රුසියාවේ සහ අපේ ප්රජාතන්ත්රීය විප්ලව – මහින්ද රත්නායක
රුසියාවේ බොල්ෂෙවික් විප්ලවයට මේ වසරට සියවසක් සපිරේ. 1917 නොවැම්බරයේ දී එනම්, රුසියාවේ පැරණි දින දර්ශනයට අනුව ඔක්තෝබරයෙන් අවසන්වන රුසියානු විප්ලවය ආරම්භ වන්නේ මාර්තු මාසයේ 08වෙනි දින ය. අප රටේ ජනවාරි 08 පෙරළියට කැප වූ වාමාංශික පිරිස් මෙන්ම වමට නැඹුරු කලාකරුවන්, සාහිත්‍යවේදීන්, සිනමාකරුවන් මෙන්ම විශ්වවිද්‍යාල බුද්ධිමතුන් ද රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සමරනු වස් උනන්දුවෙන් කටුයුතුකරන බවක් අසන්නට ලැබේ. මේ පිළිබඳව මෛත්‍රි/ රනිල් ආණ්ඩුව ද කිසියම් අනුග්‍රහයක් දැක්වීමට කැමැත්ත පලකළ බව ද දැනගන්නට ඇත. කිසිසේත් ඔත්තෝබර් විප්ලවයට සමාන වන්නේ වි නැති නමුත් ක්‍රියාදාමයක් ලෙස ගතහොත්, 1917 මාර්තු මස 08වෙනි දින එනම් රුසියාවේ පැරණි දින දර්ශනයට අනුව පෙබරවාරි මාසයේ ආරම්භ වූ රුසියානු විප්ලවය සමඟ 2015 ජනවාරි 08 මෙරට ඇති වූ සිද්ධිය කිසියම් ප්‍රමාණයකට සංසන්දනය කිරීම මේ සටහනේ අරමුණ ය.
රුසියානු විප්ලවය හා බැඳුණු ප්‍රවාද
වැඩවසම්වාදයේ ඉතුරුබිතුරු පිසදමා ධනේෂ්වර ප්රජාතන්ත්රවාදි විප්ලවයේ කර්තව්‍යන් ඉටුකිරීමට අපවැනි අඩුදියුණු රටවල ධනපති පංතිය අසමත් බව අඩුදියුණු රටවල සමාජ පරිවර්තනය සම්බන්ධයෙන් මාක්ස්වාදි ප්‍රවාදයක් ඇත. අසමත් බවට හේතු වශයෙන් ඉහත කී මාක්ස්වාදීන් පෙන්වා දෙන්නේ දියුණු ධනපති පංතියක් සිටින රටවල මෙන් නොව, අප වැනි අඩුදියුණු රටවල ධනේෂ්වර පංතිය, වැඩවසම් දේපොළ සබඳතාවයන් මෙන්ම එයට දෘෂ්ටිමය පිටිවහලක් පසයන ආගමික සංස්ථාව සමඟ ඇති සම්බන්ධතාවය වේ.
දියුණු සමාජ බලවේගයන්ගේ තෙරපීම මත ප්රජාතන්ත්රවාදි ප්‍රතිසංස්කරණ ඇතිකරන බවට පොරොන්දු වී අප වැනි රටවල ධනපති නායකයින් රාජ්‍යබලය ලබාගන්නේ වි නමුත් ඉහත කී ද්විත්ව සබඳතාවය හේතු කොටගෙන එම පසුගාමි සමාජ බලවේගයන්ගේ විරෝධය හමුවේ ගිවිසගත් පොරොන්දු අතරමග අතහැර දමන පෙනී යයි. මෙයින් කියැවෙන්නේ. ධනපති ක්‍රමය යටතේ සමාජය දියුණුවීමෙන් අනතුරුව එම රටවල සමාජවාදී විප්ලවය ජයගනු ඇති බවට සම්භාව්‍ය මාක්ස්වාදී ප්රවාදයට වෙනස්ව අඩුදියුණු රටවල් සම්බන්ධයෙන් පළමුවෙන් කී ප්‍රවාදය මේ වසරට සියක් වසරක් සපිරෙන 1917 ඔක්තෝබර් විප්ලවය විසින් ශක්තිමත් කෙරුණි.
සාර් රජු පලවා හැරීමෙන් අනතුරුව පෙබරවාරි විප්ලවයෙන් රුසියාවේ බිහිවන්නේ කෙරෙන්ස්කිගේ නායකත්වය යටතේ වූ ධනපති ආණ්ඩුවකි. එහෙත් අවාසනාවට එම ධනපති ආණ්ඩුව රුසියාවේ වැඩවසම් දේපොල සබඳතාවයන් මෙන්ම දෘෂ්ටිමය සබඳතාවයන් පිසදමා ධනේෂ්වර සමාජ පරිවර්තනයක් කිරීමට අසමත් වන්නේ ය. එයට හේතු වන්නේ අර කියන ලද පසුගාමි සබඳතාවයන් සමඟ රුසියානු ධනපති පංතිය වෙලී සිටි හෙයිනි. මාස 08 කට පසු ලෙනින් ප්රමුඛ බොල්ෂෙවිකයින් බලයට පත්වන්නේ රුසියාවේ ධනේෂ්වර පංතියේ මේ අසමත්කම නිසා ය. බොල්ෂෙවිකයන් ප්‍රථමයෙන් කරන්නේ රුසියාවේ ධනේෂ්වර පංතිය කිරීමට අසමත් වූ සියලූ වැඩවසම් සබඳතාවයන් රුසියාවෙන් අතුගා දැමීම ය.
ජනවාරි 08 සහ අපේ වම්මු
අපේ රටේ මාක්ස්වාදින් මෙන්, විප්ලවයෙන් පසු ඉටුකළ යුතු ප්‍රථම කර්තව්‍යයන් රුසියානු මාක්ස්වාදින් පටලවා නොගනි. ධනේෂ්වර විප්ලවයට උඩින් පැනගොස් සමාජවාදය ඇතිකළ හැකියැයි ඔවුන් කිසිවිටෙක පිළිගත්තේ නැත. බොල්ෂෙවිකයින් පමණක් නොව ජෝර්ජ් ප්ලෙකනෝව් නායකත්වය දුන් මෙන්ෂෙවික් කණ්ඩායමේ මතය වූයේ ද එයම ය.
ලෙනින් හා ප්ලෙකනෝව් අතර විවාදය ආරම්භවූයේ වැඩවසම් සබඳතාවයන් පිසදමා රුසියාවේ ධනේෂ්වර පරිවර්තනය ඇති කිරීමට නායකත්වය දෙන්නේ කවුද යන්න පිළිබඳව ය. එළඹෙන විප්ලවයේ ඉටුකළයුතු කර්තව්‍යයන් ධනේෂ්වර ඒවා වන බැවින් ධනපති පංතිය එයට නායකත්වය දෙන බව ප්ලෙකනොව් පිළිගත් නමුත් තත්ත්වයන්ගේ වර්ධනය අනුව පසුව වෙනස්කරගත්, ලෙනින්ගේ පිළිගැනීම වූයේ කම්කරු පංතියේ හා ගොවි ජනතාව අතර ඇතිවන සන්ධානයක් (යම් ආකාරයක ධනපති ආණ්ඩුවක් මගින් එය ඉටුකෙරෙනු ඇති බව ය.
කෙසේ නමූත් අවසානයේ එය සිදුකෙරුණේ ට්‍රොට්ස්කි විශ්වාස කළ පරිදි කම්කරු පංතියේ ආඥාදායකත්වයක් යටතේ ය. ට්‍රොට්ස්කිගේ මෙම ප්‍රවාදය පසු කාලීනව නියතියක් වූ අතර අපවැනි රටවල මාක්ස්වාදින් නියතියක් ලෙස මෙය පිළිගෙන ඇතිවාක් පමණක් නොව බොල්ෂෙවිකයින් ගේ අදහසට වෙනස්ව ධනවාදයට උඩින් පැනගොස් සමාජවාදය බිහිකිරිමට හැකි යැයි ඇතැම් වාමාංශිකයෝ කල්පනා කරති. එහෙත් ලෙනින්ගේ අදහසට අනුව ප්‍රථමයෙන් ධනේෂ්වර විප්ලවයේ කර්තව්‍යයන් ඉටු නොකර කළහැකි සමාජවාදි විප්ලවයක් නැත.
මෙතන මතභේදයට තුඩු දුන්නේ ඒ කර්තව්‍ය ඉටුකරන්නේ ධනපති පංතිය ද එසේ නැතිනම් කම්කරු පංතිය ද එසේත් නැතිනම් වෙනත් ආකාරයක පංති සන්ධානයක් ද යන්න පමණි.
අඩු දියුණු රටවල ධනපති පංතිය තමන්ගේම විප්ලවය කිරීමට අසමත් ය යන අර කියන ලද මාක්ස්වාදීන්ගේ ප්‍රවාදය පසුකාලීනව ඉතාමත් ශක්තිමත් වන්නේ වී නමුත් සුවිශේෂ සාධක හේතුකොටගෙන ඇතැම් අඩුදියුණු රටවල ධනපති පංතිය වැඩවසම්වාදයේ නෂ්ඨාවශේෂ පිසදමා කිසියම් ප්‍රමාණයකට ප්රජාතන්ත්රීය පරිවර්තනයක් කිරීමට සමත් වී තිබේ.
ඉන්දියාව මෙයට උදාහරණයක් වශයෙන් ගතහැකි අතර මෑතකාලීනව දකුණු අප්‍රිකාව වැනි තවත් රටවල් කිහිපයක් ද මෙයට උදාහරණ ලෙස දැක්විය හැක. මෙරට ධනපති පංතිය පසුගාමි වන නමුත්, සුවිශේෂ සාධක හේතුකොටගෙන කිසියම් ප්‍රමාණයකට ධනේෂ්වර ප්රජාතන්ත්රීය පරිවර්තනයක් ඇතිවිමට විභවයන් ඇති රටක් වශයෙන් ශ්‍රී ලංකාව ද ඇතුලත් වී තිබෙන්නේ යැයි ඇතැම් වාමාංශිකයින් කල්පනා කිිරීම සාධාරණය. විශේෂයෙන්ම 1977න් පසුව විදේශ ප්රාග්ධනයට මේ රට විවෘතවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ සමාජ විපරිවර්තනය හේතුකොටගෙන ප්රජාතන්ත්රවාදයේ උරගල වන ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස බලය බෙදාහැරීම සඳහා පියවර ගැනීමට ඉන්දියාවේ ධනපති පංතියේ ශක්තිය මත මෙරට ධනපති පංතිය තල්ලූවී වී ගියේ ය.
මෙහි සාර්ථකත්වය කෙසේ වෙතත් ආපස්සට ගැනීමට එතරම් පහසු නැති රාජ්‍යයේ ව්‍යුහාත්මක ප්රතිසංස්කරණයක් මේ තුළින් සිදුවී තිබේ. අනික් අතට කිසියම් ප්‍රමාණයකට ජේ.ආර්. ජයවර්ධනගෙන් ආරම්භවී මහින්ද රාජපක්ෂ දක්වා පැවැති පාලන කාලය තුළ ධනේෂ්වර සංවර්ධනයක් ද අත්කරගෙන තිබේ. මෛත්‍රි, රනිල් ආණ්ඩුව උත්සාහ දරන්නේ ධනේෂ්වර සංවර්ධනය හරහා එම පරිවර්තනය පරිසමාප්තියකට ගෙන යෑමට ය.
කෙසේ නමුත් ඒ සමඟම එදා රුසියාවේ පැවැති පසුගාමි දේපොළ සබඳතාවයන්ට මෙන්ම ආගමික සංස්ථාව වූ පල්ලියේ දෘෂ්ටිමය සබඳතාවය බිඳ දැමීමට කෙරෙන්ස්කිගේ ආණ්ඩුව අසමත්වූයේ යම්සේ ද මෙරට ධනපති නායකයින් ද පසුගාමී සංඝ සංස්ථාවේ සහ ඒ වටා කැරකෙන සමාජ බලපෑමෙන් මිදීමට අසමත් වී ඇති බව ද ඒ සමගම පිළිගතයුතුව තිබේ. එපමණක් ද නොව ධනේෂ්වර පරිවර්තනයේ කර්තව්‍ය ඉටු කරන්නට අපේ නායකයින් මහන්සි ගන්නේ වී නමුත් අඩු දියුණුකම නිසාම රාජ්‍ය බලය ලබාගැනීමට මෙන්ම ලබාගත් බලය රැකගැනීමට ද පොදු ජනතාවට දුන් පොරොන්දු අමතක කර අර පසුගාමි බලවේගයන් මත යැපීමට මහන්සි ගැනීම මේ රටේ ධනපති නායකයින්ගේ ආවේනික ලක්ෂණය කි. අද අපි සිර වී සිටින්නේ දෙපැත්ත හිරවෙන මේ උභතෝකෝටිකය තුළ ය.
ධනේශ්වර ආර්ථික පරිවර්තනය
මේ රටේ සිදුවිය යුතු පරිවර්තනය පිළිබඳව පැහැදිළි අදහසක සිටින පුරවැසි සංවිධාන පෙළ ගැසුණේ සමාජවාදි විප්ලවයේ කර්තව්‍යයන් ඉටුකිරිමට නොව වැඩවසම් අධිකාරිවාදි පාලනයට එරෙහිව ප්රජාතන්ත්රවාදය වෙනුවෙනි. පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්කළේත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් පිහිටුවීමට අනුබල දුන්නේත් ධනේෂ්වර ප්රජාතන්ත්රවාදි විප්ලවය සම්පූර්ණකර ආපස්සට හැරවිය නොහැකි ධනේෂ්වර ආර්ථික පරිවර්ථනයක් ඇති කිරීමට මිස වෙනත් යමකට නොවේ.
කිසියම් ප්‍රමාණයකට ඒ සඳහා මෛත්‍රී/රනිල් ආණ්ඩුව ඒ සඳහා පියවර ගෙන ඇති නමුත්, වර්තමානයේ ගැටලුකාරී තත්ත්වයන්ද ඇතිවී ඇති බව පෙනෙන්නට තිබේ. ශ්‍රිලනිපයේ නායකත්වය භාරගෙන ඇති හෙයින් ජනාධිඅපතිතුමාට එයින් ගැලවීමක් නැති සෙයක් ද පෙනෙන්නට ඇත. මෙහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ පුරවැසි සමාජ ක්‍රියාකාරිත්වයෙන් ආරම්භ වූ ගමන අතරමග අඩාලවීම පමණක් නොව එයට විලංගු දැමිමට අර පරාජිත මෙන්ම දූෂිත පසුගාමි බලවේගය ශක්තිමත්වීම ය.
එපමණක් ද නොව ගිලෙන නැවෙන් පැන යන මීයන් සේ අවසාන මොහොතේ මෛත්‍රි/ රනිල් ආණ්ඩුවට රිංගාගත් ඇතැමුන් තමනට ආවේනික වූ පසුගාමි කඳවුරට මාරුවන බවක් ද දැන් පෙනෙන්නට තිබේ. ලංකාවේ වැඩවසම්වාදයේ සංකේතයක් වූ භික්ෂු සංස්ථාවේ පසුගාමි සාමාජිකයකු වූ අතුරලියේ රතන හිමියන් මෙතන දි ඉක්මන්වීම තාර්කික ය.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ජාතිවාදි විවේචනයක සිටින රතන හිමි ඒකාබද්ධ විපක්ෂය සමඟ සමපාතවීම ද තාර්කික ය. ජනාධිපතිතුමා පෙරට දමාගෙන ආරම්භ කළ වසවිස නැති කෘෂි ව්‍යාපෘතිය ද රතන හිමියන්ගේ මේ පසුගාමි චින්තනයේ ම දිගුවකි. රනත හිමි සංකේතයක් පමණක් වන මෙය පසුගාමි සමාජ බලවේගයක ප්රකාශනයක් බව වටහාගත යුතුව තිබේ.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගේ සංවර්ධන සැලැස්ම ධනේෂ්වර බවට කිසිදු සැකයක් නැත. ඌන සංවර්ධිත හා සංවර්ධනයට කොහෙත්ම යොදා නොගත් ඉඩම් උපයෝජනය නොකර කිසිදු සංවර්ධනයක් අත්කරගත නොහැක. තව ද එහිදි පාරිසරික ගැටලූ අවම කරගැනීම හැර එම පරිසර ගැටලූව සම්පූණයෙන් විස
මහින්ද රත්නායක

