන්වල ඒ ඡුන්දවලින් යැපෙන්න නේද?
මහින්ද රාජපක්‍ෂ මහත්තය පිළිගන්න වෙනම ආර්තික ප‍්‍රතිපත්තියක් නැහැ. ඔහු අනුගමනය කළේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියමයි. ඔහු ගෙනිච්චෙත් ඒක ම තමයි. ඔහු කළ එක ම වෙනස ඔහුගේ ඥාතිමිත‍්‍රාදීන්, හිතවතුන් ඒකට ඇඳගත්ත එක විතරයි. ඔහුට තියෙන එක ම අපේක්‍ෂාව, බලාපොරොත්තුව, ආරක්‍ෂාව ජාතිවාදය හා ආගම්වාදය පමණයි කියලයි ඔහු හිතාගෙන ඉන්නෙ. මම නම් හිතන්නෙ මේ 21 වෙනි ශත වර්ෂයේ දී ඒක මිත්‍යාවක් බවට පත්වෙනව. එහෙම ආකල්ප තියෙන අය අවසානයේ දී පරාජයට පත්වෙනව කියන එක තමයි මගේ අදහස.
වාමාංශිකයෙකකුට, සමාජවාදියෙකුට, ජාතිවාදියෙක්, ආගම්වාදියෙක් වෙන්න පුලූවන්ද? එහෙත් අද වමේ ව්‍යාපාර ඉන්න ස්ථාවරය කුමක්ද?
මම දකින විදිහට සම සමාජ පක්‍ෂය, කොමිනියුස්ට් පක්‍ෂය වගේ ඒවා එක කාලෙකදි පැහැදිලිවම ජාතිවාදයට විරුද්ධව කටයතු කෙරුව. නමුත් ඔවුන් එක්දහස් නමසිය හැට ගණන්වල ඉඳලා ජාතිවාදයට යට වුණා. ඒ ජාතිවාදයට යටවී ම තමයි ඔවුනගෙ පරිහානියට හේතු වුණේ. එහෙම නොවුන නම් අද රටත් ජාතිවාදයෙන් මිදිල. ඔවුනුත් පක්‍ෂ වශයෙන් ඉදිරියෙන් ඉන්න තත්ත්වයක් නිර්මාණය වෙලා.
නව ලිබරල්වාදී ආර්ථිකය (පුද්ගල ව්‍යාවසාය ආර්ථික ක‍්‍රමය* ලෝකයෙන් ප‍්‍රතික්‍ෂේප වේගෙන යනව. සමාජවාදි ආර්ථික ක‍්‍රමය (රාජ්‍ය ව්‍යවසාය ආර්ථික ක‍්‍රමය*  ලෝකයෙන් අතුගෑවිලා ම ගිහින් කියන මතයක් තියෙනව. එහෙනම් කොතෙන්ඩද අපේ ආර්ථිකය හසුරුවන්න  ඕනැ.
අපිට විකල්පයක් නැහැ කියල, කොහොමත් කියන්න බැහැ. ගෝලීයකරණ කියන එක නරක දෙයක් කියල මම කොහොමත් හිතන්නෙ නැහැ. ලොකයේ ඉදිරිය රඳාපවතින්නෙ ආර්ථිකය ගැන විතරක් හෝ සංස්කෘතිය ගැන විතරක් කල්පනා කරලා ආර්ථිකය කළමණාකරනය කෙරුවොත් නෙමෙයි, අපි අපේ පරිසරයත් රැුකගත යුතුයි. එය එක රටකට කළ හැකි දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම චීනය, රුසියාව, ඇමරිකාව වැනි විශාල රටවල්, කැනඩාව,  ඕස්ටේ‍්‍රලියාව වගේ රටවල් සියලූ දෙනාම එක්ව, එක්තරා විදිහකට ගෝලීයකරණයක් සිදුවෙලා මුලූ පෘතිවිතලයටම ගැලපෙන ප‍්‍රතිපත්තියක් තමයි හදාගතයුතුව තියෙන්නෙ. ඒකෙන් ගැලවෙන්න කොහොමත් බැහැ. ඒ නිසා අවශ්‍යතාවය තියෙන්නෙ තව දුරටත් ගෝලීයකරණය වීමයි. අදහස් හුවමාරුව අතින්, ප‍්‍රවෘත්ති දැනගැනීම අතින් ලෝකයම ඉතාම කුඩා තැනක් බවට පත්වෙලා තියෙනව. විශේෂයෙන්ම තොරතුරු තාක්‍ෂණයේ දියුණුව නිසා.
මේ තත්ත්වය යටතේ අපි තනිතනිව ම ජීවත් වෙනවා කියලා,  තනි තනිව ජාතීන් වශයෙන් හෝ වර්ගයන් වශයෙන් හෝ සුභසිද්ධිය සලසා ගැනීම පිළිබඳ විශ්වාසයක් තියන්න බැහැ. ඒක අවසාන වශයෙන් හේතුවෙන්නේ පෘථිවි ගෝලයෙ ම විනාශයකටයි.
යහපාලන රජයේ 3 වන වසර ආරම්භ වෙලා. මේ අවස්ථාවෙ ඔබට මොකක්ද ඉදිරිය ගැන කියන්න තියෙන්නෙ.
මේ අවස්ථාව වන විට රට වැදගත් සන්ධිස්ථානයකට ඇවිත් තියෙනව. ජාතික සමගිය ඇතිකර ගැනීම, නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම, ඒ වගේම වර්තමානයට ගැලපෙන ආර්ථික ප‍්‍රතිපත්තියක් සකස් කර ගැනීම මේ රජයට කළ හැකියි. මේ රජයට පමණයි එය කිරීමේ හැකියාව තියෙන්නෙ. ඒ සඳහා නිර්භීතව පෙරමුණ ගත යුතුයි. ජනාධිපතිවරයා සහ ඔහු අවට සිටින පිරිස් මේ පිළිබඳව අවදියෙන් සිටිය යුතුයි. වඩාත් ප‍්‍රගතිශීලී පියවරක් ගත යුතුයි කියල මම විශ්වාස කරනව.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *